ලීසිං කරලා වාහනයක් ගැනීමේ වාසි සහ අවාසි

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක් මිලදී ගන්න කෙනෙක්ට options දෙකක් තියෙනවා. එකක් තමයි අතේ තියෙන සම්පූර්ණ මුදල වියදම් කරලා වාහනයක් ගන්න එක. Car Sale එකකට ගිහින් ඔබේ අතේ තියෙන මුදලට සරිලන වාහනයක් මිලදී ගන්න පුලුවන්. හැබැයි සමහර අවස්ථා වලදී අපිට අවශ්‍ය කරන වාහනය ගන්න අතේ තියෙන මුදල මදි වෙන්න පුලුවන්. එතකොට ඔබට පුලුවන් ලීසිං සමාගමක් හරහා ලීස් කරලා වාහනයක් ගන්න. මේක තමයි දෙවනි option එක.

හැබැයි ලීස් කරලා වාහනක් ගන්නවා කියන එක ඒ තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද ලීසිං එකක් කියන්නෙම ලොකු වගකීමක්. ඒ නිසා MotorGuide අපි අද හිතුවා ලීසිං කරලා වාහනයක් ගැනීමේ වාසි සහ අවාසි ගැන ඔබව දැනුවත් කරන්න.

මෝටර් රථයක් ලීසිං කිරීමේ වාසි

1. අඩු මාසික ගෙවීමක්

වාහනයක් ලීසිං කරලා මිලදී ගැනීමේ තියෙන ලොකුම වාසිය තමයි සම්පූර්ණ මුදල නොගෙවා වාහනය භාවිතා කිරීමට ලැබීම. ඒ වගේම තමයි ඔබට වෙනත් පුද්ගලයෙක්ට ණය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ වගේම විශාල පොළියක් එකතු වීමක් සිදු වෙන්නෙත් නැහැ. මොකද ඔබ පුද්ගලයෙක්ගෙන් හෝ බැංකුවකින් ණයක් ලබා ගත්තාම විශාල පොලී අනුපාතයක් එකතු වෙනවා. ඒ වගේම ඔබේ ආදායමට සරිලන විදිහට ඔබට පුලුවන් ලීසිං ආයතනය සමඟ කතා කරලා ලීසිං වාරිකය සකසා ගන්නත්.

2. අලුත් මෝටර් රථයකට මාරු වෙන්න පුලුවන්

ඔබ මෝටර් රථයක් සම්පූර්ණ මුදල ගෙවා මිලදී ගැනීම වෙනුවට ලීසිං පහසුකම තෝරාගැනීමේ තවත් වාසියක් තමයි ඉක්මනින්ම අලුත් වාහනයකට මාරු වීමේ හැකියාව. ඔබ ළඟ දැනට තිබෙන වාහනය වෙනස් කිරීමට හිතුණොත් ඔබට පුලුවන් ලීසිං සමාගම හරහා වෙනත් පුද්ගලයෙක්ට ඔබේ වාහනය විකුණන්න. එවිට ඔබේ ඉතුරු වූ වාරික සාමාන්‍ය පරිදි නව අයිතිකරු විසින් ගෙවීම සිදු කරනවා. පසුව ඔබට පුලුවන් ඔබ කැමති නවතම මෝටර් රථයක් නැවතත් ලීසිං පහසුකම යටතේ ලබා ගන්න.

3. හොඳ මෝටර් රථයක්

අතේ තියෙන මුදල දීලා මෝටර් රථයක් මිලදී ගන්න ගියොත් අපිට වෙන්නේ budget එකට match වෙන vehicle එකක් මිලදී ගන්න. නමුත් ඔබට පුලුවන් නම් ලීසිං එකක් දාලා vehicle එකක් ගන්න ඔබගේ අදායමට match වෙන විදිහේ හොඳ මෝටර් රථයක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.

4. Tax අඩු වෙනවා

අපි එක පාර මුදල් දීලා වාහනයක් මිලදී ගන්නකොට income tax එකට විශාල බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වෙනවා. නමුත් ඔබ ලීසිං පහසුකම යටතේ නම් වාහනය මිලදී ගන්නේ එතනදී ඔබට යම් සහනක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද ඔබ ලීසිං එකක් දාන්නේ වාහනයක් මිලදී ගැනීමට ඔබේ අතේ ප්‍රමාණවත් මුදල් නොමැති බැවින්.

