Engine oil expire වෙලාද කියලා අඳුන ගන්නේ කොහොමද?

time
මිනිත්තු 3 කියවීම
feature image

අපිට අපේ හදවත වගේ තමයි වාහනයකට ඒකෙ engine එක. ඉතින් මේ engine එක ලෙඩ නැතුව හොඳට වැඩ කරන්න නම් අනිවාර්යෙන්ම engine oil දාන්නම වෙනවා. Engine oil වලින් වෙන්නේ වාහනයේ කැරකෙන කොටස් වල ඝර්ෂණය අඩු කරන එක. Engine oil නැති වුණොත් වෙන්නේ වාහනයේ කොටස් අතර ඝර්ෂණය වැඩි වෙලා engine එක රත් වෙන එක. කෙටියෙන්ම කිව්වොත් වාහනේ හදවත ආරක්ෂා කරන්නේ engine oil වලින්.

ඉතින් ඔයාගේ වාහනේ හදවත ආරක්ෂා කරන engine oil expire වෙලාද කියලා අඳුන විදිය ගැන තමයි අද MotorGuide අපි ඔයාට කියන්න හදන්නේ.

Engine oil expire වෙනවද?

ඔව්, engine oil expire වෙනවා. හැබැයි bottle label එකේ තියෙන expire date එක බලලා නම් අපිට කියන්න බැහැ engine oil එක expire වෙලාද නැද්ද කියලා.

මොකද කල් ඉකුත් වීමේ දිනයට අමතරව තෙල් වර්ගය, අධික උෂ්ණත්වය, ඔක්සිකරණය සහ ගබඩා කරන ආකාරය නිසා කල් ඉකුත් වීමේ දිනයේ වෙනස් වීම් වෙන්න පුලුවන්.

විශේෂයෙන්ම විවෘත නොකළ engine oil බෝතලයක් වසර 2-5 වගේ දිගු කාලයක් තියාගන්න පුලුවන්.

හැබැයි engine oil බෝතලය විවෘත කළ පසු, එහි කාර්යක්ෂමතාව නැති වීමට පටන් ගන්නවා.ඒ නිසා engine oil බෝතල් විවෘත කිරීමෙන් වසරක් ඇතුළත භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

කොහොමද දැනගන්නේ?

Engine oil කල් ඉකුත් වී ඇත්දැයි පරීක්ෂා කිරීමට ක්‍රම 4ක් තියෙනවා.
1. කල් ඉකුත්වන දිනය
2. තෙල් වල වර්ණය
3. පෙනුම
4. දියරමය ස්වභාවය (Consistency)

කල් ඉකුත්වන දිනය

Engine oil expire වෙලාද කියලා බලාගන්න පුලුවන් හොඳම ක්‍රමය තමයි බෝතලයේ සඳහන් වෙන කල් ඉකුත් වීමේ දිනය. ගොඩක් Engine oil brands වල ආයු කාලය අවුරුදු 5ක් පමණ වෙනවා. සමහර කෘතීම මිශ්‍ර කර සාදන Engine oil අවුරුදු 7-8 ක් ප්‍රමණයක් වුණත් භාවිතා කරන්න පුලුවන්. ඉතින් ඒ නිසා ඔයා අලුතෙන් Engine oil බෝතලයක් මිල දී ගන්නවා නම් අනිවාර්යෙන්ම expire date එක බලන්න අමතක කරන්න එපා.

පාට වෙනස් වෙලාද?

හොඳ තත්ත්වයේ Engine oil ඇම්බර් පැහැයෙන් තමයි බලාගන්න පුලුවන් වෙන්නේ. හැබැයි තෙල් ඉතා අඳුරු සහ මඩ සහිත බවක් පේනවා නම් බොහෝ විට එය ඔක්සිකරණය වෙලා තියෙන්න පුලුවන්. කල් ඉකුත් වෙන්න තව දවස් තිබ්බත් Engine oil වල පැහැයේ වෙනසක් තියෙනවා නම් ඒ තෙල් වර්ගය භාවිතයට සුදුසු වෙන්නේ නම් නැහැ.

පෙනුමේ වෙනසක් තියෙනවද?

Conventional සහ synthetic Engine oil වර්ග දෙකම පැහැදිලි සහ විනිවිද පෙනෙන පැහැයකින් තමයි යුක්ත වෙන්නේ. භාවිතයට සුදුසු Engine oil කිරි පැහැයක් හෝ මීදුම ආකාරයට දිස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒකාකාර ලෙස ගලා යෑමත් සිදු වෙන්න ඕනේ.

දියරමය ස්වභාවය වෙනස්ද?

Engine oil සිහින්, සිනිඳු සහ තරමක් දියර ස්වභාවයකින් යුක්ත වෙන්න ඕනේ. එය ඉතා ඝන හෝ සෙවල වැනි බවක් පෙනෙන්නට තියෙනවා නම් බොහෝ විට තෙතමනය හේතුවෙන් කල් ඉකුත් වීමට ලක් වෙලා තියෙනවා.

ඉතින් මේ විදියට තමයි අපිට Engine oil expire වෙලාද නැද්ද කියලා බලාගන්න පුලුවන් වෙන්නේ. ඔයත් Engine oil භාවිතා කරනකොට MotorGuide අද කියලා දුන්න කරුණු ගැනත් අවදානය යොමු කරන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!