වාහනයට ලිසිං, insurance දාන හරිම විදිහ

time
මිනිත්තු 5 කියවීම
feature image

ඔබටත් වාහනයක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් ඔබත් වාහනයක් drive කරනවා නම්, අනිවාර්යයෙන්ම ඒ වාහනය insurance කරලා තියෙන්න ඕනේ. ඒක ඔබ හොඳටම දන්න point එකක්. අනිත් දේ තමයි, ඔබ වාහනය ගන්නේ ලීසිං ක්‍රමයට නම්, ලීසිං දාන විදිහ ගැනත් තිතටම දැන ගන්න ඕනේ. ඒ නිසා, MotorGuide අපි හිතුවා, වාහනයට ලීසිං, insurance දාන හරිම විදිහ ගැන අද ඔබට කියන්න.

වාහනයක් insurance කරන එක කොච්චර වැදගත්ද?

ඔබ වාහනයක් drive කරනවා නම්, insurance එකක තියෙන අවශ්‍යතාවය ගොඩක් වැදගත් කියලා දැනගෙන ඉන්න ඕනේ. ගොඩක් අය වාහනයකට insurance එකක් දානකොට, අඩුවටම තියෙන insurance එක තමයි දාන්නේ. ඒත් insurance එකක් දානකොට ඊට වඩා දේවල් බලන්න තියෙනවා.

Third party සහ full insurance කියලා insurance වර්ග දෙකක් තියෙනවා කියන්න ඔබ දැනටමත් දන්නවා. Third party insurance වලදී ගෙවන්න ඕන වාරිකය ගොඩක් අඩුයි. හැබැයි ඔබේ අතින් හානියට පත් වුණු, කෙනාට අදාළ මුදල් විතරයි, third party insurance එකෙන් ලබා දෙන්නේ. ඒ නිසා, වාරිකය වැඩි වුණත්, full insurance එකක් ගන්න එක ඔබට ගොඩක් වටිනවා.

වාහනය accident වුණොත් මොකද කරන්නේ?

වාහනයට insurance එකක් දැම්මට, වාහනයට හානියක් වුණොත් එතනින් එහාට හරියටම මොකක්ද කරන්න ඕනේ කියලා ගොඩක් අය දන්නේ නැහැ. සාක්ෂියක් විදිහට, වාහනයට වුණු අලාභය රක්ෂණ ආයතනයට පෙන්වන්න ඕනේ. දැන් හිතන්නකො, ඔබේ වාහනය accident වුණා කියලා. එතකොට මුලින්ම කරන්න ඕනේ, තමන්ගේ රක්ෂණ ආයතනයේ number එකට කතා කරලා, වෙච්ච සිදුවීම පැහැදිලිව කියන එක. ඊට පස්සේ, ඊළඟට ඔබ මොනවද කරන්න ඕනේ, රක්ෂණ ආයතනයේ නියෝජිතයා ඔබ ළඟට එන්නේ කොහොමද, ඒ කොච්චර වෙලාවකින්ද, කවුද එන්නේ කියන දේවල් ගැන රක්ෂණ ආයතනය ඔබව දැනුවත් කරනවා. ඒ නිසා ඔබට පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ.

ඕනම රක්ෂණ ආයතනයක No claim bonus කියන discount එක යම් ප්‍රමාණයක් දක්වා අඩු වෙනවා. ඔබ ගන්න basic premium එකට ඒ අඩු වුණු ප්‍රමාණය වෙනකම් no claim එක එකතු වෙවී යනවා. ඒ කියන්නේ, අවුරුද්දක් පාසා මේක නොකඩවා එකතු වෙනවා. හැබැයි Claim එකක් ගත්තොත් මේ No claim discount එක අඩු වෙවී යනවා.

රක්ෂණ වන්දි මුදල් නොගෙවන අවස්ථා මොනවද?

