වාහනේ බැටරිය පරිස්සම් කරගන්නේ මෙහෙමයි

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක battery කියන්නේ හරියට අපි ආශ්වාස කරන ඔක්සිජන් වගේ දෙයක්. මොකද අපිට ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න බැහැ වගේම වාහනයකටත් battery එක නැතුව පැවැත්මක් නැහැ. හැබැයි ගොඩක් දෙනෙක් battery එක ගැන හිතන්නේ ලෙඩ දෙන්න ගත්තම. එතකොට ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. සමහර අවස්ථා වලදී අලුත් battery එකක් repalce කරන්නත් සිදු වෙන්න පුලුවන්.

මේ දවස් වල ආර්ථිකයත් එක්ක වාහන parts වල මිල හිතා ගන්නවත් බැරි තරමට ඉහළ ගිහින් තියෙන්නේ. ඒ නිසාම MotorGuide අපි හිතුවා වාහනයේ battery එක පරිස්සම් කරගන්න විදිහ ඔබට කියලා දෙන්න.

1. Engine එක පණ ගැන්වීමේ වාර ගණන සීමා කරන්න

අපි වාහනයක් ගන්නේ අපේ ගමන් බිමන් ලේසි කරගන්න. හැබැයි එහෙමයි කියලා පයින් යන්න පුලුවන් අඩි 10 දුරත් ගෙදර තියෙන වාහනේ start කරගෙන යනවා නම් මේ හේතුව නිසාම ඔබේ වාහනයේ battery ආයු කාලය අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි වාහනයේ engine එක ළඟ වැඩි වාර ගණනක් on - off කිරීම නිසාද battery ආයු කාලය වගේම starter motor එකේ ආයු කාලයද අඩු වෙනවා. ඉතින් ඒ නිසා වාහනයේ engine එක පණ ගැන්වීමේ වාර ගණන සීමා කරන්න නිතරම උත්සාහ කරන්න.

2. Electronic device charge කරන්න එපා

ගොඩක් දෙනෙක් කරන තවත් වැරද්දක් තමයි වාහනයේ engine එක පණ ගැන්වීමකින් තොරව, වාහන battery එකේ charge එකෙන් phones වගේ electronic device charge කරන එක. මෙතනදී වෙන්නේ charge කිරීම නිසා වාහන battery එකේ power එක direct අඩු වෙන එක. ඒක battery එකේ ආයු කාලය අඩු වීමට ලොකු හේතුවක් වෙනවා. ඒ නිසා කිසිම දවසක engine එක ක්‍රියාත්මක නොකර වාහනයේ battery එක මඟින් electronic device charge කරන්න එපා.

3. නිවැරදි ධාරිතාවයෙන් යුතු battery එකක් ගන්න

වාහනයේ battery එක පරිස්සම් කරගන්න නම් අනිවාර්යෙන්ම කරන්න ඕනේ දෙයක් තමයි වාහනයට ගැළපෙන නිවැරදි ධාරිතාවයෙන් යුතු battery එකක් තෝරා ගැනීම.

උදාහරණයක් විදියට ගත්තොත් 800cc engine එකක් තියෙන වාහනයකට සුදුසු වෙන්නේ වෝල්ටීයතාවය 35ක් වගේ තියෙන battery එකක්. ඒ වගේම 1500cc engine එකකට සුදුසු වන්නේ 45ක වෝල්ටීයතාවකින් යුතු battery එකක් තමයි.

ඩීසල් car එකක් ගත්තොත් එහි engine එක 1800cc - 2000cc අතර වෙනවා. ඉතින් ඒ වගේ වාහනයට ගැලපෙන්නේ 65 -70 අතර වෝල්ටීයතාවයක් තියෙන battery එකක්. ඒ වගේම එන්ජින් ධාරිතාවය 2000cc වලින් ඉහළ වාහන සඳහා 90ක වෝල්ටීයතාවකින් යුතු battery එකක් තමයි සුදුසු වන්නේ.

