වාහනයක් ගන්න කලින් බලන්න ඕන දේවල්

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක් ගන්නවා කියන එක අපේ රටේ ගොඩක් අයට හීනයක් විතරක් වෙලා. මොකද අද කාලේ අපේ රටේ වාහන වල මිල ගණන් ඇහුවම පුදුමත් හිතෙනවා. ඒ තරම් වාහන වල මිල ගණන් ගොඩක් ඉහළයි. ඒ වගේම ඉහළ ඉල්ලුමක් තිබ්බ වාහන අද වෙනකොට ගත්ත මිල වගේ තුන්ගුණයකට අලෙවි කරන්න පුළුවන් වෙලා. ඒ නිසා අද වෙද්දී ගොඩක් අය අලුත් වාහන හීනය අත ඇරලා second hand වාහන මිලදී ගන්න යොමු වෙලා තියෙනවා. හැබැයි ඔයා වාහනයක් ගන්නකොට ඒ වාහනය හොඳ තත්ත්වයේ තියෙනවද කියලා බලන්න ඕනේ. මොකද වාහනයක් හොඳ පෙනුමට තිබ්බ පමණින්ම හොඳ වාහනයක් වෙන්නේ නැහැ. ඔයා second hand වාහනයක් ගන්නකොට ඒ වාහනේ accident වුණ වාහනයක් ද, ලෙඩ තියෙන වාහනයක් ද කියලා බලන්න ඕනේ. නැත්නම් වෙන්නේ ඔයාගේ සල්ලි නිකරුනේ වියදම් වෙන එක විතරයි. ඉතින් ඒ නිසාම අද Motorguide අපි කියන්නේ වාහනයක් ගන්න කලින් බලන්න ඕනේ දේවල් මොනවද කියලා.

Tyres ගැන බලන්න

වාහනයක් ගන්න කලින් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ දෙයක් තමයි tyres කියන්නේ. ඉතින් ඒ නිසා වාහනයේ tyre සහ rims හොඳ තත්ත්වයේ තියෙනවද කියලා බලන්න අමතක කරන්න එපා. සමහර වාහන වල tyres හතර ජාති හතරකින් තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ මොන විදිහට තිබ්බත් දකුණු පැත්තේ සහ වම් පැත්තේ tyres එකම වර්ගයෙන් තියෙන්න ඕනේ. ඒ වගේම Rims හතරම එකම වර්ගයෙන් තියෙනවද කියලත් බලන්න. ඒ වගේම තමයි tyres නියමිත ගානට වඩා ගෙවිලද බලන්නත් අමතක කරන්න එපා. මොකද tyre හතර එකම ප්‍රමාණයට ගෙවිලා තියෙන්න ඕනේ. එහෙම නැතුව ගෙවුණු tyres තියෙන වාහනයක් ගන්නවා කියන එක ඔයාට අමතර වියදමක් වගේම ජීවිතේට පවා හානියක් සිදුවෙන්න පුළුවන්.

Bonnet එක බලන්න

ඔයා වාහනයක් ගන්නකොට අනිවාර්යයෙන්ම වාහනයේ bonnet එක ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම bonnet එකේ දාර බලන්න. මොකද bonnet එකෙන් හොයාගන්න පුළුවන් ඔයා ගන්න යන වාහනය කලින් accident උණූ වාහනයක්ද නැද්ද කියලත්. ඉතින් bonnet එකේ ඇද වෙච්ච, පාස්සපු තැන් තියෙනවා නම්, paint කරලා කියලා පේනවා නම්, ඒ වගේම bonnet එකේ තියෙන සිදුරු මොට වෙලා වගේ නම් ඔයා ගන්න යන වාහනය අනතුරකට පත් වෙච්ච වාහනයක් වෙන්න පුළුවන්.

Engine අංක සහ චැසි අංක ගැන බලන්න

වාහනයක් ගන්න යන හැමෝම පොතේ සඳහන් විවිධ අංක ගැන අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද engine අංකය සහ චැසි අංකය නිවැරදිව සඳහන් වෙලා තියෙන්න ඕනේ. චැසි අංකය වාහනයේ දොර විවෘත කළාම එහි රාමුව මත ඔයාට බලාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට engine එකේ අවට චැසි අංකය පේන විදිහට තමයි තියෙන්නේ. සමහර පරණ වාහන වල චැසි අංකය ඉස්සරහත් තියෙනවා. ඒ වගේම engine අංකය ගැනත් බලන්න. ඉතින් මේ අංක පොතේ තියෙන අංක එක්ක හරියටම match වෙනවද කියලා බලන්න මතක තියාගන්න.

