පර්ස් එකට නොදැනෙන්න වාහනය maintain කරන්නේ මෙහෙමයි

time
මිනිත්තු 5 කියවීම
feature image

වාහනයක් නඩත්තු කරනවා කියන්නේ වාහනය drive කරන එකවත්, ඉන්ධන පුරවන එකවත් නෙමෙයි. හැම වාහනයකටම නිතිපතා නඩත්තු කිරීම් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ගැන ඔයා සැළකිලිමත් වුණොත් ඔයාට අධික මුදලක් වියදම් කරන්න වෙන්නේ නැහැ. ඉතින් අද MotorGuide අපි කියන්නේ පර්ස් එකට නොදැනෙන්න වාහනය maintain කරගන්නේ කොහොමද කියලා.

පිරිසිදු බව

ගොඩක් වාහන වල ගැටලු ඇති වෙන්න අපිරිසිදු බව නිසා. ඔයා අවම වශයෙන් මාසෙකට දෙපාරක්වත් වාහනය හෝදන්න ඕනේ. මේක වාහනයේ පෙනුම ගැනම කියනවා නෙමෙයි. මොකද පාරේ කුණු, දූවිලි නිසාත් වාහනය අපිරිසිදු වෙනවා. ගොඩක් කල් ගිහින් වාහනය හෝදනවට වඩා මාසෙකට දෙපාරක්වත් හෝදන එකෙන් කාලයක් යද්දී වාහනයේ වෙනස ඔයාටම දකින්න පුළුවන් වෙයි. මොකද වාහනයේ ගැටලු ඇතිවීමට විසදුමක් වගේම ඔයාට නැවුම් සුවපහසු බවක් ලැබෙනවා.

Wipers check කරන්න

ඔයා වාහනයේ wipers හොඳ තත්වයේ තියාගන්න ඕනේ. පාර පැහැදිලිව පේන්න නම් wipers වල කුණු, දූවිලි ඉවත් වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා wipers අපිරිසිදු වෙලා නම් ඒ ගැන සැළකිලිමත් වෙන්න. අපිරිසිදු wipers නිසා ඔයාට වැස්ස වේලාවකදී වාහනය drive කිරීම අපහසුයි වගේම අනතුරකට ලක්වීමේ අවධානමත් වැඩියි. ඒ වගේම වැරදි ලෙස හදපු wipers මඟින් ඔයාගේ windshield එක සීරීමට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා නියමිත කාලයේදී අලුත් wipers replace කරන්න මතක තියාගන්න.

දොරවල් grease කරන්න

වාහනයේ දොරවල්, අගුල් open කරන එක පහසු කරගන්න පුළුවන් grease ඉසීමෙන්. ඔයා අඩුම වසරකට සැරයක්වත් මේ දේ කරන්න ඕනේ. එමඟින් දොරවල් හා අගුල් හොඳින් වැඩ කිරීම සිදුවෙනවා.

Battery එක check කරන්න

ඔයා නිතරම කොහේ හරි යන්න කලින් වුණත් වාහනයේ battery එක check කරන්න ඕනේ. වාහනය start කරන්න වගේම, සියලුම විදුලි පද්ධති ක්‍රියාත්මක වෙන්න battery එකෙන් බලය අවශ්‍ය වෙනවා. ඉතින් battery එක නිවැරදිව ක්‍රියා නොකරන්නේ නම් හා අවුරුදු 3ට වඩා පැරණි නම් නියමිත කාලයේදී battery එකක් replace කරන්න මතක තියාගන්න. ඒ වගේම වාහනය ගොඩක් කල් පාවිච්චි නොකර ඉන්නවා නම් battery ඒකෙ ආරෝපණය පවත්වා ගන්න සතියකට වරක්වත් මිනිත්තු කිහිපයක් සඳහා engine එක ධාවනය කරන්නත් මතක තියාගන්න.

Air filter එක check කරන්න

ඔයාගේ engine air filter එක හරහා තමයි හුස්ම ගන්නේ. Air filter එකෙන් වෙන්නේ එන වාතයෙන් දූවිලි සහ අපිරිසිදු දේවල් ඉවත් කරන එක. ඉතින් ඒ වාතය engine එක තුළ ඉන්ධන හා mix වෙලා දැල්වෙනවා. ඔයාගේ වාහනය සුමටව ධාවනය වෙන්න වගේම හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සඳහාත් air filter එක හොඳ තත්ත්වයේ තියෙන්න ඕනේ. පාවිච්චි කළාට පස්සේ air filter එක අපිරිසිදු හා අවහිර වෙන්න බලනවා. ඉතින් ඒ නිසා ඔයා air filter එක වරින් වර පරීක්ෂා කරලා වෙනස් කරන්න ඕනේ.

