වාහනයේ ටයර් එකක් හරියටම මාරු කරන්නේ කොහොමද?

time
මිනිත්තු 3 කියවීම
feature image

කරදර කියන දේවල් ඇති වෙන්නේ හදිසියේදිනේ. අපි වාහනය drive කරනකොට හදිසියේම patch එකක් යන්න පුලුවන්. එහෙමත් නැත්නම් උදේම ගමනක් යන්න ලෑස්ති වෙලා වාහනේට නැග්ගම ටයර් වල හුළං මදි වෙන්න පුලුවන්. ඉතින් මේ වගේ හදිසි අවස්ථාවකදී අපිට Garage එකකට යන්නත් වෙලාව නැති වෙන්න පුලුවන්. ඉතින් එතකොට අපිට පුලුවන් වෙන්න ඕනේ වාහනයේ ටයර් එක තනියම මාරු කරගන්න. ටයර් එකක් මාරු කරන එක අමාරු වැඩක් නොවුණට නිසි පරිදි ටයර් එක මාරු කළේ නැත්නම් ඔබට නැති කරදර වලටත් මුහුණ දෙන්න වෙනවා.

ඒ නිසා MotorGuide අපි අද ඔබට කියන්නේ වාහනයේ ටයර් එකක් හරියටම මාරු කරන්නේ කොහොමද කියලා.

සමතලා මතුපිටකට වාහන ගේන්න

වාහනයක රෝද ගලවන්න කලින් අනිවාර්යයෙන්ම වාහනය සමතලා මතුපිටකට ගෙන්න ඕනේ. එහෙම නැතුව කන්දක් උඩ, ගල්බොරළු සහිත මාර්ගයක වගේ තැන් වල නම් රෝද ගලවන්න බැහැ. ඒ වගේම මේ සමතලා මතුපිට තද පොළවක් වෙන්නත් ඕනේ. මොකද එහෙම නැතිව මෘදු පසක් තිබ්බොත් ජැක් එක සවි කළාම කිඳා බහින්න පුලුවන්. ඊට පස්සේ වාහනේ handbrake එක ඇද ගන්න ඕනේ. ඔබට තියෙන්නේ manual වාහනයක් නම් ගියර් එකට දාගන්න. ඊට පස්සේ ඔබට පුලුවන් ටයර් එක ගලවන්න පටන් ගන්න.

ඇණ වල පොට යවන්න එපා

ගොඩක් අය ටයර් ගලවනකොට ඇණ වල පොට යෑම සිදු වෙනවා. මෙහෙම වෙන්න හේතුව තමයි machine එකෙන් වාහනයේ රෝද වල ඇණ තද කිරීම. සමහර අය balance කරන්නේ නැතුව ඇණ තද කිරීම සිදු කරනවා. ඉතින් මේ විදිහට ඇණ වල පොට ගියොත් නම් ඒක නිවැරදි කරගන්න ඔබට ලොකු ගාණක් වියදම් කරන්න වෙනවා. සාමන්‍යයෙන් ටයර් එකක් ගලවනකොට දකුණු පැත්තට තමයි කරකවන්න ඕනේ.

හරිම පැත්තටම ඇණ තද කරන්න

සාමාන්‍යයෙන් ඇණයක් තද කරන්න ඕනේ පැත්තක් තියෙනවා. ඒක වාහනයේ ටයර් එකටත් අදාළයි. ඒ නිසා ඔබට ටයර් එක ගලවලා නැවත සවි කිරීමේදී නිවැරදි පැත්තට ඇණ තද කරන්න වග බලා ගන්න ඕනේ.

ඒ වගේම සමහර රෝද වල ඇණ හතරක් අපිට බලා ගන්න පුලුවන්. හැබැයි ඇණ පහක් වගේම හයක් තියෙන රෝදත් අපිට බලා ගන්න පුලුවන්. ඇණ හතරක් තියෙනවා නම් මුලින්ම අපි සමාන්තරව තියෙන ඇණ දෙක තද කරගන්න ඕනේ. මොකද එතකොට ටයර් එක පැත්තට හැරෙන්නේ නැහැ. ඇණ පහක් තියෙනවා නම් ත්‍රිකෝණාකාරව තියෙන ඇණ ටික මුලින්ම තද කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අනෙක් ඇණ දෙක තද කරන්නේ.

ටයර් එකක් මාරු කරන නිවැරදි පිළිවෙල

  1. Cross wheel rim spanner එක සහ jack එක ගෙන සූදානම් වෙන්න. ඊට පස්සේ වාහනයේ hand brake අදින්න. මතක ඇතුව අනෙක් රෝද වලට stoppers තබන්න.
  2. Rim spanner එකෙන් ටයර් එකේ ඇණ මදක් බුරුල් කරන්න.
  3. Jack එක මඟින් වාහනය ඔසවන්න.
  4. ගලවන ටයර් එක වෙනුවට සවි කරන ටයර් එක ළඟට ගන්න.
  5. කලින් බුරුල් කෙරූ ඇණ සියල්ල ඉවතට ගෙන රෝදය වාහනයෙන් ගලවා ගන්න.
  6. රෝදය සවි කර ඇණ සියල්ල හොඳින් තද කරන්න.
  7. Jack එක සෙමින් ඉවත් කරන්න.

ඉතින් මේ විදිහට තමයි වාහනය ටයර් එකක් හරියටම මාරු කරන්නේ. වැඩේ ලේසියි වගේ හිතුනට හිතන තරම්ම ලේසි නැහැ. මොකද ටයර් සවි කිරීමේදී ඔබේ අතින් පොඩි අත්වැරැද්දක් වුණත් ජීවිතය පවා නැති වෙන්න පුලුවන්. ඒ නිසා ඔබට ටයර් මාරු කිරීම පිළිබඳව කිසිදු අත්දැකීමක් නැත්නම් මෝටර් කාර්මිකයෙක් හමුවෙලා ඒ පිළිබඳව දැනුවත් වෙන එක තමයි හොඳම දේ. එහෙමත් නැත්නම් ඔබට පුලුවන් තනියම ටයර් එක මාරු කළාට පස්සේ මෝටර් කාර්මිකයෙකු ලවා එය පරික්ෂා කරවාගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!