ඔබේ වාහනයට නොගැළපෙන battery එකක් තෝරා ගැනීම නිසාත් battery ආයු කාලය අඩු වෙනවා. ඒ නිසා නිවැරදි battry එකක් තෝරාගන්න අමතක කරන්න එපා.

4. Battery එක නිවැරදිව සවි කරන්න

වාහනයේ battery එක පරිස්සම් කරගන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි ගැස්සීම්, පැද්දීම් වලට ඔරොත්තු දෙන විදියට battery එක සවි කිරීම. අපි වාහනයක් drive කරනකොට රළු පාරවල් වල ගමන් කරන්න සිදු වෙනවා. ඒ වගේම හදිසි අවස්ථා වලදී අනතුරු වළක්වා ගැනීමට වාහනය එකවර හරවන්න සිදු වෙන්නත් පුලුවන්. ඉතින් මේ වගේ වෙලාවල් වලට battery එක සෙලවුණොත් spark ඇති වෙන්න පුලුවන්. මේ වගේ නිතර නිතර spark වීම battery එකේ ආයු කාලය අඩු කරන්න හේතු වෙනවා.

ඉතින් අපිට පුලුවන් bracket එකක් මඟින් ගැස්සීම්, පැද්දීම් වලට ඔරොත්තු දෙන විදියට battery එක සවි කරන්න.

5. Battery එක පරික්ෂා කරන්න

ඕනෙම දෙයක් වැඩි කාලයක් භාවිතා කරන්න නම් අනිවාර්යෙන්ම අපි ඒ දේ නිතර නිතර පරික්ෂා කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. අද අපි කතා කරන වාහන battery එකටත් මේ දේ අදාළයි.

ඒ නිසා මාස 3කට වරක් වත් battery එකේ වෝල්ටීයතා මට්ටම සහ වාහනයේ charging point එකේ වෝල්ටීයතා මට්ටම පරික්ෂා කරගන්න ඕනේ. ඒ වගේම තමයි battery එකේ වතුර මට්ටම පරික්ෂා කරලා බලන්නත් අමතක කරන්න එපා. විශේෂම දේ තමයි ඔබ වැඩිපුර වාහනය භාවිතා නොකරන කෙනෙක් නම් අවම සති දෙකකට වරක්වත් මෝටර් රථය පණ ගන්වන්න ඕනේ. එතකොට පුලුවන් වාහනයේ battery එකේ ආයු කාලය නිසි පරිදි පවත්වා ගන්න.

ඉතින් මේ විදියට තමයි වාහනේ බැටරිය පරිස්සම් කරගන්නේ. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව වාහනයේ battery එකේ ආයු කාලය අඩු කරන වැරදි සිදු වුණා නම් අදම ඒ දේවල් නවත්වන්න. ඒ වගේම MotorGuide අද ඔබට කියලා දුන්න විදිහට වාහනය භාවිතා කළොත් ලෙඩ අඩුවෙන්, ගොඩක් කල් ඔබේ වාහන battery එක භාවිතා කරන්න හැකියාව ලැබෙනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    කවුරුත් වැඩිය නොදන්න Tire profiles

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    බැටරි එකක ආයු කාලය තීරණය වෙන්නේ කොහොමද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Daily drive කරන කෙනෙක් දැනගත යුතු vehicle warning sounds

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil brand mix කරන එක safe ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Vehicle handbook එක කියවන්න ඕනේ ඇයි?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Check engine light off වෙලා තියෙනකොටත් fault එකක් තියෙන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Radiator fan එක වැඩ නොකරොත් engine එකට මොකද වෙන්නේ?

    time
    මිනිත්තු 4 කියවීම
  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

  • Hyundai Accent 2025

    Sedan

    රු 18M - 21M

  • Peugeot 2008 GT 2025

    Compact SUV

    රු 31M - 36.5M

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!