නඩත්තු අනවශ්‍ය සීල් battery වල වාසි අවාසි

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔයාගේ වාහනයේ තියෙන්නේ සාමාන්‍ය battery එකක්ද? නැත්නම් සීල් battery එකක්ද? වාහනයේ තියෙන්නේ සීල් battery එකක් නම් ඒකෙන් අපිට ලැබෙන වාසි සහ අවාසි ගැන අපි අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඔයා භාවිතා කරන්නේ සාමාන්‍ය battery එකක් වුණත් මේ සීල් battery වල තියෙන වාසි අවාසි දැනගෙන ඉන්න එක වැදගත්. මොකද එතකොට ඔයාට පුළුවන් ඔයාගේ වාහනයට ගැළපෙන battery එකකට මාරු වෙන්න. මේ නිසා MotorGuide අපි අද ඔයාට කියන්නේ නඩත්තු අනවශ්‍ය සීල් battery වල වාසි අවාසි කිහිපයක් ගැනයි.

නඩත්තු අනවශ්‍ය battery කියන්නේ?

නඩත්තු අනවශ්‍ය battery එකක් කියන්නේ ඊයම් සහ අම්ල battery එකක් වන අතර එය නිෂ්පාදනය කරන රටින්ම සීල් කරනවා. මේ විදිහට නිෂ්පාදනය කරන රටින්ම සීල් කරලා එවන නිසා තමයි මේ battery වලට සීල් battery කියන්නේ. ඒ වගේම තමයි battery එකේ ක්‍රියාකාරී කාලය තුළ ජලය හෝ විද්‍යුත් විච්ඡේදක අවශ්‍ය වෙන්නේ නැහැ. මේ battery ඊයම්-අම්ල battery ලෙසත් හඳුන්වනවා. ජලය පිරවීමට අවශ්‍ය සාමාන්‍ය battery වැලට වඩා මේ සීල් battery භාවිතය වාසිදායකයි.

සීල් battery එකක වාසි

අපි දැන් බලමු සීල් battery එකක් භාවිතා කිරීම මඟින් අපිට ලැබෙන වැසි මොනවාද කියලා.

ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙනවා

සාමාන්‍ය battery එකක ධාරිතාවය උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. එතකොට අපි battery එකේ ධාරිතාව හරි ගාණට තියා ගන්න කටයුතු කරන්න ඕනේ. සාමාන්‍ය battery එකක් එහෙම වුණත් සීල් battery එක ටිකක් වෙනස්. වාහනයේ තියෙන්නේ සීල් battery එකක් නම් සීත දේශගුණයක හිටියත් ඉතා උණුසුම් දේශගුණයක හිටියත් ඒවා වල ධාරිතාවේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. මේ විදිහට ඔනෑම උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාව සීල් battery වලින් අපිට තියෙන ලොකු වාසියක්.

කාන්දු වෙන්නේ නැහැ

සාමාන්‍ය battery එකක් භාවිතා කරනකොට ඒවා තුල තියෙන battery වතුර පිටතට කාන්දු වෙන්න ඉඩ තියෙනවා. නමුත් සීල් battery වලින් අපිට ලැබෙන තවත් ලොකු වාසියක් තමයි මේ battery වල තියෙන battery ජලය නිරාවරණය නොවීම කියන්නේ. ඒ මොකද මේ battery සීල් කරලා තියෙන නිසා. ඒ නිසා මේ battery පරිහරණයේදී අත් වල ගෑවෙයි කියලා අපිට බය වෙන්න දෙයක් නැහැ.

ප්‍රතිචක්‍රීකරණය කළ හැකියි

සීල් battery පරිසර හිතකාමී වෙනවා. නඩත්තු රහිත සීල් battery ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය වලින් තමයි නිපදවලා තියෙන්නේ. ඒ වගේම මේ battery සීල් කරලා තියෙන නිසා ඒවා තුළ තියෙන රසායනික ද්‍රව්‍ය පිටතට කාන්දු වීමක් සිදු වෙන්නේ නැහැ.

ඉක්මනට charge වෙනවා

සාමාන්‍ය battery charge වෙන්න ගොඩක් වෙලා යනවා. හැබැයි සීල් battery එහෙම නෙවෙයි. ඒවා ඉක්මනට charge වෙනවා. මේ සීල් battery සාමාන්‍ය battery වලට වඩා 30% ක වේගයකින් charge වෙනවා. ඒ වගේම තමයි මේ සීල් battery වල charge එකා ඉක්මනට අඩු වෙන්නෙත් නැහැ. සාමාන්‍ය battery එකක් තියෙන වාහනයක් ටික කාලයක් භාවිතා කරන්නේ නැතුව තිබුණොත් charge එක බහිනවා. හැබැයි සීල් battery තියෙන වාහන භාවිතා කරන්නේ නැතුව මාසයක කාලයක් එකම තැන තිබුණත් ඒකේ charge එක බහින්නේ අඩුවෙන්.

සීල් battery වල අවාසි

සීල් battery වලින් අපිට වාසි තියෙනවා වගේම අවාසි කිහිපයකුත් තියෙනවා. අපි දැන් බලමු ඒ අවාසි මොනවාද කියලා.

අධික මිල

සීල් battery සාමාන්‍ය battery වලට වඩා මිලෙන් ගොඩක් වැඩියි. මිලෙන් වැඩි වෙන්න ප්‍රධාන වශයෙන් battery නිෂ්පාදනය කිරීමට භාවිතා කරන උසස් ද්‍රව්‍ය ලොකු හේතුවක් වෙනවා. ඒ වගේම මේ battery වල මිල වැඩි වෙන්න අපිට මේ battery එකෙන් ලැබෙන වාසිද හේතුවක්.

අලුත්වැඩියා කිරීමට නොහැකියි

මේ නඩත්තු අනවශ්‍ය සීල් battery සීල් කරලා තියෙන නිසා අලුත්වැඩියා කිරීමට හෝ නැවත සකස් කිරීමට නොහැකියි. ඒ වගේමා ඒවා සාමාන්‍ය battery වලට වඩා අඩු නම්‍යශීලී සහ අනුවර්තනය වීමට ඉඩ සලසනව.

මේ තමයි සීල් battery වල තියෙන වාසි සහ අවාසි. මේ වාසි සහ අවාසි ගැන දැනගෙන හොඳ අවබෝධයක් ලබා ගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ වාහනයට හොඳටම ගැලපෙන battery එක තෝරා ගන්න. ඔයාගේ වාහනයට battery එකක් ගන්නකොට කවුරු හරි කියන පලියට battery එක ගන්නේ නැතුව මේ දේවල් ගැන හිතලා battery එකක් ගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!