වාහන සර්විස් කරද්දී ඔබව රවටන ආකාරය

time
මිනිත්තු 3 කියවීම
feature image

තමන්ටම කියල වාහනයක් තියෙන ඕන කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි වාහනේ service කරගන්නේ කොහෙන්ද කියන එක. හැබැයි තවත් සමහරු service එක කියල විශේෂයෙන් තැනකට ගෙනියන්නේ නැතුව අදාළ දේවල් ගෙදරදීම කරගන්නවා. එත් service center එකක කරන හැමදේම අපිට ගෙදරදී කරන්න අමාරුයි. ඉතින් එහෙම පිට තැනකට වාහනේ දාල service එකක් කරද්දී හොදම දේ තෝරාගන්න තමයි හැමෝම බලන්නේ. මොකද සමහර service centers තමන්ගේ customers ලව ගොඩක් සූක්ෂ්ම විදිහට රවට්ටනවා. ඒ නිසාම MotorGuide අපි හිතුවා වාහන service කරද්දී ඔබව ‍රවටන ආකාරය පිළිබඳව දැනුවත් කරන්න.

අනවශ්‍ය සේවා ගාස්තු

බොහෝ service centers විසින් පාරිභෝගිකයාට ලබා දෙන අවසාන බිල් එකේ, ඔවුන් සිදු නොකළ කාර්යයන් සඳහා ගාස්තු ඇතුළත් කරනවා. උදාහරණයක් විදිහට Brake service labour විදිහට අමතර ගාස්තුවක් ඔබෙන් අය කරන්න පුළුවන්. මෙතනදී brake pads, inspect, clean සහ re-install කළොත් එය සාධාරණ අය කිරීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. නමුත් ගොඩක් දෙනා කාලය ඉතුරු කර ගැනීමට මේ දේවල් නිසි ලෙස සිදු කරන්නේ නැහැ. ඉතින් ඔබට පුළුවන් නම් වාහනය service කරන තුරු වාහනය අසල ඉන්න, එමඟින් වාහනයට වගේම ඔබේ සාක්කුවටත් සාධාරණයක් වෙනවා.

Flushing සහ additives

Engine එක සහ radiator එක flush කිරීම, oil හෝ fuel additives එකතු කිරීම අමතර මුදලක් උපයා ගැනීම සඳහා සේවා ස්ථාන විසින් භාවිතා කරන තවත් එක උපක්‍රමයක්. ගොඩක් වෙලාවට service advisorලා පාරිභෝගිකයන්ගෙන් radiator flush එකක් සිදු කරන ලෙස හෝ engine oil වලට "ආයුකාලය වැඩි කිරීම" හෝ "සැතපුම් ගණන වැඩි කිරීම" සඳහා additive වර්ගයක් එකතු කරන ලෙස ඉල්ලනවා. මෙම additives සමහර අවස්ථාවලදී ප්‍රයෝජනවත් වුණත්, හැම service එකකදීම, සෑම විටම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේ additives, car manufacturer විසින් ලබා ගන්නා ලෙස සඳහන් කර තිබෙන බව කියමින් ඔබට අවශ්‍ය නොවන වෙළඳපොලේ ඇති ඉතා මිල අධික fuel additive ඔබට ලබා දෙන්න උත්සහ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා service center එකකට යනවා නම් ඔබ මේ ගැනත් සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

කාර් එක dry clean කිරීම

මෝටර් රථයේ interior එක dry clean කිරීම, service centers වලින් අමතර මුදලක් උපයන තවත් ක්‍රමයක්. අපිරිසිදු ආසන සහ roof lining සහිත සමහර මෝටර් රථ service කිරීම අතරතුර dry clean කිරීම අවශ්‍ය වෙනවා. නමුත් සමහර service centers වලින් අවශ්‍ය වුණේ නැති වුණත් dry clean එකක් කරගන්නා ලෙස තව සේවාදායකයාව පොළඹවා ගන්න උත්සහ කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවක ඔබ හොඳින් හිතලා බලන්න ඇත්තටම dry clean එකක් අවශ්‍යද කියලා.

Wax කිරීම

ඔබේ මෝටර් රථයේ පිටත නිමාව පැරණි සහ අඳුරු නම් Wax polishing එකක් දෙන්නම ඕනේ. හැබැයි ගොඩක් service centers වලින් මේ සඳහා ලොකු මුදලක් ඔබෙන් ලබා ගන්නවා. ඇත්තටම wax එකක් ඔබට ගෙදරදීම වුණත් සිදු කරගන්න පුළුවන්.

ඉතින් ඒ නිසා ඔබේ වාහනයට අවශ්‍ය wax එක නිවසේදීම සිදු කරගන්න නිතරම උත්සහ කරන්න.

Engine decarbonizing සහ dressing

Engine decarbonizing කියන්නෙත් service centers වලින් අනවශ්‍ය ලෙස මුදල් අය කරන තවත් ක්‍රමයක්. බොහෝ සේවා service centers වලින් සෑම කිලෝමීටර 15,000ක් හෝ 20,000කට වරක් Engine decarbonizing එකක් කරන්න කියලා කියනවා. නමුත් ඇත්ත වශයෙන්ම, අවම වශයෙන් කිලෝමීටර් 50,000 ක් සඳහා මෝටර් රථ සඳහා engine decarbonizing එකක් අවශ්‍ය වන්නේ නැහැ.

ඒ වගේම මීට අමතරව, සමහර service centers වලින් engine dressing සඳහා වෙන වෙනම bill එකක් නිකුත් කරනවා. නමුත් මෙතනදී වෙන්නේ silicone හෝ oil spray මඟින් engine එකට shine එකක් ලබා දීම විතරයි.

ඉතින් මේ විදිහට තමයි වාහන සර්විස් කරද්දී ඔබව රවටමින්, අනවශ්‍ය විදිහට ඔබෙන් මුදල් ලබා ගන්නේ. ඒ නිසා අදින් පස්සේ වාහනය service කරන්න යනකොට ඒ පිළිබඳවද හොඳට දැනුවත් වෙලා යන්න. ඒ වගේම තමයි service එක පිළිබඳවද අවධානයෙන් ඉන්නත් අමතක කරන්න එපා. එතකොට ඔබට පුළුවන් අනවශ්‍ය ලෙස සිදුවන රැවටීම් වලින් ගැළවෙන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine mounts worn වුණාම වාහනයේ vibration වැඩි වෙන හැටි.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Starter motor problem තියෙනවාද කියලා හඳුනාගන්න ලක්ෂණ.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    2026 අලුතෙන් ආපු මොකද්ද මේ කොළපාට අංක තහඩු කතාව.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Tyre Retreading කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Ceramic Coating ඇත්තටම වටිනවද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil flush කරන්න ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia EV5 Long Range 2026

    SUV

    රු 34.5M - 42M

  • Mazda CX-60 2.5 AWD 2025

    SUV

    රු 38M - 44.5M

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!