වාහනයක් ගන්න කලින් බලන්න ඕන දේවල්

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක් ගන්නවා කියන එක අපේ රටේ ගොඩක් අයට හීනයක් විතරක් වෙලා. මොකද අද කාලේ අපේ රටේ වාහන වල මිල ගණන් ඇහුවම පුදුමත් හිතෙනවා. ඒ තරම් වාහන වල මිල ගණන් ගොඩක් ඉහළයි. ඒ වගේම ඉහළ ඉල්ලුමක් තිබ්බ වාහන අද වෙනකොට ගත්ත මිල වගේ තුන්ගුණයකට අලෙවි කරන්න පුළුවන් වෙලා. ඒ නිසා අද වෙද්දී ගොඩක් අය අලුත් වාහන හීනය අත ඇරලා second hand වාහන මිලදී ගන්න යොමු වෙලා තියෙනවා. හැබැයි ඔයා වාහනයක් ගන්නකොට ඒ වාහනය හොඳ තත්ත්වයේ තියෙනවද කියලා බලන්න ඕනේ. මොකද වාහනයක් හොඳ පෙනුමට තිබ්බ පමණින්ම හොඳ වාහනයක් වෙන්නේ නැහැ. ඔයා second hand වාහනයක් ගන්නකොට ඒ වාහනේ accident වුණ වාහනයක් ද, ලෙඩ තියෙන වාහනයක් ද කියලා බලන්න ඕනේ. නැත්නම් වෙන්නේ ඔයාගේ සල්ලි නිකරුනේ වියදම් වෙන එක විතරයි. ඉතින් ඒ නිසාම අද Motorguide අපි කියන්නේ වාහනයක් ගන්න කලින් බලන්න ඕනේ දේවල් මොනවද කියලා.

Tyres ගැන බලන්න

වාහනයක් ගන්න කලින් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ දෙයක් තමයි tyres කියන්නේ. ඉතින් ඒ නිසා වාහනයේ tyre සහ rims හොඳ තත්ත්වයේ තියෙනවද කියලා බලන්න අමතක කරන්න එපා. සමහර වාහන වල tyres හතර ජාති හතරකින් තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ මොන විදිහට තිබ්බත් දකුණු පැත්තේ සහ වම් පැත්තේ tyres එකම වර්ගයෙන් තියෙන්න ඕනේ. ඒ වගේම Rims හතරම එකම වර්ගයෙන් තියෙනවද කියලත් බලන්න. ඒ වගේම තමයි tyres නියමිත ගානට වඩා ගෙවිලද බලන්නත් අමතක කරන්න එපා. මොකද tyre හතර එකම ප්‍රමාණයට ගෙවිලා තියෙන්න ඕනේ. එහෙම නැතුව ගෙවුණු tyres තියෙන වාහනයක් ගන්නවා කියන එක ඔයාට අමතර වියදමක් වගේම ජීවිතේට පවා හානියක් සිදුවෙන්න පුළුවන්.

Bonnet එක බලන්න

ඔයා වාහනයක් ගන්නකොට අනිවාර්යයෙන්ම වාහනයේ bonnet එක ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම bonnet එකේ දාර බලන්න. මොකද bonnet එකෙන් හොයාගන්න පුළුවන් ඔයා ගන්න යන වාහනය කලින් accident උණූ වාහනයක්ද නැද්ද කියලත්. ඉතින් bonnet එකේ ඇද වෙච්ච, පාස්සපු තැන් තියෙනවා නම්, paint කරලා කියලා පේනවා නම්, ඒ වගේම bonnet එකේ තියෙන සිදුරු මොට වෙලා වගේ නම් ඔයා ගන්න යන වාහනය අනතුරකට පත් වෙච්ච වාහනයක් වෙන්න පුළුවන්.

Engine අංක සහ චැසි අංක ගැන බලන්න

වාහනයක් ගන්න යන හැමෝම පොතේ සඳහන් විවිධ අංක ගැන අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද engine අංකය සහ චැසි අංකය නිවැරදිව සඳහන් වෙලා තියෙන්න ඕනේ. චැසි අංකය වාහනයේ දොර විවෘත කළාම එහි රාමුව මත ඔයාට බලාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට engine එකේ අවට චැසි අංකය පේන විදිහට තමයි තියෙන්නේ. සමහර පරණ වාහන වල චැසි අංකය ඉස්සරහත් තියෙනවා. ඒ වගේම engine අංකය ගැනත් බලන්න. ඉතින් මේ අංක පොතේ තියෙන අංක එක්ක හරියටම match වෙනවද කියලා බලන්න මතක තියාගන්න.

