පර්ස් එකට නොදැනෙන්න වාහනය maintain කරන්නේ මෙහෙමයි

time
මිනිත්තු 5 කියවීම
feature image

වාහනයක් නඩත්තු කරනවා කියන්නේ වාහනය drive කරන එකවත්, ඉන්ධන පුරවන එකවත් නෙමෙයි. හැම වාහනයකටම නිතිපතා නඩත්තු කිරීම් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ගැන ඔයා සැළකිලිමත් වුණොත් ඔයාට අධික මුදලක් වියදම් කරන්න වෙන්නේ නැහැ. ඉතින් අද MotorGuide අපි කියන්නේ පර්ස් එකට නොදැනෙන්න වාහනය maintain කරගන්නේ කොහොමද කියලා.

පිරිසිදු බව

ගොඩක් වාහන වල ගැටලු ඇති වෙන්න අපිරිසිදු බව නිසා. ඔයා අවම වශයෙන් මාසෙකට දෙපාරක්වත් වාහනය හෝදන්න ඕනේ. මේක වාහනයේ පෙනුම ගැනම කියනවා නෙමෙයි. මොකද පාරේ කුණු, දූවිලි නිසාත් වාහනය අපිරිසිදු වෙනවා. ගොඩක් කල් ගිහින් වාහනය හෝදනවට වඩා මාසෙකට දෙපාරක්වත් හෝදන එකෙන් කාලයක් යද්දී වාහනයේ වෙනස ඔයාටම දකින්න පුළුවන් වෙයි. මොකද වාහනයේ ගැටලු ඇතිවීමට විසදුමක් වගේම ඔයාට නැවුම් සුවපහසු බවක් ලැබෙනවා.

Wipers check කරන්න

ඔයා වාහනයේ wipers හොඳ තත්වයේ තියාගන්න ඕනේ. පාර පැහැදිලිව පේන්න නම් wipers වල කුණු, දූවිලි ඉවත් වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා wipers අපිරිසිදු වෙලා නම් ඒ ගැන සැළකිලිමත් වෙන්න. අපිරිසිදු wipers නිසා ඔයාට වැස්ස වේලාවකදී වාහනය drive කිරීම අපහසුයි වගේම අනතුරකට ලක්වීමේ අවධානමත් වැඩියි. ඒ වගේම වැරදි ලෙස හදපු wipers මඟින් ඔයාගේ windshield එක සීරීමට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා නියමිත කාලයේදී අලුත් wipers replace කරන්න මතක තියාගන්න.

දොරවල් grease කරන්න

වාහනයේ දොරවල්, අගුල් open කරන එක පහසු කරගන්න පුළුවන් grease ඉසීමෙන්. ඔයා අඩුම වසරකට සැරයක්වත් මේ දේ කරන්න ඕනේ. එමඟින් දොරවල් හා අගුල් හොඳින් වැඩ කිරීම සිදුවෙනවා.

Battery එක check කරන්න

ඔයා නිතරම කොහේ හරි යන්න කලින් වුණත් වාහනයේ battery එක check කරන්න ඕනේ. වාහනය start කරන්න වගේම, සියලුම විදුලි පද්ධති ක්‍රියාත්මක වෙන්න battery එකෙන් බලය අවශ්‍ය වෙනවා. ඉතින් battery එක නිවැරදිව ක්‍රියා නොකරන්නේ නම් හා අවුරුදු 3ට වඩා පැරණි නම් නියමිත කාලයේදී battery එකක් replace කරන්න මතක තියාගන්න. ඒ වගේම වාහනය ගොඩක් කල් පාවිච්චි නොකර ඉන්නවා නම් battery ඒකෙ ආරෝපණය පවත්වා ගන්න සතියකට වරක්වත් මිනිත්තු කිහිපයක් සඳහා engine එක ධාවනය කරන්නත් මතක තියාගන්න.

Air filter එක check කරන්න

ඔයාගේ engine air filter එක හරහා තමයි හුස්ම ගන්නේ. Air filter එකෙන් වෙන්නේ එන වාතයෙන් දූවිලි සහ අපිරිසිදු දේවල් ඉවත් කරන එක. ඉතින් ඒ වාතය engine එක තුළ ඉන්ධන හා mix වෙලා දැල්වෙනවා. ඔයාගේ වාහනය සුමටව ධාවනය වෙන්න වගේම හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සඳහාත් air filter එක හොඳ තත්ත්වයේ තියෙන්න ඕනේ. පාවිච්චි කළාට පස්සේ air filter එක අපිරිසිදු හා අවහිර වෙන්න බලනවා. ඉතින් ඒ නිසා ඔයා air filter එක වරින් වර පරීක්ෂා කරලා වෙනස් කරන්න ඕනේ.

Engine oil check කරන්න

Engine oil engine එක ඇතුළේ වැඩ කරන කොටස් ලිහිසි කරනවා. ඒ වගේම engine එකේ කාර්යක්ෂමතාවය හා ආයු කාලය oil මත තමයි රැදිලා තියෙන්නේ. ඒ නිසා තමයි අඩු engine oil මට්ටම ගැන ඔයාට දැනගන්න වාහනයේ දර්ශකයක් තියෙන්නේ. Engine oil වල අසාමාන්‍ය පහත වැටීමක් ඔයා දැක්කොත්, ඒ කියන්නේ ඔයාගේ වාහනයෙන් oil leak වෙන්න පුළුවන් කියන එක තමයි.

