වාහනය සොරකම් කරන එකෙන් ගැළවෙන්නේ මෙහෙමයි

time
මිනිත්තු 4 කියවීම
feature image

මේ කාලේ අලුතින් වාහනයක් ගන්නවා තියා, second hand වාහනයක් ගන්න එකත් සිහිනයක් වෙලා. ඒ විතරක් නෙවෙයි අමාරුවෙන් මිලට ගත්ත වාහනය අපිට පරිස්සම් කර ගන්න ගොඩක් අමාරු වැඩක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ දවස් වල වාහන සොරුන් වැඩි වී තිබීම. ඉතින් වාහන හිමිකරුවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වාහනයක් කොහොමද සොරකම් කරන්න දෙන්නේ නැතුව බලාගන්නේ කියන්නේ. අන්න ඒ නිසාම MotorGuide අපි අද ඔයාට කියන්නේ වාහනය සොරකම් කරන එකෙන් ගැළවෙන්නේ කොහොමද කියලා.

අපි මුලින්ම බලමු වාහන සොරකම් කරන්න බලපාන හේතු මොනවාද කියලා.

  • වාහන lock නොකිරීම
  • Key එක වාහනයේම තැබීම
  • ජනතාව නොමැති ප්‍රදේශ වල වාහන නැවැත්වීම
  • වාහන ආරක්ෂා කිරීමට පියවර නොගැනීම
  • වාහනය ගැන එතරම් විමසිලිමත් නොවීම

වාහන සොරකම් කරන්නේ කොහොමද?

සමහර හොරුන් වාහන සොරකම් කරන්නේ කුලී ගමනක් යන මුවාවෙන්. ඔවුන් රියදුරුව රවට්ටාගෙන පාළු ස්ථානයකට රැගෙන ගොස් අවි ආයුධ පෙන්වා බියකර වාහන පැහැර ගැනීම සිදු කරනවා. ඒ වගේම තමයි වාහන කුලියට දෙන ස්ථානවලින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරලා වාහනය කුලියට ගෙන සොරා ගන්නවා. ඉතින් ඒ නිසා ඔයා මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න ඕනේ.

තවත් සමහරු පුවත්පත්වල වාහන විකිණීමේ දැන්වීම් බලා පැමිණ වාහනය පැද බැලීමට අවශ්‍ය බව පවසා trial යන විදිහටත් වාහන සොරකම් කරනවා. ඒ වගේම තමයි ඒ විදිහට පැමිණෙන අය නීතිඥයකු ඉදිරිපිට අත්තිකාරම් මුදලක් ගෙවා finance වාරික ගෙවාගෙන යන බව පවසලා වාහන සොරකම් කරනවා. මේ වගේ දේවල් වලට භාවිතා කරන්නේ ව්‍යාජ ලියකියවිලි නැත්නම් මියගිය පුද්ගලයන්ගේ තොරතුරුයි.

මේ වගේ දේවල් වලට අමතරව රාත්‍රී කාලයේදී මාර්ගයේ නවතා තියෙන වාහන සොරුන් විසින් සූක්ෂම ලෙස සොරකම් කිරීම සිදු කරනවා.

අපි දැන් බලමු වාහනයක් සොරකම් කිරීම වළක්වන්න අපිට කරන්න පුළුවන් මොනවාද කියලා.

වාහනය lock කරන්න.

මේ කාලේ නම් වාහන වැඩියෙන් සොරකම් කරන්නේ වාහනයේ වීදුරු කඩලා බිඳලා නෙවෙයි. වාහනයක් සොරකම් කරනකොට ඔවුන් මුලින්ම වාහනය lock කරලද කියලා බලනවා. මොකද ඔවුන් බලන්නේ ඉක්මනින්ම වාහනය සොරකම් කරලා එතනින් ඉවත් වෙන්න. ඉතින් වාහනයක් සොරකම් කරන්න දෙන්නේ නැතුව වාහනය රැකගන්න ඔයා කරන්න ඕන මුල්ම දේ තමයි වාහනය lock කරලා තියාගන්න එක. මේ විදිහට හැම වෙලාවකම වාහනය lock කරලා තියෙනකොට සොරෙකු විසින් ඒ වාහනය ඉලක්ක කර ගැනීමේ හැකියාව ගොඩක් අඩුයි.

වාහනයේ key එක ආරක්ෂිතව තියා ගන්න.

