වාහනයක් සෝදන නිවැරදිම ක්‍රමය

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔබට මතකද වාහනය ගත්තු මුල් දවස්? නියමිත කාලෙ ආවම හොඳට wash කරනවා, සීරිමක්වත් වෙන්න් දෙන්නේ නැහැ. හැබැයි වාහනය අරන් අවුරුද්දක් විතර යනකොට, වාහනය wash කරන්න time එකක් හොයා ගන්නෙත් හරිම අමාරුවෙන්. කොහොම හරි වාහනය wash කළා කියමුකෝ. හැබැයි ඒක හරියටම වුණාද නැද්ද කියලා ඔබ දන්නවද? අන්න ඒ හේතුව නිසා, Motorguide අපි අද ඔබට කියන්නේ, වාහනයක් wash කරන නිවැරදිම ක්‍රමය ගැන.

වාහනය wash කරන්නේ කොහොමද?

අපි ඔබෙන් ඇහුවොත්, ඔබ වාහනය wash කරන්නේ කොහොමද කියලා, මොකක්ද ඔබේ උත්තරය? "Hose එක වාහනයට watura අල්ලලා සබන් ගාලා rub කරනවා. ආයෙ hose එක අල්ලලා වතුරෙන් සබන් ටික wash කරලා පිහදානවා" මේක තමයි බොහෝ දෙනාගේ උත්තරය. මේ ක්‍රමය ගොඩක් ලේසියි. හැබැයි මේ වැරදි ක්‍රමයක්. මේ විදිහට එච්චර හිතන්නේ නැතුව වාහනය wash කරන එකෙන්, වාහනයේ exterior look එකට වගේම කල් පැවැත්මටත් ලොකු damage එකක් ඇති වෙනවා. වාහනය නිවැරදිව wash කරන එක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසියාකාරව steps කිහිපයකින් කරන්න ඕන වැඩක්. හැබැයි මේ දේ සාර්ථකව කර ගන්න පුළුවන් නම් වාහනය අද ඊයේ ගත්තා වගේ ලස්සනට තියා ගන්න පුළුවන් වෙනවා.

හැමදාම wash කරන්න ඕනෙද?

වාහනයක් ගත්ත මුල් දවස් වල නම්, වාහනය wash කරන එක පුරුද්දක් වගේනේ. හැබැයි අවුරුද්දක් දෙකක් යනකොට අපිට මේ දේ අමතක වෙලා යනවා. මොකද වාහනය අරගෙන ටිකක් කල්නේ. හැබැයි මේක වාහනයට නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. වාහනයක් නිතරම wash කරන්න හොඳ නැහැ වගේම, ගොඩක් කල් wash කරන්නේ නැතුව ඉන්න එකත් හොඳ නැහැ. ඒ නිසා සතියකට පාරක් වාහනය wash කරන්න. ඒක මඟ හරින්න නම් එපා.

මුලින්ම දූවිලි ඉවත් කරන්න

වාහනයක් wash කරන්න කලින් මුලින්ම කරන්න ඕන දේ තමයි, වාහනයේ තියෙන කුණු දූවිලි ඉවත් කර ගන්න එක, වාහනයේ ඉහළ සිට පහළ කොටස් වලට පැතිරෙන විදිහට වතුර දාලා clean කර ගන්න. හැබැයි මෙතනදි වාහනය rub කරන්න යන්න එපා. මේ විදිහට පිරිසිදු කර ගත්තට පස්සේ, වාහනයේ තියෙන පැල්ලම් හොඳින් නිරීක්ෂණය කර ගන්න අපට පුළුවන් වෙනවා. අවශ්‍ය නම් වාහනය wash කරන්න කලින්, bug & tar remover එකක් භාවිතයෙන් මේ පැල්ලම් ඉවත් කර ගන්න.

හිරු රශ්මිය සහ ආලෝකය ගැන සැළකිලිමත් වෙන්න

දැඩි හිරු රශ්මියක් තියෙන දවල් කාලයක වාහනය wash කරන්න හොඳ නැහැ. එහෙමයි කියලා වාහනය wash කරන්නේ නැතුව ඉන්න එපා. සෙවණක ඉඳන් හරි වාහනය wash කරන්න. හැබැයි අව් රශ්මිය නිසා උදේ වරුවක හරි එළිය අඩු හවස් වරුවක හරි වාහනය wash කරන්න මතක තියාගන්න. මොකද සෙවණක ඉඳන් වාහනය wash කළාට, එතන ආලෝකය මදියි නම් wash කිරීමෙන් වාහනයට ලැබෙන look එක ගැන හරි අවබෝධයක් ගන්න අමාරුයි. ඒ නිසා වාහනය wash කරනකොට හිරු රශ්මිය වගේම ආලෝක තත්වය ගැනත් සැළකිලිමත් වෙන්න. ඒ වගේම තමයි වාහනය රත් වෙලා තියෙන මොහොතක හරි, drive කරපු ගමන් හරි වාහනය wash කරන්න එපා.

