මෝටර් රථයක මූලික කොටස් සහ ඒවායේ කාර්යයන්

time
මිනිත්තු 5 කියවීම
feature image

"වාහනයක් කොහොමද ක්‍රියා කරන්නෙ?' මේ ප්‍රශ්නෙ කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඒකට හරිම උත්තරේ ඔබ දන්නවද? සමහර විට සම්පූර්ණයෙන් දන්නෙ නැතුව ඇති. ඒත් ළඟ තියෙන වාහනේ මූලික කොටස් මොනවද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනෙ. වාහනයක් ගන්න හිතන් ඉන්න කෙනෙක් විදියට ඒ වාහනයේ ක්‍රියාකාරීත්වය ගැන හරි හැටි අවබෝධයක් ඔබට තියෙන්න ඕනෙ. අන්න ඒ නිසයි, MotorGuide අපි හිතුවෙ ඒ ගැන ඔබව දැනුවත් කරන්න. අපි අද බලමු, මෝටර් රථයක මූලික කොටස් සහ ඒවායේ කාර්යයන් මොනවද කියලා.

වාහනයක මූලික කොටස් මොනවද?

ඇත්තටම බැලුවොත් පිටින් කොච්චර පෙනුමට තිබුණත්, වාහනයක් කියන්නෙ යකඩ ගොඩක්නෙ. හැබැයි මේ යකඩ ගොඩ ලොකු කාර්යයක් ඉටු කරනවා. අපි මුලින්ම බලමු, වාහනයක තියෙන මූලික කොටස් මොනවද කියලා.

  • Radiator
  • AC Compressor
  • Battery
  • Alternator
  • Axle
  • Brake
  • Shock Absorbers (Shocks & Struts)
  • Transmission
  • Catalytic Converter
  • Muffler
  • Tailpipe
  • Fuel Tank

මූලික කොටස් වල කාර්යයන් මොනවද?

මේ කියපු හැම කොටසක් මඟින්ම යම් කාර්යයක් ඉටු කරනවා. ඔය සේරම එකතු වෙලා තමයි, වාහනයක් හැදෙන්නෙ. ඊළඟට අපි බලන්නෙ, වාහනයක තියෙන මූලික කොටස් වල කාර්යයන් මොනවද කියලා.

Radiator

Radiator

අපි එක දිගට වාහනේ drive කරනකොට, එන්ජිමත් එක දිගට ක්‍රියාත්මක වෙනවා. එතකොට වාහනයේ එන්ජිම, අධික ලෙස රත් වෙනවා. අපි ඒකට කියනවා, overheating කියලා. Radiator කියන්නෙ, heat exchanger එකක්. මේ Radiator එක භාවිතා වෙන්නෙ, overheat එක වැළැක්වීම සඳහා, cooling system එකේ coolant එකෙන් heat එක ඉවත් කිරීමට. ඕක වෙන්නෙ මෙහෙමයි. hot coolant එක Radiator එක හරහා ගමන් කරනවා. එතනදි coolant එකට ගමන් කරන වාතය සමඟ තාපය හුවමාරු කර ගන්න පුළුවන්. Radiator එකේ සාමාන්‍ය නඩත්තුව සඳහා අවුරුද්දකට දෙපාරක් coolant level එක check කරන්න.

AC Compressor

AC Compressor

වාහනයක අපිට අවශ්‍යම කරන දේනෙ AC කියන්නෙ. නිකමට හරි දැනගෙන හිටියද, මේ AC system එක ක්‍රියා කරන්න, AC Compressor එක ඕනෙමයි කියලා. AC Compressor එක නැතුව AC system එක ක්‍රියා කරන්නෙ නැහැ. වාහනයේ system එක පුරා coolant එක pump කිරීම සහ වාහනය cool කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම තමයි, AC Compressor එක මඟින් කරන්නෙ.

Battery

car battery

වාහනයේ බැටරියට පුළුවන්, රසායනික ලෙස ශක්තිය ගබඩා කර ගන්න. ඒ ගබඩා කර ගන්න රසායනික ශක්තිය, electricity විදියට මුදා හරින්න පුළුවන්. ඒ electricity එක මඟින් තමයි, වාහනයේ electrical components ක්‍රියාත්මක වෙන්නෙ.

