වාහනයේ සයිලන්සරය modify කරන්න කලින් හිතන්නම ඕනේ දේවල්

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔබ ළඟ තියෙන වාහනය, පාරෙ යන එන වාහන මේ හැම වාහනයක්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ, Exhaust System එකක් සහිතව. බොහෝ වෙලාවට ඔබ මේ Exhaust System එහෙමත් නැත්නම්, silencer එක modify කරනවා. නමුත් මේ silencer එක modify කිරීමෙන් වාහනයට විශාල හානියක් ඇති කරන බව ඔබ දන්නවාද? නොදැනුවත්වම ඔබ, වාහනයට ලොකු හානියක් කරනවා. ඒ නිසා MotorGuide අපි අද ඔබව දැනුවත් කරන්නේ, වාහනයේ silencer එක modify කරන්න කලින් හිතන්නම ඕන දේවල් ගැන.

මොකක්ද මේ Silencer කියන්නේ?

ඕනම වාහනයක භාවිතා වන ඉන්ධන වර්ගය කුමක් වුණත් අනිවාර්යයෙන්ම exhaust system එකක් නැත්නම්, silencer එකක් තියෙනවා. ඉන්ධන දහනය වුණාට පස්සේ, විෂ වායූන් වගේම විෂ නොවන වායූන්ද engine එක තුළ අඩංගු වෙනවා. Silencer එක මඟින් සිදු කරන්නේ, මෙම වායූන් පරිසරයට මුදා හැරීමයි. මෙතනදි engine එක ක්‍රියාත්මක වන විට, විශාල ශබ්දයක් නිකුත් වෙනවා. ඒ නිකුත් වන ශබ්දය පරිසරයට හානියක් නොවන ලෙස අඩු කිරීම සඳහා තමයි, silencer එක තියෙන්නේ.

Repair කරන්න එපා

Silencer එකේ කොටසක් හෝ දිරාපත් වෙලා තියෙනවා නම්, repair කරන්නේ නැහැ. ඒ වර්ගයේම කොටසක් නැවත සම්බන්ධ කිරීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. නමුත් සමහර වෙලාවට, ඒ වාහනයේ වර්ගයේම silencer එකක් හොයා ගන්න බැරි වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක, නිවැරදි technical knowledge එකක් ඇති පුද්ගලයෙකු විසින් තීරණය කරන්න ඕනේ, මොකක්ද කරන modify එක කියලා. එහෙම නැතුව, ඔබ හිතුමතේට silencer එක modify කළොත් වාහනයට හානියක් වෙන්න පුළුවන්.

Maintain කරන්න ඕනේ නැද්ද?

සාමාන්‍යයෙන් බොහෝ දෙනා වාහනයක් maintain කරන විට, මොන දේවල් service කළත්, silencer එක ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. හැබැයි silencer එක හදලා තියෙන්නේ, යම්කිසි technology එකකට. ඒ නිසා මේ exhaust system එක maintain කරන්න ඕනේ. එහෙම නැත්නම්, පරිසරයට, වාහනයට හානිදායක වෙන්න පුළුවන්. ඒ වගේම ඉන්ධන අපතේ යාමක්ද සිදු වෙන්න ඉඩ තියෙනවා.

Maintain කළ යුතු බව දැන ගන්නා ආකාරය

Engine එකෙන් නිකුත් වන ශබ්දය

වෙනදාටත් වඩා engine එකෙන් වැඩි ශබ්දයක් නිකුත් වෙනවා නම්, අනිවාර්යයෙන්ම silencer එකට යම් හානියක් සිදු වෙලා තියෙනවා.

Fuel efficiency එක අඩු වීම

වාහනය පෙරටත් වඩා fuel use කරනවා නම්, ඒක වාහනයේ exhaust system එකේ නැත්නම්, silencer එකේ leak වීමක් පෙන්නුම් කරනවා. මේ මඟින් වාහනයේ fuel efficiency අඩු කරනවා. අනිත් දේ තමයි, silencer එකේ leak වීම වාහනයේ තවත් ගැටලු රාශියකට හේතු වෙන්න පුළුවන්. මේ දේවල් ඔබේ වාහනයෙත් සිදු වෙනවා කියන්නේ, අනිවාර්යයෙන්ම silencer එක maintain කරන්න ඕනේ.

Silencer එක maintain කිරීමේ වාසි මොනවාද?

