Car Transmissions වර්ග

time
මිනිත්තු 6 කියවීම
feature image

ඔබට තියෙන්නේ, manual car එකක්ද, නැත්නම් auto gear car එකක්ද? මොන car එක තිබුණත්, කොහොමද ඒ car එක හරියටම drive කරන්න ඕනේ, මොනවද කරන්න හොඳ නැති දේවල්, manual සහ automatic transmission අතර තියෙන වෙනස්කම් මොනවද කියන මේ හැම දෙයක් ගැනම ඔබ දන්නවා. හැබැයි ඔබ දන්නවද, මෝටර් රථ වල transmissions වර්ග මොනවද කියලා? ඒ ගැන තමයි ඔබ ඊළඟට දැන ගන්න ඕනේ. ඒ නිසා MotorGuide අපි හිතුවා car transmissions වර්ග ගැන අද ඔබට කියන්න.

Transmission කියන්නේ මොකක්ද?

මෝටර් රථ වල transmission එක නැත්නම් gearbox එක gear සහ gear trains, mechanical system එකක් හරහා engine එක මඟින් generate කරන power එක wheels වලට transmit කරන මාධ්‍ය විදිහට ක්‍රියා කරනවා. Transmission එකක් මඟින් driver ට control එකක් ඇතුව වාහනයට power එකක් යොදන්න ඉඩ ලබා දෙනවා. එහෙම නැත්නම් මෝටර් රථය efficient විදිහට move වෙන්නේ නැහැ. Gearbox එක accelerate කිරීමට අවශ්‍ය torque එක ලබා දෙන්නේ Lower gears මඟින්. එතකොට engine එකේ power එක ගොඩක් effective විදිහට භාවිතා කරමින් high speed එකක් ලබා ගන්න උදව් වෙන්නේ, higher gears.

ඉතින් මේ විදිහට power එක, motion එකට transmit කරන්න උදව් වෙන එකිනෙකට වෙනස් transmissions වර්ග තියෙනවා. අපි දැන් බලමු මොනවද මේ transmissions වර්ග, ඒ transmissions වලින් මොනවද වෙන්නේ කියලා.

Manual Transmission

ඔබට car එකත් එක්ක ගොඩක් connect වෙන්න ඕනේ නම්, manual transmission තමයි හොඳම මාර්ගය. Manual transmission car එකක right gear එකට දාන්න, clutch pedal එක සහ front seats අතර එහෙමත් නැත්නම් center console එක මත floor එකේ තියෙන gear stick එක භාවිතා කරනවා.

Manual transmission එකකින් drive කරනවා කියන්නේ, මෝටර් රථයෙන් උපරිම efficiency එක, power එක සහ acceleration එක ලබා ගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ,ඉගෙන ගන්නම ඕන සහ practice කරන්න ඕන skill එකක්. Transmissions වර්ග අතරින් ඉහළම fuel efficiency එක තියෙන්නේ, manual transmission එකට.

ඒ කොහොම වුණත් මේක ඔබේ driving style එක මත depend වෙනවා. මේකට හේතුව තමයි, aggressive gear usage එක ඔබට lowest mileage එකක් ලබා දීම. ඉතින් මේ තමයි, manual transmission එකෙන් වෙන දේ.

Automatic Transmission

Automatic transmission කියන්නේ, automatically gear මාරු කරන transmission type එකක්. ඒ නිසා, driver ට manually gear මාරු කරන්න ඕනේ නැහැ. මේ automatic transmission එක වාහනයේ speed එක වගේම, engine එකේ rpm නිරීක්ෂණය කරන්න sensors භාවිතා කරනවා. ඒ වගේම electronic control unit (ECU) එකක් උදව් කරගෙන gear ratio එක මාරු කරනවා. අපිට විවිධ වර්ගයේ Automatic transmissions දකින්න ලැබෙනවා. අපි දැන් බලමු ඒ මොනවද කියලා.

Torque Converter Transmission

Torque converter transmissions, torque converter automatics ලෙසත් හැඳින්වෙනවා. Wheels වලට power එක transmit කරන්න engine එක මඟින් නිපදවන torque එක amplify කරන්න, advanced fluid coupling භාවිතා කරනවා. Torque converter transmission එක තමයි මෝටර් රථ වල තියෙන පැරණිම automatic transmission එක.

