වාහනයක් modify කරන්න කලින් ඔබ දැනගත යුතු දේවල්

time
මිනිත්තු 3 කියවීම
feature image

Modification කියන වචනෙ අපි හැමෝටම හරි හුරු පුරුදුයිනෙ. පාරට බැස්සත් modify කරපු වාහන ඕන තරම් දකින්න පුළුවන්.

වාහනේ modify කිරීම මඟින් වාහනේට trendy look එකක් ලබා දෙනවා වගේම වාහනයේ performance වැඩි කර ගන්නත් පුළුවන්. ඉතින් වාහනයක් තිබුණත්, ගන්න බලාපොරොත්තුවෙන් හිටියත් ඔබ අනිවාර්යයෙන්ම දන්න දෙයක් තමයි, modification කියන්නෙ. හැබැයි ඔබ දන්නවද වාහනයක් modify කරන්න කලින් දැනගෙන ඉන්න ඕන දේවල් මොනවද කියලා. නෑ නේද? MotorGuide අපි ඒ ගැන තමයි අද ඔබව දැනුවත් කරන්නෙ.

දැන් වෙනකොට වාහන modify කරන එකත් business එකක් බවට පත් වෙලා ඉවරයි. වාහන modify කරනකොට අරමුණු කරන්නෙ, වාහනේ සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම හෝ වැඩිදියුණු කිරීම. ඒ නිසා, වාහනයේ දෝෂ සහිත කොටස් අලුත්වැඩියා කිරීම මේ යටතට වැටෙන්නෙ නෑ. ඊට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි, මේ modification කියන්නෙ. ඒ වගේම මේ modification මඟින් වාහනයේ ලොකු වෙනසක් හෝ පොඩි වෙනසක් වෙන්න පුළුවන්.

දැන් අපි බලමු වාහනයක් modify කරන්න කලින් ඔබ දැන ගන්න ඕන දේවල් මොනවද කියලා.

වැය වන මුදලට අවධානය දීම

අපි කතාවටත් කියන්නෙ, ලස්සන දේවල් ගණං වැඩියි කියලා. එක පැත්තකින් ගත්තොත්, වාහනේ modify කරන්නෙ, අනිත් වාහන වලට වඩා ලස්සනට කැපිලා පේන්න ඕන නිසානෙ. එතකොට ඒකට අවශ්‍ය කරන කොටස් මිලදී ගන්න සල්ලි ටිකක් වියදම් කරන්න වෙනවා. සමහර විට, ඔබට නම් මේක hobby එකක් වගේ ඇති. හැබැයි ඒක ඇත්තටම ඔබේ එදිනෙදා වියදම් තව තවත් වැඩි කරනවා. ඒ නිසා, වාහනේ modify කරනවා කියන එක, ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. ඒ වගේම ලාභදායී දෙයකුත් නෙවෙයි.

වැදගත්ම දේ තමයි, වාහනේ modify කිරීම, ඒකෙ value එකට සෘජුවම බලපෑමක් ඇති කරනවා. ගොඩාක් වාහන modify කළාම වාහනේ වටිනාකම නැත්තටම නැතුව යනවා. ඉතින් හදිස්සියේ හරි වාහනේ විකුණන්න වුණොත් අමුතුවෙන් ලාභයක් කියලා නම් ලැබෙන්නෙ නැහැ.

නීතිමය කටයුතු

'මොන දේ වුණත් මං වාහනේ modify කරනවාමයි' ඔබ මෙහෙම හිතුවොත්, ඊට කලින් අනිවාර්යයෙන්ම දැන ගන්න ඕනෙ වැදගත්ම දේ තමයි, වාහන modify කිරීම සම්බන්ධව තියෙන නීතිය. සමහර modification වලට නීතියෙන් අවසර තියෙන අතර සමහර modification වලට නීතියෙන් අවසර නෑ.

දැන් අපි බලමු නීතියෙන් අවසර නැති modification කිහිපයක්.

Light

වාහනයේ Headlight කහ හෝ සුදු පැහැති වෙන්න ඕනෙ. ඒ වගේම Rear light රතු පැහැති වෙන්න ඕනෙ. වෙනත් වර්ණ යෙදීම නීතියට පටහැනියි. ඒ වගේම, Drive කරනකොට focus එක වෙනතකට යොමු වීමේ risk එක අවම කරන්න, Neon light තහනම් කරලා තියෙනවා. ඒ නිසා ඒ වගේ modification කරන්න හිතන්නවත් එපා.

Tint කරපු windows

හැමෝම ආස ඉතින් කාගෙ නැතත් තමන්ගෙ වාහනේ ලස්සනට තියා ගන්නනෙ. ඒ නිසා ගොඩක් අය වාහනේ windows tint කරනවා. එහෙම කළාට නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි windows tint කිරීම සම්බන්ධව නීතියක් තියෙනවා. Windows මතට එන ආලෝකයෙන් අවම වශයෙන් 75% ක්වත් ඒ තුළින් විනිවිද යන්න ඉඩක් නැත්නම්, ඒ වගේ tint කරපු windscreen තිබීම නීති විරෝධීයි. අනිත් එක තමයි front side windows තුළින් අවම වශයෙන් 70% ක ආලෝකයක් විනිවිද යාමට ඉඩ දෙන්න ඕනෙ.

ආරක්ෂාව තහවුරු කිරීම

වාහනයට මොන modification එක කළත්, ඒක ඔබේ වාහනේ යන අයටවත්, පාරෙ යන එන අයටවත් හානියක් නොවෙන බවට සහතිකය වෙන්න ඕනෙ. ඒ නිසා, qualified mechanic කෙනෙක් හරහා ඔබට අවශ්‍ය modification එක කිරීම වැදගත් වෙනවා.

Insurance Company එක දැනුවත් කිරීම

ඕනම වාහනයක පෙනුම සහ performance වෙනස් කරන ඕනම modification එකක්, රක්ෂණ සපයන්නා විසින් තක්සේරු කරන්න ඕනෙ. අනතුරක් සිදු වීමේ අවධානමක් පැවතීම තමයි මේකට හේතුව. ඒ නිසා වාහනේ modify කිරීම, Insurance එකට බලපානවා. ඉතින් අනිවාර්යයෙන්ම වාහනේ modify කරන්න කලින් Insurance Company එකට ඒ ගැන කියන්න.

වාහනේ modify කළාට පස්සෙ නෙවෙයි, ඊට කලින් තමයි ඔබ මේ දේවල් දැන ගන්න ඕනෙ. මොකද ඔබ modify කරන්නෙ, නිෂ්පාදකයා විසින් කරපු ආකෘතිය. ඒ නිසා වාහනේ modify කරනවා කියලා හිතනකොටම අද අපි කියපු දේවල් ටිකත් ඔබේ කල්පනාවට එන්න ඕනෙ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!