ඔබත් වාහනයට මේ දේවල් කරනවද?

time
මිනිත්තු 3 කියවීම
feature image

අපි වාහනයක් ගන්නේ අපේ හැම වැඩක්ම පහසු කරගන්න. හැබැයි ඔයා හිතන්නේ නැතුව කරන්න වැරදි නිසා වාහනයට damage වෙන්න පුළුවන් වගේම ඔයාට වෙන්න පුළුවන් අනතුරුත් වැඩියි. ඒ නිසා Motorguide අපි අද කතා කරන්නේ කවදාවත් වාහනයට කරන්න හොඳ නැති දේවල් මොනවද කියලා.

වාහනයට අධික ලෙස බර දාන්න එපා

සාමාන්‍යයෙන් වාහනයක් අධික ලෙස බර දාන්න හදලා තිබ්බට ඔයාට ඕනේ ඕනේ විදිහට වාහනයට බර දාන්න පුළුවන් කියන දේ ඒකෙන් අදහස් කරන්නේ නැහැ. ඉතින් ඔයා ඒ විදිහට වාහනයට අධික ලෙස බර දානවා නම්, බර වැඩි වෙන කොට brake සහ drive train වලට වැඩි වෙහෙසක් දෙන්න වෙනවා. ඒ වගේම වාහනයට අධික විදිහට බර දාන එකෙන් වාහනයේ ඉන්ධන දහනය වෙනවා වැඩියි වගේම වාහනයට damage වෙන්න පුළුවන් ප්‍රමාණයත් වැඩියි.

Gear මාරු කරද්දී සැළකිලිමත් වෙන්න

ඔයා වාහනයේ gear මාරු කරද්දී කෙටි gear මාරු කරගන්න මතක තියාගන්න. ඒකෙන් ඔයාගේ වාහනයේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න වගේම gear box එකේ ගැටළු මඟහරවා ගන්නත් පුළුවන්. ඔයා අඩු gear වල වේගයෙන් වාහනයේ gear මාරු කරනවා නම්, ඒ දේ වාහනයේ engine එකට ලොකු ආතතියක් ඇති කරන්න පුළුවන්. ඒ නිසාම engine එකේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා.

Park කරද්දී සැළකිලිමත් වෙන්න

ඔයා අඹ ගහක් යට වාහනය නවත්වනවා නම් ඒකෙන් ඔයාගේ වාහනයේ වහලෙට වගේම bonnet එකට හානි වෙන්න පුළුවන්. වාහනයේ paint color එක වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මේකට හේතුව වෙන්නේ අඹ කිරි. ඉතින් ඔයා වාහනය park කරද්දී අවට වටපිටාව ගැනත් ගොඩක් සැළකිලිමත් වෙන්න මතක තියාගන්න.

Air freshener කැට තියන්න එපා

Air freshener කැට අව්ව වැටුණම දිය වෙන්න බලනවා. ඉතින් ඔයා අව්ව තැනක වාහනය නතර කරලා යනව නම් ඒ වගේ වෙලාවට air freshener කැටේ අව්වට නිරාවරණය වෙලා ඔයාගේ dashboard එකට ලොකු damage එකක් වෙන්න පුළුවන්. ඉතින් කවදාවත් air freshener කැට dashboard එක උඩ තියන්න එපා.

වාහනය ඉටි රෙදි වලින් වහන්න එපා

වාහනය ඉටි රෙදි වලින් වැහුවමත් වාහනයේ paint එකට හානි වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වැස්සට තෙමිලා අව්වට රත් වුණාම ඉටි රෙද්දේ තීන්ත වාහනයේ තීන්ත එක්ක එකතු වෙලා paint colour එක වෙනස් වෙනවා. ඉතින් එහෙම වුණාම cut කරලවත් polish කරලවත් වාහනයේ ඉස්සර පෙනුම ආයේ ගන්න වෙන්නේ නැහැ. වාහනය අලුතින්ම paint ක‍රන්න වෙනවා.

වාහනය service කරද්දී සැළකිලිමත් වෙන්න

වාහනය service එකට දාද්දී වාහනය පිරිසිදු කරන්න විවිධ chemicals වර්ග දානවා. ඉතින් ඒ වගේ chemicals නිසා ඔයාගේ වාහනය damage වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වාහනයේ dicky shop වලට oil, chemicals වගේ කිසිම දෙයක් දාන්න හොඳ නැහැ. ඒකෙන් dicky shop වල tension අඩු වෙනවා වගේම dicky shop වල තියෙන rubber bush උණු වෙන්න පුළුවන්.

වාහනයේ sanitizer තියන්න එපා

ඔයා වාහනය අව්වේ නතර කරලා යන වේලාවක sanitizer එක අව්වට නිරාවරණය වෙලා ඔයාගේ වාහනය ගිනිගන්න පුළුවන්. ඒ නිසා කවදාවත් අව්වට නිරාවරණය වෙන විදිහට sanitizer වාහනය ඇතුළේ තියන්න එපා.

වාහනය ඇතුළට spray ගහද්දී සැළකිලිමත් වෙන්න

ගොඩක් අය වාහනය ඇතුළේ විවිධ spray වර්ග ගහනවා. ඉතින් මේ spray වල තියෙන chemicals වලින් වාහනයේ උපාංග වලට damage වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වාහනය ඇතුළේ spray ගහනකොට ඒ ගැනත් සැළකිලිමත් වෙන්න මතක තියාගන්න.

ඔයත් නොදැනුවත්ව මේ වැරදි කරනවද? ඉතින් ඔයාට වෙන්න පුළුවන් අනතුරු වගේම වාහනේට වෙන්න පුළුවන් අනතුරුත් වළක්වගන්න නම් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!