මොනවද මේ BENZ ලගෙ Camtronic.

time
මිනිත්තු 4 කියවීම
feature image

මොනවද මේ BENZ ලගෙ Camtronic

ඔබ Benz රථයක හිමිකරුවෙක් හෝ වාහන තාක්ෂණයට ආසා කරන කෙනෙක් නම්, CAMTRONIC තාක්ෂණය ගැන අහලා ඇති. මේක සරලවම කිව්වොත්, ඉන්ධන කාර්යක්ෂමතාවය (Fuel Efficiency) වැඩි කරන්න Mercedes-Benz විසින් හඳුන්වා දුන් පුදුමාකාර විසඳුමක්.

Camtronic කියන්නේ මොකක්ද?

Mercedes-Benz CAMTRONIC diagram

CAMTRONIC කියන්නේ Variable Valve Lift (වෑල්ව එසවීම විචලනය කිරීමේ) පද්ධතියක්. ටිකක් සංකීර්ණ වචනයක් වුණත්, මෙහි මූලික අරමුණ ඉතා සරලයි. එන්ජිමට ඇතුළු වන වාතය ප්‍රමාණය අවශ්‍යතාවය අනුව වෙනස් කිරීම තමයි මේකෙ කාර්යය වෙන්නෙ.
සාමාන්‍ය එන්ජිමක, වෑල්ව විවෘත වන උස (lift) සහ කාලය (duration) ස්ථාවරයි. නමුත් CAMTRONIC පද්ධතියේදී, එන්ජිම අඩු වේගයකින් (Partial Load Range) ධාවනය වන විට (නගරයේ සෙමින් යන විට වගේ), ඉන්ටේක් වෑල්ව (Intake Valves) විවෘත වන උස අඩු කරනවා.

මේ නිසා ඇතිවන ප්‍රධාන වාසිය තමයි:

  • "Pumping Losses" අඩු වීම – සාමාන්‍ය එන්ජිමක throttle plate එක වසා ඇති විට (accelerator pedal එක පාගන්නේ නැතිව), එන්ජිමට වාතය ඇද ගැනීමේදී වැඩි ශක්තියක් වැය වෙනවා. CAMTRONIC එකේදී වෑල්ව එසවීම අඩු කරන නිසා throttle plate එක වැඩිපුර විවෘතව තබාගත හැකි අතර, එමගින් එන්ජිමට අනවශ්‍ය ලෙස වැය වන ශක්තිය (Pumping Losses) අවම වෙනවා.
  • ඉන්ධන පරිභෝජනය අඩු වීම – මෙය 3% සිට 5% දක්වා ඉන්ධන ඉතිරියක් ලබා දෙන බව Mercedes-Benz පවසනවා.
  • CO2 විමෝචනය අඩු වීම – කාර්යක්ෂමතාව වැඩිවීම නිසා පරිසරයට මුදාහරින CO2 ප්‍රමාණයත් අඩු වෙනවා.

මේක වැඩ කරන්නේ කොහොමද?

CAMTRONIC තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ ඉතා සූක්ෂම යාන්ත්‍රික ක්‍රමවේදයකින්. දැන් ඒක ගැන බලමු.

විචලනය කළ හැකි කැම් (Switchable Cams)

Switchable Cam illustration

සාමාන්‍ය කැම්ෂාෆ්ට් එකක (camshaft) එක් සිලින්ඩරයකට ඇත්තේ එක් කැම් එකක් පමණයි. නමුත් CAMTRONIC එකේදී, ඉන්ටේක් කැම්ෂාෆ්ට් එකේදී එක් එක් සිලින්ඩරයකට කැම් තල (cam lobes) දෙකක් භාවිතා කරනවා.
"විශාල" කැම් එක (High-Lift Cam) වැඩි බලයක් අවශ්‍ය විට (accelerator pedal එක තදින් පාගන විට) වෑල්ව වැඩිපුර උසකට විවෘත කරනවා.
ඒ වගේම "කුඩා" කැම් එක (Low-Lift Cam) අඩු බලයක් අවශ්‍ය විට (සෙමින් ධාවනය වන විට) වෑල්ව අඩු උසකට විවෘත කරනවා.

