නඩත්තු අනවශ්‍ය සීල් battery වල වාසි අවාසි

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔයාගේ වාහනයේ තියෙන්නේ සාමාන්‍ය battery එකක්ද? නැත්නම් සීල් battery එකක්ද? වාහනයේ තියෙන්නේ සීල් battery එකක් නම් ඒකෙන් අපිට ලැබෙන වාසි සහ අවාසි ගැන අපි අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඔයා භාවිතා කරන්නේ සාමාන්‍ය battery එකක් වුණත් මේ සීල් battery වල තියෙන වාසි අවාසි දැනගෙන ඉන්න එක වැදගත්. මොකද එතකොට ඔයාට පුළුවන් ඔයාගේ වාහනයට ගැළපෙන battery එකකට මාරු වෙන්න. මේ නිසා MotorGuide අපි අද ඔයාට කියන්නේ නඩත්තු අනවශ්‍ය සීල් battery වල වාසි අවාසි කිහිපයක් ගැනයි.

නඩත්තු අනවශ්‍ය battery කියන්නේ?

නඩත්තු අනවශ්‍ය battery එකක් කියන්නේ ඊයම් සහ අම්ල battery එකක් වන අතර එය නිෂ්පාදනය කරන රටින්ම සීල් කරනවා. මේ විදිහට නිෂ්පාදනය කරන රටින්ම සීල් කරලා එවන නිසා තමයි මේ battery වලට සීල් battery කියන්නේ. ඒ වගේම තමයි battery එකේ ක්‍රියාකාරී කාලය තුළ ජලය හෝ විද්‍යුත් විච්ඡේදක අවශ්‍ය වෙන්නේ නැහැ. මේ battery ඊයම්-අම්ල battery ලෙසත් හඳුන්වනවා. ජලය පිරවීමට අවශ්‍ය සාමාන්‍ය battery වැලට වඩා මේ සීල් battery භාවිතය වාසිදායකයි.

සීල් battery එකක වාසි

අපි දැන් බලමු සීල් battery එකක් භාවිතා කිරීම මඟින් අපිට ලැබෙන වැසි මොනවාද කියලා.

ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙනවා

සාමාන්‍ය battery එකක ධාරිතාවය උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. එතකොට අපි battery එකේ ධාරිතාව හරි ගාණට තියා ගන්න කටයුතු කරන්න ඕනේ. සාමාන්‍ය battery එකක් එහෙම වුණත් සීල් battery එක ටිකක් වෙනස්. වාහනයේ තියෙන්නේ සීල් battery එකක් නම් සීත දේශගුණයක හිටියත් ඉතා උණුසුම් දේශගුණයක හිටියත් ඒවා වල ධාරිතාවේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. මේ විදිහට ඔනෑම උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාව සීල් battery වලින් අපිට තියෙන ලොකු වාසියක්.

කාන්දු වෙන්නේ නැහැ

සාමාන්‍ය battery එකක් භාවිතා කරනකොට ඒවා තුල තියෙන battery වතුර පිටතට කාන්දු වෙන්න ඉඩ තියෙනවා. නමුත් සීල් battery වලින් අපිට ලැබෙන තවත් ලොකු වාසියක් තමයි මේ battery වල තියෙන battery ජලය නිරාවරණය නොවීම කියන්නේ. ඒ මොකද මේ battery සීල් කරලා තියෙන නිසා. ඒ නිසා මේ battery පරිහරණයේදී අත් වල ගෑවෙයි කියලා අපිට බය වෙන්න දෙයක් නැහැ.

ප්‍රතිචක්‍රීකරණය කළ හැකියි

සීල් battery පරිසර හිතකාමී වෙනවා. නඩත්තු රහිත සීල් battery ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය වලින් තමයි නිපදවලා තියෙන්නේ. ඒ වගේම මේ battery සීල් කරලා තියෙන නිසා ඒවා තුළ තියෙන රසායනික ද්‍රව්‍ය පිටතට කාන්දු වීමක් සිදු වෙන්නේ නැහැ.

ඉක්මනට charge වෙනවා

සාමාන්‍ය battery charge වෙන්න ගොඩක් වෙලා යනවා. හැබැයි සීල් battery එහෙම නෙවෙයි. ඒවා ඉක්මනට charge වෙනවා. මේ සීල් battery සාමාන්‍ය battery වලට වඩා 30% ක වේගයකින් charge වෙනවා. ඒ වගේම තමයි මේ සීල් battery වල charge එකා ඉක්මනට අඩු වෙන්නෙත් නැහැ. සාමාන්‍ය battery එකක් තියෙන වාහනයක් ටික කාලයක් භාවිතා කරන්නේ නැතුව තිබුණොත් charge එක බහිනවා. හැබැයි සීල් battery තියෙන වාහන භාවිතා කරන්නේ නැතුව මාසයක කාලයක් එකම තැන තිබුණත් ඒකේ charge එක බහින්නේ අඩුවෙන්.

සීල් battery වල අවාසි

සීල් battery වලින් අපිට වාසි තියෙනවා වගේම අවාසි කිහිපයකුත් තියෙනවා. අපි දැන් බලමු ඒ අවාසි මොනවාද කියලා.

අධික මිල

සීල් battery සාමාන්‍ය battery වලට වඩා මිලෙන් ගොඩක් වැඩියි. මිලෙන් වැඩි වෙන්න ප්‍රධාන වශයෙන් battery නිෂ්පාදනය කිරීමට භාවිතා කරන උසස් ද්‍රව්‍ය ලොකු හේතුවක් වෙනවා. ඒ වගේම මේ battery වල මිල වැඩි වෙන්න අපිට මේ battery එකෙන් ලැබෙන වාසිද හේතුවක්.

අලුත්වැඩියා කිරීමට නොහැකියි

මේ නඩත්තු අනවශ්‍ය සීල් battery සීල් කරලා තියෙන නිසා අලුත්වැඩියා කිරීමට හෝ නැවත සකස් කිරීමට නොහැකියි. ඒ වගේමා ඒවා සාමාන්‍ය battery වලට වඩා අඩු නම්‍යශීලී සහ අනුවර්තනය වීමට ඉඩ සලසනව.

මේ තමයි සීල් battery වල තියෙන වාසි සහ අවාසි. මේ වාසි සහ අවාසි ගැන දැනගෙන හොඳ අවබෝධයක් ලබා ගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ වාහනයට හොඳටම ගැලපෙන battery එක තෝරා ගන්න. ඔයාගේ වාහනයට battery එකක් ගන්නකොට කවුරු හරි කියන පලියට battery එක ගන්නේ නැතුව මේ දේවල් ගැන හිතලා battery එකක් ගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine mounts worn වුණාම වාහනයේ vibration වැඩි වෙන හැටි.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Starter motor problem තියෙනවාද කියලා හඳුනාගන්න ලක්ෂණ.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    2026 අලුතෙන් ආපු මොකද්ද මේ කොළපාට අංක තහඩු කතාව.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Tyre Retreading කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Ceramic Coating ඇත්තටම වටිනවද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil flush කරන්න ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia EV5 Long Range 2026

    SUV

    රු 34.5M - 42M

  • Mazda CX-60 2.5 AWD 2025

    SUV

    රු 38M - 44.5M

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!