Engine oil expire වෙලාද කියලා අඳුන ගන්නේ කොහොමද?

time
මිනිත්තු 3 කියවීම
feature image

අපිට අපේ හදවත වගේ තමයි වාහනයකට ඒකෙ engine එක. ඉතින් මේ engine එක ලෙඩ නැතුව හොඳට වැඩ කරන්න නම් අනිවාර්යෙන්ම engine oil දාන්නම වෙනවා. Engine oil වලින් වෙන්නේ වාහනයේ කැරකෙන කොටස් වල ඝර්ෂණය අඩු කරන එක. Engine oil නැති වුණොත් වෙන්නේ වාහනයේ කොටස් අතර ඝර්ෂණය වැඩි වෙලා engine එක රත් වෙන එක. කෙටියෙන්ම කිව්වොත් වාහනේ හදවත ආරක්ෂා කරන්නේ engine oil වලින්.

ඉතින් ඔයාගේ වාහනේ හදවත ආරක්ෂා කරන engine oil expire වෙලාද කියලා අඳුන විදිය ගැන තමයි අද MotorGuide අපි ඔයාට කියන්න හදන්නේ.

Engine oil expire වෙනවද?

ඔව්, engine oil expire වෙනවා. හැබැයි bottle label එකේ තියෙන expire date එක බලලා නම් අපිට කියන්න බැහැ engine oil එක expire වෙලාද නැද්ද කියලා.

මොකද කල් ඉකුත් වීමේ දිනයට අමතරව තෙල් වර්ගය, අධික උෂ්ණත්වය, ඔක්සිකරණය සහ ගබඩා කරන ආකාරය නිසා කල් ඉකුත් වීමේ දිනයේ වෙනස් වීම් වෙන්න පුලුවන්.

විශේෂයෙන්ම විවෘත නොකළ engine oil බෝතලයක් වසර 2-5 වගේ දිගු කාලයක් තියාගන්න පුලුවන්.

හැබැයි engine oil බෝතලය විවෘත කළ පසු, එහි කාර්යක්ෂමතාව නැති වීමට පටන් ගන්නවා.ඒ නිසා engine oil බෝතල් විවෘත කිරීමෙන් වසරක් ඇතුළත භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

කොහොමද දැනගන්නේ?

Engine oil කල් ඉකුත් වී ඇත්දැයි පරීක්ෂා කිරීමට ක්‍රම 4ක් තියෙනවා.
1. කල් ඉකුත්වන දිනය
2. තෙල් වල වර්ණය
3. පෙනුම
4. දියරමය ස්වභාවය (Consistency)

කල් ඉකුත්වන දිනය

Engine oil expire වෙලාද කියලා බලාගන්න පුලුවන් හොඳම ක්‍රමය තමයි බෝතලයේ සඳහන් වෙන කල් ඉකුත් වීමේ දිනය. ගොඩක් Engine oil brands වල ආයු කාලය අවුරුදු 5ක් පමණ වෙනවා. සමහර කෘතීම මිශ්‍ර කර සාදන Engine oil අවුරුදු 7-8 ක් ප්‍රමණයක් වුණත් භාවිතා කරන්න පුලුවන්. ඉතින් ඒ නිසා ඔයා අලුතෙන් Engine oil බෝතලයක් මිල දී ගන්නවා නම් අනිවාර්යෙන්ම expire date එක බලන්න අමතක කරන්න එපා.

පාට වෙනස් වෙලාද?

හොඳ තත්ත්වයේ Engine oil ඇම්බර් පැහැයෙන් තමයි බලාගන්න පුලුවන් වෙන්නේ. හැබැයි තෙල් ඉතා අඳුරු සහ මඩ සහිත බවක් පේනවා නම් බොහෝ විට එය ඔක්සිකරණය වෙලා තියෙන්න පුලුවන්. කල් ඉකුත් වෙන්න තව දවස් තිබ්බත් Engine oil වල පැහැයේ වෙනසක් තියෙනවා නම් ඒ තෙල් වර්ගය භාවිතයට සුදුසු වෙන්නේ නම් නැහැ.

පෙනුමේ වෙනසක් තියෙනවද?

Conventional සහ synthetic Engine oil වර්ග දෙකම පැහැදිලි සහ විනිවිද පෙනෙන පැහැයකින් තමයි යුක්ත වෙන්නේ. භාවිතයට සුදුසු Engine oil කිරි පැහැයක් හෝ මීදුම ආකාරයට දිස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒකාකාර ලෙස ගලා යෑමත් සිදු වෙන්න ඕනේ.

දියරමය ස්වභාවය වෙනස්ද?

Engine oil සිහින්, සිනිඳු සහ තරමක් දියර ස්වභාවයකින් යුක්ත වෙන්න ඕනේ. එය ඉතා ඝන හෝ සෙවල වැනි බවක් පෙනෙන්නට තියෙනවා නම් බොහෝ විට තෙතමනය හේතුවෙන් කල් ඉකුත් වීමට ලක් වෙලා තියෙනවා.

ඉතින් මේ විදියට තමයි අපිට Engine oil expire වෙලාද නැද්ද කියලා බලාගන්න පුලුවන් වෙන්නේ. ඔයත් Engine oil භාවිතා කරනකොට MotorGuide අද කියලා දුන්න කරුණු ගැනත් අවදානය යොමු කරන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine mounts worn වුණාම වාහනයේ vibration වැඩි වෙන හැටි.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Starter motor problem තියෙනවාද කියලා හඳුනාගන්න ලක්ෂණ.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    2026 අලුතෙන් ආපු මොකද්ද මේ කොළපාට අංක තහඩු කතාව.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Tyre Retreading කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Ceramic Coating ඇත්තටම වටිනවද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil flush කරන්න ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia EV5 Long Range 2026

    SUV

    රු 34.5M - 42M

  • Mazda CX-60 2.5 AWD 2025

    SUV

    රු 38M - 44.5M

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!