වාහනයට ගැළපෙන හොඳම ටයර් තෝරා ගන්නේ කොහොමද?

time
මිනිත්තු 6 කියවීම
feature image

වාහනයට අලුතෙන් ටයර් දැම්මට, අවුරුද්දක් දෙකක් ගත වුණාම, ටයර් ටික ගෙවෙනවද? නැත්නම් ටයර් වල කට්ට ගැලවෙනවද? මේකට උත්තරය 'ඔව්' නම්, හේතුව තමයි ඔබ බාල ටයර් වලට රැවටීම. වාහනය drive කරන දුර, මාර්ගය සහ වේගය විටින් විට වෙනස් වෙනවා. ඒ නිසා ඔය හැමදේටම ඔරොත්තු දෙන, හරිම ටයර් ඔබේ වාහනයට දාගත්තොත්, මඟ රස්තියාදු වෙන්න ඕනෙ නැහැ. අනිත් දේ තමයි, වාහනය මොනතරම් comfortable වුණත්, ටයර් නැත්නම්, එතන කිසිම ආරක්ෂාවක් නැහැ. ඒ නිසා අද MotorGuide අපි ඔබට කියන්නේ, වාහනයට ගැළපෙන හොඳම ටයර් තෝරා ගන්න විදිය ගැන.

Brand එක Sure ද?

හොඳම ටයර් තෝරා ගැනීමට පෙර, ඔබ අනිවාර්යයෙන්ම හොඳ brand එකක් තෝරා ගත යුතුයි. හොඳ brand එකක් ගත් විට, ඔවුන් ටයර් නිෂ්පාදනයේදී පර්යේෂණ ගණනාවක් පවත්වා, තම පාරිභෝගිකයින්ගේ වාහන වලට ගැළපෙන, උසස් තත්වයක් සහ ආරක්ෂාවක් ලැබෙන තුරු, නැවත නැවත ඒවා පරීක්ෂා කරනවා. ඒ වගේම ඔවුන් මේ සඳහා විශාල මුදලක් වැය කරනවා. ඉතින් ඔබත් ඔබේ වාහනයට ටයර් මිලදී ගන්නා විට, විශ්වාසවන්ත සමාගමකින් නිෂ්පාදනය කර, වෙළඳපොළට නිකුත් කළ ටයර් මිලදී ගැනීමට වග බලා ගන්න.

වාහනයට අවශ්‍ය මොන ටයර් එකද?

සාමාන්‍යයෙන් Car එකක් drive කරන්න පුළුවන්, on-road විතරයි. අන්න ඒ නිසා Car සඳහා 99% ක්ම නිෂ්පාදනය කර තිබෙන්නේ, on-road ටයර්. ඉතින් මේ හේතුව නිසා, Cars වලට ටයර් යොදන විට, option කිහිපයකට යන්න බැහැ. එහෙමත් නැත්නම්, terrains කිහිපයකට යන්න ඔබට හැකියාවක් නැහැ.

නමුත් Jeep සහ SUV වැනි vehicles ගත් විට, මෙම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වනවා. Jeep එකක් හැම විටම on-road නොයන නිසා, ටයර් නිෂ්පාදකයින් විසින් Jeep සඳහා ටයර් තෝරා ගැනීමට options කිහිපයක් ලබා දී තිබෙනවා.

මඩේ යාම සඳහා Mud Tyre (MT), වාහනයට යෙදිය හැකියි. මෙම ටයර් වර්ගයේ කට්ට නිෂ්පාදනය කර ඇත්තේ, මඩේ යාම සඳහා පමණයි. එම නිසා, Mud Tyre වාහනයට දමාගෙන on-road යන විට, ටයර් එක තුළින් විශාල ශබ්දයක් නිකුත් වෙනවා. ඒ වගේමයි, ටයර් එකේ ආයු කාලය අඩු වෙන්නත් මේක හේතුවක් වනවා.

Aultering Tyre (AT) යනු, on-road, off-road සහ gravel road යන මාර්ග වල යාමට හැකි වන පරිදි නිෂ්පාදනය කර ඇති ටයර් වර්ගයක්. මෙහි කට්ට රටාව සහ ටයරයේ මතු පිටට දමා ඇති compounds, design කර ඇත්තේ, terrains කිහිපයකම යාමට හැකි වන පරිදියි. Terrain එක වෙනස් කරන්න, ටයර් එක මාරු කිරීමට අවශ්‍ය නොවීම, Aultering Tyre එකේ ඇති වාසියක් ලෙස දකින්න පුළුවන්. ඒ නිසා, Aultering Tyre සමඟම ඉහත සඳහන් කළ terrains වල ඔබට යන්න හැකියාව තියෙනවා.

Side Wall එක බැලුවද?

ඕනෑම ටයර් එකක side wall එකේ, ටයර් එකට අදාළ සියලුම විස්තර සඳහන් කර තිබෙනවා. ඒ නිසා ටයර් මිලදී ගැනීමට පෙර එහි side wall එක බලලා, ටයර් එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. එමඟින් වාහනයට හොඳම ටයර් තෝරා ගන්න ඔබට පුළුවන්.