කැම්ෂාෆ්ට් එක සමන්විත වන්නේ භ්‍රමණය වන උප-කැම්ෂාෆ්ට් කැබලි (sub-shafts) කිහිපයකින්. මෙම උප-කැම්ෂාෆ්ට් කැබලි මත කුඩා සහ විශාල කැම් තල පිහිටා තිබෙනවා. ඉලෙක්ට්‍රොනිකව පාලනය වන ඇක්චුවේටරයක් (Electronically controlled actuator) මගින්, එන්ජින් පාලන ඒකකයේ (ECU) විධානයට අනුව, මෙම උප-කැම්ෂාෆ්ට් කැබලි, කැම්ෂාෆ්ට් එකේ අක්ෂය දිගේ යාන්ත්‍රිකව එහා මෙහා කරනවා. මෙම චලනය නිසා, වෑල්ව ක්‍රියාත්මක කරන රෝලර් රොකර් ආම් එක (roller rocker arm) "විශාල" කැම් එකෙන් "කුඩා" කැම් එකට හෝ අනෙක් අතට මාරු වෙනවා.
මේ සම්පූර්ණ ක්‍රියාවලිය සිදුවන්නේ ඉතා වේගයෙන්, තත්පරයකින් කොටසක් වැනි කෙටි කාලයකදී වන අතර රියදුරුට මේ වෙනස දැනෙන්නේ නැහැ.

AMG Camtronic සිලින්ඩර අක්‍රිය කිරීම (Cylinder Deactivation)

AMG Camtronic cylinder deactivation

සාමාන්‍ය සිලින්ඩර 4 එන්ජින් වලදී Camtronic ප්‍රධාන වශයෙන්ම Valve Lift එක වෙනස් කරන්න භාවිතා කළත් (M270, M274 එන්ජින්), Mercedes-AMG V8 එන්ජින් වලදී (M177) එය වෙනස් කාර්යයකට යොදා ගන්නවා.
AMG වලදී, CAMTRONIC පද්ධතිය යනු Cylinder Deactivation (සිලින්ඩර අක්‍රිය කිරීමේ) පද්ධතියේ කොටසක්.
මෙම V8 එන්ජිම සෙමින් ධාවනය වන විට හෝ අඩු බරකින් යුක්ත වන විට, සිලින්ඩර 8 න් 4 ක් සම්පූර්ණයෙන්ම අක්‍රිය කරනවා (උදා: 2, 3, 5, සහ 8 වැනි සිලින්ඩර).
මෙම අක්‍රිය කරන සිලින්ඩර වලදී, CAMTRONIC මගින් වෑල්ව පාලනය කරන්නේ "ශුන්‍ය කැම්" (Zero Cam) ලෙස හඳුන්වන කොටසකින්. මේ නිසා වෑල්ව විවෘත වන්නේ නැහැ. වෙන්නෙ ස්පාර්ක් ප්ලග් සහ ඉන්ධන සැපයුම නතර වෙන එක.
මේ අවස්ථාවේදී එන්ජිම කාර්යක්ෂම සිලින්ඩර 4 එන්ජිමක් ලෙස ක්‍රියාත්මක වෙනවා. අවශ්‍ය වූ විට, ක්ෂණිකව නැවත සිලින්ඩර 8 වෙත මාරු වෙනවා.
මේ නිසා, AMG රථයක ඉහළ කාර්යසාධනය (Performance) මෙන්ම, අවශ්‍ය විටදී හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවක්ද (Efficiency) ලබාගත හැකියි.

