එන්ජින් එකකට flywheel එකක් තියනෙ ඇයි?

time
මිනිත්තු 4 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ වාහන එන්ජිමක හරිම වැදගත්, ඒ වගේම ගොඩක් දෙනෙක් හරියටම නොදන්න කොටසක් ගැන. ඒක තමයි එන්ජින් එකක "ෆ්ලයිවීල්" (Flywheel) එකක් කියන එක තියෙන්නේ ඇයි, ඒකෙන් මොකක්ද මේ මෝටර් රථ එන්ජිම ඇතුළේ ඇත්තටම වෙන්නේ කියන කාරණාව.

අපි මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට දකින දෙයක් තමයි, ගොඩක් අය එන්ජිමක් කිව්වම පිස්ටන්, වැල්ව්ස්, ස්පාර්ක් ප්ලග් වගේ ප්‍රධාන කොටස් ගැන විතරක් හිතන එක. ඒත් මේ කිසිම කොටසකට හරියට වැඩ කරන්න බැහැ, මේ ෆ්ලයිවීල් එක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්.

මොකක්ද මේ ෆ්ලයිවීල් එකක් කියන්නේ?

මුලින්ම අපි බලමු මොකක්ද මේ ෆ්ලයිවීල් එකක් කියන්නේ කියලා. සරලවම කිව්වොත්, මෙය එන්ජිමේ ක්‍රෑන්ක්ෂාෆ්ට් (Crankshaft) එකේ පසුපස කෙළවරට සවි කරලා තියෙන ලෝහමය, බරැති රෝදයක්. සාමාන්‍යයෙන් වාහනවල ගියර් පෙට්ටිය (Gearbox) හෝ ක්ලච් ප්ලේට් එක (Clutch Plate) පටන් ගන්න තැනට කිට්ටුවෙන් තමයි මේක පිහිටලා තියෙන්නේ. මේකේ බර සහ ප්‍රමාණය වාහනයේ එන්ජිමේ ප්‍රමාණය සහ සිලින්ඩර් ගණන මත වෙනස් වෙන්න පුළුවන්.

එන්ජින් එකකට මේ වගේ බරැති රෝදයක් අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි?

පළවෙනි කාරණාව තමයි බලය රදවා තබා ගැනීම සහ සුමට ක්‍රියාකාරීත්වයක් ලබා දීම. සිලින්ඩර් හතරක එන්ජින් එකක් ගත්තොත්, පිස්ටන් එක ඉහළට සහ පහළට ගමන් කරන වාර හතරකින් (Power stroke එක හැරුණු කොට) එක පවර් ස්ට්‍රෝක් එකක් විතරයි එන්ජිමට ලැබෙන්නේ. අනිත් අවස්ථා තුනේදී පිස්ටන් එක උඩට එන්නෙ කලින් පිස්ටන් එකෙන් ලැබුණු බලයෙන්. එතකොට මේ වාර අතරතුරදී එන්ජිමේ වේගය අඩු වෙන්න, ගැස්සෙන්න බලනවා. මෙන්න මේ වෙලාවට තමයි ෆ්ලයිවීල් එක ක්‍රියාත්මක වෙන්නේ. බලය ලැබෙන අවස්ථාවේදී භ්‍රමණ ශක්තිය (Rotational Energy) තමන් තුළ ගබඩා කරගන්න මේ බරැති ෆ්ලයිවීල් එක, බලය නැති අවස්ථාවලදී ඒ ගබඩා කරගත් ශක්තිය ආපහු එන්ජිමට දෙනවා. ඒ හරහා එන්ජිම එක දිගට, කිසිම ගැස්සීමක් නැතුව එකම වේගයකින් කරකැවෙන්න සලස්වනවා.

දෙවෙනි වැදගත් කාරණාව තමයි එන්ජිමේ අක්‍රමවත් ක්‍රියාකාරීත්වය මඟහරවා ගැනීම. හිතන්නකෝ එන්ජිම අයිඩ්ල් (Idle) අවස්ථාවකදී, එහෙමත් නැත්නම් වාහනය නවත්වලා තියෙන වෙලාවේ සිලින්ඩර් ඇතුළේ දහනය සිද්ධ වෙන්නේ ඉතාම වේගයෙන් සහ අඛණ්ඩව නෙවෙයි. පිස්ටන් එකෙන් පිස්ටන් එකට බලය ලැබෙන එකේ පොඩි වෙනස්කම් තියෙනවා. ෆ්ලයිවීල් එකේ තියෙන අධික බර (Inertia) නිසා එන්ජිම එකපාරටම නවතින්න යන්නේ නැහැ. මේ ෆ්ලයිවීල් එකෙන් ඒක ක්‍රමවත්ව පවත්වාගෙන යනව.

