මෝටර් රථයක් leasing නොකිරීමට හේතු

time
මිනිත්තු 4 කියවීම
feature image

ලීසිං කියන්නේ, ඔබට නුහුරු වචනයක් නෙවෙයි. මොකද වාහනයක් අලුතෙන් ගන්න මුදල් මදි වුණාම, ගොඩක් වෙලාවට ඔබ, ඒ වාහනයම ලීස් කරලා ගන්නවා. හැබැයි, ඔබ දන්න සමහර අය ඉන්නවා ඇති, ඒ අය වාහනයක් ගන්න මුදල් මදි වුණත්, ලීස් කරලා වාහනයක් ගන්න යන්නේ නැහැ. ඇත්තටම මේකට හේතුව මොකක්ද? MotorGuide අපි හිතුවා ඒ ගැන ඔබට කියන්න. ඉතින් අද ඔබට දැන ගන්න පුළුවන්, ඇත්තටම සමහර අය මෝටර් රථයක් ලීසිං නොකරන්න හේතු මොනවද කියලා.

වාහනයක් ලීස් කරනවා කියන්නේ මොකක්ද?

ඔබ වාහනයක් අලුතෙන් මිලදී ගන්න හිටියත්, සමහර විට ඒකට ප්‍රමාණවත් මුදලක් ඔබ ළඟ නොතිබෙන්න පුළුවන්. වෙලාවෙ හැටියට අතමාරුවක් හරි කර ගන්න බැරි වුණොත්, ඔබ අනිවාර්යයෙන්ම ලීස් කරලා වාහනය ගන්න option එකට යනවා.

මොකක්ද මේ වාහනයක් ලීස් කරනවා කියන්නේ. ලීස් එකක් කියන්නේ, කල්බදු ගිවිසුමක්. මේ නමේම තියෙනවා, කාලයකට බදු ගන්නවා කියන තේරුම. ලීස් එකක ප්‍රධාන කොටස්කරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි, බදු ගැනුම්කරු. ඒ කියන්නේ, වාහනය ගන්න පුද්ගලයා. අනිත් කෙනා තමයි බදු දීමනාකරු. ඒ කියන්නේ, ලීසිං පහසුකම ලබා දෙන බැංකුව හෝ මූල්‍ය ආයතනය. මේ බදු ගැනුම්කරු සහ බදු දීමනාකරු අතර යන ගිවිසුමක් තමයි, ලීස් එකක් කියන්නේ.

ලීස් එකක් දාන්නේ කොහොමද?

මෙතනදි මුලින්ම කරන්නේ, ගැනුම්කරු විසින් තමන් කැමති වාහනයක් තෝරාගන්න එක. ඒ විදිහට තෝරාගන්න වාහනය සඳහා ලීසිං පහසුකමක් ලබා දෙන ලෙස, ලීසිං සමාගම වෙත application එකක් ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ, අදාළ වාහනය පරීක්ෂා කරලා, valuation report එකක් ලබාගෙන, ඒ වාහනය මූල්‍ය ආයතනය විසින් මිලට ගන්නවා. ඊළඟට ගැනුම්කරු එකඟ වෙන මාසික වාරික මුදලකට සහ ඒ සඳහා එකඟ වෙන කාල පරිච්ඡේදයකට බදු වශයෙන් වාහනය ලබා දෙනවා. එතනදි නීතිමය හිමිකාරීත්වය ලීසිං සමාගම විසින් තබාගෙන, වාහනය ගැනුම්කරුට දෙනවා. හැබැයි වාහනයේ පොත ගැනුම්කරුට ලැබෙන්නේ නැහැ.

අවසාන වාරිකය ගෙව්වට පස්සේ, වාහනයේ හිමිකාරීත්වය ගැනුම්කරුට දෙනවා. හැබැයි පැවරීමක් කරන්නේ නැහැ. නීතිමය හිමිකරු විදිහට හිමිකම අවලංගු කරලා ලිපියක් ඉදිරිපත් කරනවා. මේ ලිපියත් එක්ක, වාහනයේ පොත ගනුදෙනුකරුට release කරනවා.

මෝටර් රථයක් ලීස් නොකිරීමට හේතු මොනවද?

