ලස්සන වෙන්න වාහනයට ලොකු ටයර් දැම්මොත් මොකද වෙන්නේ?

time
මිනිත්තු 5 කියවීම
feature image

ඔබ ළඟ තියෙන වාහනේට කොච්චර සල්ලි යට කළාද? ඒකට නම් ගාණක් කියයි. හැබැයි ගත්ත වාහනේට කරපු වියදමට නම්, ගාණක් මිම්මක් කියන්න බැරි වෙයි. ඇයි ඉතින් වාහනේ හොඳ පෙනුමට තියාගන්නත් එපැයි. ඔය පෙනුම වැඩි කරන්න හිතාගෙන කරන දෙයක්නෙ, තියෙන ටයර් අයින් කරලා, ලොකු ටයර් දාන එක. Cab, Jeep වලට නම් ඉතින් ලොකු ටයර් දැම්මෙ නැත්නම්, එච්චර look එකක් නෑ. ඇත්තටම ලොකු ටයර් දාන එක, වාහනේට හොඳද, නරකද? ඒ ගැන MotorGuide අපි, අද ඔබට කියනවා.

වාහනයට ලොකු ටයර් දාන්න පුළුවන්ද?

ඇත්තටම ඔබේ වාහනයටත් ලොකු ටයර් දාන්න පුළුවන්. හැබැයි ඔබට risk එකක් ගන්න වෙනවා. ඔබත්, මමත් දන්න කාරණාවක් තමයි, ටයර් වලට විශාල බරකට ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා කියන එක. අනිත් එක තමයි ටයර් වල කාර්යය වෙන්නෙ, fuel economy එක සහ performance වගේ දේවල්. ඒ නිසා ඔබ වාහනයේ ටයර් replace කරන්න තීරණය කරනකොට, විශේෂයෙන් ඔබට ලොකු ටයර් එකකට වෙනස් කරන්න අවශ්‍ය නම්, සුදුසු ටයර් තෝරා ගන්න ඕනෙ.

ලොකු ටයර් දැම්මොත් ලැබෙන වාසි මොනවද?

Ground Clearance එක වැඩි වීම

ලොකු ටයර් මඟින් වාහනය ඉහළට ඔසවනවා. ඒකෙන් අදහස් කරන්නෙ, අමතර Ground Clearance එකක් ලැබෙනවා කියන එක. මෙතනදි කතා කරන්නම ඕන දේ තමයි, රළු මාර්ග වල වගේම off-road drive කරන අයට තියෙන වාසිය ගැන. ඒ වගේ මාර්ග වලට Adapt වීමට සහ වඩාත් හොඳ ride එකක් ලබා ගන්න, Ground Clearance එක වැඩි වීම උදව් වෙනවා.

Braking Distance අඩු කිරීම

ලොකු ටයර් වල පළල කොහොමත් වැඩියිනෙ. එතකොට මේ පළල ටයර් වැඩිපුර පාර සමඟ ස්පර්ශ වෙන නිසා, Brake කරනකොට ඉක්මනින් සහ අඩු දුරකින් වාහනය නවතිනවා.

වඩාත් හොඳ Look එකක් ලැබීම

ගොඩාක් අය තමන්ගෙ වාහනේට ලොකු රෝද සහ ටයර් දාන්න ලොකුම හේතුව තමයි, වාහනයේ පෙනුම වැඩි දියුණු කිරීම. තව දෙයක් තමයි, ලොකු ටයර් මඟින්, වාහනයට sporty look එකක් ලබා දෙනවා. එහෙම වුණාම ඉතින් ගොඩක් වාහන අතරින් ඔබේ වාහනේ කැපිලා පේන්න තියෙන chance එක වැඩියි.

Stability එක වැඩි කිරීම

දැන් ඔබ දන්නවා, ටයර් වල පළල වැඩි වෙනවත් එක්කම, ටයර් පාර සමඟ ස්පර්ශ වන ප්‍රමාණයත් වැඩියි කියලා. එතකොට වාහනයේ handling උපරිමයි. හැබැයි වංගු ගන්න වෙලාවට හරි වෙනත් වෙලාවකදි හරි වාහනේ හැරවෙන්නෙ නම්, පෙරට වඩා අඩුවෙන්.

ලොකු ටයර් දැම්මොත් ලැබෙන අවාසි මොනවද?

වැඩිපුර ඉන්ධන පරිභෝජනය කිරීම

ලොකු ටයර් වල බර වැඩි නිසා, වාහනයේ එන්ජිම වෙනදටත් වඩා වැඩියෙන් වැඩ කරනවා. ඒ වගේම අමතර කම්පනයෙන් ඇති වන grip එකට එරෙහිව, වැඩි බලයක් භාවිතා කරන නිසාත් ඉන්ධන පරිභෝජනය වැඩි වෙනවා.

Slow Acceleration එක

ලොකු ටයර් සවි කර ඇති විට, steering එකේ වෙනදට වඩා ටිකක් බර ගතියක් දැනෙනවා. මොකද එන්ජින් එකට වැඩි බලයක් යොදන්න සිද්ධ වෙනවා. ඇයි ලොකු ටයරයක බර වැඩියිනෙ. ඉතින් ඒ අමතර බර, Slow Acceleration එකට හේතු වෙනවා. වාහනයේ තියෙන්නෙ ලොකු එන්ජින් එකක් නම්, රෝද වලින් වන බලපෑම අඩුයි. හැබැයි පොඩි එන්ජින් එකක් නම්, acceleration මදි කියලා දැනෙන්න ගන්නවා.

