Car modifications සමඟ පැන නගින ගැටලු

time
මිනිත්තු 3 කියවීම
feature image

අපි හැමෝම වාහනවලට ගොඩක් ආසයි. ගොඩක් අයගේ හීන අතරින් තියෙන ලොකුම හීනයක් තමයි වාහනයක් කියන්නේ. අද වෙනකොට ගොඩක් අය තමන්ගේ වාහනය modification කරන්න යොමු වෙලා ඉන්නවා. ගොඩක් අය තමන්ගේ වාහනය modification කරන්න කොච්චර කැමතිද කියනවා නම්, modification කළාට පස්සේ එන ගැටලු පවා නොසලකා හරිනවා. අද MotorGuide අපි කියන්නේ වාහනයක් modification කිරීමත් සමඟ පැන නගින ගැටලු මොනවද කියලා. ඔයා car එක modification කරනවා වගේම ඒ නිසා වෙන්න පුළුවන් ගැටලු ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ.

මූලිකවම ගත්තම car එකක් modification කරනවා කියන්නේ car එකේ appearance හා ability වෙනස් කරන එකට.

Fuel economy එකට බලපානවා

ඔයා වාහනයක් modification කරනවත් එක්කම එන ලොකුම ගැටලුවක් තමයි ඔයාට ඉන්ධන සඳහා ලොකු මුදලක් වියදම් වෙන එක. මොකද modification කළාට පස්සේ වාහනයේ performance වැඩි වෙන නිසා. ගොඩක් අය car එකක් modification කරන්න කැමති නිසා modification කරන විදිහ කොහොමද කියලා විතරයි බලන්නේ. Modification කළාට පස්සේ මොන වගේ ගැටලු ඇති වෙයිද කියන එක ගැන හිතන්නේ නැහැ. ටික කාලයක් යද්දී තමයි තේරෙන්නේ මේ නිසා මෙහෙම වෙනවා කියලා. ඔයා වාහනය modification කරන්න කලින් ඉන්ධනවලට වැය වුණ මුදල් ප්‍රමාණයට වඩා ලොකු මුදලක් වාහනය modification කළාට පස්සේ දරා ගන්න වෙනවා. ඉතින් car එක modification කරන්න කලින් හිතලා බලන්න ඔයාට එහෙම මුදලක් දරා ගන්න පුළුවන්ද කියලා.

වාහනය drive කිරීමට සහ හැසිරවීමට බලපානවා

ඔයා සමහර modifications කරද්දී ඒ දේවල් ගැන ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔයා කරන සමහර modifications වාහනයට බලපානවා. ඒ නිසා ඔයා කරන modifications කොහොමද බලපාන්නේ කියන දේ ගැනත් සැළකිලිමත් වෙන්න මතක තියාගන්න. මොකද කොච්චර modifications කලත් ඒවා වාහනයට බලපෑමක් වෙනවා නම් වැඩක් නැහැ. සමහර modifications drive කිරීමේදී සුදුසු වෙන්නෙම නැති තරම්. ඉතින් ඔයා කරන සමහර modification නිසා ඔයාව අවදානමට ලක් වෙන්න පුළුවන් හැකියාව වැඩියි. ඒ නිසා ඔයා කරන modifications ආරක්ෂිතව හා නිසි ලෙස කරගන්න ඕනේ.

ශබ්ද වැඩි කරනවා

ඔයා ජීවත් වෙන්නේ නාගරික පරිසරයක නම් මාර්ගවල ගමන් කරන වාහනවල ඝෝෂාව ඔයාට හොඳටම ඇහෙනවා ඇති. ඉතින් සමහර car modifications නිසා මේ තත්වය ඇති වෙන්නත් පුළුවන්. ඒ දේ driver ට ප්‍රශ්නයක් නොවුණට ඇහෙන අනික් අයට නම් කරදරයක්. ඒ නිසාම තමයි authorities විසින් ශබ්ද සඳහා දැඩි සීමාවන් පනවලා තියෙන්නේ. ඉතින් ඔයා කරන modifications අනිත් අයට අපහසුවක් නොවෙන විදිහට කරන්න මතක තියාගන්න.

Security issues ඇති වෙන්න පුළුවන්

වාහනයක් modification කිරීම මඟින් එහි වටිනාකම වැඩි වෙනවා වගේම වාහනයට ආකර්ෂණයකුත් එකතු වෙනවා. ගොඩක් අය වාහනය modification කළාට ඒ විදිහට modification කරපු වාහනය ආරක්ෂා කරන්නේ කොහොමද කියලා හිතන්නේ නැහැ. ඉතින් වැඩි දියුණු කරන ලද car stereos සහ electronic equipment ඔයාගේ වාහනය thieves ලට වඩාත් ආකර්ෂණය වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා modification කරපු වාහනය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ගැනත් ගොඩක් සැළකිලිමත් වෙන්න.

Insurance එකට බලපානවා

ඔයා වාහනය modification කරද්දී ඒ දේ කොහොමද ඔයාගේ insurance එකට බලපාන්නේ කියන දේ ගැනත් බලන්න. ඔයාගේ වාහනය modification කරන එක legal වුණාට ඒක ඔයාගේ රක්ෂණ නියෝජිතයා එක්ක විවිධ complications ඇති කරන්න පුළුවන්. ඒ වගේම ඔයා වාහනය modification කරනවා නම් ඒකෙන් ඔයාගේ insurance rate එක වැඩි වීමක් වෙන්නත් පුළුවන්. ඔයා වාහනයට අලුතින් එකතු කරන parts මත තමයි ඔයාගේ insurance rate එක වැඩි වෙන එක තීරණය වෙන්නේ.

අනුමැතිය ලබා ගැනීම

ඒ වගේම තමයි වාහනයක් modification කිරීමේදී ඔයාට ගොඩක් modifications කරන්න වෙන්නේ දැඩි කොන්දේසි මත. ඒ වගේම කරන්න බැරි modification තියෙනවා. මොකද ඔයාගේ ආරක්ෂාව වගේම පාරේ ගමන් කරන අනිත් අයගේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනේ නිසා.

මේ දේවල් තමයි car modifications සමඟ ඇති වෙන්න පුළුවන් ගැටලු. ඉතින් ඔයත් වාහනය modification කරනවා නම් ඒ මඟින් ඇති වෙන්න පුළුවන් ගැටලු ගැනත් සැළකිලිමත් වෙන්න. MotorGuide අපි කියපු විදිහට දැන් ඔයාටත් පුළුවන් ඔයාගේ වාහනය modification කරන්න කලින් මේ ගැටලු ඇති නොවෙන්න වග බලා ගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Safety එක වැඩි කරන After-Market Car Modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහනයේ ටයර් modify කරන්න කලින් මේ ගැනත් හිතන්න

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!