Service Centre එකක් තෝරා ගැනීමේදී සළකා බැලිය යුතු කරුණු

time
මිනිත්තු 3 කියවීම
feature image

අපි හැමෝම වාහනයක් ගන්නේ ගොඩක් ආසාවෙන්. ඉතින් මේ විදිහට ආසාවෙන් ගත්ත වාහනය අපි පරිස්සම් කරන්න දැනගන්න ඕනේ. ඒ වගේම හරියට නඩත්තු කළේ නැත්නම් අලුතෙන්ම ගත්ත වාහනය වුණත් ඉක්මනින්ම ලෙඩ වෙන්න පුලුවන්. වාහනයක් හරිහැටි නඩත්තු කරනකොට Service කිරීමත් අනිවාර්යයෙන්ම කරන්න. සමහර අවස්ථා වලදී වාහනය ගෙදරදීම service කරන්න පුලුවන් වුණත් අපි අනිවාර්යයෙන්ම යම්කිසි කාලසීමාවකට සැරයක් service center එකකට ගිහින් වාහනය service කිරීම අනිවාර්යය වෙනවා. ඒ නිසා MotorGuide අපි අද කියන්නේ Service center එකක් තෝරා ගැනීමේදී සළකා බැලිය යුතු කරුණු මොනවද කියලා.

Authorization status එක

විශාල මුදලක් යට කරලා ගත්ත වාහනය service කිරීමේදී ඔබ අනිවාර්යයෙන්ම සලකා බලන්න ඕනේ දෙයක් තමයි, ඔබ තෝරාගත් service center එකේ Authorization status එක. හැබැයි අවාසනාවකට ගොඩක් දෙනෙක් මේ කරුණ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ.

Authorized service center එකක් හා independent workshop එකක් තෝරා ගන්නා විට දෙකේම එකිනෙකට වෙනස් වාසි සහ අවාසි තිබුණත් අනිවාර්යයෙන්ම Authorization status එක බලන එක ගොඩක් වැදගත්.

මොකද standard එකක් තියෙන authorized service center එකක් තෝරා ගැනීම, ඔබේ වාහනය නැවත විකිණීමේදී හොඳ වටිනාකමක් ලබා ගැනීමට උපකාරී වෙනවා.

Customer reviews බලන්න

අපි ඕනෙම දෙයක් මිලදී ගන්න ගියාම customer reviews බලන්න අමතක කරන්නේ නැහැ. මොකද යාලුවෙක් එහෙම නැත්නම් වැඩිපුර පිරිසක් recommend කරපු service එකක්, product එකක් ලබා ගන්න තමයි අපි හැම වෙලාවෙම උත්සහ කරන්නේ. හැබැයි අපි මේ පුරුද්ද වාහන service කරන්න, service center එකක් තෝරා ගන්නකොට ඒ තරම් තැකීමක් කරන්නේ නැහැ. ඒක ඇත්තටම අපි අතින් වෙන ලොකු වැරද්දක්. ඒ නිසා අදින් පස්සේ ඔබ service center එකක් තෝරා ගන්නකොට customer reviews ගැනත් අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

තියෙන්නේ කොහෙද?

ඔබේ වාහනය සඳහා service center එකක් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් තමයි service center එක පිහිටා තිබෙන ප්‍රදේශය. Service center එක ඔබගේ නිවසට හෝ සේවා ස්ථානයට සමීප වන තරමට ගොඩක් හොඳයි.

මොකද එතකොට ඔබට වාහනය service කරන අතරතුර පරීක්ෂා කිරීමට පහසු වෙනවා වගේම transport fee එකත් ඉතුරු වෙනවා.

වැඩ කරන දවස් සහ කාලය

ඔබ තෝරාගන්න Service center එකේ වැඩ කරන දින සහ වේලාවන් එහි පිහිටීම තරම්ම වැදගත් වෙනවා. ඒ නිසා ඔබ Service center එකක් තෝරා ගන්නා විට සතියේ දින තුළ එහි වැඩ කරන වේලාවන් පරීක්ෂා කරන්න. ඒ වගේම සති අන්තයේ අවම වශයෙන් එක් දිනක්වත් විවෘතව තිබෙනවාද කියා සොයා බලන්න. මොකද ඔබ ගොඩක් busy කෙනෙක් නම් වාහනය service කිරීමේදී එය වැදගත් වෙන්න පුලුවන්.

Pick-up සහ delivery පහසුකම

ඔබ busy පුද්ගලයෙක් නම්, මෝටර් රථය service center එකට රැගෙන යාමට කාලය වෙන් කරන්න බැරි නම් මේ pick-up සහ delivery පහසුකම ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා ඔබට පුලුවන් service station එකත් එක්ක කතා කරගෙන Pick-up සහ delivery පහසුකම ලබා ගන්න. එතකොට service station එකෙන් පැමිණ වාහනය service කිරීමෙන් පසු ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ගෙනවිත් දීම සිදු කරනවා. හැබැයි මෙසේ කිරීමේදී යම් අමතර මුදලක් වැය වෙනවා වගේම ඔබේ වාහනයේ ආරක්ෂාව පිළිබඳවත් ඔබ සැළකිලිමත් වීම අත්‍යාවශ්‍යයි.

ඉතින් මේ දේවල් තමයි ඔබ Service center එකක් තෝරා ගැනීමේදී සළකා බලන්නම ඕනේ දේවල්. විශ්වාසවන්ත, සුහද කාර්ය මණ්ඩලයක් ඉන්නවා නම් ඔබට කිසිදු බියකින් තොරව වාහනය service කිරීම සඳහා ලබා දෙන්න පුලුවන්. ඉතින් ඒ නිසා අදින් පස්සේ ආවට ගියාට service center එකක් තෝරාගන්නේ නැතුව MotorGuide අපි කිව්ව කරුණු ගැනත් අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine mounts worn වුණාම වාහනයේ vibration වැඩි වෙන හැටි.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Starter motor problem තියෙනවාද කියලා හඳුනාගන්න ලක්ෂණ.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    2026 අලුතෙන් ආපු මොකද්ද මේ කොළපාට අංක තහඩු කතාව.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Tyre Retreading කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Ceramic Coating ඇත්තටම වටිනවද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil flush කරන්න ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia EV5 Long Range 2026

    SUV

    රු 34.5M - 42M

  • Mazda CX-60 2.5 AWD 2025

    SUV

    රු 38M - 44.5M

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!