Speedometer එකේ නිරවද්‍යතාව වෙනස් වීම

වාහනයට ලොකු ටයර් දාන එකෙන් සිද්ධ වෙන තවත් අවාසියක් තමයි, Speedometer එකේ නිරවද්‍යතාව වෙනස් වෙන එක. මේකට හේතුව තමයි, Speedometer එකේ කියවීමේ කොටසක් මනින්නෙ, ටයරයේ circumference එක මත පදනම්ව ටයර් වල revolution එක මඟින් වීම. එතකොට ලොකු ටයර් එකකට මාරු වුණාම වැඩි වුණු circumference එකට අදාළව Speedometer එක recalibrate නොකළොත් නිවැරදි වේගය පෙන්නන්නෑ.

වැඩි මුදලක් වැය වීම

ටයර් එකේ ප්‍රමාණය වැඩි වෙනකොට, ඒ කියන්නෙ ටයර් එක ලොකු වෙනකොට ඒ සඳහා වියදම් වන මුදලත් වැඩි වෙනවා. කොහොම හරි ලොකු ටයර් ගත්තා කියලා හිතන්නකො, ඊට පස්සෙ ඒ ටයර් නඩත්තුවටත් ලොකු ගාණක් වියදම් කරන්න වෙනවා. එහෙම බැලුවොත්, ලොකු ටයර් දැම්මම වාහනේ ලස්සන වැඩි වෙනවා වගේම අනිත් පැත්තෙතෙන් වියදමත් වැඩි වෙනවා.

තිරිංග මත වැඩි පීඩනයක් ඇති කිරීම

අපි සාමාන්‍ය ප්‍රමාණයේ ටයර් එකක් ගත්තොත් ඒකට සාමාන්‍ය බරක් තියෙනවනෙ. හැබැයි ලොකු ටයර් එකක ඊට වඩා බර වැඩියි. හිතන්නකො ඒ වගේ ටයර් හතරක් වාහනයට දානවා කියන්නෙ, බර කොච්චර වැඩි වෙනවද කියලා. එතකොට වාහනේට අලුත් බරක් එකතු වෙනවා. ඒ විදියට එකතු කරපු බර, Acceleration එකට හානි කළ හැකි අතර වැඩි ඉන්ධන ප්‍රමාණයකුත් වැය කරනවා. මේ හේතුව නිසා වාහනයේ වේගය අඩු කිරීම සඳහා තිරිංග මත වැඩි පීඩනයක් ඇති කරනවා.

ලොකු ටයර් දැමීමට පෙර ගැන ගත යුතු දේවල්

'මගේ වාහනේටත් ලොකු ටයර් දාගන්න ඕනෙ' කියලා හිතලා ඉවර වෙන්නත් කලින් ඔබ අලුත් wheel set එකක් අරගෙන ඉවරයි. හැබැයි ඔය සේරටම කලිං වාහනයට ලොකු ටයර් දැමීම ගැන ඔබ දැන ගන්න ඕන කරුණු ටිකක් තියෙනවා. ඕනම දෙයක් කරන්න කලිං, ඒ ගැන දැනගෙන ඉන්න එක ඇඟට වගේම හිතටත් හොඳයිනෙ.

රෝද සහ ටයර් ප්‍රමාණය අතර සම්බන්ධය

විශේෂඥයින් කියන විදියට, රෝද සහ ටයර් ප්‍රමාණය, ප්‍රතිලෝමව සමානුපාතික වෙන්න ඕනෙ. ඒකට උදාහරණයක් කියන්නම්. හිතන්නකො රෝදයේ ප්‍රමාණය අඟල් 1 කින් වැඩි කළා කියලා. එතකොට ටයරයේ ඝනකම අඟල් 1 කින් අඩු කරන්න ඕනෙ. එතනදි ටයරයේ ඝනකම අඟල් එක ඉක්මවා නොයා යුතුයි. මොකද ටයර් සිහින් වීම, grip එක ඉහළ යාමට, original design එකට සාපේක්ෂව suspension එක නිසිලෙස ක්‍රියා නොකිරීමටත් හේතු වෙනවා. ඒක වාහනයේ ආරක්ෂාවට බෙහෙවින් බලපානවා.

Truck එකකට ලොකු ටයර් තෝරන්නෙ කොහොමද?

ඔබට තියෙන්නෙ Truck එකක් නම්, ඒකට දාන්න පුළුවන්, ටයරය ගැන තොරතුරු හොයා ගන්න, ඔබට manual එක use කරන්න පුළුවන්. එතනදි මෝටර් රථ නිෂ්පාදකයින් වාහනය සඳහා වඩාත් සුදුසු ටයර් ප්‍රමාණයන් ඒ කියන්නෙ, ලොකු, කුඩා දෙවර්ගයම recommend කරනවා.

දැන් ඉතින් වාහනේට ලොකු ටයර් දානවද නැද්ද කියන තීරණය තියෙන්නෙ ඔබේ අතේ. ලොකු ටයර් දාන්නම හිතෙනවා නම්, තව දෙතුන් පාරක් ඒ ගැන හිතන්න. මොකද එක පාරක් දැම්මට පස්සෙ, දිගටම දාන්න වෙන්නෙත් ඒ ටයර්මනෙ. ඒකට ලොකු වියදමක් දරන්නත් වෙනවා. අනිත් එක මේකෙ අවාසිත් තියෙනවනෙ. ඒ නිසා, පනින්න කලිං හොඳට හිතලා බලනවා වගේ, වාහනේට ලොකු ටයර් දාන්න කලිනුත් හොඳට හිතලා බලන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!