Vehicle interior එක පිරිසිදු කරන්නේ කොහොමද?

time
මිනිත්තු 4 කියවීම
feature image

ගෙදරට වාහනයක් එහෙමත් නැත්නම් car එකක් ගන්නේ නිවසේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට පවුලේ වාහනයක් විදිහට තමයි ගන්න car එක භාවිතා වෙන්නේ. මේ හේතුව නිසාම වාහනේ interior එක අපිරිසිදු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. විශේෂයෙන්ම ගෙදර පුංචි බබෙක් ඉන්නවා නම්, සුරතල් සතෙක් ඉන්නවා නම් වාහනේ interior එක නිතරම අපිරිසිදු වෙන්න බලනවා. මේ විදිහට වාහනේ අපිරිසිදු වෙද්දී අපිට sevice center එකකට ගිහින් නිතරම interior එක පිරිසිදු කරන්න අමාරුයි. මොකද ඒකට ලොකු මුදල් වැය වෙනවා.

ඉතින් ඒ නිසා අද MotorGuide අපි ඔබට කියන්නේ නිවසේදීම කොහොමද හරියටම Vehicle interior එක පිරිසිදු කරන්නේ කියලා.

මොනවද ඕනේ?

Vehicle interior එක පිරිසිදු කරන්න කලින් ඔබට ඒ සඳහා අවශ්‍ය මොනවද කියලා දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්.

මොකද නොදැනුවත්කම නිසා ඔබ භාවිතා කරන සමහර පිරිසිදුකාරක ද්‍රව්‍ය නිසා වාහනයේ මතුපිටට හානි වෙන්න පුලුවන්. විශේෂයෙන්ම leather, plastics, සහ cloth materials රසායනික ද්‍රව්‍ය නිසා විනාශ වෙලා යන්න පුලුවන්.

ඉතින් ඒ නිසා MotorGuide අපි නිර්දේශ කරන්නේ වාහනය පිරිසිදු කිරීමේදී පුලුවන් තරම් vehicle interior එක සඳහාම නිපදවුණු පිරිසිදුකාරක ද්‍රව්‍ය භාවිතා කරන්න කියලා.

  • Disinfecting wipes
  • Invisible Glass ammonia-free window cleaner
  • Leather cleaner
  • Carpet cleaner
  • Microfiber cloth
  • Vacuum
  • Sponge
  • Stiff-bristle scrub brush
  • Bucket
  • Duster
  • Spray bottle

Floor mats එළියට ගන්න

මුලින්ම ඔබේ වාහනයේ ඇතුළේ පෙනෙන්නට තියෙන සියලුම කුණු ඉවත් කර හොඳින් පිරිසිදු කරන්න. ඊට පස්සේ floor mats සියල්ල ඉවතට ගන්න. ඔබ floor mats සම්පූර්ණයෙන්ම සේදීමට හිතනවා නම් මුලින්ම එය සිදු කරන්න. මොකද එතකොට ඔබට පුලුවන් වාහනයේ interior එක සම්පූර්ණයෙන්ම clean කරලා ඉවර වෙනකොට floor mats වේලා ගන්න.

Interior එක vacuum කරන්න

Floor mats සියල්ල ඉවත් කළාට පස්සේ ඔබට පුලුවන් Interior එක vacuum කරන්න. ඔබේ වාහනයේ cupholders, windshield එක සහ dashboard එක අතර තියෙන ඉඩ ප්‍රදේශයත් vacuum කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ ස්ථාන වලට ඔබේ vacuum එකට ළං වෙන්න අපහසුයි නම් vacuum attachment එකක් භාවිතා කරන්න. ඒ වගේම අමතක කරන්නේ නැතුව වාහනයේ seats අතරත් vacuum කරන්න පුරුදු වෙන්න.

Dashboard එක පිරිසිදු කරන්න

වාහනයේ ඇතුළත vacuum කළාට පස්සේ විහිදෙන දූවිලි අංශු dashboard එක මත රැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ කුඩා දූවිලි අංශු ඉවත් කරන්න නම් Microfiber cloth එකක් තමයි ගොඩක්ම සුදුසු වෙන්නේ. මොකද microfiber cloth නිසා ඔබේ vehicle interior එකට පොඩි සීරීමක්වත් වෙන්නේ නැහැ වගේම රැඳිලා තියෙන කුඩා දුහුවිලි අංශුවක් වුණත් රෙදි කැබැල්ලේ රඳවා ගැනීමට හැකි වෙනවා.

ඉතින් මේ විදිහට clean කළාට පස්සේ dashboard එක විෂබීජ නාශක දියරයකින් පිසදැමීමට අමතක කරන්න එපා. හැබැයි මේ දේවල් භාවිතා කරන්න කලින් bleaching අඩංගු වෙලා තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්නම ඕනේ.

