Steering wheel vibration එකක් ආවොත් ignore කරන්න පුළුවන්ද?

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් පදවනකොට steering wheel එක හෙවත් සුක්කානම ගැහෙන එක එහෙම නැත්නම් vibrate වෙන එක ගොඩක් අය හිතන තරම් සරල දෙයක් නෙවෙයි. සමහරු හිතනවා මේක පාරේ තියෙන රළු ගතිය නිසා වෙන දෙයක් කියලා, එහෙමත් නැත්නම් "ඕක පොඩි ගැහිල්ලක්නේ පස්සේ බලමු" කියලා මේක නොසලකා හරිනවා. හැබැයි මේ වගේ vibration එකක් කියන්නේ ඔබේ වාහනය ඔබට දෙන "අනතුරු ඇඟවීමක්" කියන එකයි. ඒ නිසා මේක කවදාවත් ignore කරන්න නැත්නම් නොසලකාහරින්න එපා. මොකද මේ පොඩි vibration පස්සේ කාලෙක ලොකු අනතුරකට වගේම ලොකු මුදලක් වැය වෙන රෙපයාර් එකකට පාර කපන්න පුළුවන්.

වේගයෙන් යනකොට සුක්කානම ගැහීම

මුලින්ම බලන්න ඕනේ මේ ගැහිල්ල එන්නේ මොන වගේ වෙලාවටද කියලා. වාහනය වේගයෙන් යනකොට විතරක් steering wheel එක ගැහෙනවා නම්, ඒකෙන් අදහස් වෙන්නේ බොහෝ දුරට රෝදවල බැලන්ස් එක (Wheel Balancing) අවුල් වෙලා කියන එකයි. රෝදයක බර හැමතැනටම එක සමානව බෙදිලා නැති වුණාම, රෝදය වේගයෙන් කැරකෙනකොට ඒක අසමතුලිත වෙලා steering wheel එක හරහා අපිට ගැස්සිල්ලක් විදිහට දැනෙනවා. මේක හදාගන්නේ නැතුව දිගටම පැදවුවොත් වෙන්නේ ටයර් එකේ එක පැත්තක් ඉක්මනට ගෙවෙන එක සහ වාහනයේ suspension system එකට (ෂොක් ඇබ්සෝබර් වගේ කොටස්වලට) ලොකු පීඩනයක් ඇති වෙන එකයි.

බ්‍රේක් කරන වෙලාවට ගැහීම

ඊළඟ වැදගත් කාරණය තමයි බ්‍රේක් කරන වෙලාවට steering wheel එක ගැහෙන එක. ඔබ වේගයෙන් ඇවිත් බ්‍රේක් එක පාගනකොට සුක්කානම දෙදරනවා නම්, ඒකේ තේරුම වාහනයේ ඉදිරිපස තිරිංග තැටි (Brake Discs/Rotors) ඇද වෙලා කියන එකයි. කාලයක් පාවිච්චි කරද්දී අධික රත් වීම නිසා හෝ බාල වර්ගයේ බ්‍රේක් පෑඩ් පාවිච්චිය නිසා මේ තැටිවල මතුපිට අසමාන වෙන්න පුළුවන්.

මේක නොසලකා හැරියොත් හදිසි අවස්ථාවකදී බ්‍රේක් හරියට වදින්නේ නැති වෙන්න පුළුවන් වගේම, බ්‍රේක් පද්ධතියේ අනෙක් කොටස් ඉක්මනට කැඩෙන්නත් මේක හේතුවක් වෙනවා. ඒ නිසා බ්‍රේක් කරද්දී ගැහෙනවා නම් වහාම ඒ ගැන පරීක්ෂා කරලා බ්‍රේක් ඩිස්ක් "ෆේස්" (Face) කරන්න හෝ අලුතින් දාන්න පියවර ගන්න ඕනේ.

සස්පෙන්ෂන් සහ ස්ටියරින් පද්ධතියේ දෝෂ

තවත් පැත්තකින් බැලුවොත්, steering system එකේ හෝ suspension system එකේ තියෙන බුෂ් (Bushes), බෝල් ජොයින්ට් (Ball Joints) හෝ ටයි රොඩ් එන්ඩ් (Tie Rod Ends) බුරුල් වුණාමත් මේ වගේ vibration එකක් එන්න පුළුවන්. මේ කොටස් තමයි රෝදය සහ steering system එක සම්බන්ධ කරන්නේ.

