යතුරුපැදියක් මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

time
මිනිත්තු 4 කියවීම
feature image

වයස 18ට පනින කොටම කොල්ලන්ට එන එක ආශාවක් තමයි යකඩ හීනය කියන සංකල්පය. ඒ කියන්නේ හොඳ වර්ගයේ යතුරුපැදියක් මිලදී ගැනීම කියන එක. ලංකාවේ දැන් තියෙන මේ තත්වය ආර්ථිකමය තත්වය එක්ක යතුරුපැදියක් මිලදී ගැනීමත් එක්තරා විදිහට සමහර තරුණ අයට සිහිනයක් වෙන්න පුලුවන්. හැබැයි ඔබට ඒ සිහිනය යථාර්තයක් කර ගැනීම අමාරු දෙයක් නෙමෙයි. කාර් එකක් ගැනීමට ඔබට ඒ වයසේ එකවර සල්ලි හොයාගන්න බැරි නිසා බයික් එකක් ගැන හිතන එකේ වැරැද්දක් නම් නෑ. හැබැයි අලුත්ම බයික් එකක් ගැනීමේදී ඔබ සැලකිලිමත් වියයුතු කරුණු කාරණා කීපයක් තියෙනවා.

අලුත් බයික් එකක් ගැනීම

තව කෙනේක් කාලයක් තිස්සේ පාවිච්චි කරපු බයික් එකක් ගන්නෙ නැතිව ටිකක් වැඩිපුර සල්ලි එකතු කරල අලුත්ම එකක් ගන්න තියෙනවා නම් සැහෙන්න ප්‍රයෝජනවත් වෙයි ඔබට. පරණ බයික් wala hangichcha leda thiyenna puluwan . කලින් පාවිච්චි කරපු කෙනා ඒක කොහොම පාවිච්චි කරාද කියල අපි දන්නේ නෑනෙ. ආර්ථිකමය තත්වයත් එක්ක අද ලංකාවේ බයික් එකක මිල ලක්ෂයේ සිට ලක්ෂ 10 ඉක්මවන මුදල් පරාසයක් අතර පවතිනවා. ඉතින් ඔබේ අතේ ඇති මුදලට හරියන සහ විශ්වාසවන්තම යතුරුපැදියක් මිලදී ගන්න ඔබ සැලකිලිමත් විය යුතු වනවා.

ඔබ බයික් එක ගන්න හේතුව නිවැරදිව හිතන්න

රැල්ලට තරුණ අය බොහෝ දේවල් කරන්න උත්සහ කරනවා. ඒ් වේලාවට කමන්ගේ දෙමාව්පියෝ දෙන උපදෙස් පවා ඔවුන් සමහර විටෙක ප්‍රතික්ෂේප කරන මට්ටමකට එනවා. යකඩ හීන කියලා බොහෝ දෙනා තමන්ගේ ගමන් පහසුව ගැන පසෙකලා මහපාරේ වීරයෝ වෙන්නයි දඟලන්නේ. මේ හින්දා ලංකාවේ වෙන බොහොමයක් වෙන රථවාහන අනතුරුවලින් මිය යන්නේ අපේ රටේ තරුණ පරම්පරාව. 2023 වසරෙත් රථවාහන අනතුරු 2000 ඉක්මවා ගිහින්. ඒ අතරින් වැඩිම අනතුරු යතුරුපැදි අනතුරු කියලයි පොලිසීය පවා පවසන්නේ. මේක බොහොම වැදගත් කාරණාවක්. තරුණ වයසේ ඔබ බයික් එකක් ගන්නේ ඔබේ ගමන් බිමන් පහසුවෙන් හා ඉක්මනින් යන්න එන්න. නැතිව පාරේ උඩින් යන්න වත් ඉගිල්ලෙන්න වත් නෙමෙයි. ඔබට අලුතෙන් ලැබුණු රැකියාව සඳහා යන්න බයික් එකක් ගන්නවා නම් ස්කූටරයක් ගත්තක් කමක් නෑ. රේස් පදින බයි එකක් ගන්න හිතන්න වත් එපා. තමන්ගේ සහ කමන්ගේ අහිංසක ආදරණීය දෙමාව්පියන්ගේ හීන තරුණ කාලදෙීම ලෙඩ ඇඳකට වෙලා හෝ මිය ගිහින් ආකාලේ නැතිකරගන්න එපා.

ඔබේ අතේ ඇති මුදල

අපි කලින් කිව්ව වගේ අද ලංකාවේ බයික් වල මිල ලක්ෂයත් ලක්ෂ 10ත් අතර මිල පරාසයක් දක්වා විහිදිලා තියෙනා. ණය වෙලා ලොකු මුදලක යතුරුපැදියක් ගන්නේ නැතුව ඔබ කරන රැකියාව අනුව ඔබට ගෙවා ගෙන යාහැකි නම් ඒ ක්‍රමයට හරි ඔබේ ගමන් පහසුවෙන් සහ ආරක්ෂිතව යන්න පුලුවන් විදිහට යතුරුපැදිය මිලදීගන්න.

