Cabin air filter එකක් ක්‍රමානුකුලව check කරන්නේ මෙහෙමයි

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔබේ වාහනයේ තියෙන cabin air filter එක ගැන ඔබ දැනුවත්ද? වාහනයේ තියෙන ventilation system එක වාහනයට shield එකක් විදිහට ක්‍රියා කරන බව ඔබ දැනගෙන හිටියද? ඔබේ වාහනයේ dust එක වගේ තියෙන හානිකර අප ද්‍රව්‍යය වාහනයේ අභ්‍යන්තරයට ඇතුල් වෙන එක වළක්වා ගන්නේ මේ Cabin air filter එකෙන්. මේ air filters වර්ගත් දෙකක් තියනවා.ඒ cabin air filters සහ Engine air filters.ඉතින් අද MotorGuide අපි කතා කරන්නේ, මේ Cabin air filter එක ගැන.Cabin air filter එකක් හරියටම check කර ගන්නේ කොහොමද? කොච්චර කාලයකට සැරයක් අපි මේ air filters මාරු කරන්න ඕනෙද? ඉතින් අද අපි මෙන්න මේ දේවල් ගැන මේ article එකෙන් කතා කරනවා.

Cabin air filter කියන්නේ මොකක්ද?

වාහනයේ තියෙන parts වලින් ගොඩක්ම important part එකක් තමයි මේ cabin air filter එක කියලා කියන්නේ. වාහනයෙන් වාහනයට මේ air filters වර්ග මාරු වෙනවා. ඒ විතරක් නෙවේ, air filter එක place වෙන තැනත් වාහනයෙන් වහනයට වෙනස් වෙනවා. ඔබේ වාහනයේ air filter එක open කරලා බැලුවහම ඔබේ අතට තෙල් සහිත ගතියක් දැනෙනවා නම්, ඒ air filter එක genuine air filter එකක් කියලා ඔබට දැනගන්න පුළුවන්. මේ air filter එකෙන් වෙන්නේ අපි කලින් කිව්වා වගේ වාහනයේ අභ්‍යන්තරයට එන dust එක සම්පූර්ණයෙන්ම filter කරන එකයි. එහෙම filter එකකින් දෙන safety එක නිසා ඔබේ වාහනයේ efficiency එකත් වැඩි වෙනවා.ඒ නිසා ඔබට ඔබේ වාහනය smooth විදිහට drive කරන්නත් මේ cabin air filter එක ඔබට උදව් වෙනවා.

Cabin air filter එකක් මාරු කරන්න ඕනේ කොච්චර කාලයකට පස්සෙද?

ඔබ සැතපුම් 15,000 සිට 30,000 දක්වා දුර ගමන් කළොත්, Cabin air filter එක අනිවාර්යෙන්ම check කරන්න ඕනේ. ඒ check කරනකොට, visual inception එකකදී filter එක අපිරිසිදුයි කියලා note වුණොත්, ඔබට ඉක්මනින් අලුත් air filter එකකට මාරු වෙන්න වෙනවා.

Air filter එක place වෙලා තියෙන තැන හරියටම දන්නවද?

මේ air filter එක ටිකක් මිලෙන් අධිකයි. මේ AC එකේ filter එක සම්බන්ධ වෙන්නේ passengersලා යන පැත්තටයි. Glove box එක පිටිපස්සේ තමයි මේ filter එක place වෙලා තියෙන්නේ. Passengersලා නගිනකොට සහ බහිනකොට තමයි මේ area එකේ dust එක වැඩිපුර රැදෙන්නේ.

Cabin filter එක check කරන්නේ කොහොමද?

ඔබේ මෝටර් රථයේ glove box එක remove කරලා, ඒක කොච්චර අපිරිසිදුද කියලා ඔබට check කරලා බලන්න පුළුවන්. ඉතින් ඔබේ වාහනයෙත් මේ දෝෂයන් තියනවා නම්, ඔබටත් ඔබේ වාහනයේ cabin air filter එක check කර ගන්න වෙනවා.