ටයරයේ පළල (Tyre Width)

ඕනෑම ටයර් එකක පළමු අංක තුනෙන් ටයරයේ පළල සංකේතවත් කරනවා. සම්මතයක් ලෙස පළල සඳහන් වෙන්නේ, mm වලින්. ටයරයේ පළල වැඩි වන විට වාහනය, පොළොව සමඟ ස්පර්ශ වන surface එක ගොඩක් වැඩි වෙනවා. එනම්, ඝර්ෂණය ඉහළ යනවා. ඒ වගේම ලිස්සා යාමේ ස්වභාවය ඉතාමත් අඩු නිසා, ඕනෑම පරිසරයක එනම්, වැලි සහිත, මඩ සහිත, නැත්නම් වතුර පිරෙන තැන් වල වුණත් drive කරන විට, පහසුවක් ලබා දෙනවා.

නමුත් එන්ජිමට විශාල බලයක් පිට කිරීමට අවශ්‍ය වන නිසා, එහිදී fuel efficiency එක තරමක් අඩු වෙනවා. මෙය ටයරයේ පළල වැඩි වීමේ අවාසියක් ලෙස දකින්න පුළුවන්. ඊට අමතරව ටයරය තුළින් නිකුත් වන ශබ්දයත් තරමක් වැඩියි.

ටයරයේ පැතිකඩ ඝනකම (Tyre Profile)

ටයර් එකේ පළලෙහි ප්‍රතිශතයක් ලෙස එහි පැතිකඩ ඝනකම side wall එකේ සඳහන් කර තිබෙනවා. සාමාන්‍යයෙන් මෙම අගය 50 mm ට වඩා වැඩි අවස්ථාවක comfortable ride එකක් වගේම ආරක්ෂාවක්ද ලබා දෙනවා.

Tyre Size

ඕනෑම වාහනයකට ගැළපෙන සම්මත ටයර් size එකක් තියෙනවා. ටයරයේ side wall එකේ තියෙන 'R' අකුර පිටු පසින් ඇති අංක දෙකෙන් එහි size එක දැක ගන්න පුළුවන්. ඉතින් වාහනයේත්, ඔබේත් ආරක්ෂාව තහවුරු වීමට නම්, අනිවාර්යයෙන්ම වාහනයට ගැළපෙන ටයර් size එක තෝරා ගන්න.

Tyre Speed Rating

ටයරයක speed rating එක සංකේතවත් වෙන්නේ, code එකේ ඇති අවසන් අකුරෙන්. පොදුවේ ගත් විට, ඉහළ speed ratings වලින් අදහස් කරන්නේ, හොඳ grip එක සහ වාහනය නැවැත්වීමේ බලය පමණක්ම නෙවෙයි. ඉතා වේගයෙන් ධාවනය කරන්න යොදා ගන්නා ටයර් වල treds එහෙමත් නැත්නම් කට්ට ඉක්මනින් ක්ෂය වීම වෙන්නත් පුළුවන්.

Tread Pattern

Treadwear එක නැත්නම් කට්ට රටාව අනුව ටයර් වර්ග තුනක් දැක ගන්න පුළුවන්.

  1. Directional Tread (දිශානුගතික)
  2. Symmetrical Tread (සමමිතික)
  3. Asymmetrical Tread (අසමමිතික)

Directional Tread

එක් දිශාවකට පමණක් භ්‍රමණය වන පරිදි නිර්මාණය කරන, V හැඩැති treads pattern තියෙන style එකක් ලෙස Directional ටයර් වර්ගය හඳුන්වන්න පුළුවන්. වැස්සෙ ගමන් කරන විට, ටයරය ස්පර්ශ වන ප්‍රදේශයේ ඇති වතුර, ටයරය මඟින් විසුරුවා හරිනවා. ඒ නිසා ටයර් එකේ වතුර රැඳෙන්න හැකියාවක් නැහැ. Drive කරන විට, මෙම ටයර් වලින් විශාල ශබ්දයක් ඇති කරනවා. නමුත් ලොකු ආරක්ෂාවක් ලබා දෙන්න, Directional ටයර් එකට පුළුවන්.

Symmetrical Tread

බොහෝ වාහන වල දකින්න ලැබෙන්නෙ, Symmetrical tread style එක. වැස්සෙ drive කරන විට, මෙම ටයර් වලින් එතරම් විශාල ආරක්ෂාවක් ලැබෙන්නෙ නැහැ. මෙයට හේතුව තමයි, මෙම tread style එක wave pattern එකක් ලෙස ටයරය පුරාම තිබීම. එම නිසා, වැස්සෙ drive කරන විට, රෝදය වටේම වතුර රැඳෙන්න පුළුවන්.