තුන්වෙනි කාරණාව තමයි ක්ලච් පද්ධතියට සම්බන්ධ වීම. අත්තිවාරම වගේ තමයි මැනුවල් ගියර් වාහනයක ක්ලච් ප්ලේට් එක රැඳී තියෙන්නේ මේ ෆ්ලයිවීල් එක උඩ. එන්ජිමේ ජවය ගියර් පෙට්ටියට සහ රෝදවලට සම්පූර්ණයෙන්ම සම්ප්‍රේෂණය කරන්නේ මේ ෆ්ලයිවීල් එක හරහා තමයි. ක්ලච් පැඩල් එක පාගනකොට, ක්ලච් ප්ලේට් එක මේ ෆ්ලයිවීල් එකෙන් ඈත් වෙනවා. ඒ හරහා එන්ජිම ක්‍රියාත්මක වෙද්දිම වාහනය නවත්වන්න හෝ ගියර් මාරු කරන්න අපිට පුළුවන් වෙනවා.

හතරවෙනි කාරණාව තමයි එන්ජිම ස්ටාර්ට් කරන්න උදව් වීම. අපේ වාහනයේ යතුර මගින් ස්ටාර්ට් කරද්දි, නැත්නම් ස්ටාර්ට් බටන් එක ඔබනකොට, ස්ටාර්ටර් මෝටර් එකේ තියෙන පොඩි ගියර් එක (Pinion gear) කැරකෙන්නේ මේ ෆ්ලයිවීල් එකේ වටේට තියෙන Ring gears එක්ක සම්බන්ධ වෙලා. ස්ටාර්ටර් මෝටර් එකෙන් ෆ්ලයිවීල් එක කරකවනවා, ඒ හරහා ක්‍රෑන්ක්ෂාෆ්ට් එක කරකැවිලා එන්ජිම පණ ගැන්වෙනවා. මේ දත් වලට ලොකු බරක් දරන්න වෙන නිසා ඒවා හරිම ශක්තිමත්ව තමයි හදලා තියෙන්නේ.

පස්වෙනි කාරණාව තමයි එන්ජිමේ වේගය (RPM) සහ ක්‍රෑන්ක්ෂාෆ්ට් එකේ පිහිටීම මැනීම. නවීන වාහනවල ෆ්ලයිවීල් එක උඩ Crankshaft Position Sensor එක සංඥා ලබා දෙන විශේෂ හැඩතල හෝ සිදුරු තියෙනවා. මේකෙන් ECU එකට හරියටම දැනගන්න පුළුවන් එන්ජිම කොච්චර වේගයෙන් කැරකෙනවද, පිස්ටන් එක තියෙන්නේ කොතනද කියලා. ඒකෙන් ඉන්ධන ඉන්ජෙක්ෂන් සහ ස්පාර්ක් කරන වේලාවන් පාලනය කරගන්න ලොකු උදව්වක් වෙනවා.

නඩත්තුවේ වැදගත්කම

දැන් තේරෙනවා නේද මේ පෙනුමට සාමාන්‍ය ලෝහ තැටියක් වගේ පෙනුනට, වාහනයක ක්‍රියාකාරීත්වයට මේක කොච්චර බරපතල මෙහෙයුමක් කරනවද කියලා. සමහර අය හිතනවා ෆ්ලයිවීල් එකට හානියක් වුණාම ඒක ලොකු දෙයක් නෙවෙයි කියලා මගහරිනව. ෆ්ලයිවීල් එකේ දත් ගෙවුනොත්, එහෙමත් නැත්නම් Dual-mass flywheel එකක අභ්‍යන්තර ස්ප්‍රින්ග් කැඩුනොත්, වාහනය පදවනකොට පුදුම විදිහට කම්පනය වෙන්න, සද්ද එන්න, සහ ක්ලච් එක ලිස්සන්න පටන් ගන්නවා. ඒ නිසා වාහනයක් සර්විස් කරනකොට, ක්ලච් රෙපයාර් එකකට යනකොට මේ කොටසත් නිසි පරිදි පරීක්ෂා කරගන්න එක අත්‍යවශ්‍යයි.

Motor Guide අපේ උපදෙස

Motor Guide අපේ උපදෙස තමයි, වාහනයක එන්ජින් එකක කිසිම කොටසක් නිකම්ම නිකන් හදලා නැහැ. හැම කොටසකටම තමන්ටම ආවේනික වූ වටිනා කාර්යභාරයක් තියෙනවා. ඒ නිසා වාහනයේ අසාමාන්‍ය කම්පනයක්, ගියර් මාරු කිරීමේ අපහසුතාවක් හෝ ස්ටාර්ට් වීමේ ප්‍රමාදයක් තියෙනව නම්, ඒක නොසලකා හරින්න එපා. වහාම සුදුසුකම් ලත් කාර්මිකයෙකු හමුවී පිළියම් යොදාගන්න. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Horse Power (HP) සහ Brake Horse Power (BHP) අතර ඇති වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    එන්ජින් එකකට flywheel එකක් තියනෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Puddle Lamps තියෙන්න මොකටද?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Electronic Parking Brake (EPB)?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකටද මේ Soft-Close Doors?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොනවද මේ Power and Retractable Mirrors කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොනවද මේ Panoramic Sunroof with Magic Sky Control කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Rear-Wheel Steering ගැන ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Parking assist කෙතරම් දුරට වැදගත් ද?

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!