වාහනයක් modify කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ ඇයි?

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් modify කරනවා කියන්නේ වාහනයේ පෙනුම, performance සහ manufacturer ගේ original වාහනයේ තිබ්බ කොටස් වෙනස් කරලා හදන එකට. Modifications වලින් drivers ලට ඔවුන්ගේ අවශ්‍යතා අනුව වාහනය customize කරන්න, performance සහ fuel economy එක වැඩි දියුණු කරන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම ගොඩක් අය වාහනය modify කරන්න කලින් හිතලා බලන්නේ නැහැ. ඒකෙන් වාහනයට සහ තමන්ට වෙන බලපෑම ගැන. ඉතින් ඒ නිසා ඔයා වාහනයක් modify කරන්න කලින් හැමදේම ගැන හිතලා බලන්න ඕනේ. මොකද වාහනයක යනකොට ඔයාට අනතුරක් වෙන්න පුළුවන් හැකියාවත් වැඩි නිසා. ඉතින් අද Motorguide අපි කියන්නේ ඒ විදිහට වාහනයක් modifications කරද්දී දෙපාරක් හිතලා බලන්න ඕනේ ඇයි කියලා.

Legality එක ගැන බලන්න

ලංකාවේ ගොඩක් modifications restrictions වලට මුහුණ දෙනවා RMV එක වෙනස් කරන regulations නිසා. එකත් එක්ක් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පොලිසීයෙන් නවත්තපු වේලාවක ලියන්න තියෙන හැකියාව වැඩි.

උදාහරණ විදිහට tint, body modifications, Colour change, Wheels change, Lights දක්වන්න පුලුවන්.

අවධානම ගැන බලන්න

ඔයාගේ හිතුමනාපෙට වාහනයක් modify කරන්න බැහැ. ඔයා කරන සමහර modifications වාහනයේ ආරක්ෂාවට කොයිතරම් බලපානවද කියලා බලන්නත් ඕනේ. ඉතින් ඔයා එදිනෙදා වාහනය පාවිච්චි කරන කෙනෙක් විදිහට ඔයා කරන modifications කොයිතරම් දුරට සාර්ථකද කියලා බලන්න මතක තියාගන්න. මොකද ඔයා කොච්චර modification කළත් ඒ දේවල් වලින් වාහනයට බලපෑමක් වෙනවානම්, ඔයාව අවධානමකට ලක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි නම් ඒ දේවල් වැඩක් නැහැ.

Value එක ගැන බලන්න

වාහනයක් modify කරන එකෙන් වාහනයේ වටිනාකම වැඩි වෙනවා. ඒ වගේම ආකර්ෂනයටත් හේතුවක් වෙනවා. සාමාන්‍යයෙන් modifications නිසා වාහනයේ original price එකට වඩා වැඩි වටිනාකමක් වාහනයට එකතු වෙනවා. හැබැයි වටිනාකම වැඩි වුණත් ඔයාට විකුණන්න යද්දී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද අපි මේ modifications කරන්නේ තමන්ගේ කැමැත්තට නිසා. ඒ නිසා ඒ modifications වලට තව කෙනෙක් කැමති වෙයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ.

කොයිතරම් දුරට වටිනවද කියලා බලන්න

වාහනය modify කළාට පස්සේ එන පෙනුම කොයිතරම් ලස්සන වුණත් සමහර modifications කාලයක් යද්දී කරදරයක් වෙන්න පුළුවන්. ඒ වගේම කල් ඉකුත් වෙන්න පුළුවන්. එතකොට ඔයාට කාලයත් එක්ක වෙනස් කරන්න හිතෙන්න පුළුවන්. කාලයක් යද්දී වාහනයේ විවිධ ශබ්ද ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම modify කරපු engine වලට මිල අධික fuel අවශ්‍ය වෙනවා. ඒ වගේ මුදලක් ඔයාට දරන්න පුළුවන්ද කියලත් හිතලා බලන්න. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම වාහනය modify කරන්න හිතන් ඉන්නවා නම්, වාහනයේ හැම කොටසක් ගැනම අවධානය දෙන්න.

Insurance Company එක දැනුවත් කරන්න

ඔයා වාහනය modify කරන්න හිතනවා නම් ඔයාගේ insurance provider ට කල් තියා දැනුම් දෙන්න ඕනේ. ඒකෙන් modifications කරන්න යන වියදම ඔයාට බලපාන්නේ කොහොමද කියලත් බලාගන්න පුළුවන්. එතකොට ඔයාට තීරණය කරන්න පුළුවන් මේ වගේ ගාණක් මට දරන්න පුළුවන්ද කියලා. ඒ වගේම ඕනෙම වාහනයක පෙනුම සහ performance වෙනස් කරන ඕනෙම modification එකක් insurance provider විසින් තක්සේරු කරන්නත් ඕනෙ. මේකට හේතුව තමයි අනතුරක් වෙන්න පුළුවන් වැඩි අවධානමක් තියෙන එක. ඒ නිසා අනිවාර්යයෙන්ම වාහනේ modify කරන්න කලින් ඔයාගේ insurance Company එක ඒ ගැන දැනුවත් කරන්න.

Warranty එක ගැන බලන්න

Warranty එකක් තියෙන එකෙන් වාහනය මොකක් හරි අනතුරකට ලක් වුණොත් නොමිලේ අලුත්වැඩියාවක් හෝ මුදල් ආපසු ගෙවීමක් කරගන්නත් ඔයාට පුළුවන් වෙනවා. ඒත් ඔයා වාහනය modify කරන එකෙන් ඔයාගේ warranty එක cancel වෙන්න පුළුවන්. Modify කරන්න අදහස් කරන වාහනයක් මිලදී ගන්නකොට, ඒක warranty එකට බලපාන්නේ කොහොමද කියන දේ distributor එක්ක කතා කරගන්නත් මතක තියාගන්න.

Modify කරපු වාහනයක් ගන්නවා නම් check කරන්න

Modify කරපු වාහනයක් ගන්නවා නම් seller එක්ක වාහනය check කරන්න මතක තියාගන්න. වාහනයට කරලා තියෙන modifications මොනවද කියලා හැමදේම ගැනත් ඔයා දැනගන්න ඕනේ. ඒ වගේම ඒ දේවල් එකින් එක හරියට වැඩ කරනවද කියලා check කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අවශ්‍ය ලියකියවිලි හැමදේම ගැනත්, වාහනය වෙනස් කිරීමේදී insurance provider ව දැනුවත් කළාද කියන දේවල් ගැනත් අහන්න ඕනේ.

මෙන්න මේ නිසා තමයි ඔයා වාහනයක් modify කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ. ඉතින් දැන් ඔයාට පුළුවන් වාහනයක් modify කරන්න කලින් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!