වාහනයේ ටයර් modify කරන්න කලින් මේ ගැනත් හිතන්න

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක් ගන්නවා කියන එක අපි හැමෝගෙම හීනයක්. කොහොම හරි වාහන සිහිනය සැබෑ කරගත්තට පස්සේ ගොඩක් දෙනා කරන්නේ තමන් කැමතිම විදිහට වාහනය වෙනස් කරන එක. කෙටියෙන්ම කිව්වොත් ගත්ත වාහනේ පෙනුම, performance වගේ දේවල් modify කරනවා.ඉතින් මේ විදිහට අලුත් කාර් එකක් ගත්තට පස්සේ ගොඩක් අය මුලින්ම upgrade කරන්නේ රෝද සහ ටයර්. ඉතින් අද MotorGuide තුළින් අපි ඔබට කියන්නේ වාහනයේ ටයර් modify කරන්න කලින් හිතන්නම ඕනේ දේවල් මොනවද කියලා.

Tyre upsizing වර්ග

ටයර් ඉහළ දැමීමේ ප්‍රධාන වර්ග දෙකක් තිබෙනවා.

Plus sizing: එකම දර්ශන අනුපාතය (ටයරයේ පළලට සාපේක්ෂව ටයරයේ උස) පවත්වා ගනිමින් රෝදයේ ප්‍රමාණය වැඩි කිරීම මෙයට ඇතුළත් වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට වාහනයට shorter sidewall, හැසිරවීමේ පහසුවක් සහ sporty look එකක් එකතු වෙනවා.

Section width upsizing: වාහනයේ wheel size එක වෙනස් නොකරමින් ටයර් වල පළල වැඩි කිරීම මෙහිදී සිදු වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට taller sidewall එකක් සහිත පුළුල් ටයරයක්, වඩා හොඳ ගමනක් සහ වැඩි stability එකක් ලබා ගන්න පුළුවන්.

Upsize කරන්න කලින් හිතන්න

Vehicle modification කියන්නේ කලාවක්. ඉතින් මේක හිතුමනාපෙට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ටයර් modify කිරීමේදී අපි ඒ පිළිබඳව හරිහැටි අවබෝධයක් ලබා ගන්න ඕනේ. විශේෂයෙන්ම ඔබ ටයර් upsize කිරීමට පෙර, එය ක්‍රියා කරන ආකාරය තේරුම් ගන්න ඕනේ.

ගොඩක් වෙලාවට වෙලඳසැල් වලින් ඔවුන්ට උපරිම ලාභයක් ලබා දෙන ටයරය සහ රෝදය විකිණීමට උත්සාහ කරනවා. නමුත් ලාභ රැවටී වාහනයට හරියටම ගැළපෙන්නේ නැති, ප්‍රමාණයෙන් වැරදියි ටයර් එකක් මිලදී ගත්තොත් වෙන්නේ මෝටර් රථය පැදවීම සහ හැසිරවීම අපහසු වෙනවා වගේම, එමඟින් මෝටර් රථයටත් හානි සිදු වෙන්න පුළුවන්.

ඉතින් ඒ නිසා සෑම විටම තමන්ගේ වාහනයට අදාළ standard size භාවිතා කරන්න.

නමුත් ඔබට ඒ පිළිබඳව හරි හැටි දැනුමක් නැතිනම් වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගෙන අදාළ ටයරය ඔබේ වාහනයට ගැළපේදැයි තහවුරු කරගන්න අමතක කරන්න එපා.

ටයරයේ නිවැරදි ප්රමාණය සහ විෂ්කම්භය පරීක්ෂා කරන්න

ඔබ මොන තරම් ටයර් එක modify කරන්න ආස වුණත් මතක තියාගන්න ඕනේ පළවෙනි දේ තමයි, ටයර් එකට දැඩි වෙනස්කම් සිදු කරන්නේ නැතුව ඔබේ මෝටර් රථයේ මුලින් සවි කර ඇති ටයර් එකේ විෂ්කම්භයට තරමක් ගැළපෙන ටයර් එකක් තෝරාගන්න ඕනේ කියන එක.

