Open papers වාහනයක් ගන්නද ඉන්නේ?

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔබේ හිතෙත් කොනක හරි open papers වාහනයක් ගන්න idea එකක් තියෙනවද? සමහර අය නම්, tax වලින් බේරෙන්න, කෙටි කාලයක් පාවිච්චි කරන්න නැත්නම්, resale කරන්න හිතාගෙන open papers වලට වාහන තියාගෙන ඉන්නවා. හැබැයි වැරදිලා හරි එච්චර හොයන්නේ බලන්නේ නැතුව ඔබත් open papers වාහනයක් ගත්තොත්, හිතපු නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා, open papers වාහනයක් ගන්න ඉන්නවා නම්, තව දෙතුන් පාරක් ඒ ගැන හිතන්න. MotorGuide අපි අද ඔබට කියන්නම්, open papers වාහනයක් ගන්නකොට හිතන්න ඕන දේවල් මොනවද කියලා.

Open papers වාහන කියන්නේ මොන වාහනද?

විවෘත ලියකියවිලි මත තියාගෙන ඉන්න වාහන වලට තමයි, open papers වාහන කියන්නේ. ඒ කියන්නේ, පොත තියෙන්නේ වර්තමාන අයිතිකරුගේ නමට නෙවෙයි. පොතේ තියෙන්නේ එක නමක්. හැබැයි වාහනය තියෙන්නේ, තවත් කෙනෙක් ළඟ. මෙහෙම වෙන්නේ, වාහනය drive කරන කෙනා තමන්ගේ නමට වාහනය පවරා නොගත්තාම. කලින් අයිතිකරුගේ නමටම තමයි වාහනය තියාගෙන ඉන්නේ.

Open papers වාහන ගැන දැනුවත්ද?

Open papers වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවා නම්, ඒ ගැන හොඳින්ම දැනුවත් වෙලා ඉන්න ඕනේ. දැන් අපි ඔබට කියන්නේ, Open papers වාහන ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන දේවල්.

Date එක බලන්න

මුලින්ම open papers වල සඳහන් කරලා තියෙන දිනය බලන්න. ඒ දිනය ගොඩක් ඈත දිනයක් නම්, ඒ දවස් ගාණට ඔබට දඩ මුදලක් ගෙවන්න වෙනවා. සමහර විට, ඒ දිනය ව්‍යාජ විදිහට දැන් තියාගෙන ඉන්න අයිතිකරු වෙනස් කරලා වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒක ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

සැබෑ අයිතිකරුගේ අත්සන බලන්න

Open papers වල සැබෑ අයිතිකරුගේ අත්සන යටතේ තියෙන අත්සන හොඳින් බලන්න. මේ අත්සන බොරු අත්සනක් වෙන්නත් පුළුවන්. මොකද අදාළ අයිතිකරු අත්සන් කරලා තියෙන්නේ, ඔබ ඉදිරියේ නෙවෙයි. වාහනයේ නියම අයිතිකරු MT 6 form එකේ දිනය දාලා අත්සන් කරලා දුන්නු paper එක, වර්තමාන අයිතිකරු අයින් කරලා, වෙනත් paper එකක් fill කරලා, ව්‍යාජ අත්සනක් දාලා දෙන්න පුළුවන්.

මුල් අයිතිකරු නියමිත form fill කරලා, RMV එකට යවලද?

වාහනයේ නියම අයිතිකරු MT 6 form එක fill කරලා, RMV එකට යවලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කෙනා යවලා තියෙන්නේ, වාහනය දැන් තියාගෙන ඉන්න කෙනාගේ නම. එතකොට වාහනය ඔබේ නමට හරවන්න, RMV එකට ගියාම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ ගන්න යන වාහනයට අදාළව යම් ලියකියවිල්ලක් අඩු වුණොත්, වාහනයේ නියම අයිතිකරු හොයාගෙන යන්න වෙනවා.

මේ ලියකියවිලි ළඟ තියෙනවද?

හදිස්සියේ හරි ඔබ open papers වාහනයක් ගන්න ඉන්නවා නම්, මේ ලියකියවිලි ඔබ ළඟ තියෙනවද බලන්න.

සැබෑ අයිතිකරුගේ ID copy එකක්

වාහනය සමාගමක් නමට register කරලා තියෙනවා නම්, සමාගමේ seal එක සහිත ලියුමක් වගේම සමාගමේ ලියාපදිංචි සහතිකයත් ඉල්ලා ගන්න ඕනේ.

වාහනය විකුණන කෙනා හවුල් ව්‍යාපාරයක් නම්, අනිත් හවුල්කරුවෝ කැමැත්ත ප්‍රකාශ කරපු ලියුමක් ඕනේ. වාහනය register කරලා තියෙන්නේ, තනි පුද්ගල ව්‍යාපාරයක් නමට නම්, ව්‍යාපාර හිමිකරුගෙන් ලියුමක් සහ ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය ඕන වෙනවා.

MT පත්‍රිකා වල A පිටපත සහ B පිටපත

අනිත් ලියකියවිලි වර්ගය තමයි, MT පත්‍රිකා වල වල A පිටපත සහ B පිටපත. හැබැයි වාහනය විකුණන කෙනා RMV එකට MT පත්‍රිකා වල A පිටපත කෙළින්ම යවලා තියෙනවා නම් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් දේ තමයි, වාහනය විකුණන කෙනා කාන්තාවක් නම් සහ විවාහයෙන් පසු නම වෙනස් කරලා නම්, විවාහ සහතිකයේ පිටපතක් ඕන වෙනවා.

Open papers වාහනයක වර්ගය හරි colour එක හරි වෙනස් කර ගන්න ඕන නම්, වාහනයේ නියම අයිතිකරු හම්බ වෙන්න ඕනේ. ඊට අදාළ ලියකියවිලි ගන්න යනකොට, නියම අයිතිකරු ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මොකද වාහනය ඒ කෙනාගෙන් ගත්තේ ඔබ නොවන නිසා.

වාහනය ගත්ත කෙනා, ඒ කියන්නේ දැන් open papers මත වාහනය තියාගෙන ඉන්න කෙනා නියම අයිතිකරුට සම්පූර්ණ මුදලම ගෙවලා නොතිබුණොත්, ඒක ඔබට නීතියෙන් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔබේ කාලය වගේම මුදලුත් ඒ වෙනුවෙන් වියදම් කරන්න වෙනවා.

ඊට අමතරව වාහනයේ පොත, පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය සහ උකසකට බද්දට දීලා තියෙනවා නම්, ඒක අහෝසි කරපු බවට ලියුමකුත් ඕන වෙනවා.

මෙච්චර ප්‍රශ්න ගොඩක් තියෙනකොටත් සමහර අය open papers වලට වාහන තියාගෙන ඉන්නේ, මුලින් කියපු විදිහට විවිධ වාසි ලබා ගන්න. ඒ කොහොම වුණත්, open papers වාහන ගන්නකොට අමාරුවේ වැටෙන්නේ නැතුව වාහනය ගන්න නම්, අපි කියපු ලියකියවිලි හරියටම තියෙනවද කියලා බලලා ඉන්න. ඒ වගේම open papers වල අනිවාර්යයෙන්ම check කරන්න ඕන කරුණු හොඳින් check කරන්න. වැදගත්ම දේ තමයි, නියම අයිතිකරුගේ වාහනයම ගන්න පුළුවන් නම්, ඔබට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න අඩු කර ගන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!