මෝටර් රථයේ ශබ්දය වැඩි කළ හැකි ක්‍රම

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔයාට පුළුවන්ද ඇස් දෙකට දකින්නේ නැතුව ශබ්දයෙන් විතරක් වාහනයක් හඳුනාගන්න? වාහන ගැන කැමැත්තක්, ආසාවක් තියෙන ගොඩක් දෙනාට මේ හැකියාව තියෙනවා. ඒ වගේම විවිධ වාහන වලට ඒවාටම ආවේනික වුණු ශබ්දයක් තමයි තියෙන්නේ. ඒත් සමහර අයට තමන්ගේ වාහනයට එන original sound එක මදි. එතකොට ඔවුන් කරන්නේ විවිධ ක්‍රම භාවිතා කරලා වාහනයේ ශබ්දය වැඩි කරගන්න එක. ඉතින් ඒ නිසාම MotorGuide අපි හිතුවා මෝටර් රථයේ ශබ්දය වැඩි කළ හැකි ක්‍රම කිහිපයක් ඔබට කියන්න.

Exhaust pipes වල සිදුරු හදන්න

Exhaust සිදුරු කිරීමෙන් sound waves වැඩිපුර පිටවීමට ඉඩ සලසනවා. Muffler සහ catalytic convertor අතර exhaust එකේ අඟල් 0.38 (සෙ.මී. 0.95) ක වගේ කුඩා සිදුරු 6-8ක් විදින්න පුළුවන්. මේ සඳහා cobalt-tipped drill එකක් භාවිතා කරන්න. මෙම සිදුරු මගින් ඔබේ මෝටර් රථයට වඩාත් aggressive sound එකක් ලබා ගන්න පුළුවන්.

Exhaust pipes පිරිසිදු කරන්න

මෝටර් රථයට වැඩි ශබ්දයක් ලබා ගන්න නම් ඔබේ exhaust pipes වල ශබ්දය අවහිර කරන කාබන් ඉවත් කරන්න ඕනේ. මොකද exhaust pipes වල කාබන් බැඳිලා තිබෙන විට, engine එකේ ක්‍රියාකාරිත්වය සහ ශබ්දය අඩු වෙනවා. සබන් හා වතුර භාවිතා කරලා exhaust pipes වල තියෙන කුණු ඉවත් කරන්න පුළුවන්. ඉන්පසු exhaust එක පුරා degreaser apply කරන්න.

Exhaust tip add කරන්න

Engine එකේ ශබ්දය වැඩි කිරීමට tailpipe එකට exhaust tip එකක් එකතු කරන්න පුළුවන්. ