වාහන සර්විස් කරද්දී ඔබව රවටන ආකාරය

time
මිනිත්තු 3 කියවීම
feature image

තමන්ටම කියල වාහනයක් තියෙන ඕන කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි වාහනේ service කරගන්නේ කොහෙන්ද කියන එක. හැබැයි තවත් සමහරු service එක කියල විශේෂයෙන් තැනකට ගෙනියන්නේ නැතුව අදාළ දේවල් ගෙදරදීම කරගන්නවා. එත් service center එකක කරන හැමදේම අපිට ගෙදරදී කරන්න අමාරුයි. ඉතින් එහෙම පිට තැනකට වාහනේ දාල service එකක් කරද්දී හොදම දේ තෝරාගන්න තමයි හැමෝම බලන්නේ. මොකද සමහර service centers තමන්ගේ customers ලව ගොඩක් සූක්ෂ්ම විදිහට රවට්ටනවා. ඒ නිසාම MotorGuide අපි හිතුවා වාහන service කරද්දී ඔබව ‍රවටන ආකාරය පිළිබඳව දැනුවත් කරන්න.

අනවශ්‍ය සේවා ගාස්තු

බොහෝ service centers විසින් පාරිභෝගිකයාට ලබා දෙන අවසාන බිල් එකේ, ඔවුන් සිදු නොකළ කාර්යයන් සඳහා ගාස්තු ඇතුළත් කරනවා. උදාහරණයක් විදිහට Brake service labour විදිහට අමතර ගාස්තුවක් ඔබෙන් අය කරන්න පුළුවන්. මෙතනදී brake pads, inspect, clean සහ re-install කළොත් එය සාධාරණ අය කිරීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. නමුත් ගොඩක් දෙනා කාලය ඉතුරු කර ගැනීමට මේ දේවල් නිසි ලෙස සිදු කරන්නේ නැහැ. ඉතින් ඔබට පුළුවන් නම් වාහනය service කරන තුරු වාහනය අසල ඉන්න, එමඟින් වාහනයට වගේම ඔබේ සාක්කුවටත් සාධාරණයක් වෙනවා.

Flushing සහ additives

Engine එක සහ radiator එක flush කිරීම, oil හෝ fuel additives එකතු කිරීම අමතර මුදලක් උපයා ගැනීම සඳහා සේවා ස්ථාන විසින් භාවිතා කරන තවත් එක උපක්‍රමයක්. ගොඩක් වෙලාවට service advisorලා පාරිභෝගිකයන්ගෙන් radiator flush එකක් සිදු කරන ලෙස හෝ engine oil වලට "ආයුකාලය වැඩි කිරීම" හෝ "සැතපුම් ගණන වැඩි කිරීම" සඳහා additive වර්ගයක් එකතු කරන ලෙස ඉල්ලනවා. මෙම additives සමහර අවස්ථාවලදී ප්‍රයෝජනවත් වුණත්, හැම service එකකදීම, සෑම විටම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේ additives, car manufacturer විසින් ලබා ගන්නා ලෙස සඳහන් කර තිබෙන බව කියමින් ඔබට අවශ්‍ය නොවන වෙළඳපොලේ ඇති ඉතා මිල අධික fuel additive ඔබට ලබා දෙන්න උත්සහ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා service center එකකට යනවා නම් ඔබ මේ ගැනත් සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

කාර් එක dry clean කිරීම

මෝටර් රථයේ interior එක dry clean කිරීම, service centers වලින් අමතර මුදලක් උපයන තවත් ක්‍රමයක්. අපිරිසිදු ආසන සහ roof lining සහිත සමහර මෝටර් රථ service කිරීම අතරතුර dry clean කිරීම අවශ්‍ය වෙනවා. නමුත් සමහර service centers වලින් අවශ්‍ය වුණේ නැති වුණත් dry clean එකක් කරගන්නා ලෙස තව සේවාදායකයාව පොළඹවා ගන්න උත්සහ කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවක ඔබ හොඳින් හිතලා බලන්න ඇත්තටම dry clean එකක් අවශ්‍යද කියලා.

Wax කිරීම

ඔබේ මෝටර් රථයේ පිටත නිමාව පැරණි සහ අඳුරු නම් Wax polishing එකක් දෙන්නම ඕනේ. හැබැයි ගොඩක් service centers වලින් මේ සඳහා ලොකු මුදලක් ඔබෙන් ලබා ගන්නවා. ඇත්තටම wax එකක් ඔබට ගෙදරදීම වුණත් සිදු කරගන්න පුළුවන්.

ඉතින් ඒ නිසා ඔබේ වාහනයට අවශ්‍ය wax එක නිවසේදීම සිදු කරගන්න නිතරම උත්සහ කරන්න.

Engine decarbonizing සහ dressing

Engine decarbonizing කියන්නෙත් service centers වලින් අනවශ්‍ය ලෙස මුදල් අය කරන තවත් ක්‍රමයක්. බොහෝ සේවා service centers වලින් සෑම කිලෝමීටර 15,000ක් හෝ 20,000කට වරක් Engine decarbonizing එකක් කරන්න කියලා කියනවා. නමුත් ඇත්ත වශයෙන්ම, අවම වශයෙන් කිලෝමීටර් 50,000 ක් සඳහා මෝටර් රථ සඳහා engine decarbonizing එකක් අවශ්‍ය වන්නේ නැහැ.

ඒ වගේම මීට අමතරව, සමහර service centers වලින් engine dressing සඳහා වෙන වෙනම bill එකක් නිකුත් කරනවා. නමුත් මෙතනදී වෙන්නේ silicone හෝ oil spray මඟින් engine එකට shine එකක් ලබා දීම විතරයි.

ඉතින් මේ විදිහට තමයි වාහන සර්විස් කරද්දී ඔබව රවටමින්, අනවශ්‍ය විදිහට ඔබෙන් මුදල් ලබා ගන්නේ. ඒ නිසා අදින් පස්සේ වාහනය service කරන්න යනකොට ඒ පිළිබඳවද හොඳට දැනුවත් වෙලා යන්න. ඒ වගේම තමයි service එක පිළිබඳවද අවධානයෙන් ඉන්නත් අමතක කරන්න එපා. එතකොට ඔබට පුළුවන් අනවශ්‍ය ලෙස සිදුවන රැවටීම් වලින් ගැළවෙන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!