Asymmetrical Tread

Directional සහ Symmetrical ටයර් මඟින් ලැබෙන අවාසි නැත්නම් ගැටළු වලට, සහනයක් වන ටයර් වර්ගයක් තමයි, Asymmetrical ටයර් ලෙස හඳුන්වන්නෙ. එනම්, වැස්සෙ drive කරන විට, ටයර් වල වතුර නොරැඳෙන සහ drive කරන විට, ටයර් වලින් ඇසෙන විශාල ශබ්දය අඩු වන ලෙස මෙම ටයර් වර්ගය නිෂ්පාදනය කරලා තියෙනවා. මේ හේතුව නිසාම, අනිත් ටයර් වලට සාපේක්ෂව, Asymmetrical ටයර් එකේ market value එක ඉහළ අගයක් ගන්නවා.

Treadwear

Treadwear යනු, ටයර් එක ගෙවීම පිළිබඳ අගයක්. Treadwear එක ඉහළ අගයක් ඇති ටයර් වල කල් පැවැත්ම වැඩියි. එනම්, එවැනි ටයර් වල ගෙවෙන ප්‍රමාණය අඩුයි. එලෙසම treadwear එක වැඩි වීමෙන්, mileage එකත් වැඩි කර ගන්න පුළුවන්.

Traction

Tyre side wall එකේ traction ලෙස සඳහන් කර තිබෙන අතර ඊට ඉදිරියෙන් ඉංග්‍රීසි අක්ෂරයක්ද දැක ගන්න පුළුවන්. එම ඉංග්‍රීසි අක්ෂරයෙන් පැහැදිලි කරන්නේ, brake ගැසීමේදී, ටයර් එකේ නැවතීමේ ස්වභාවය මොන වගේද යන්න පිළිබඳවයි.

Tyre Age

සාමාන්‍යයෙන් නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 5 ක් හෝ 6 ක් ගිය පසු එම ටයර් එක භාවිතා කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඕනෑම ටයර් එකක නිෂ්පාදිත දිනය, ටයරයේ side wall එකේ ඇති dot සංකේතයේ අවසාන අංක හතරෙන් හොයා ගන්න පුළුවන්. එම ඉලක්කම් හතරේ අවසන් ඉලක්කම් දෙකෙන් එම ටයර් එක නිෂ්පාදනය කළ අවුරුද්දත්, පළමු ඉලක්කම් දෙකෙන් නිෂ්පාදනය කළ සතියත් සංකේතවත් කරනවා.

ටයර් එක මිලදී ගැනීම, එය නිෂ්පාදනය කළ අවුරුද්දේ සිට අවුරුදු තුනක් ඇතුළත මිලදී ගන්නවා නම්, higher quality එකක් සහිත ටයර් එකක් ලබා ගන්න chance එක තියෙනවා. නිෂ්පාදිත වසරේ සිට, ටයරයක් උපරිම වශයෙන් අවුරුදු පහක් පමණ භාවිතා කරන්න පුළුවන්. නමුත් ඉන් එහාට ටයරයේ ආයු කාලය, කල් පැවැත්ම සහ stability එක අඩු වෙනවා.

නිෂ්පාදක සහතිකය

නිෂ්පාදකයින් විසින් ටයර් වලට විශ්වාසවන්ත වගකීමක් ලබා දිය යුතුයි. එලෙස වගකීමක් නැති ටයර් මිලදී නොගෙන, මිල තරමක් වැඩි වුවද, විශ්වාසවන්ත වගකීමක් ලැබෙන ටයර් තෝරා ගැනීමට ඔබ වග බලා ගන්න ඕනෙ. නැත්නම් පසුව ඔබට ආරක්ෂාව සම්බන්ධ ගැටළු වලට මුහුණ දෙන්න සිදු වෙනවා.

දැන් ඔබට පුළුවන්, රැවටෙන්නේ නැතුව වාහනයට ගැළපෙන හොඳම ටයර් තෝරා ගන්න. කරන්න තියෙන්නේ, වාහනයට ටයර් තෝරන විට, අපි අද කියපු කරුණු ගැන අවධානය යොමු කරන එක විතරයි.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • අමතර කොටස් සහ උපාංග

    2026 වාහන අමතර කොටස් සඳහා වන නව තත්ත්ව සහතික (SLSI Standard) සහ ව්‍යාජ කොටස් වැටලීමේ නීති

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    එයාර් කූල් (Air-cooled) සහ ලික්විඩ් කූල් (Liquid-cooled) බයික් නඩත්තු කිරීමේ වෙනස.

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    බයික් එකක Spark Plug එකේ පාට අනුව එන්ජිමේ තත්ත්වය (Health) නිවැරදිව හඳුනාගන්නේ කොහොමද

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Ceramic Coating සහ Graphene Coating අතර වෙනස

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Duplicate Parts සහ Genuine Parts වල වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    EGR මගින් සිදුවන සේවය

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    මොනවද මේ BENZ ලගෙ Camtronic.

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    AIRMATIC suspension කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    මොනවද මේ Radial Tires?

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Run Flat Tire ගැන ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

  • Hyundai Accent 2025

    Sedan

    රු 18M - 21M

  • Peugeot 2008 GT 2025

    Compact SUV

    රු 31M - 36.5M

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!