Alternator

Car Alternator

Alternator කියන්නෙ, alternating current ආකාරයෙන් mechanical energy එක, electrical energy එක බවට convert කරන electricity-generating device එකක්. මේ Alternator එක බැටරිය සමඟ වාහනයේ electrical system එකට power එක සපයනවා. වැදගත්ම දේ තමයි, Alternator එක බැටරිය recharge කරන්නත් උදව් වෙනවා. ඒ, වාහනයේ කොටස් වල චලනය මඟින් generat කරන mechanical energy එක භාවිතයෙන්. හිතන්නකො වාහනයේ බැටරිය ක්‍රියා නොකරන බවක් හරි swollen වුණු බවක් හරි ඔබට පේනවා කියලා. එහෙනම් ඔබ බැටරිය overcharge කරලා තියෙනවා. ඒ වගේම එතනදි Alternator එකේ දෝෂ සහිත voltage එකක් තියෙන්නත් පුළුවන්.

Axle

Car axle

Axle කියන්නෙ, වාහනයේ suspension system එකේ කොටසක්. Axle එක, transmission සහ differential හරහා එන්ජිමෙන් රෝද වලට බලය යවනවා. ඒ විදියට තමයි, රෝද වලට බලය හම්බ වෙන්නෙ. ඒ නිසා වාහනයක රෝද වලට නම්, Axle එක ගොඩාක් වැදගත්.

Brakes

Brake system

වාහනයක brake system එක භාවිතා කරන්නෙ, වාහනය නැවැත්වීමට, slow කිරීමට, නැවැත්වූ විට හෝ park කර ඇති විට, එය චලනය වීම වළක්වන්න. මේ brake system එකේ common system දෙකක් තියෙනවා.

  1. Disc brake system
  2. Drum brake system

මේ අතරින් disc brake system එකට කොටස් කිහිපයක් ඇතුළත් වෙනවා.

Caliper

calipers

Disc brake වල non-rotational components, disc එක දිගේ ගමන් කරන සහ වාහනය slow කිරීමට හෝ නැවැත්වීමට rotor එකට එරෙහිව brake pad වලට forcing කරන hydraulic components අඩංගු වෙනවා. වාහනයක ඉදිරිපසින් හෝ පසුපසින් Caliper එක හොයා ගන්න පුළුවන්.

Brake Pad

brake pads

වාහනයක් slow කිරීමට හෝ නැවැත්වීමට Caliper එක මඟින් disc එකට press කරපු ඝර්ෂණය සහිත දෙයක් තමයි, brake pad කියන්නෙ. ඒක බොහෝ වෙලාවට brake lining සඳහා භාවිතා කරනවා.

Brake Rotor

brake rotor

මේක hub එක සහ wheel එක සමඟ කැරකෙන disc shape එකක් තියෙන component එකක්.

Shock Absorbers (Shocks & Struts)

shock absorbers

Shock Absorber කියන්නෙ, suspension system එකේ හැම wheel එකකම භාවිතා කරන hydraulic device එකක්. වාහනයක් ආරක්ෂා කරන වගකීම තියෙන්නෙ, මේ Shock Absorber එකට. වාහනය drive කරනකොට, පුංචි පුංචි බාධාවල් වාහනයටත් හම්බ වෙනවා. සමහර වෙලාවට වාහනයට ගැටිති මතින් යන්න වෙනවා. එතකොට ඉහළ පහළ යාම්, සිදු විය හැකි පෙරළීම් control කරන්න Shock Absorber උදව් කරන අතර ඒ මඟින් වාහනයට ආරක්ෂාව ලබා දෙනවා. ඒ වගේම passengers ලාට හොඳ සුව පහසුවකුත් ලබා දෙනවා. සාමාන්‍ය Shock Absorber එකකට කාර්යයන් තුනක් තියෙනවා.

  1. වාහනයක ride stabilization එක control කිරීමට, spring oscillation එකේ බලපෑම අඩු කිරීම.
  2. වාහනයේ body sway එක control කිරීම.
  3. Tire tread එක මාර්ග මතුපිටින් එසවීමට ඇති නැඹුරුව අඩු කිරීම. මේක static unbalance එක නිසා ගොඩාක් වෙලාවට ඇති වන ගැටලුවක්.

