ගංවතුරට අහුවුන වාහනයක කළයුතු සහ නොකළයුතු දේ

time
මිනිත්තු 3 කියවීම
feature image

ශ්‍රී ලංකාවට මේ වන විට බලපෑම් කළ දිට්වා (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා වාහන රැසකට හානි වෙලා තියෙනවා. මෙසේ හානි වුණු වාහනයක් නැවත යථා තත්ත්වයට පත් කරගැනීම කියන්නේ හරිම කල්පනාවෙන් සහ පිළිවෙළකට කළ යුතු දෙයක්.

Flooded Vehicle

ගංවතුරෙන් අහුවුණු වාහනයක් නැවත පණ ගන්වන්න අවශ්‍ය වන වැදගත්ම දේවල් සම්පූර්ණ විස්තර සහිතව Motor Guide අපි ඔබට ගෙන එන්න හිතුව. මේ අපි කියන්න යන්නෙ ගංවතුරෙන් හානි වූ වාහනයක් සම්බන්ධයෙන් ඔබ කළයුතු සහ නොකළයුතු දේවල් ගැන. පළමු සහ තීරණාත්මක පියවර වෙන්නෙ එන්ජිම පණ ගැන්වීමෙන් වැළකීමයි. හරි, අපි දැන් මේ ගැන විස්තරාත්මකව කතා කරමු.

ගංවතුරට අහුවුන වාහනයක් පණගැන්වම සුදුසුද?

ගංවතුරෙන් අහුවුණු වාහනයක් ගැන ඇසූ පමණින් “වතුර බැහැලා ඇති, දැන් බලමු පණ ගන්වන්න” කියා සිතීම කිසිසේත් නොකළ යුතු දෙයක්. මේ පිටුපස ඇති විද්‍යාත්මක හා යාන්ත්‍රික හේතු තේරුම් ගැනීම වැදගත්.

Engine Flooding

ජල අගුල (Hydro-lock) ඇතිවීමේ භයානකකම

ගංවතුර හානියට ලක් වූ එන්ජිමක විශාලතම තර්ජනය වන්නේ ජල අගුලයි. මෙහිදී සිදුවන්නේ කුමක්ද කියනවනම් එන්ජිමේ දහන කුටීරවලට (Combustion Chambers) ජලය ඇතුළු වී තිබීමයි. ඔබ වාහනය පණ ගැන්වීමට උත්සාහ කළ විට, පිස්ටනය (Piston) ඉහළට ගමන් කරන්නේ ඉන්ධන සහ වායු මිශ්‍රණය සම්පීඩනය කිරීමටයි. නමුත් ජලය සම්පීඩනය කළ නොහැකියි.

මෙය එන්ජිමට දැඩි හානියක් ඇති කරන අතර, පිස්ටන් රොඩ් (Connecting Rods) වම්වීම හෝ කැඩීම වැනි ගැටළු ඇතිවිය හැකියි. එන්ජිම සම්පූර්ණයෙන්ම මාරු කිරීමට හෝ විශාල මුදලක් වැය කර අලුත්වැඩියා කිරීමට සිදුවේ.

එන්ජිම ක්‍රියාත්මක නොකිරීමෙන් ඔබට මෙම හානිය වළක්වා ගත හැකියි.

විද්‍යුත් පද්ධතිවල කෙටි පරිපථ හා හානි

නවීන වාහන වල වැඩිපුරම තියෙන්නේ විද්‍යුත් පද්ධති. ජලය, විශේෂයෙන්ම අපිරිසිදු ගංවතුර ජලය, විදුලියට සන්නායකයක් (Conductor) ලෙස ක්‍රියා කරනවා. මේ නිසා බැටරිය වහාම විසන්ධි කිරීම අත්‍යවශ්‍යයි.

නැතහොත් විදුලි පරිපථ කෙටි වී, ECU (Engine Control Unit) සහ අනෙකුත් පාලන මොඩියුල (Control Modules) හානි විය හැක. මේ නිසා බැටරියේ ඍණ අග්‍රය (-) විසන්ධි කිරීමෙන් විදුලි බලය කපා හැරීම වැදගත්.

හානි විය හැකි අනෙකුත් කොටස්

  • ආරම්භක මෝටරය (Starter Motor): වතුරට යට වූ ආරම්භක මෝටරය ක්‍රියාත්මක කිරීමෙන් එහි අභ්‍යන්තර කොටස් විනාශ විය හැක.
  • ඉන්ධන පද්ධතිය (Fuel System): ඉන්ධන ටැංකියට ජලය ඇතුළුවී ඇත්නම්, එන්ජිමට ජලය ගමන් කර ජල අගුල තත්ත්වය තවත් දරුණු කරයි.

එසේනම්, ඔබ ක්ෂණිකව ගත යුතු පියවර මොනවාද?

1. බැටරිය විසන්ධි කරන්න

Disconnect Battery

ආරක්ෂිතව පළමුව ඍණ අග්‍රය (-) ඉවත් කරන්න. හැකි නම් බැටරිය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කරන්න.

2. ට්‍රේලරයක් (Tow Truck) / කැරියර් (Carrier) යොදාගන්න

Tow Truck Transport

කිසිසේත් වාහනය පදවාගෙන හෝ තල්ලු කරගෙන යාමට උත්සාහ නොකරන්න. ආරක්ෂිතව එසවිය හැකි ට්‍රේලරයක් හෝ කැරියර් රථයක් මඟින් පමණක් සේවා මධ්‍යස්ථානයකට රැගෙන යන්න.

3. රක්ෂණයට දැනුම් දෙන්න

Insurance Notification

වහාම රක්ෂණ සමාගමට දැනුම් දී ඔවුන්ගේ උපදෙස් ලබාගන්න. හානිය තක්සේරු කිරීමට පෙර කිසිදු කොටසක් වෙනස් නොකරන්න.

එන්ජිම පණ ගැන්වීමට උත්සාහ කිරීම යනු කුඩා හානියක් විශාල ව්‍යසනයක් බවට පත් කර ගැනීමක්. ඔබ එසේ නොකළහොත්, වාහනයේ අලුත්වැඩියා වියදම විශාල ප්‍රමාණයකින් අඩු කර ගැනීමට හැකියාව ලැබේ.

අපි මෙහි දෙවන කොටසින් වාහනයේ අභ්‍යන්තරය සහ බාහිර කොටස් පිරිසිදු කිරීම සහ වියළීම පිළිබඳව කතා කරමු.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!