Engine එක බලන්න

වාහනයක engine එක කියන්නේ හදවත හා සමාන වෙන දෙයක්. ඉතින් engine එකේ දිරපු තැන්, මලකඩ බැඳුනු තැන් තියෙනවද කියන දේත් check කරන්න ඕනේ. ඒ වගේම engine oil, gear oil, brake oil නිසි ප්‍රමාණයන්ගෙන් තියෙනවද බලන්න. සාමාන්‍යයෙන් engine oil වල පාට වෙන්නේ ලා දුඹුරැ පාට. ඒත් තද කළු පාටක් හෝ උකු ගතියක් තියෙනවා නම් engine oil කාලෙකින් මාරු කරලා නැති වෙන්න පුළුවන්.

Windscreen එක බලන්න

වාහනයක් ගන්න ඉන්න ඔයා බලන්නම ඕනේ දෙයක් තමයි මේ windscreen එක කියන්නේ. වාහනයේ windscreen එකේ sticker එකක් තියෙනවා. ඉතින් windscreen එකේ තියෙන මේ sticker එක ගැන ඔයා සැළකිලිමත් වෙන්න ඕනේ. ඒ sticker එක ගලවලා හරි නැත්නම් අලවලා හරි කියලා පේනවා නම්, ඒ කියන්නේ windscreen එක බිදිලා නැවත සකස් කරලා කියන එක. ඉතින් වාහනයක් ගන්නකොට අනිවාර්යයෙන්ම windscreen එක ගැන අවධානය දෙන්න.

Lights සහ bumpers ගැන බලන්න

ඔයා ගන්න යන වාහනයේ lights ගැනත් සැළකිලිමත් වෙන්න. වාහනයේ lights අලුතින් දාලා නම් ඒ වාහනය අනතුරකට පත් වෙලා අලුත් වැඩියා කිරීමක් කරලා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි bumpers ගැනත් බලන්න ඕනේ. වාහනයේ bumpers වලට හානි වෙලා නම් ඒ වාහනය අනතුරකට පත් වෙලා තිබීමේ හැකියාව වැඩියි.

වාහනයේ interior එක බලන්න

වාහනයේ ඇතුළත තියෙන dashboard, seats, ac, sounds සහ wiper කියන මේ දේවල් වල තත්ත්වය කොහොමද කියන එක ගැනත් බලන්න. වාහනයේ ac එක හරියට වැඩ කරනවද, seat covers වලට damage වෙලාද, වහලයේ headliner එක හොඳ තත්ත්වයේ තියෙනවද කියලා check කරන්න.

වාහනය drive කරලා බලන්න

ඔයා වාහනයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම අඩුම විනාඩි 10 ක් වත් වාහනය drive කරලා බලන්න ඕනේ. ඉතින් එහෙම ඔයා drive කරද්දී විවිධ ශබ්ද ඇහෙනවාද, brake හරියට වැඩ කරනවද කියලත් බලන්න. ඒ විදිහට වාහනයේ හැම option එකක්ම හරියට වැඩ කරනවද කියලා බලන්න ඕනේ. වාහනය හයියෙන් වගේම හිමිනුත් drive කරලා බලන්න. ඒ වගේම ප්‍රධාන පාරකට අමතරව වලවල් සහිත පාරක වගේම කන්දකත් වාහනය drive කරලා බලන්න මතක තියාගන්න.

වාහනයේ ලිපි ලේඛන පරික්ෂා කරන්න

වාහනයක් මිලදී ගැනීමේදී නිල වශයෙන් පවරා ගන්න ලිපි ලේඛන ගැනත් ගොඩක් සැළකිලිමත් වෙන එක වැදගත්. වාහනය විකුණන සැබෑ අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතේ සඳහන් නම සහ ලිපිනය අනිවාර්යයෙන්ම පරික්ෂා කරලා බලන්න. ඒ වගේම ලීසිං කරලා ගත්ත වාහනයක් නම් ගෙවීම් අවසන් බවට ලිපිය ලබා ගන්නත් ඕනේ.

මෙන්න මේ දේවල් තමයි ඔයා හොඳ වාහනයක් තෝරගද්දී බලන්න ඕනේ දේවල්. ඔයා වාහනයක් ගන්න නම් ඉන්නේ ඔයාට පුළුවන් මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා හොඳ වාහනයක් තෝරගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia EV5 Long Range 2026

    SUV

    රු 34.5M - 42M

  • Mazda CX-60 2.5 AWD 2025

    SUV

    රු 38M - 44.5M

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!