Transmission

transmission

Transmission එක කියන්නෙ, වාහනයක එන්ජිමේ output එක සහ differential input එක අතර variable ratios එහෙමත් නැත්නම්, වෙනස් වන අනුපාතයන් සපයන gearing device එකක්. මෝටර් රථ වල Transmission එක bicycle වල Transmission එකට වඩා සංකීර්ණයි. නමුත් ඒවා එකම මූලික කාර්යයක් තමයි ඉටු කරන්නෙ. ඒ තමයි, එන්ජිම දැඩි ලෙස ක්‍රියා නොකර driving conditions optimize කිරීම සඳහා කුඩා හෝ විශාල ගියර් තෝරා ගන්න ඉඩ ලබා දීම.

Transmission වර්ග දෙකක් තියෙනවා.

  1. Automatic Transmission
  2. Manual Transmission

Catalytic Converter

catalytic converter

මේ Catalytic Converter එක කියන්නෙ, වාහනයේ exhaust-system එකේ component එකක්. මල නොබැඳෙන වානේ වලින් තමයි හදලා තියෙන්නෙ. Exhaust fumes පිට වීමේදී, නයිට්‍රජන් (NOX), හයිඩ්‍රොකාබන් (HC), කාබන් මොනොක්සයිඩ් (CO) සහ ඔක්සයිඩ අඩු කිරීමට catalyst එකක් මේකෙ අඩංගු වෙනවා. Pollutants ඉවත් කිරීමට වගේම exhaust gass මඟින් පරිසරයට ඇති කරන හානිය අඩු කරන්නත් Catalytic Converter එක භාවිතා කරනවා.

Muffler

car muffler

Exhaust Pipe එක අවසන් වෙන්න මොහොතකට පෙර muffler එක තියෙන අතර, exhaust system එක මඟින් නිකුත් කරන ශබ්දය අඩු කරන්න තමයි මේක තියෙන්නෙ. සමහර mufflers අඩු වැඩි වශයෙන් gas flow එක සීමා කරනවා.

Tailpipe

tailpipe of car

Tailpipe එකෙන් තමයි, Muffler හෝ Catalytic Converter එකේ ඉඳලා exhaust fumes පිටතට මුදා හරින්නෙ. ඒ exhaust fumes මුදා හරින pipe එකක් තමයි Tailpipe කියන්නෙ. වාහන වල පිටුපස තමයි මේ pipe එක තියෙන්නෙ. ඔබ ඕන තරම් දැකලා ඇති, වාහන වලින් exhaust fumes පිට වෙනවා.

Fuel Tank

fuel tank

අපිට වාහනයක් drive කරන්න නම්, වාහනේට බලය තියෙන්න ඕනනෙ. එහෙම නැතුව අපිට වාහනයක් drive කරන්න බෑ. අන්න එතනදි වාහනයට ගොඩාක් වැදගත් වෙන කොටසක් තමයි, Fuel Tank කියන්නෙ. මොකද මේ tank එක තමයි, වාහනයට බලය සපයන්නෙ. Fuel Tank එක කියන්නෙ, පෙට්‍රල් ගබඩා ටැංකියක්.

ඉතින් මේ තමයි වාහනයක තියෙන මූලික කොටස් සහ ඒ කොටස් වල කාර්යයන්. වාහනයක් තියෙනවා කියන්නෙ, ලොකු වගකීමක්. මොකද කොටසින් කොටස එකතු වෙලා, ඒ කොටස් මඟින් ඉටු කරන කාර්යයන් එකතු වෙලා තමයි ඕනම වාහනයක් ඔබේ අතට එන්නෙ. ඒ නිසා ඔබත් මේ දේවල් ගැන දැනගෙන ඉන්න එක යම් තරමකට හරි වැදගත් වෙයි කියලා අපි හිතනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • අමතර කොටස් සහ උපාංග

    වාහන වල Fragrance Diffusers පාවිච්චි කරන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Tinted Films ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 6 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    2026 වාහන අමතර කොටස් සඳහා වන නව තත්ත්ව සහතික (SLSI Standard) සහ ව්‍යාජ කොටස් වැටලීමේ නීති

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    එයාර් කූල් (Air-cooled) සහ ලික්විඩ් කූල් (Liquid-cooled) බයික් නඩත්තු කිරීමේ වෙනස.

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    බයික් එකක Spark Plug එකේ පාට අනුව එන්ජිමේ තත්ත්වය (Health) නිවැරදිව හඳුනාගන්නේ කොහොමද

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Ceramic Coating සහ Graphene Coating අතර වෙනස

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Duplicate Parts සහ Genuine Parts වල වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    EGR මගින් සිදුවන සේවය

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    මොනවද මේ BENZ ලගෙ Camtronic.

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    AIRMATIC suspension කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!