වාහනයට insurance එකක් දානකොට, ඔබ දැනගෙන ඉන්න ඕන වැදගත්ම දේ තමයි, රක්ෂණ ආයතනයක් රක්ෂණ වන්දි මුදල් නොගෙවන අවස්ථා මොනවද කියන එක. මොකද එහෙම වන්දි මුදල් නොගෙවන අවස්ථා තියෙන නිසා. හදිස්සියේ හරි accident එක වුණු වෙලාවෙ ඔබ වාහනය drive කරලා තියෙන්නේ drinks අරගෙන නම්, අන්න ඒ වෙලාවට වාහනයට කොච්චර ලොකු damage එකක් වෙලා තිබුණත්, රක්ෂණ ආයතනය වන්දි මුදල් ලබා දෙන්නේ නැහැ. ඊට අමතරව රක්ෂණයට ගෙවලා නැත්නම්, රක්ෂණය කල් පිරිලා නම්, ඒ වගේ අවස්ථා වලදී වන්දි මුදල reject වෙන්න පුළුවන්.

වාහනය drive කරනකොට, හානියක් වුණොත්, driving license එකක් තියෙන කෙනෙක්ට විතරයි, ඒකට claim එකක් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම අදාළ වාහනයට ත්‍රස්තවාදී ක්‍රියාවක් නිසා අනතුරක් වුණොත්, ඊට අදාළ ගෙවීම කරන්න නම්, ත්‍රස්තවාදී ආවරණය ලබාගෙන තියෙන්න ඕනේ.

සමහර වෙලාවට රක්ෂණ ආයතනය අනතුර ගැන police report එකක් ඉල්ලන්න ඉඩ තියෙනවා. හදිස්සියේ හරි ඔබට police report එක දෙන්න බැරි වුණොත් claim එක reject වෙන්න පුළුවන්.

වාහනය insurance කරනකොට හිතන්න ඕන දේවල්

සමහර insurance company තියෙනවා, එක පාර අවුරුද්දෙම ගාණ ගෙවන්න ඕනේ. තවත් සමහර insurance company ඒකට යම් කාලයක් දෙනවා. ඔබ හොඳටම දන්නවා, insurance එකක් කියන්නේ, මුදල් වියදම් වෙන වැඩක් කියලා. ඒ නිසා, වාරික ගෙවන්න සහන කාලයක් දෙන company එකක් ඔබ තෝරාගන්නවා නම්, ඒක කෝකටත් හොඳයි. හැබැයි ඒ එක්කම හොයලා බලන්න ඕනේ, ඔවුන් දෙන සහන කාලය ඇතුළත වාරික ගෙවන්න බැරි වුණොත් මොකද වෙන්නේ කියලා.

වාහනය insurance කරන්න කලින් රක්ෂණ ආයතනයේ කොන්දේසි මොනවද කියලා හොඳින්ම හොයලා බලන්න. මොකද insurance එකක් දාපු පලියට හැම දෙයක්ම cover වෙන්නේ නැහැ. Insurance එකේ තියෙනවා basic cover කියලා එකක්. එමඟින් බොහෝ විට ආවරණය වෙන්නේ, පාරේ සිද්ධ වෙන වාහන accident එකක් හෝ වෙනත් accident එකක් නිසා සිද්ධ වෙන අනතුරු විතරයි. අනිත් ආවරණ තමන් කැමති විදිහට එකතු කර ගන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් ස්වභාවික ආපදා ආවරණය, කැරලි කෝලාහල ආවරණය සහ රිය පුහුණු ආවරණය වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. ඒ නිසා, වාහනය insurance කරනකොට ඒ ගැනත් හිතන්න.

හැම insurance company එකකම claim කරන විදිහ එකමද?

ඇත්තටම claim කරන විදිහ ගත්තොත්, ඒක insurance company එකෙන් company එකට වෙනස් වෙනවා. සමහර company වලට claim කරන්න තියෙන්නේ app එකක් හරහා. තවත් සමහර company වලට claim කරන්න තියෙන්නේ hotline එකට call එකක් දීලා. ඒ නිසා, වාහනය insurance කරනකොට, claim කරන්න ඕනේ කොහොමද කියන කාරණාව ඔබ අදාළ ආයතනයෙන් අහලා දැන ගන්න ඕනේ.

තමන්ගේ insurance එක සම්බන්ධව හොඳ agent කෙනෙක් ඉන්නවා නම්, claim එකක් හරිම ලේසියෙන් ගන්න පුළුවන් වෙනවා. මොකද අදාළ agent ඔබේ claim එක සම්බන්ධයෙන් අදාළ company එකට ලොකු බලපෑමක් ඇති කරනවා. ඒ නිසා වැඩේ ගොඩක් ඉක්මන් වෙනවා.