Engine එක බලන්න

වාහනයක engine එක කියන්නේ හදවත හා සමාන වෙන දෙයක්. ඉතින් engine එකේ දිරපු තැන්, මලකඩ බැඳුනු තැන් තියෙනවද කියන දේත් check කරන්න ඕනේ. ඒ වගේම engine oil, gear oil, brake oil නිසි ප්‍රමාණයන්ගෙන් තියෙනවද බලන්න. සාමාන්‍යයෙන් engine oil වල පාට වෙන්නේ ලා දුඹුරැ පාට. ඒත් තද කළු පාටක් හෝ උකු ගතියක් තියෙනවා නම් engine oil කාලෙකින් මාරු කරලා නැති වෙන්න පුළුවන්.

Windscreen එක බලන්න

වාහනයක් ගන්න ඉන්න ඔයා බලන්නම ඕනේ දෙයක් තමයි මේ windscreen එක කියන්නේ. වාහනයේ windscreen එකේ sticker එකක් තියෙනවා. ඉතින් windscreen එකේ තියෙන මේ sticker එක ගැන ඔයා සැළකිලිමත් වෙන්න ඕනේ. ඒ sticker එක ගලවලා හරි නැත්නම් අලවලා හරි කියලා පේනවා නම්, ඒ කියන්නේ windscreen එක බිදිලා නැවත සකස් කරලා කියන එක. ඉතින් වාහනයක් ගන්නකොට අනිවාර්යයෙන්ම windscreen එක ගැන අවධානය දෙන්න.

Lights සහ bumpers ගැන බලන්න

ඔයා ගන්න යන වාහනයේ lights ගැනත් සැළකිලිමත් වෙන්න. වාහනයේ lights අලුතින් දාලා නම් ඒ වාහනය අනතුරකට පත් වෙලා අලුත් වැඩියා කිරීමක් කරලා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි bumpers ගැනත් බලන්න ඕනේ. වාහනයේ bumpers වලට හානි වෙලා නම් ඒ වාහනය අනතුරකට පත් වෙලා තිබීමේ හැකියාව වැඩියි.

වාහනයේ interior එක බලන්න

වාහනයේ ඇතුළත තියෙන dashboard, seats, ac, sounds සහ wiper කියන මේ දේවල් වල තත්ත්වය කොහොමද කියන එක ගැනත් බලන්න. වාහනයේ ac එක හරියට වැඩ කරනවද, seat covers වලට damage වෙලාද, වහලයේ headliner එක හොඳ තත්ත්වයේ තියෙනවද කියලා check කරන්න.

වාහනය drive කරලා බලන්න

ඔයා වාහනයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම අඩුම විනාඩි 10 ක් වත් වාහනය drive කරලා බලන්න ඕනේ. ඉතින් එහෙම ඔයා drive කරද්දී විවිධ ශබ්ද ඇහෙනවාද, brake හරියට වැඩ කරනවද කියලත් බලන්න. ඒ විදිහට වාහනයේ හැම option එකක්ම හරියට වැඩ කරනවද කියලා බලන්න ඕනේ. වාහනය හයියෙන් වගේම හිමිනුත් drive කරලා බලන්න. ඒ වගේම ප්‍රධාන පාරකට අමතරව වලවල් සහිත පාරක වගේම කන්දකත් වාහනය drive කරලා බලන්න මතක තියාගන්න.

වාහනයේ ලිපි ලේඛන පරික්ෂා කරන්න

වාහනයක් මිලදී ගැනීමේදී නිල වශයෙන් පවරා ගන්න ලිපි ලේඛන ගැනත් ගොඩක් සැළකිලිමත් වෙන එක වැදගත්. වාහනය විකුණන සැබෑ අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතේ සඳහන් නම සහ ලිපිනය අනිවාර්යයෙන්ම පරික්ෂා කරලා බලන්න. ඒ වගේම ලීසිං කරලා ගත්ත වාහනයක් නම් ගෙවීම් අවසන් බවට ලිපිය ලබා ගන්නත් ඕනේ.

මෙන්න මේ දේවල් තමයි ඔයා හොඳ වාහනයක් තෝරගද්දී බලන්න ඕනේ දේවල්. ඔයා වාහනයක් ගන්න නම් ඉන්නේ ඔයාට පුළුවන් මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා හොඳ වාහනයක් තෝරගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය සොරකම් කරන එකෙන් ගැළවෙන්නේ මෙහෙමයි

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ key එක ගැන ඔබ හරියටම දැනගෙන හිටියද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගැනීමේදී පවතින නීතිමය තත්වය

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයට ටයර් මිලදී ගැනීමේදී ඔබ අතින් සිදුවන වැරදි

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!