ඒ නිසා නිතරම oil මට්ටම check කරන්න මතක තියාගන්න. ඒ වගේම oil කළු වෙලා තිබ්බොත් oil replace කරන්න. බාල oil පාවිච්චි කිරීමෙන් engine එකට හානි වීම, අලුත්වැඩියා කිරීමට හෝ engine එකක් replace කරන්න ඔයාට විශාල මුදලක් වැයවෙන්න පුළුවන්.

Fluids check කරන්න

Engine oil වලට අමතරව ඔයාගේ වාහනය ආරක්ෂිතව හා සුමටව ධාවනයට fluids වැදගත් වෙනවා. Oil මට්ටම අඩු නම් pump එකේ හෝ hoses එකේ කාන්දුවීම් තියෙනවා නම් වාහනයේ steering fluid එක නිසි ලෙස වැඩ කරන්නේ නැහැ. Coolant එක කියන්නේ cooling system එකේ මැද කොටසයි. එමඟින් engine එක වැඩ කරනකොට cool වෙනවා. Coolant එක engine oil තරම්ම වැදගත් වෙනවා, මොකද අධිකව රත් වෙන එකෙන් engine එක ආරක්ෂා වෙන නිසා. Engine එක අධික ලෙස රත් වෙනවා නම් හරි, coolant එක leak වෙනවා දැක්කොත් ඉක්මනටම check කරන්න මතක තියාගන්න. ඒ වගේම ඔයා owner’s manual book එකෙන් මේවා නිර්දේශිත මට්ටම් වලද තියෙන්නේ කියලා සහතික කරගන්නත් ඕනේ. Engine එක රත් වුණාම coolant cap එක open කරන්න එපා. ඒකෙන් coolant එක damage වෙන්න පුළුවන්.

Spark plugs

ඔයාගේ වාහනය petrol වලින් නම් ධාවනය වෙන්නේ ඔයාගේ වාහනයේ spark plugs තියෙනවා. ගොඩක් අය මේ ගැන වැඩි සැළකිල්ලක් දක්වන්නේ නැහැ. එත් engine එක නිවැරදිව හා කාර්යක්ෂමව වැඩ කරන්න spark plugs වැදගත් වෙනවා. ඒ වගේම ඔයාගේ වාහනයේ වර්ගය අනුව එහි spark plugs 4ක් හෝ ඊට වැඩි ගණනක් තියෙනවා. ඉතින් spark plugs වල කාබන් තැන්පතු වීමෙන් නිසිලෙස වැඩ කරන්නේ නැතුව යනවා. ඉන්පසු එය engine එකට බලපෑම සිදුවෙනවා. ඔයා spark plugs පරික්ෂා කරන්න ඕනේ සැතපුම් 50,000 කට වගේ පසුවයි. ඉතින් නියමිත කාල සීමාවේදී spark plugs replace කරන්නත් මතක තියාගන්න.

Tyre pressures එක check කරන්න

Tyre pressures එක නිතිපතා check කිරීම ගොඩක් වැදගත් දෙයක්. Tyre pressure එක ගැන ගොඩක් අය වැඩි සැළකිල්ලක් දක්වන්නේ නැහැ. ඉතින් ඔයා tyres ගැන සැළකිල්ලක් දක්වන්නේ නැහැ කියන්නේ tyres වල ඉක්මනටම ආයු කාලය අඩු වෙනවා කියන එක තමයි. ඉතින් ඔයාලා දන්නවා tyres ගොඩක් මිල අධිකයි. ඒත් ඔයා tires නිවැරදිව බලාගන්නවා නම් සමහර ඒවා සැතපුම් 50,000 කට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම නිවැරදි tyre pressures එක ගැන owner’s manual book එකෙන් බලා ගන්න පුළුවන්.

Wheel alignment ගැන

සෑම වසර දෙකකට සැරයක් වගේ wheel check කරන්න ඕනේ. මේ ගැන ගොඩක් දෙනා හරියට දන්නේ නැහැ. ඉතින් මේ wheel alignment සඳහා විශේෂ උපකරණ අවශ්‍ය වෙන නිසා එය සිදු කරන්න වෙන්නේ garage එකක හරි Tyre අලෙවිසැලකය.

ඉතින් මෙන්න මේ දේවල් තමයි පර්ස් එකට නොදැනෙන්න වාහනය maintain කරන්නේ. ඉතින් දැන් ඔයාටත් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine mounts worn වුණාම වාහනයේ vibration වැඩි වෙන හැටි.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Starter motor problem තියෙනවාද කියලා හඳුනාගන්න ලක්ෂණ.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    2026 අලුතෙන් ආපු මොකද්ද මේ කොළපාට අංක තහඩු කතාව.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Tyre Retreading කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Ceramic Coating ඇත්තටම වටිනවද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil flush කරන්න ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia EV5 Long Range 2026

    SUV

    රු 34.5M - 42M

  • Mazda CX-60 2.5 AWD 2025

    SUV

    රු 38M - 44.5M

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!