Mercedes-Benz CAMTRONIC තාක්ෂණය ගැන සාරාංශය

Mercedes-Benz CAMTRONIC තාක්ෂණය යනු Variable Valve Lift පද්ධතියක් වන අතර, එහි ප්‍රධාන අරමුණ වන්නේ එන්ජිම අඩු වේගයකින් හෝ අර්ධ-බරකින් (partial load) ක්‍රියාත්මක වන විට Pumping Losses අඩු කිරීමෙන් ඉන්ධන කාර්යක්ෂමතාවය සහ CO2 විමෝචනය අඩු කිරීමයි.
මෙය කුඩා එන්ජින් වල භාවිත වෙනවා. වෑල්ව එසවීමේ උස දෙකට (High/Low Lift) මාරු කිරීමෙන් ඉන්ධන ඉතිරි කරනවා. ඒ වගේම AMG V8 එන්ජින් වලත් මෙය යොදා ගැනෙනවා. මෙහිදී ක්‍රියාකාරීත්වය සිලින්ඩර 8 සිට 4 දක්වා මාරු වීමට (Cylinder Deactivation) ආධාර කරනවා.

CAMTRONIC පද්ධතියේ ඇතිවිය හැකි ගැටලු

  • ඉලෙක්ට්‍රොනික ඇක්චුවේටරයේ දෝෂ (Actuator Failure) – මෙහි ඇති විද්‍යුත් චුම්බක හෝ යාන්ත්‍රික කොටස් අක්‍රිය වීම නිසා Check Engine Light, Rough Idling, Poor Acceleration වැනි ලක්ෂණ පෙන්විය හැක.
  • කැම්ෂාෆ්ට් කැබලි මාරු වීමේ දෝෂ (Switching Mechanism Errors) – ඔයිල් පීඩනයේ ගැටලු නිසා කැම් තල මාරු වීමේ ක්‍රියාවලිය ඇලීම් ඇති කරයි. මෙය බලය අඩුවීමක් හෝ ශබ්දයක් (Clicking/Tapping) ලෙස පෙනී යයි.
  • VVT පාලන කපාට වල ගැටලු (VVT Solenoids Issues) – ඔයිල් අපිරිසුදු බව නිසා Solenoids අවහිර වීම හෝ විදුලි දෝෂ ඇතිවිය හැක.
  • VVT ෆේසර ගැටලු – කාලයත් සමඟ ෆේසරය ගෙවී යාම හෝ ඔයිල් පීඩනය රඳවා ගැනීමට අපොහොසත් වීම නිසා Cold Start Rattling Noise ඇතිවිය හැක.

ගැටලු අවම කර ගැනීමට කළ යුතු දේ

  • නිවැරදි එන්ජින් ඔයිල් භාවිතා කිරීම – Mercedes-Benz නිර්දේශිත MB 229.5 හෝ MB 229.51 තත්ත්වයේ ඔයිල් භාවිතා කරන්න.
  • නිතිපතා ඔයිල් මාරු කිරීම – නිෂ්පාදකයා සඳහන් කළ කාලය අනුව ඔයිල් සහ ෆිල්ටරය නිතරම මාරු කරන්න.
  • Original අමතර කොටස් භාවිතා කිරීම – OEM හෝ Original කොටස් පමණක් භාවිතා කිරීමෙන් පද්ධතියේ ආයු කාලය දිගු වේ.
  • ප්‍රවීණ සේවා මධ්‍යස්ථානයකට යොමු වීම – CAMTRONIC පද්ධතිය සංකීර්ණ බැවින් Mercedes-Benz විශේෂඥ සේවාවක් වෙත යොමු වීම වැදගත්.
Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • අමතර කොටස් සහ උපාංග

    මොකටද මේ Dash Cam?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    වාහන වල Fragrance Diffusers පාවිච්චි කරන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Tinted Films ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 6 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    2026 වාහන අමතර කොටස් සඳහා වන නව තත්ත්ව සහතික (SLSI Standard) සහ ව්‍යාජ කොටස් වැටලීමේ නීති

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    එයාර් කූල් (Air-cooled) සහ ලික්විඩ් කූල් (Liquid-cooled) බයික් නඩත්තු කිරීමේ වෙනස.

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    බයික් එකක Spark Plug එකේ පාට අනුව එන්ජිමේ තත්ත්වය (Health) නිවැරදිව හඳුනාගන්නේ කොහොමද

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Ceramic Coating සහ Graphene Coating අතර වෙනස

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Duplicate Parts සහ Genuine Parts වල වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    EGR මගින් සිදුවන සේවය

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    මොනවද මේ BENZ ලගෙ Camtronic.

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!