වාහනේ ගලවන්නේ නැතුව වාහනයේ දුම නවත්වන්නේ මෙහෙමයි

time
මිනිත්තු 4 කියවීම
feature image

මේ දවස්වල හෘදයාබාධ සහිත රෝගීන් ගොඩක් අය ඉන්නවා. ඔයාලා දන්නවද මේ හෘදයාබාධ වලට වාහන වලින් පිටවෙන අහිතකර දුම ලොකු හේතුවක් කියලා. වාහනයේ දුම් වැඩියෙන් පිටවෙන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. අද MotorGuide අපි ඔයාගේ ප්‍රශ්නයට උත්තරේ අරන් ආවා. MotorGuide අපි අද ඔයාට කියන්නේ වාහනේ ගලවන්නේ නැතුව වාහනයේ දුම නවත්වන්නේ කොහොමද කියලා.

වාහනයක දුම් පිටවෙන්නේ ඇයි?

වාහනයක දුම් පිටවෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. හැබැයි ඉතින් වාහනයේ දුම් ගොඩක් පිටවෙනවා නම් ඒක ගැන අවධානය යොමු කරන්න ඕනේ. වාහනයක දුම් පිටවෙන්න බලපාන කරුණු කිහිපයක් තියෙනවා. දැන් බලමු ඒ දේවල් මොනවාද කියලා.

  • දුර්වල නඩත්තුව
  • ඉහළ gear එකක engine එක ක්‍රියාත්මක කිරීම
  • Engine එක සම්පූර්ණයෙන්ම ඉන්ධන දහනය නොකිරීම.
  • දෝෂ සහිත වයර් ආවරණ
  • Engine block එකේ රත් වූ අපද්‍රව්‍ය සහ oil තිබීම
  • තිරිංග අධික ලෙස රත් වීම
  • Injector නඩත්තුව
  • දුර්වල රියදුරු තාක්‍ෂණය

වාහනයක දුම් පිටවීමෙන් ඇති වන ගැටළු මොනවාද?

වාහන වලින් පිටවෙන්නේ ඉන්ධන දහනය වෙලා පිටවෙන දුම්. ඒ නිසා මේ දුම් අපිට අහිතකරයි. වාහන වලින් පිටවෙන දුම් අපි හුස්ම ගන්න කොට නාසයෙන් ඇතුළු වෙලා ආපිට විවිධ රෝග ඇති වෙනවා. සමහර අවස්ථාවල අපිට ඉතා අසාද්‍ය වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ වාහන වල දුම් වැඩි වශයෙන් පිට වීම මඟින් පරිසර දුෂණය වෙන්න තියෙන ඉඩත් ගොඩක් වැඩියි.

වාහන වලින් පිටවන දුම් වර්ග?

කළු දුම

වාහනයෙන් කළු පාට දුමක් පිට වෙන්නේ engine එකේ පෙට්‍රල් හරි ඩීසල් දහනය වීමෙන්. මේක හොඳ දෙයක් නෙවෙයි. මොකද එමඟින් සිදු වෙන්නේ ඉන්ධන නාස්ති වීමක්. කළු දුම ඇතිවෙන්නේ වැරදි ඉන්ධන හා වායු මිශ්‍රණයකින් වන අතර එය අවහිර වූ වායු පෙරහනක, අවහිර වූ injector එකක, අපිරිසිදු carburetor එකක, දෝෂයක ප්‍රතිඵලයක් වෙනවා.

සුදු දුම

සුදු දුම විදිහට පිටවෙන්නේ ජල වාෂ්පයි. වාහනයේ engine එකේ ජලය තිබිය යුතු නැහැ. කොහොම වුණත් ඔයා වාහනය start කරනකොට සුළු දුමක් තිබීම සාමාන්‍ය දෙයක්. එය සාමාන්‍යයෙන් මිනිත්තු කිහිපයකට පසු නැවතෙන නිසා අපිට ඒක එතරම් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි වාහනය ගොඩක් දුර ගමන් කරලා රත් වුණාට පස්සේ වැඩි වශයෙන් ඝන සුදු දුමාරයක් තියෙනවා නම් එය ලොකු ගැටලුවක්. මොකද එයින් අදහස් කරන්නේ සිසිලනකාරකය සිලින්ඩරවලට කාන්දු වී ඇති බවයි. වාහනයෙන් පිට වෙන සුදු දුම නැවැත්වීම අපිට තනියම කරන්න බැහැ. වාහනය කාර්මිකයෙක් ළඟට අරගෙන ගිහින් තමයි ඔයා මේකය පිළියමක් යොදන්න ඕනේ.