කල් පැවැත්ම / Durability

ඔබ වාහනයක් ගන්නේ වසර ගණනාවක් එය පාවිච්චි කරන්න. ඉතින් කල් පැවැත්ම ගැන වැඩි අවධානයක් දෙන්නම ආනිවාර්යෙන්ම දෙන්න ඕනේ. අතේ ඇති මුදලට වර්තමානයේ ඔබට සිද්ද වෙන්නේ තව කෙනෙක් පාවිච්චි කරපු යතුරුපැදියක්නම් මිලදී ගන්න ඒ ගැන බුද්ධිමත්ව තීරණය කරන්න. මුදල අපතේ නොයවා හරිහැටි විදිහට තීරණය ගන්න. මිලදී ගන්න යද්දී පාවිච්චි කරපු එකක් නම් තව වාහන ගැන හොඳ දැනුමක් තියෙන කෙනකේ රැගෙන යන්න. වාහනයේ කල් පැවැත්ම ඔබ මතත් තීරණය වෙනවා. ඒ කියන්නේ ඔබ බයික් එක පදින ආකාරය අනුව. ඔබ එය ආදරයෙන් හා ප්‍රවේශමෙන් පදිනවාද? නැත්තම් පාරේ වළවල් වල දම දමා පැද්ධොත් නම් ඉතින් වැඩි කාලයක් ඔබට බයික් එක පදින්න වෙන්නේ නෑ.

විශ්වාසවන්ත භාවය

කල් පැවැත්ම මේ මතත් රඳා පවතිනවා. විශ්වාසවන්ත brand එකකින් ඔබ බයික් එක ගත්තොත් වැඩි කාලයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. Bajaj, Hero, Honda, TVS වගේ brand තමයි ඔබට ගොඩක් විශ්වාස කරන්න පුළුවන්. ජාපානය, මැලේසියාව හා ඉන්දියා වගේ රටවල හදන බයික් ගැන ලංකාවේ වැඩි විශ්වාසයක් පවතිනවා. ඉතින් ඔයත් බයික් එකක් මිලදී ගන්න ඉන්නවා නම් ආනිවාර්යෙන්ම විශ්වාසවන්තභාවය ගැනත් අවධානය යොමුකරන්න.

නඩත්තු වියදම්

මෙන්න වැදගත් කාරණාවක්. ගොඩක් තරුණයෝ මේ ගැන හිතන්නේ නෑ. පාවිච්චි කරපු බයික් එකක් ගත්තොත් ඔබට පසුව වැඩි මුදලක් නඩත්තු වියදම් ලෙස වැයවෙයි. ඔබ මිල ඉතා අධික බයික් එකක් ගත්තත් මේ දෙයට ඔබට මුහුණ දෙන්න වෙනවා. ඔබ දන්නවානෙ බෙන්ස් කාර් එකක් නඩත්තු කරන්න නිසාන් කාර් එකක් නඩත්තු කරනවට වඩා වැඩි මුදලක් යනවා කියලා. ඒ වගේම තමයි බයික් වලටත්. විශ්වාසවන්ත නැති බ්‍රෑන්ඩ් එකකින් ගත්තත් මේ ලෙඩේට ඔබට මුහුණ දෙන්න වෙයි.

ඉන්ධන භාවිතය

සාමාන්‍යයෙන් අපි බයික් එකක් ගන්නේ ඉන්ධන වලට යන වියදම දිගුකාලීනව ඉතිරි කරගන්න. ගොඩක් බයික් වලට පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 70ක් වත් යන්න පුළුවන්. ලීටරයකින් කිලෝමීටර 100කට වඩා යන්න පුළුවන් කියන බයිකුත් අද ලංකාවේ තිනෙනවා. එන්ජිමේ ධාරිතාවය අනුව තමයි මෙය තීරණය වෙන්නේ. ඉතින් ඔබ පෙට්‍රල් වලට වැඩි මුදලක් වියදම් කරන්න කැමති නැතිනම් ලීටරයකින් වැඩිම කිලෝමීටර ගාණක් යන්න පුළුවන් බයික් එකක් තෝරගන්න.

සුවපහසුව

බයික් වල ඉතින් කාර් වගේ AC දාගෙන එහෙම යන්න බෑ. වැස්සට තෙමෙනවා අව්වට කරවෙනවා. නමුත් සැපපහසුව කියලා අපි මෙතන අදහස් කරන්නේ ගමනේ රළුභාවය අවම මට්ටමක පැවතීම ගැනයි. දෙදෙනෙක්ට වත් බයික් එකේ සැපපහසුව ඉඳගෙන යන්න පුළුවන්ද? ක්ලච් එක ලේසියන් බැලන්ස් කරන්න පුළුවන්ද? වළවල් වලින් යනවිට ඇඟට ලොකු අපහසුවක් දැනෙනවාද? මේ කාරණා ගැන හිතන්න.

ඔන්න මේ කාරණා ගැන ඔබ අවධානය යොමු කළොත් ඔබට ගැලපෙනම බයික් එකක් තෝරගන්න පුළුවන් වගේම වසර ගණනාවක් ඉන් ඔබට හොඳ ප්‍රයෝජයක් ගන්නත් පුළුවන් වෙනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!