අපි දැන් බලමු කොහොමද ටයර් එකේ විෂ්කම්භය සොයා ගන්නේ කියලා.

ටයරයේ පැත්තේ ඇති සලකුණු කියවන්න. උදාහරණයක් විදිහට එහි 175/70/R13 ලෙස තියෙනවා දැකගන්න පුළුවන්. මෙහි 175 කියන්නේ ටයර් එකේ contact patch එකේ size එක මිලිමීටර් වලින්. 70 යනු contact patch percentage එක අනුව sidewall එකේ උසයි. මෙහි R යන්නෙන් අදහස් කරන්නේ radial tyre යන්නයි. ඒ වගේම 13 යන්නෙන් අදහස් වන්නේ අඟල් වලින් rim එකේ විෂ්කම්භයයි.

සම්පූර්ණ ටයර් විෂ්කම්භය ගණනය කරමු

17.5 cm + 17.5cm 70% + 13 x 2.54 cm (1”= 2.54 cm)

Modify කරන්න කලින් හිතන්න

Safe upgrade සඳහා, ටයරයේ ප්රමාණය මෝටර් රථයේ මුල් සම්පූර්ණ ටයර් එකේ විෂ්කම්භයෙන් සියයට තුනකට වඩා වැඩි නොකළ යුතුයි. මෝටර් රථයේ dynamics එක වෙනස් වීමකින් තොරව කළ හැකි උපරිම ටයර් upsetting ප්‍රමාණය වන්නේ මුල් සම්පූර්ණ ටයර් විෂ්කම්භයෙන් සියයට තුනක් පමණයි. මෙම ප්‍රමාණයට වඩා ඉහළ යන ඕනෑම upsetting එකක් නිසා ඉන්ධන කාර්යක්ෂමතාවයේ කැපී පෙනෙන පහත වැටීමක් සහ වාහනය පැදීමේ සහ හැසිරවීමේ අපහසුවක් ඇති කරයි.ඒ නිසා කිසිම අවස්ථාවක අනවශ්‍ය ලෙස ප්‍රමාණයට වඩා විශාල ටයර් භාවිතා කිරීමෙන් වළකින්න.

ටයර් සවි කිරීමෙන් පසු පරීක්ෂා කරන්න

ප්‍රමාණයෙන් විශාල අලුත් ටයර් මෝටර් රථයට සවි කිරීමෙන් පසු, රෝදය අසල වාඩි වී steering wheel එක lock එකෙන් lock එකට හරවන්න. ඒ වගේම දෙපැත්තටම රෝදය හරවන්න. රෝදය full lock කිරීමේදී රෝදයේ ඇතුළත හෝ body එකේ වෙනත් කිසිදු කොටසකට ස්පර්ශ නොවන බව හොඳින් පරීක්ෂා කරන්න.

එසේම, ටයරය සහ රෝදය අතර, මාර්ගයේ ගැටිති හෝ වලවල් absorb කර ගැනීමට ප්‍රමාණවත් ඉඩක් තිබේදැයි පරීක්ෂා කරන්න. විශාල රෝද සහ ටයර් මෝටර් රථයේ ධාවනයේ ගුණාත්මක භාවයට හානි කරනවාදැයි පරීක්ෂා කිරීමට අසමාන හෝ කැඩුණු මාර්ගයක ධාවනය කර බලන්න.

ඉතින් මේ දේවල් තමයි ඔබේ මෝටර් රථයේ ටයර් modify කරන්න කලින් හිතන්නම ඕනේ දේවල්. දැන් තේරෙනවා නේද ටයර් upgrade කරන එක එළියෙන් බලනකොට ලේසි වුණාට හිතන තරම් සරල දෙයක් නෙවෙයි කියලා.

ඉතින් ඔබත් ටයර් වෙනස් කිරීම මඟින් වාහනයට modify look එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් අද MotorGuide අපි කිව්වා දේවල් අමතක කරන්න නම් එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Safety එක වැඩි කරන After-Market Car Modifications

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!