Modification වලින් වාහනයට වෙන බලපෑම

time
මිනිත්තු 3 කියවීම
feature image

පාරෙ යනකොට ආයෙ දෙපාරක් හැරිලා බලන්න හිතෙන වාහන අපිට අනන්තවත් හම්බවෙනවා. ගොඩක් වෙලාවට ඒ වාහන වල විශේෂත්වය තමයි, අලුත් දේවල් එකතු කරලා modify කරන එක. ඉතින් එහෙව් වාහන දිහා දෙපාරක් නෙවෙයි, තුන් පාරක් වුණත් හැරිලා බලන්න හිතෙනවනෙ. හැබැයි උපරිම performance ගන්නත් වාහනේ modify කරනවා. වැඩේ කියන්නෙ ඉන් එහාට දෙයක් ගැන ඔබ හිතන්නෑ. හැබැයි ඒක සාර්ථක ක්‍රමයක් නෙවෙයි කියලා ඔබ දන්නවද? මේකෙන් වාහනයට කුමක් හෝ බලපෑමක් ඇති වෙන බව ඔබ දන්නවද? නෑ නේද? අද ඔබට පුළුවන්, එක පැත්තකින් විතරක් හිතලා කරන මේ modification වලින් වාහනයට වන බලපෑම ගැන MotorGuide තුළින් දැනගන්න.

වාහනයක් නිෂ්පාදනය කරලා තියෙන්නෙ, ඒ වාහනය උපරිම ධාවන පරාසයක, උපරිම තත්වයන් යටතේ ගණනය කිරීම් කරලා. එතකොට එතනින් එහාට ඔබ වාහනය modify කරනවා නම්, එතනදි වාහනය තුළ හෝ පිටත ක්‍රියාත්මක වෙන්නෙ, එහි මූලික වැඩසටහන නෙවෙයි. ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

Modification වර්ග මොනවද?

වාහනය ලස්සන කිරීමට හෝ උපරිම performance ලබා ගැනීමට සිදු කරන modification වර්ග දෙකක් තියෙනවා:

  1. Exterior modification
  2. Interior modification

වාහනේ ලස්සන කරන්න සිදු කරන Exterior හෝ Interior modification

හැමෝම බලන්නෙ, තමන්ගෙ වාහනේ ඇතුළතයි, පිටතයි ලස්සනට, පෙනුමට තියාගන්න. ඒකට හේතුව ඉතින්, කෙනෙක් තමන්ගෙ වාහනේ පිටින් දැක්කත්, වාහනේට නැගගත් ඒ කෙනාගෙ හිත වාහනේට ඇද ගන්න එක තමයි. ඉතින් හැමෝම කරන්නෙ වාහනේ modify කරන එක. හැබැයි මේ modification වලින් නම්, වාහනේට නරක බලපෑමක් ඇති වෙන්නෑ. ඒ වගේ modification කිහිපයක් ගැන අපි මුලින්ම බලමු.

  • වාහනයේ colour එක වෙනස් කිරීම
  • විවිධ design ඇති seat covers වලින් seat ආවරණය කිරීම
  • ටයර් ආවරණය කිරීම
  • වාහනයේ window glass tint කිරීම
  • Fog light වල ආලෝකයේ වර්ණය වෙනස් කිරීම
  • රෝද paint කිරීම
  • Steering wheel ආවරණය කිරීම
  • වාහනය wax කිරීම
  • Headlight upgrade කිරීම
  • Sound system වෙනස් කිරීම

Exterior modification වලින් වාහනයට මොකද වෙන්නෙ?

මේ Exterior modification එක කෙළින්ම aerodynamics වලට බලපානවා. මේ විදියට වාහනයේ පිටත කරන modification වලදී වාහනයට යොදන side skirt හෝ වාහනයේ පිටුපසට යොදන refrizer වගේ දේවල් වලින් ඇති වෙන වෙනස්කම්, fuel efficiency සහ ආරක්ෂාව කියන කාරණා වලට බලපානවා. මොකද exterior modification වලදි ඉහත කියපු විදියට, වාහනයේ මූලාකෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

Interior modification, වාහනයට කොහොම බලපායිද?

Power train system එකේ එහෙමත් නැත්නම් වාහනය ඇතුළත සිදු කරන modification එකේදි වෙනස්කම් සිදු කරන්නෙ, engine performance එක වැඩි කර ගන්න. ඒ වගේම මේකෙදි බලය වැඩි කිරීමත් තිබෙනවා. ඔබ engine එකේ modification එකක් කළත්, එතනදිත් fuel performance සහ එහි තිබෙන ජවය කියන කාරණා වෙනස් වෙනවා. එතනදි මූලික තත්වයන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධව යන නිසා fuel efficieny ප්‍රශ්න, safety ප්‍රශ්න වගේ දේවල් ඇති වෙනවා. ඒ නිසා වාහනයක් modify කරනවා නම්, එතනදි ඔබේ මූලික අවශ්‍යතාව වන fuel efficieny කියන එක ඔබට අමතක කරන්න වෙනවා.

ඔබ වාහනයෙන් බලාපොරොත්තු වෙන දේවල් ලබා ගන්න, ඔබේ අවශ්‍යතාවන් ඉටු කර ගන්න සිදු කරන මේ modification නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නෙ. උදාහරණයක් විදියට උපරිම performance ගන්න, power එක වැඩි කරනකොට, economic අඩු වෙනවා. ඊට පස්සෙ power එක අඩු කරනකොට ඒ දේවල් යම් ප්‍රමාණයකින් වැඩි වෙනවා.

ඉතින් ඔබ වාහනෙන් උපරිම performance බලාපොරොත්තුවෙන් modification කරනවා නම්, දෙපාරක් හිතන්න. මොකද ඔබ හිතුවට මේ modification කියන්නෙ වාහනේට එච්චර හිතවත් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මීට පස්සෙ වාහනේ ලස්සන ගැන විතරක් නෙවෙයි, වාහනේ ආරක්ෂාව ගැනත් හිතන්න මතක තියාගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!