වාහනයකට sporty look එකක් ගෙන දෙන modification මොනවද?

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් කියන්නේ අපි හැමෝම කැමති දෙයක්. ඉතින් ගොඩක් අයගේ ආසාවක් තමයි sporty look එකක් තියෙන vehicle එකක් ගන්න එක. හැබැයි අවාසනාවකට හැම කෙනෙක්ටම ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. හැබැයි අද MotorGuide අපි ඔබට කියන්නේ අඩු මුදලකින් දැනට ඔබ ළඟ තියෙන vehicle එකට sporty look එකක් ගන්නේ කොහොමද කියලා.

අලුත් wheels සවි කරන්න

ගොඩක් අය හිතන දෙයක් තමයි හොඳ speakers setup එකක් set කළාම වාහනයකට sporty look එකක් ලැබෙනවා කියන එක. හැබැයි ඒක වැරදියි. ඔබේ වාහනයට sporty look එකක් ගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක් තමයි ටයර් මාරු කරන එක. වාහනයට පැමිණි standed ටයර් වෙනුවට, එයට ගැළපෙන තරමක් විශාල ටයර් වලට පුලුවන් හිතාගන්නවත් බැරි තරම් sporty look එකක් ඔබේ වාහනයට එකතු කරන්න.

Engine එක පිරිසිදු කරන්න

ගොඩක් අය හිතන්නේ වාහනයේ exterior එක සහ interior එක ගැන විතරයි. නමුත් වාහනයක spotry look එකට වගේම sporty feeling එකට engine එකෙනුත් ලොකු support එකක් ලැබෙනවා. ඉතින් ඒ නිසා නිතරම engine එක පිරිසිදු කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි එය හොඳින් maintain කරන්නත් ඕනේ. මොකද එහෙම නැති ඔබේ වාහනයේ කල්පැවැත්ම වගේම performance අඩු වීමත් සිදු වෙනවා.

අලුත් paint එකක්

මෝටර් රථය සඳහා අලුත් පාටක paint එකක් apply කිරීම මඟින් හිතන්නවත් බැරි විදිහේ sporty look එකක් ලබා ගන්න. ඒ වගේම පරණ වාහනයට නව පෙනුමක් ලබා ගැනීමේ හැකියාවත් තියෙනවා. මොකද paint එකට පුලුවන් සම්පූර්ණයෙන්ම ඔබේ වාහනයේ තියෙන සීරීම් පවා සඟවලා barnd new look එකක් ගන්න පුලුවන්.

Neon Lights එකතු කරන්න

ඔබේ මෝටර් රථයේ පෙනුම වැඩිදියුණු කිරීමට කරන්න පුලුවන් වියදම් අඩුම ක්‍රමය තමයි බාහිරව සහ අභ්‍යන්තරව ආලෝකයන් එකතු කිරීම. මේකට තියෙන හොඳම solution එක තමයි neon lights කියන්නේ. මොකද neon lights ඔබට කැමති ඕනම වර්ණයකින් තෝරාගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි musical tunes වලට අනුව වර්ණ වෙනස් වන ලෙස පෙනෙන neon lights ඔබට තෝරාගන්න පුලුවන්.

ජනෙල් tint කරන්න

ඔබ කවදා හරි ජනෙල් tint කරලා නැති luxury car එකක් එහෙමත් නැත්නම් sporty car එකක් දැකලා තියෙනවද? ඇත්තටම tinted glass වලට පුලුවන් වාහනයකට luxury, sporty look එකක් එකතු කරන්න.

ඒ විතරක් නෙමෙයි tinted glass නිසා ඇතුළට ආලෝකය එන එක වළකිනවා වගේම ඔබට හොඳ පෞද්ගලිකත්වයකුත් සපයනවා.

Sports Seats වලට මාරු වෙන්න

Sports Seats සවි කිරීම ඔබේ වාහනයේ interior එකට sporty look එකක් දෙන්න පුලුවන් හොඳම විදිහයි. හැබැයි එහෙමයි කියලා ඕනෑවට වඩා විශාල seats නම් සවි කරන්න එපා. මොකද එතකොට ඔබේ ride එකට එමඟින් හානියක් සිදු වෙන්න පුලුවන්. ඒ නිසා වාහනයේ ප්‍රමාණයට ගැළපෙන විදිහේ Sports Seats සවි කරන්න අමතක කරන්න එපා.

අලුත් Headlights & Tail Lights

ඔබට තියෙන්නේ තරමක් පැරණි මෝටර් රථයක් නම්, ඔබේ මෝටර් රථයට sporty new look එකක් දෙන්න හොඳම විදිහක් තමයි headlights සහ tail lights. ඔබේ මෝටර් රථය මොන තරම් පරණ වුණත් headlights සහ tail lights repalce කළොත් අවුරුදු ගානකින් අලුත් වුණු පෙනුමක් එකතු කරගන්න පුලුවන්.

ඔබට තියෙන්නේ අලුත් headlights සහ tail lights නම් ඒවා හොඳින් පිරිසිදු කරලා නඩත්තු කරන්නත් පුරුදු වෙන්න.

Body Kit සහ New Bumper

Bodywork සහ painting කියන්නේ තරමක් මිල අධික ක්‍රියාවක්. හැබැයි Body Kit වලට පුලුවන් අඩු මුදලකින් වාහනයට luxury, sporty look එකක් එකතු කරන්න. ඉතින් ඒ නිසා ඔබට පුලුවන් වාහනයට ගැලපෙන body kits, hoods සහ bumpers තෝරාගෙන සවි කරන්න.

ඉතින් මේ දේවල් තමයි ලේසියෙන්ම ඔබේ වාහනයට sporty look එකක් එකතු කරගන්න නම් කරන්න ඕනේ දේවල්. ඉතින් මේ දේවල් වලට ලොකු මුදලක් වැය වෙන්නෙත් නැති නිසා අඩු මුදලකින් ඔබේ sporty car සිහිනය සැබෑවක් කරගන්න පුලුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!