වාහනයකට ලීසිං ගන්නකොට ගොඩක් පරිස්සම් වෙනවා නේද?

වාහනයක් insurance කරනවා වගේම වාහනයකට ලීසිං ගන්නකොටත් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ගොඩක් අය වාහනයක් ගන්නේ, ලීසිං දාලා. හැබැයි සමහර අයට ලීසිං ගැන හරි හැටි අවබෝධයක් නැහැ. ලීසිං වාරිකයට ගෙවන පොලී අනුපාතිකය ගැන ඔබ පැහැදිලිවම දැන ගන්න ඕනේ. මොකද සමහර ලීසිං සමාගම් තමන්ට හිතෙන හිතෙන වෙලාවට පොලිය වැඩි කරනවා. එතකොට ඔබ මුලින් ගෙවපු ගාණට වඩා වැඩි වාරිකයක් පස්සේ ගෙවන්න වෙනවා. අනිත් දේ තමයි ලීසිං ණයක් ලබාගෙන වාහනයක් මිලදී ගන්නවා කියන්නේ, අනුන්ගේ වාහනයක් කුලියට අරගෙන drive කරනවා කියන එක. හැබැයි ලීසිං කරපු වාහනයක ණය වාරිකය හරියටම ගෙව්වොත් ඒක ඔබට හිමි කර ගන්න chance එක තියෙනවා. හැබැයි පොලියත් එක්ක තමයි ගෙවන්න වෙන්නේ.

ලීසිං වාරික කලින් ගෙවලා ඉවර කරන්න ගියාම සමහර බැංකු වල නම්, යම් සහනයක් දෙනවා. ඒ කියන්නේ ගෙවන්න තියෙන පොලියෙන් භාගයක් විතර තමයි ගෙවන්න ඕනේ. ඒත් සමහර ආයතන නම් එහෙම සහනයක් දෙන්නේ නැහැ. ඒ නිසා, ඔබ ලීසිං ගන්න කලින් මේ සේරම දේවල් ගැන හරියටම දැන ගන්න ඕනේ. මොකද ලීසිං ගත්තට පස්සේ ඔබට ආපහු හැරෙන්න බැහැ.

හරියටම වාරික ගෙවන්න බැරි වුණොත් මොකද වෙන්නේ?

මොකක් හරි හේතුවක් නිසා, ඔබට හරියටම වාරික ගෙවන්න බැරි වුණොත්, මුලින්ම අදාළ ලීසිං සමාගමෙන් හිඟ වාරිකය ගෙවන්න කියලා ලියුම් එවනවා. හිඟ වාරික ගෙව්වේ නැත්නම්, වාහනය ගෙනත් භාර දෙන්න කියලා ලියුම් එවනවා. හැබැයි ඔබ ඒකටත් response කළේ නැත්නම්, වාහනය අරගෙන එන්න කියලා, සීසර් ලාට භාර දෙනවා. ඔවුන් මුලින්ම කරන්නේ, පොලීසියට ගිහින් වාරික ගෙවලා නැහැ කියලා, පැමිණිලි කරන එක. ඒ වගේම වාහනය අදාළ සමාගමට අයිති බවත්, වාහනය සමාගමට භාර නොදෙන බවත් කියනවා. ඒ නිසා වාහනයක් ලීසිං දාලා ගන්නවා කියන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි.

දැන් ඔබට තේරෙනවා නේද, වාහනයක් ලීසිං ක්‍රමයට ගන්නවා කියන එකයි, වාහනයක් insurance කරනවා කියන එකයි ගහෙන් ගෙඩි එන්න වගේ කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා? ඒ නිසා මීට පස්සේ, ලීසිං ක්‍රමයට වාහනයක් ගන්නකොට සහ වාහනයක් insurance කරනකොට, අපි අද කියපු දේවල් හරියටම follow කරන්න. අමතක නොකර ඔබ දන්න කියන අයටත් ලීසිං, insurance දාන හරිම විදිහ ගැන කියන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!