මෝටර් රථයේ සම්පූර්ණ අයිතිය නොලැබීම

ලීස් කරලා වාහනයක් ගන්නවා කියන්නේ, හරියට වාහනයක් කුලියට ගන්නවා වගේ වැඩක්. ඒ නිසා වාහනයක් ලීස් කරලා ගන්නකොට, ඒ සමඟම ඒකෙ අයිතියත් ඔබට ලැබෙනවා කියලා හිතුවට, එහෙම දෙයක් වෙන්නේ නැහැ. වාහනයේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ, ලීසිං පහසුකම ලබාදෙන මූල්‍ය ආයතනයට හෝ බැංකුවට. ඉතින් සමහර අය මේ හේතුව නිසා, වාහනයක් ලීස් නොකර ඉන්න තීරණය කරනවා.

ලීසිං වාරික ගෙවිය යුතු කාල සීමාව වැඩි වීම

ගොඩක් කල්බදු ගිවිසුම් ලොකු කාලයක් තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ, ඔබ මේ කාල සීමාව සඳහා සැලකිය යුතු මුදලක් ගෙවන්න වගේම, ඒ වාහනයම use කරන්න බැඳිලා ඉන්නවා කියන එක. ඉතින් සමහර විට, ඔබට මේ මුදල සම්පූර්ණයෙන්ම ගෙවා ගන්න බැරි වෙන්න පුළුවන්.

Purchase loan එකට වඩා ලීස් එක සඳහා වැඩි පොලියක් ගෙවීම

ඔබට purchase loan එකකට වඩා වැඩි පොලියක් ලීස් එක සඳහා ගෙවන්න වෙනවා. මේ ලීස් එකත් එක්ක, collateral එකක් නැති නිසා, ඒ කියන්නේ, ඇත්තටම ඔබට වාහනය assest එකක් විදිහට හිමි වෙන්නේ නැති නිසා, මූල්‍ය ආයතන විසින් සාමාන්‍යයෙන් interest rate එක වැඩි කරනවා. ඉතින් මේක දන්න සමහර අය, වාහනයක් ලීස් කරන්න යන්නේ නැහැ.

ලීසිං කළ මෝටර් රථයක් විකිණිය නොහැකි වීම

ලීස් එකක් දාලා ඔබ දැන් කැමති වාහනය ගන්න පුළුවන් වුණාට, කාලයක් යනකොට, ඔබට වෙනත් වාහනයක් ගන්න ඕන වෙන්න පුළුවන්. හැබැයි ඒ වාහනය ගන්න වෙන්නේ, ඔබ ළඟ ඒකට අවශ්‍ය මුදල් තියෙනවා නම් විතරයි. මොකද ඔබ දාපු ලීස් එක ඉවර වෙනකම්, ඔබට වාහනය විකුණන්නවත්, මුදල් ලබා ගැනීමට ලීස් කරපු වාහනය use කරන්නවත් බැරි නිසා.

Customize කළ නොහැකි වීම

ඔබ වාහනය customize කරන්න කැමති නම්, ඒක ලීස් නොකරපු වාහනයක් වෙන්න ඕනේ. මොකද ඔබ එකඟ වෙන lease agreement එකේ තියෙන terms යටතේ, මෝටර් රථයට කළ හැකි සහ කළ නොහැකි දේ සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් strict conditions තියෙනවා.

Maintain සහ repair වලට වියදම් වීම

ඔබ ලීස් කරලා ගන්න වාහනය, ඔබට අයිති නැති වුණත්, maintain කරන්න වගේම repair කරන්නත් වියදම් කරන වගකීම ඔබ භාර ගන්න ඕනේ. මේකට ඔබට ලොකු මුදලක් වැය කරන්න වෙනවා. ඉතින්, ඔබ වාහනය ගන්නේ ලීස් කරලා නම්, මේ වියදම ඔබට මඟ හරින්න බැහැ. මොකද ඔබ මේ කල්බදු කාලය තුළ මෝටර් රථය maintain කරපු බව ඔප්පු කරන එක, ලීසිං සමාගම විසින් බලාපොරොත්තු වෙනවා.

මේ දේවල් තමයි, බොහෝ දෙනා මෝටර් රථයක් ලීසිං නොකරන්න හේතු වෙන්නේ. ඒ නිසා, ඔබට වාහනයක් ගන්න ලීස් එකක් දාන්නම වෙනවා නම්, ඊට කලින් තව දෙතුන් පාරක් හිතුවට කමක් නැහැ. මොකද ලීස් එකට ගෙවන්නෙත්, ඔබ මහන්සියෙන් හොයන මුදල්නේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!