ඔබේ මෝටර් රථය රැකබලා ගන්නේ කෙසේද?

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔයාගේ වාහනය smoothly drive කරන්න වගේම ආරක්ෂිතව drive කරන්න නම් හරිම වෙලාවට service කටයුතු කරගන්න ඕනේ. එහෙම කළොත් ඔයාගේ මුදල් ඉතිරි කරගන්නත් පුළුවන්. ඔයාගේ වාහනය අලුත් වුණත් හරිම වෙලාවට service කිරීම අවශ්‍යයි. හරි වෙලාවට වාහනය service කරනවා නම් වාහනය ගත්තා වගේම අලුත් විදිහට තියාගන්න පුළුවන්. ඉතින් අද MotorGuide තුළින් කියන්නේ වාහනය රැකබලා ගන්නේ කොහොමද කියලා.

Clean කරන්න

ඔයාගේ වාහනයේ පෙනුම දීර්ඝ කාලයක් අලුත් වගේ තියාගන්න ඕනේ නම් වාහනය clean කරගන්න එක ගොඩක් වැදගත්. ගොඩක් වාහන වල ගැටලු ඇති වෙන්නේ අපිරිසිදු වීම නිසා. ඔයා අවම වශයෙන් මාසෙකට දෙපාරක්වත් වාහනය හෝදන්න ඕනේ. මේ වාහනයේ පෙනුම ගැනම කියනවා නෙමෙයි. මොකද පාරේ කුණු, දූවිලි නිසාත් වාහනය අපිරිසිදු වෙනවා. ගොඩක් කල් ගිහින් වාහනය හෝදනවට වඩා මාසෙකට දෙපාරක්වත් හෝදන එකෙන් කාලයක් යද්දී වාහනයේ වෙනස ඔයාටම දකින්න පුළුවන් වෙයි. මොකද වාහනයේ ගැටලු ඇතිවීමට විසදුමක් වෙනවා වගේම ඔයාට නැවුම් බවක් වගේම සුවපහසු බවක් ලැබෙනවා.

Wiper blades

වාහනයේ wiper blades වලට හානි වෙලාද කියලා බලන්න. ඔයා වාහනයේ wipers හොඳ තත්වයේ තියාගන්න ඕනේ. මොකද පාර පැහදිලිව පේන්න නම් අපි wipers වලින් windscreen එක clean කරනවා. එතකොට wipers වල කුණු, දූවිලි තිබ්බොත් ඒ දේ හරියට වෙන්නේ නැහැ. ඒ නිසා wipers අපිරිසිදු වෙලා නම් ඒ ගැන සැළකිලිමත් වෙන්න. අපිරිසිදු wipers නිසා ඔයාට වැස්ස වේලාවකදී වාහනය drive කිරීම අපහසුයි වගේම අනතුරකට ලක්වීමේ අවධානමත් වැඩියි. ඒ වගේම වැරදි ලෙස හදපු wipers මඟින් ඔයාගේ windshield එක සිරීමට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා නියමිත කාලයේදී අලුත් wipers replace කරන්න මතක තියාගන්න.

ටයර් check කරන්න

වාහනයේ ටයර් නිවැරදි පීඩනයක තියාගන්න ඕනේ. අඩු පීඩනයක් තියා ගත්තම fuel efficient කරනවා වගේම අනතුරුදායක තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඔයාගේ වාහනේ driver's door එක ඇරියාම ඔයාට බලා ගන්න පුළුවන් ඉදිරිපස සහ පිටුපස ටයර් සඳහා පීඩනය සටහන් කරලා තියෙන පුවරුවක්. ඒ වගේම ටයර් වල ගැඹුර ගැනත් සැළකිලිමත් වෙන්න. හැම ටයර් එකක්ම අඩුම 1.6 mm ගැඹුරට පාගලා තියෙන්න ඕනේ. ඔයා ටයර් ගැන සැළකිල්ලක් දක්වන්නේ නැහැ කියන්නේ ටයර් වල ඉක්මනටම ආයු කාලය අඩු වෙනවා කියන එක තමයි. ඉතින් ඔයාලා දන්නවා ටයර් ගොඩක් මිල අධිකයි. ඒත් ඔයා tires නිවැරදිව බලාගන්නවා නම් සමහර ඒවා සැතපුම් 50,000 කට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

Battery එක බලන්න

ඔයා නිතරම කොහේ හරි යන්න කලින් වුණත් වාහනයේ battery එක check කරන්න ඕනේ. වාහනය start කරන්න වගේම, සියලුම විදුලි පද්ධති ක්‍රියාත්මක වෙන්න battery එකෙන් බලය අවශ්‍ය වෙනවා. ඉතින් battery එක නිවැරදිව ක්‍රියා කරන්නේ නැත්නම් හා අවුරුදු 3ට වඩා පැරණි නම් නියමිත කාලයේදී battery එකක් replace කරන්න මතක තියාගන්න. ඒ වගේම වාහනය ගොඩක් කල් පාවිච්චි නොකර ඉන්නවා නම් battery ඒකෙ ආරෝපණය පවත්වා ගන්න සතියකට සැරයක් මිනිත්තු කිහිපයක් සඳහා engine එක ධාවනය කරන්න මතක තියාගන්න.

වාහනය ගස් යට නවත්තන්න එපා

ඔයා ඔයාගේ වාහනය ගහක් යට park කරනවා නම් ඒ වැටෙන කොළ වාහනයේ හිඩැස් සහ කුහර ඇතුළට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා වාහනයේ ගැටලු ගොඩක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම air filter එක heater system එක පවා මේ කොළ නිසා අවහිර වෙන්න පුළුවන්. මේ කොළ හිරවීම නිසා වාහනය ඇතුළට water leak වෙනවා වගේම මලකඩ ඇති වෙන්නත් තියෙන හැකියාව වැඩියි. ඉතින් ඔයා ඒ ගැනත් සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

වාහනය regularly drive කරන්න

වාහනයක් කියන්නේ අපේ මිනිස් සිරුරට සමාන වෙන දෙයක්. ඉතින් හැමදාම drive කරන්නේ නැතුව ඉන්න එක නම් හොඳ දෙයක් නෙමෙයි. වාහනය හොඳ තත්වයෙන් තියාගන්න නම් හැමදාම drive කරන්න ඕනේ. අවම වශයෙන් සති දෙකකට සැරයක් සැතපුම් 20 ක් හෝ ඊට වැඩි දුරක් ධාවනය කරන්න.

Regularly service

ඔයාගේ වාහනය හොඳ තත්වයෙන් තියාගන්න නම් සුදුසුකම් ලත් mechanic කෙනෙක් විසින් හරිම වෙලාවට service කරගන්න ඕනේ. හරිම වෙලාවේදී වාහනය service කිරීම මඟින් වාහනයේ performance වැඩි වෙනවා. Tires check කිරීම, oil change කිරීම, air සහ cabin filters replace කිරීම වැනි service කටයුතු වලින් ඔයාගේ වාහනයේ performance වැඩි දියුණු කරනවා. ඉතින් ඔයා හරි වෙලාවට වාහනය service කරනවා නම් වාහනය හොඳ තත්වයේ තියාගන්න පුළුවන් වගේම වාහනයේ performance වැඩි කරගන්නත් පුළුවන්.

මේ දේවල් තමයි වාහනය හරියට බලාගන්න ඔයා කරන්න ඕනේ දේවල්. දැන් ඔයාටත් පුළුවන් මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා ඔයාගේ වාහනයත් ගත්තා වගේම අලුත් පෙනුමට තියාගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!