Torque converter transmission එකක් සහිත මෝටර් රථයක clutch pedal එකක් දකින්න ලැබෙන්නේ නැහැ. මේ transmission system එක turbines දෙකක් හරහා ක්‍රියා කරනවා. ඒකෙන් එක turbine එකක් engine එකට සහ අනිත් එක transmission එකට සම්බන්ධ වෙනවා. Turbines දෙකම අතර තියෙන Hydraulic fluid එක engine side එකේ තියෙන turbine එකේ ඉඳලා transmission එක මත තියෙන turbine එකට power එක මාරු කරනවා. එමඟින් vehicular movement ඇති කරනවා. Automatic converter transmissions සහිත මෝටර් රථ drive කරන්න ගොඩක් ලේසියි. එතනදි smooth විදිහට accelerate කරන්න ප්‍රමාණවත් torque එකක් ලබා දෙනවා. මේ torque converters, fuel-efficient වුණත් එහි engineering complexity එක නිසා, manual transmissions වලට වඩා මිල වැඩියි.

Continuously Variable Transmission

CVT transmission system එකක්, pulley system එකක් හරහා ක්‍රියා කරනවා. එක් එක් pulley එකේ cones දෙකක් chain belt එකක් හරහා සම්බන්ධ කරලා තියෙනවා. මෙතනදි gear ratios වෙනස් කිරීම සඳහා belt diameter එක වැඩි කිරීමට හෝ අඩු කිරීමට මේ cones move කරන්න පුළුවන්. CVT හි මේ ගුණාංගය මෝටර් රථයේ අවශ්‍යතාවය මත transmission එක ඉක්මනින් මාරු කරන්න පුළුවන් infinite gear ratios ඇති කරන්න ඉඩ ලබා දෙනවා.

CVT transmission එකේ main advantage එක තමයි, වාහනය මොන speed එකෙන් ගමන් කළත් විනාඩියකට engine එකේ revolutions අඛණ්ඩව පවත්වා ගන්න පුළුවන් වෙන එක. මේ මඟින් fuel economy එක වැඩි කරන අතර, smooth driving experience එකක් ලබා දෙනවා. CVT automatic transmission එකක් කියන්නේ, affordable automatic gearbox එකක්. හැබැයි ඉතින් CVT gearbox එකක් repair කරන්න ලොකු cost එකක් යනවා.

Semi-Automatic Transmission

Semi-automatic transmission එක මඟින් manual සහ automatic transmission එකක convenience එක සහ car එකේ connection elements combine කරනවා. Semi-automatic transmissions වලට Automated Manual Transmissions (AMT) සහ Hyundai හි iMT වගේ clutch less manuals ඇතුළත් වෙනවා. Semi-automatic transmission එකක clutch pedal එකක් නැති වුණත් gear stick එකක් තියෙනවා. මේ transmission එක මඟින් clutch එක, engine speed එකට සම්බන්ධ කරන්න actuator එකක් භාවිතා කරනවා. එතකොට ඔබට හොඳින් gear එක මාරු කරන්න පුළුවන්.

Semi-automatic transmission එක, torque converters සහ CVT වලට වඩා ඔබේ pocket එකට හොඳයි. හැබැයි ඉතින් clutch system එකේ complexity එක හේතුවෙන් මේ automatic transmission එක, manual transmission තරම් ලාභ නම් නැහැ.

Dual-Clutch Transmission

Dual-clutch transmission කියන්නේ, gear මාරු කරන්න, clutch දෙකක් භාවිතා කරන automatic transmission type එකක්. DCT transmission එකක gear sets දෙකක් ඔත්තේ සහ ඉරට්ටේ කාණ්ඩ වල තියෙනවා. උදාහරණයක් විදිහට, 1-3-5 සහ 2-4-6 ගන්න පුළුවන්. එතනදි එක clutch එකක් ඔත්තේ කාණ්ඩයට සම්බන්ධ වෙන අතර, අනිත් clutch එක ඉරට්ටේ කාණ්ඩයට සම්බන්ධ වෙනවා. මේ arrangement එක, ඉක්මනින් සහ smooth විදිහට gears සම්බන්ධ කරනවා. මොකද dual clutches වල දැනටමත් gear එකක් යෙදිලා තියෙන අතර, previous gear එක එහි gear range එකට ළං වුණාට පස්සේ deploy කරන්න ready වෙනවා. ඒ හේතුව නිසාම DCT transmission එක, fuel-efficient වෙනවා. ඒ කොහොම වුණත් අපි කතා කරපු අනිත් transmissions වලට වඩා මිල ගොඩක් වැඩියි. මේකෙ cost එක වැඩි වෙන්න හේතුව තමයි, highly complex build එක සහ ක්‍රියාකාරීත්වය. ඒ නිසා තමයි මේ transmission එක high-end cars වල භාවිතා කරන්න ප්‍රධානම හේතුව.