වාහනය lock කරලා වාහනය පරිස්සම් කළාට වාහනයේ key එක ගැන ඔයා ටිකක් හිතුවද? ඉතින් ඔයා වාහනය lock කරලා වාහනයේ key එක හරි නැත්නම් key fob එක අනිවාර්යෙන්ම පරිස්සම් කරගන්න ඕනේ. මොකද නැත්නම් ඔයාගේ වාහනයේ key එක නැති වෙලා සොරෙකු අතට හමු වුණොත් වාහනය ඔවුන් සොරකම් කරන්න වැඩි ඉඩක් තියෙනවා. වාහනය lock කරලා තියෙනකොට වාහනයේ key එක හරි key fob එක හරි නැත්නම් වාහනයක් සොරකම් කරන එක ගොඩක් අමාරු වැඩක්.

ඔයා වාහනය විකුණනවා නම් සහ ඔයා අනාගත ගැනුම්කරුවෙකු හමුවන්නේ නම් වාහනයේ key එක ඔයාට පේන විදිහටම තියාගන්න. මොකද සොරුන් විසින් key එක clone කරලා ඔයාගේ වාහනය සොරකම් කිරීමට පසුව භාවිතා කරන්න පුළුවන්. මේ නිසා වාහනය lock කරලා key එක පරිස්සම් කරගන්න.

වගකීමෙන් වාහන park කරන්න

ඔයා වාහනයක ගමනක් යනකොට හුදකලා ස්ථානවල වාහන නැවත්වලා යන්න එපා. වාහනය හොඳින් ආලෝකමත් සහ කාර්ය බහුල වීදියක දාලා කොහේ හරි යනවා නම් එය විනාඩි පහක් හෝ දහයකට පමණක් සීමා කරන්න. ඔයාට පුළුවන් නම් සෑම විටම ආලෝකමත් සහ කාර්ය මණ්ඩලය සහිත රථගාල්වල හෝ Park Mark වල පමණක් වාහන නැවැත්වීමට උත්සහ කරන්න. මේ විදිහට කළොත් ඔයාගේ වාහනය සොරකම් කරන්න තියෙන ඉඩ අඩු වෙනවා.

මෝටර් රථය තුළ ආරක්ෂක lock සවි කරන්න

වාහනයක් සොරෙකුගෙන් ආරක්ෂා කරගන්න වාහනයට අමතර ආරක්ෂාවක් යෙදවීම ගොඩක් හොඳයි. Steering wheel locks, pedal boxes සහ gear stick lock වැනි වැනි දේවල් වාහනයට යොදා ගන්න පුළුවන්.

අනතුරු ඇඟවීමේ පද්ධතියක් සවි කරන්න.

අනතුරු ඇඟවීමේ පද්ධතියක් වාහනයට සවි කිරීම කියන්නේ සොරකම් වැළැක්වීම සඳහා ගොඩක් හොඳ දෙයක්. වාහන සොරකම් කරන අය වාහනයේ අනතුරු ඇඟවීමේ පද්ධතියක් තියෙනවා කියලා දන්නවා නම් ඒ වාහනය සොරකම් කරන එකින් වැළකී ඉන්න ඔවුන් කටයුතු කරනවා. සොරුන් වාහනයට ඇතුල් වීමට උත්සාහ කළොත් ශබ්ද නගා ඇති වන Siren ශබ්දය ඔවුන් බිය ගන්වා අසළ සිටින අයට දැනුම් දෙනවා. මීට අමතරව, නවතම අනතුරු ඇඟවීමේ පද්ධති චලන සංවේදක සහ GPS ලුහුබැඳීම ඇතුළත් වෙනවා. වාහනයක් සොරකම් කළහොත් එය විශේෂ යෙදුමක් හරහා සොයාගන්න පුළුවන්. මේ නිසා ඔයාගේ වාහනය ආරක්ෂා කරන්න අනතුරු ඇඟවීමේ පද්ධතියක් සවි කරන්න.

ඔයා භාවිතා කරපු වාහනයක් මිලට ගන්නවා නම් ඒ වාහනය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ හරියාකාරව ලියාපදිංචි වී ඇත්දැයි සොයා බලා මිලට ගැනීම සිදු කරන්න ඕනේ. මොකද ඔයාට කවුරු හරි මුදල් හදිසියට කියල වාහනයක් අඩු ගාණකට සොරකම් කරපු වාහනයක් ලබා දෙන්න පුළුවන්.මේ වගේ සොරාකම් කරපු වාහන මිලට ගැනීම නිසා අපි වරදකරුවන් වෙන්න පුළුවන්.

ඉතින් අද අපි කිව්වේ වාහනය සොරකම් කරන එකෙන් ගැළවෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයත් මේ දේවල් try කරලා බලන්න. ඉතින් ඔයා මේ දේවල් කළොත් ඔයාට පුළුවන් බය වෙන්නේ නැතුව වාහනය තියා ගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!