නිල් හෝ අළු දුමාරය

මේ නිල් නැත්නම් අළු දුම ඇති වෙන්නේ engine එකේ දැවෙන oil නිසා. මේක ටිකක් අයහපත් වුණත් සාමාන්‍ය දෙයක්. වාහන වල engine එක කාලය යන විට තෙල් දහනය වීමට පටන් ගන්නවා. කොහොම වුණත් තෙල් අඩු වීම engine එක ක්ෂය වීමට හේතුවක් වෙනවා. මෙය වැඩි තෙල් දහනයකට හේතු වෙන නිසා නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් වැඩි කල් යන්නට කලින් ඔයාට වාහනයට engine එකක් ගන්න සිදු වෙන්නත් පුළුවන්. නිල් හෝ අළු දුම නැවැත්වීමට පහසුම ක්‍රමය තමයි oil මාරු කරන සෑම අවස්ථාවකම motor oil වලට motor honey oil බෝතලයක් එකතු කිරීමයි. විශේෂයෙන් මෙය නිර්මාණය කර තියෙන්නේ තෙල් දහනය අඩු කිරීමට සහ දුම් පිටවීම නැවැත්වීමටයි.

අවර්ණ දුම

සමහර අවස්ථාවල වාහනයෙන් පිට වෙන දුම් වල වර්ණය අපිට හරියටම කියන්න බැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ලා අළු සහ අපිරිසිදු සුදු හෝ තද අළු සහ කළු වගේ පාටවල් වල මිශ්‍ර ගතියක් දැක ගන්න පුළුවන්. මේ දුම පිටවීමට තෙල් හෝ සිසිලනකාරකය දහනය වෙන නිසා තෙල් හෝ සිසිලන මට්ටම්වල කැපී පෙනෙන අඩුවීමක් සිදු වෙනවා.

දුම නවත්වන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් වාහනයේ දුම පිටවෙන එක නවත්වන්න engine එක ගලවනවා. අපි දැන් බලමු වාහනයේ engine එක ගලවන්නේ නැතුව වාහනයේ දුම නවත්වන්නේ කොහොමද කියලා. Engine එක ගලවන්නේ නැතුව දුම නවත්වන්න අපි HHO De-carbonizing machine එකක් භාවිතා කරන්න ඕනේ. මේ machine එක මඟින් අපිට පුළුවන් වාහනයෙන් පිටවෙන දුම නවත්වන්න. මේ machine එක මඟින් මිශ්‍ර වුණු Hydrogen සහ Oxygen වාතය engine එක තුලට ලබා දීමක් සිදු කරනවා.

මුලින්ම මේ machine එක engine එකට සවි කරන්න ඕනේ. ඊට පස්සේ අපි වාහනය start කරන්න ඕනේ. පැයකට විතර පස්සේ අපිට පුළුවන් වෙනවා වාහනයේ තියෙන දුම සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න. මේ HHO De-carbonizing machine එක ඩීසල් වාහනයකට භාවිතා කළොත් දුම නැතුව අපිට 15000km ක් පමණ ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පෙට්‍රල් වාහනයකට මේ HHO De-carbonizing machine එක භාවිතා කරලා දුම ඉවත් කළොත් අපිට 20000km ක් පමණ දුම නැතුව ගමන් කරන්න පුළුවන්.

HHO De-carbonizing machine එක භාවිතා කිරීමේ වාසි

  • ඉන්ධන දහනය අඩු වෙනවා
  • ගොඩක් දුම අඩු වෙනවා
  • Engine එකේ pick up එක වැඩි වෙනවා
  • වාහනයේ නඩත්තු කටයුතු අඩු කරගන්න පුළුවන්

ඔයාගේ වාහනයේත් දුම වැඩියෙන් පිටවෙනවද? මේ දුම නවත්වන්න ඔයාගේ වාහනයේ engine එක ගලවන්න ඕනේ නැහැ. මොකද අපි කියපු HHO De-carbonizing machine එක භාවිතා කරලා ඔයාට පුළුවන් engine එක ගලවන්නේ නැතුවම දුම අඩු කරන්න. ඒ නිසා ඔයත් මේ HHO De-carbonizing machine එකෙන් දුම අඩු කරන්න try කරලා බලන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!