5. විකුණන්න ලේසියි

සමහර අවස්ථා වලදී වාහනයක් විකුණනවා කියන එක ටිකක් මාරු වැඩක්. මොකද සම්පූර්ණ මුදල ගෙවලා වාහනයක් මිලදී ගන්න ගොඩක් දෙනා කැමති වෙන්නේ නැහැ. ඒ වගේම වාහනයේ ලියකියවිලි original ද කියන එකත් ලොකු ගැටලුවක්. නමුත් වාහනය ලීසිං කරලා නම් ගත්තේ ඔබේ වාහනයේ ලිපි ලේඛන පිළිබඳව අනෙක් පුද්ගලයන්ට විශ්වාසයක් ඇති වෙනවා.

මෝටර් රථයක් ලීසිං කිරීමේ අවාසි

1. ස්ථාවර ආදායම් මාර්ගයක්

ඔබට මෝටර් රථයක් ලීසිං කර ලබා ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ස්ථාවර ආදායම් මාර්ගයක් තිබෙන බව ඔප්පු කරන්න ඕනේ. මොකද ඔබට ස්ථිර ආදායම් මාර්ගයක් නැත්නම් ලීසිං සමාගමක් හරහා ඔබට මෝටර් රථයක් ලීසිං කිරීමට අවසර හිමි වෙන්නේ නැහැ. මොකද මිලදී ගන්නා මෝටර් රථයේ වාරික ගෙවීමට ඔබට හැකි වීම අනිවාර්යය වෙනවා.

2. Gap insurance එකක් ගන්න වෙනවා

මෝටර් රථයක් ලීසිං කිරීමේදී සෑම විටම gap insurance එකක් අවශ්‍ය වෙනවා. මේ policy එක මඟින් වාහනයේ වටිනාකම ආවරණය වීම සිදු වෙනවා. බොහෝ විට මේ policy එක අවම වශයෙන් වසර තුනක් සඳහා ක්‍රියාත්මක වෙනවා.

3. මෝටර් රථයේ modifications සීමා වෙනවා

ඔබේ ලීසිං පදනම යටතේ මෝටර් රථයක් මිලදී ගත් පසු, ඔබට කැමති ආකාරයට modifications සිදු කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා ඔබට ලීසිං සමාගමේ අවසරය ඇතුව සීමා සහිත ආකාරයට තමයි modifications සිදු කරන්න වෙන්නේ.

4. අඛණ්ඩව වාරිකය ගෙවන්න ඕනේ

ඔබ වාහනය ලීසිං පහසුකම යටතේ තෝරා ගන්නේ නම් අඛණ්ඩව නියමිත පරිදි මාසික වාරිකය ගෙවීම සිදු කරන්න ඕනේ. ඇත්තටම ඒක ලොකු වගකීමක්. නමුත් ඔබට හදිසියේ හෝ මුදල් නොමැති වුවහොත් ලීසිං සමාගම සමඟ සාකච්ඡා කර යම් සහනයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

5. අමතර මුදලක්

එකවර මුදල් දී වාහනයක් මිලදී ගැනීමේදී ඔබ ගෙවීමට අවශ්‍ය වෙන්නේ වාහනයේ සම්පූර්ණ මුදල පමණයි. නමුත් ලීසිං පහසුකම යටතේ ඔබ වාහනයක් මිලදී ගත් විට වාහනයේ net price එකට අමතරව මුදලක් ගෙවීමට සිදු වෙනවා.

ඉතින් මේ දේවල් තමයි ලීසිං කරලා වාහනයක් ගැනීමේ වාසි සහ අවාසි. ඔබත් වාහනයක් ගන්න නම් ඉන්නේ දැන් ඔබට හිතාගන්න පුලුවන් නේද ලීස් කරලා ගන්න එකද හොඳ එහෙමත් නැත්නම් එකවර මුදල් දීලා ගන්න එකද හොඳ කියලා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!