  • cabin air filter එක ක්‍රියා විරහිත වීමට පටන් ගත්තහම ඔබ දකින පළවෙනි දේ තමයි, වාහනයේ වාතාශ්‍රය හොදින් ගලා යාම අඩු වෙන එක.
  • ඔබ ඔබේ AC system එක ක්‍රියාත්මක කිරීමේදි ඒ fan එකෙන් තරමක් ඝෝෂාකාරී වාතයක් පිට වෙනවා නම්,
  • AC system එක high level එකේ තිබ්බත්, අඩු level එකෙන් AC එක එනවා නම්,
  • AC system එකෙන් එන air smell එකෙන් දුර්ගන්දයක් එනවා නම්,

ඉතින් මෙන්න මේ දේවල් ඔබගේ වාහනයෙත් වෙනවා නම්, ඔබත් අදම ඔබේ cabin air filter එක check කරලා බලන්න.

Cabin air filter එකක් හරියටම replace කරන්නේ කොහොමද?

  • ඉස්කුරුප්පු නියනක් හෝ socket කට්ටලයක් අවශ්‍ය වෙනවා නම්, ඔබට ඔබේ tool box එක ළඟ තබා ගන්න පුළුවන්. එත්, ගොඩක් වේලාවන්වලදී කිසිදු tool එකක් නැතිව Cabin air filter එක open කරන්න පුළුවන්.
  • ඊට පස්සේ glove box එක remove කරන්න ඕනේ.
  • Glove box එක remove කරාට පස්සේ ඔබට Cabin air filter එක දකින්න පුළුවන්.
  • New filter එකක් දාන්න කළින් ඒ අවට තියෙන dust එක හොදින් clean කරලා, new air filter එක fix කරන්න ඕනේ.
  • අන්තිම step එක විදිහට glove box එක refix කරනවා.

ඉතින් මේ steps ටික follow කරාට පස්සේ ඔබට පහසුවෙන් Cabin air filter එකක් replace කර ගන්න පුළුවන්.

සමහර වාහනවල air filters දෙකක් තියනවා. AC එක වාහනයේ දැන්මට පස්සේ,වාහනයේ තියෙන dust එක සම්පූර්ණයෙන්ම මේ filters වලින් suck කර ගන්නවා.AC එකේ cool එක අඩුයි කියලා ඔබ හිතෙනවා නම්, ඉතින් ඒකට reason එක මේ filters. dust එක නිසා ඇති වෙන dust block එක නිසා හරියට air එක filter කරලා දෙන්නේ නැති නිසා වාහනය ඇතුළත cool වෙන්නේ නෑ.මාසයක් ඔබ ඔබේ air filters, clean කරන්නේ නැතුව හිටියොත්, ඔබටම තේරෙයි සුදු පාටින් තිබුණ ඔබේ වාහනයේ air filter එකේ දැන් තියන color එක.

ඉතින් MotorGuide තුළින් අපි අද කතා කළේ car cabin air filter එකක් හරියටම check කර ගන්නේ කොහොමද? සහ replace කර ගන්නේ කොහොමද? කියල යි. ඉතින් මේක පොඩි දෙයක් කියලා ඔබ හිතුවට, ඔබේ වාහනයේ air filters damage වුණොත්, ඔබට ඒ වෙනුවෙන් ලොකු මුදලක් වැය කරන්න සිද්ද වෙනවා.ඉතින් ඒ තරම් risk එකක් ගන්න ඕනේ නෑ. අපි ඔබට කියලා දුන්න විදිහට මාසයකට සැරයක් air filters check කිරීමෙන් ඔබට ඒ damages කල් තියා අදුර ගන්න පුලුවන් වෙනවා. මේ වගේ ඔබට වැදගත් වෙන වටිනා කරුණු රැසක් අද අපි කතා කෙරුවා.ඒ ගැන දැන් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා.ඉතින් මේ දේවල් ගැන දැනුවත් නැති අයත් එක්ක, මේ විස්තර share කර ගන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!