Engine එකේ performance වැඩි වීම

Engine performance සඳහා silencer එක ඔබේ වාහනයේ engine එකට අත්‍යාවශ්‍ය system එකක්. Silencer එක maintain කිරීම නිසා, එහි ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒ වගේම engine එකට වඩා හොඳින් ක්‍රියා කිරීමටත් ඉඩ ලබා දෙනවා.

ඉන්ධන ඉතිරි කිරීම

Silencer එකට යම් හානියක් සිදු වෙලා නම්, විශේෂයෙන්ම ඉහත සඳහන් කළ පරිදි leak එකක් තියෙනවා නම්, engine එක වෙනදාට වඩා fuel use කරනවා. ඒ නිසා අලුත් silencer එකක් දැමීම, ඉන්ධන ඉතිරි කර ගැනීමට උදව් වෙනවා. අනිත් දේ තමයි, අලුත් exhaust system එක මඟින් පිටුපස පීඩනය වැඩි කළ හැකි අතර එමඟින් engine එක දැඩි ලෙස ක්‍රියා කරනවා. ඒ නිසා fuel efficiency එක වැඩි වෙනවා. ඒ වගේම අලුත් exhaust system එක මඟින් mileage එකත් වැඩි කරනවා.

Silencer එක modify කිරීමේ අවාසි මොනවද?

බොහෝ දෙනා, silencer එක modify කරනවා කියලා කරන්නේම, silencer එකේ ශබ්දය වැඩි කිරීම වගේ දේවල්. විනෝදය සඳහා මෙවැනි modification සිදු කළත්, ඒ දේවල් වලින් silencer එකට විශාල හානියක් සිදු වෙනවා.

ශබ්දය වැඩි කරන modifications වලදි අපිට silencer එකෙන් ඇහෙන්නේ, airborne noise එකක්. එනම්, වායුව කම්පනය වෙලා නිර්මාණය වෙන ශබ්දයක්. මේ airborne noise එක exhaust එකේ තියෙන silencer එකෙන් ඉවතට එන විට, structure borne noise එක බවට convert වෙනවා. මේ හේතුවෙන් සමස්ත silencer එකම කම්පනය වෙන්න පටන් ගන්නවා. ඒ ඇති වන කම්පනය දැනෙන්නේ, engine එකට. මේ හරහා engine එකේ ඉන්ධන දහනය, performance සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.

තවත් modification එකක් තමයි, Silencer එකට කොටස් සම්බන්ධ කිරීම. මේකෙදී සිදු කරන්නේ, silencer එකේ කොටසක් ඉවත් කර ඇත්නම් හෝ දිරා ගොස් ඇත්නම්, එම කොටස ඉවත් කර ඒ වෙනුවට වෙනත් කොටසක් සම්බන්ධ කරන එක. මෙහිදී silencer එක tube එකක් ලෙස පහසු ආකාරයට නැවීමක් සිදු කරනවා. එමඟින් exhaust gas එකේ flow එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මේ විදිහට silencer එකේ හැඩය වෙනස් කිරීම, diameter එක වෙනස් කිරීම වගේ දේවල් engine එකට බලපානවා. මොකද engine එකේම ශක්තිය භාවිතා කරමින් තමයි, මේ exhaust gas එක පිට වෙන්නේ.

සමහර වෙලාවට, බලාපොරොත්තු නොවන විදිහට exhaust gas එක silencer එකේ load වුණොත්, engine එකට සම්පූර්ණ exhaust gas එක පිට කිරීමට හැකියාවක් නැහැ. මේ විදිහට දැනටමත් engine එක තුළ exhaust gas ඇති නිසා, ලබා ගන්නා වායු ප්‍රමාණය අඩු වෙලා දහනය අසාර්ථක වෙනවා.

දැන් ඔබ දන්නවා නේද, එච්චර හිතන්නේ නැතුව, silencer එකේ සිදු කරන modifications වලින් කොතරම් හානියක් වෙනවද කියලා. ඒ නිසා silencer එක modify කරනවා කියන එක ගැන තව හිතන්න. නමුත් silencer එක maintain කරන එක නොසළකා හරින්න එපා. මොකද ඒක, වාහනයට හානියක් කරන්නේ නැති නිසා. එහෙනම් මතක ඇතුව අපි අද කියපු දේවල්, silencer එක modify කරන්න කලින් අනිවාර්යයෙන් හිතන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Safety එක වැඩි කරන After-Market Car Modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහනයේ ටයර් modify කරන්න කලින් මේ ගැනත් හිතන්න

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!