Tiptronic Transmission

Tiptronic transmission එක "Sportmatic" ලෙසත් "Steptronic" ලෙසත් හැඳින්වෙනවා. Manual gear-shifting mode එකක් තියෙන automatic transmission වර්ගයක් තමයි, tiptronic transmission කියන්නේ. මේකෙන් අදහස් කරන්නේ, driver ට අවශ්‍ය වුණු වෙලාවක manually gear මාරු කරන්න තෝරාගන්න පුළුවන් කියන එක. Tiptronic transmission සහිත මෝටර් රථ වල steering wheel එක පිටුපස gear lever එකක් හෝ original gear stick plate එකට දකුණු පසින් second gear panel එක එහෙමත් නැත්නම් paddle shifters දකින්න ලැබෙනවා. Gear මාරු කිරීම සඳහා clutch වෙනුවට torque converter එකක් භාවිතා කරන නිසා තමයි, tiptronic transmission එක, semi-automatic transmission එකට වඩා වෙනස් වෙන්නේ.

මේ Tiptronic option එක විවිධ මෝටර් රථ වල වෙනස් විදිහට තමයි දකින්න ලැබෙන්නේ. ඒ කොහොම වුණත් standard form එක tiptronic lever එකේ column එකේ කෙළවර දෙකක "+" සහ "-" symbols තියෙනවා. "+" කියන්නේ, upshift සහ "-" කියන්නේ, downshift කියන එක. Upshift එකක් සඳහා lever එක ඉදිරියට push කරන්න ඕනේ. Downshift එකක් සඳහා lever එක පසු පසට pull කරන්න ඕනේ. මේක paddle shifters මඟිනුත් කරන්න පුළුවන්. Tiptronic mode එකේදී gears order එකට අනුව තමයි, gear මාරු කිරීම් සිදු කරන්න ඕනේ. ඒකෙන් අදහස් වෙන්නේ, driver ට ඒ order එකෙන් පිට කිසිම gear එකක් මාරු කරන්න බැහැයි කියන එක. Tiptronic transmission එක සහිත ගොඩක් මෝටර් රථ, engine එක ආරක්ෂා කරන්න automatically gear මාරු කරනවා.

අද අපි car transmissions වර්ග කිහිපයක් ගැනම කතා කළා. එතනදි ඔබට ගොඩක්ම හුරු පුරුදු manual transmission සහ automatic transmission එක වුණාට, automatic transmission යටතේ තියෙන transmissions වර්ග ගැනත් මේ Article එකෙන් ඔබට දැන ගන්න ලැබුණා. වාහන ගැන කතා කරනකොට ඔබ මේ part එක දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අමතක නොකර ඔබ දන්න කියන අය එක්කත් මේක share කර ගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • අමතර කොටස් සහ උපාංග

    2026 වාහන අමතර කොටස් සඳහා වන නව තත්ත්ව සහතික (SLSI Standard) සහ ව්‍යාජ කොටස් වැටලීමේ නීති

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    එයාර් කූල් (Air-cooled) සහ ලික්විඩ් කූල් (Liquid-cooled) බයික් නඩත්තු කිරීමේ වෙනස.

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    බයික් එකක Spark Plug එකේ පාට අනුව එන්ජිමේ තත්ත්වය (Health) නිවැරදිව හඳුනාගන්නේ කොහොමද

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Ceramic Coating සහ Graphene Coating අතර වෙනස

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Duplicate Parts සහ Genuine Parts වල වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    EGR මගින් සිදුවන සේවය

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    මොනවද මේ BENZ ලගෙ Camtronic.

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    AIRMATIC suspension කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    මොනවද මේ Radial Tires?

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Run Flat Tire ගැන ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

  • Hyundai Accent 2025

    Sedan

    රු 18M - 21M

  • Peugeot 2008 GT 2025

    Compact SUV

    රු 31M - 36.5M

නවතම බයික් සමාලෝචන

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!