Engine oil check කරන්න

Engine oil engine එක ඇතුළේ වැඩ කරන කොටස් ලිහිසි කරනවා. ඒ වගේම engine එකේ කාර්යක්ෂමතාවය හා ආයු කාලය oil මත තමයි රැදිලා තියෙන්නේ. ඒ නිසා තමයි අඩු engine oil මට්ටම ගැන ඔයාට දැනගන්න වාහනයේ දර්ශකයක් තියෙන්නේ. Engine oil වල අසාමාන්‍ය පහත වැටීමක් ඔයා දැක්කොත්, ඒ කියන්නේ ඔයාගේ වාහනයෙන් oil leak වෙන්න පුළුවන් කියන එක තමයි.

ඒ නිසා නිතරම oil මට්ටම check කරන්න මතක තියාගන්න. ඒ වගේම oil කළු වෙලා තිබ්බොත් oil replace කරන්න. බාල oil පාවිච්චි කිරීමෙන් engine එකට හානි වීම, අලුත්වැඩියා කිරීමට හෝ engine එකක් replace කරන්න ඔයාට විශාල මුදලක් වැයවෙන්න පුළුවන්.

Fluids check කරන්න

Engine oil වලට අමතරව ඔයාගේ වාහනය ආරක්ෂිතව හා සුමටව ධාවනයට fluids වැදගත් වෙනවා. Oil මට්ටම අඩු නම් pump එකේ හෝ hoses එකේ කාන්දුවීම් තියෙනවා නම් වාහනයේ steering fluid එක නිසි ලෙස වැඩ කරන්නේ නැහැ. Coolant එක කියන්නේ cooling system එකේ මැද කොටසයි. එමඟින් engine එක වැඩ කරනකොට cool වෙනවා. Coolant එක engine oil තරම්ම වැදගත් වෙනවා, මොකද අධිකව රත් වෙන එකෙන් engine එක ආරක්ෂා වෙන නිසා. Engine එක අධික ලෙස රත් වෙනවා නම් හරි, coolant එක leak වෙනවා දැක්කොත් ඉක්මනටම check කරන්න මතක තියාගන්න. ඒ වගේම ඔයා owner’s manual book එකෙන් මේවා නිර්දේශිත මට්ටම් වලද තියෙන්නේ කියලා සහතික කරගන්නත් ඕනේ. Engine එක රත් වුණාම coolant cap එක open කරන්න එපා. ඒකෙන් coolant එක damage වෙන්න පුළුවන්.

Spark plugs

ඔයාගේ වාහනය petrol වලින් නම් ධාවනය වෙන්නේ ඔයාගේ වාහනයේ spark plugs තියෙනවා. ගොඩක් අය මේ ගැන වැඩි සැළකිල්ලක් දක්වන්නේ නැහැ. එත් engine එක නිවැරදිව හා කාර්යක්ෂමව වැඩ කරන්න spark plugs වැදගත් වෙනවා. ඒ වගේම ඔයාගේ වාහනයේ වර්ගය අනුව එහි spark plugs 4ක් හෝ ඊට වැඩි ගණනක් තියෙනවා. ඉතින් spark plugs වල කාබන් තැන්පතු වීමෙන් නිසිලෙස වැඩ කරන්නේ නැතුව යනවා. ඉන්පසු එය engine එකට බලපෑම සිදුවෙනවා. ඔයා spark plugs පරික්ෂා කරන්න ඕනේ සැතපුම් 50,000 කට වගේ පසුවයි. ඉතින් නියමිත කාල සීමාවේදී spark plugs replace කරන්නත් මතක තියාගන්න.

Tyre pressures එක check කරන්න

Tyre pressures එක නිතිපතා check කිරීම ගොඩක් වැදගත් දෙයක්. Tyre pressure එක ගැන ගොඩක් අය වැඩි සැළකිල්ලක් දක්වන්නේ නැහැ. ඉතින් ඔයා tyres ගැන සැළකිල්ලක් දක්වන්නේ නැහැ කියන්නේ tyres වල ඉක්මනටම ආයු කාලය අඩු වෙනවා කියන එක තමයි. ඉතින් ඔයාලා දන්නවා tyres ගොඩක් මිල අධිකයි. ඒත් ඔයා tires නිවැරදිව බලාගන්නවා නම් සමහර ඒවා සැතපුම් 50,000 කට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම නිවැරදි tyre pressures එක ගැන owner’s manual book එකෙන් බලා ගන්න පුළුවන්.

Wheel alignment ගැන

සෑම වසර දෙකකට සැරයක් වගේ wheel check කරන්න ඕනේ. මේ ගැන ගොඩක් දෙනා හරියට දන්නේ නැහැ. ඉතින් මේ wheel alignment සඳහා විශේෂ උපකරණ අවශ්‍ය වෙන නිසා එය සිදු කරන්න වෙන්නේ garage එකක හරි Tyre අලෙවිසැලකය.

ඉතින් මෙන්න මේ දේවල් තමයි පර්ස් එකට නොදැනෙන්න වාහනය maintain කරන්නේ. ඉතින් දැන් ඔයාටත් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Aultanator එකෙන් ඇත්තටම මොකද්ද වෙන්නෙ

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Tire punch repair kit එකක් හරියට පාවිච්චි කරන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    කවුරුත් වැඩිය නොදන්න Tire profiles

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    බැටරි එකක ආයු කාලය තීරණය වෙන්නේ කොහොමද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!