නියමිත detergent භාවිතා කරන්න

වාහන wash කරන්නම හදපු shampoo වර්ග තියෙනවා. ඔබ ඒවා තමයි, වාහනය wash කරන්න ගන්න ඕනේ. පිඟන් සෝදන්න භාවිතා කරන dish wash, නැත්නම් ඔබ use කරන body wash, shampoo වගේ දේවල් වාහනයකට match වෙන්නේ නැහැ. Car wash service center වල වාහන වෙනුවෙන්ම හදපු detergent තියෙනවා. එමඟින් වාහනයක් හොඳින් clean කරන්න පුළුවන්. හැබැයි ඒවා සැර chemical වලින් හදලා තියෙන නිසා, ඒවා භාවිතා කරලා නිතර නිතර වාහනය wash කිරීමෙන් වාහනයේ paint එක damage වෙන්න පුළුවන්. ඒ නිසා supermarket වල තියෙන කවුරුත් දන්න සාමාන්‍ය detergent එකකින් ගෙදරදීම වාහනය wash කරන එක තමයි වාහනයට කරන්න පුළුවන් ලොකුම සැළකිල්ල.

වතුර bucket දෙකක් භාවිතා කරන්න

වාහනය wash කරන්න ඕන වෙන්නේ, shampoo එකයි, වතුර bucket දෙකයි. මේ point එක වරද්ද ගත්න නිසා තමයි ගොඩක් වාහන වල සිරීම් වෙලා තියෙන්නේ. මුලින් කරන්න ඕනේ කුඩා bucket දෙකක් ගන්න එක. අපි shampoo එක හදා ගන්න බකට් එකටම නැවත නැවත sponge එක දමමින් වාහනය wash කරනකොට, sponge එකේ රැඳෙන වැලි, කුණු සහ දූවිලි වලින් වාහනය සිරීම් වලට ලක් වෙනවා. ඒ නිසා තමයි bucket දෙකක් ගන්නේ. එක bucket එකකට වාහන සේදුම්කාරකය එය අඩංගු බෝතලයේ සඳහන් උපදෙස් විදිහට නියම මාත්‍රාවට යොදලා, වාහන සේදුම්කාරක මිශ්‍රණය හදා ගන්නවා. අනෙක් bucket එකට පිරිසිදු වතුර පුරවා ගන්න ඕනේ. එක පාරක් detergent එකේ පොඟවලා rub කිරීමෙන් පස්සේ පිරිසිදු වතුර bucket එකට sponge එක දාලා පිරිසිදු කර ගෙන තමයි නැවත වාහනයේ detergent ගාන්න ඕනේ.

වාහනය dry කරන්න

ගොඩක් අය වාහනය wash කරාට පස්සේ එහෙම්මම තියෙනවා. ඒකත් එක්ක වෙන දෙය් තමයි වාහනයේ paint එකේ water marks හිටිනවා. හේදුවට පස්සේ microfiber cloth එකකින් තද කරන්නේ නැතුව body එකේ තියෙන වතුර ඉවත් කරගන්න ඕනේ. cloth මිරිකලා වතුර අයින් කරලා නැවත body එක පිහදාන්න ඕනේ.

Paint protective product එකක් use කරන්න

දැන් වාහනය wash කරලා ඉවරයි, ඒත් paint එක දැන් optimum ඔයාට protection product එකක් භාවිත කරන්න, Wax, Ceramic coating වගෙ දෙයක් දැන් apply කරොත් paint එක UV ඒවගෙම minor scratches වලින් protect වෙනවා වගෙම, ඊළඟ wash එකට interval එකකුත් තියාගන්න පුලුවන්.

මේ තමයි වාහනයක් wash කරන නිවැරදිම ක්‍රමය. ඔබ මෙච්චර කල් වාහනය wash කළේ මේ විදිහට නෙවෙයි නම් අද ඉඳලා අපි කියපු විදිහට වාහනය wash කරන්න. එතකොට ඔබට පුළුවන්, ගත්තු මුල් දවස් වල වගේම පෙනුමට සහ අලුත් විදිහට වාහනය තියාගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!