Console එක පිරිසිදු කරමු

ඊළඟට console එක clean කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම console එක මත රැඳිලා තියෙන කුණු දූවිලි ඉවත් කිරීම ගොඩක් වැදගත් වෙනවා. හැබැයි gearshift, infotainment panel සහ console control එක පිරිසිදු කිරීමේදී පරිස්සම් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට climate control සහ radio buttons පිරිසිදු කරනකොට ගොඩක් soft විදිහට තමයි clean කරන්න ඕනේ.

ඒ වගේම infotainment screen එක පිරිසිදු කිරීමට කිසිම දවසක ඇමෝනියා අඩංගු නිෂ්පාදන භාවිතයෙන් වළකින්න ඕනේ. මොකද ඇමෝනියා හේතුවෙන් වාහනයේ infotainment screen එකට හානි සිදු වෙන්න පුලුවන්.

Cup Holders, Door Panels සහ Steering Wheel පිරිසිදු කරමු

දැන් අපි බලමු කොහොමද නිසියාකාරව Cupholders, Door Panels සහ Steering Wheel පිරිසිදු කරන්නේ කියලා. මේ දේවල් වල දුහුවිලි පිස දැමීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි Cupholders, Door Panels සහ Steering Wheel එක විෂබීජහරණය කරන්න ඕනේ. ඔබේ වාහනයේ තියෙන්නේ remove කරන්න පුලුවන් cupholders නම්, ඒවා පිටතට ගෙන සබන් ස්වල්පයක් සමඟ උණුසුම් ජලයෙන් සෝදා හරින්න පුලුවන්. එහෙමත් නැත්නම් sponge එකක් මඟින් පිරිසිදු කරන්න පුලුවන්.

Interior Windows පිරිසිදු කරමු

ඔබේ වාහනයේ windows සහ windshields පිරිසිදු කරන්න alcohol-based glass cleaner එකක් භාවිතා කරන්න පුලුවන්. හැබැයි ඔබ අනිවාර්යයෙන්ම මේ සඳහා භාවිතා කරන්න ඕනේ වීදුරු පිරිසිදු කිරීම සඳහාම නිෂ්පාදන කළ නිෂ්පාදනයන් විතරයි. ඒ වගේම glass cleaner භාවිතා කරන විට, මයික්‍රෝ ෆයිබර් රෙදි දෙකක් භාවිතා කිරීමට උත්සාහ කරන්න.

Seats ගැන බලන්න

වාහනයේ seats vacuum කළාට පස්සේ ඒවා පිරිසිදු කිරීම සඳහා නිවැරදි නිෂ්පාදන භාවිතා කරන්න. Leather seats පිරිසිදු කිරීම සඳහා මෝටර් රථ සඳහා නිෂ්පාදන කළ leather cleaner එකක් භාවිතා කරන්න. ඒ වගේම නිෂ්පාදනයේ සඳහන් උපදෙස් අනුගමනය කරන්නත් අමතක කරන්න එපා. එතකොට පුලුවන් seat එකට හානියක් නොවන විදිහට clean කරගන්න.

ඔබේ වාහනයේ seats fabric නම් ඒ මත ඇති පැල්ලම් ඉවත් කිරීමටත් සිදු වෙනවා. ඒ සඳහා වාහන seats සඳහාම නිර්මාණය කර තිබෙන පැල්ලම් ඉවත් කිරීමේ නිෂ්පාදනයක් තෝරාගන්න.

නැවුම් සුවඳක්

අවසාන වශයෙන් ඔබට පුලුවන් baking soda, activated charcoal සහ air fresheners භාවිතා කරලා වාහනේ ඇතුළේ තියෙන දුර්ගන්ධය නැති කරලා නැවුම් සුවඳක් ලබා ගන්න.

උදාහරණයක් විදිහට baking soda හෝ activated charcoal දැමූ බඳුනකට essential oil බිංදු කිහිපයක් එකතු කරලා වාහනයේ ඇතුළේ තියන්න පුලුවන්. එහෙමත් නැත්නම් gel air freshener භාවිතා කරන්න පුලුවන්.

ඉතින් මේ විදිහට තමයි නිවසේදීම නිසියාකාරව Vehicle interior එක පිරිසිදු කරන්නේ. කොපමණ කාලයකට වරක් ඔබේ Vehicle interior එක පිරිසිදු කරන්න ඕනෙද කියලා තීරණය වෙන්නේ වාහනය භාවිතා කරන ආකාරය මතයි. ඔබ නිතරම ළමයින් සහ සුරතල් සතුන් සමඟ ගමන් කරනවා නම් Vehicle interior එක නිතර පිරිසිදු කිරීම අවශ්‍ය වෙන්න පුලුවන්. එහෙම නැත්නම් මසකට වරක් Vehicle interior එක පිරිසිදු කිරීම හොඳටම ප්‍රමාණවත්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!