මේවා ගෙවිලා හෝ බුරුල් වෙලා තියෙද්දී වාහනය පදවන එක හරිම අනතුරුදායකයි. මොකද ඕනෑම වෙලාවක මේ ජොයින්ට් එකක් ගැලවිලා ගියොත් වාහනයේ පාලනය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න පුළුවන්. විශේෂයෙන්ම වංගුවක් ගද්දී හෝ වේගයෙන් යද්දී මෙහෙම වුණොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

ටයර්වල තත්ත්වය සහ බබල් (Tyre Bubbles)

ටයර්වල තත්ත්වයත් මේකට සෘජුවම බලපානවා. ටයර් එකක "බබල්" එකක් (Tyre Bubble) එහෙමත් නැත්නම් ටයර් එක ඇතුළෙන් නූල් කැඩිලා පිම්බීමක් ඇති වුණොත්, අඩු වේගයකදී පවා steering wheel එක දෙපැත්තට වැනෙන ගතියක් එන්න පුළුවන්. ඒ වගේම ටයර් එකේ හුළං පීඩනය (Tyre Pressure) එක සමාන නැති වුණාමත් වාහනය එක පැත්තකට ඇදීමක් හෝ ගැස්සීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම ටයර්වල මතුපිට පරීක්ෂා කරලා බලන්න ගෙවිලා තියෙන විදිහ සහ පිම්බීම් තියෙනවාද කියලා.

A visible bubble or bulge on the sidewall of a car tire

Engine Mounts ගෙවී යාම

බොහෝ දෙනෙක් නොහිතන තවත් කරුණක් තමයි engine mounts ගෙවී යාම. එන්ජිම වාහනයේ බඳට සවි කරලා තියෙන රබර් මවුන්ට්ස් පළුදු වුණාම, එන්ජිමේ ඇති වෙන කම්පනය කෙලින්ම steering wheel එකට දැනෙන්න ගන්නවා. විශේෂයෙන්ම වාහනය නවත්වලා එන්ජිම පණගන්වලා තියෙන වෙලාවට (Idling) සුක්කානම ගැහෙනවා නම් ඒක මවුන්ට්ස්වල ප්‍රශ්නයක් වෙන්න වැඩි ඉඩක් තියෙනවා.

Motor Guide අපේ උපදෙස: නොසලකා හැරීමේ ප්‍රතිඵල

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ, steering wheel vibration එකක් කියන්නේ "මග ඇරිය යුතු" දෙයක් නෙවෙයි, "විසඳිය යුතු" ප්‍රශ්නයක්. මේක නොසලකා හැරීමෙන්:

  • ඉන්ධන පිරිවැය වැඩි වෙනවා: රෝද අසමතුලිත වීම නිසා එන්ජිමට වැඩි වෙහෙසක් දරන්න වෙනවා.
  • ටයර් ඉක්මනට ගෙවෙනවා: ලක්ෂ ගණන් දීලා ගන්න ටයර් මාස කිහිපයකින් විනාශ වෙන්න පුළුවන්.
  • නඩත්තු වියදම් අධික වෙනවා: පොඩි බුෂ් එකක් හෝ බැලන්ස් එකක් නොකිරීම නිසා මුළු suspension පද්ධතියම අලුත්වැඩියා කරන්න සිදු වෙනවා.
  • ජීවිත අවදානම: වැදගත්ම දේ තමයි පාරේ යන ඔබේත්, වාහනයේ ඉන්න අනෙක් අයගේත් ආරක්ෂාව තහවුරු නොවීම.

ඒ නිසා වාහනය පදවනකොට වෙනදාට වඩා අමුතු ගැස්සිල්ලක් දැනෙනවා නම්, වහාම පළපුරුදු කාර්මික ශිල්පියෙක් ලඟට ගිහින් වාහනය පරීක්ෂා කරගන්න. ඒක ඔබේ කාලයත්, මුදලත්, ජීවිතයත් ආරක්ෂා කරගන්න තියෙන හොඳම විදිහයි.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Aultanator එකෙන් ඇත්තටම මොකද්ද වෙන්නෙ

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Tire punch repair kit එකක් හරියට පාවිච්චි කරන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!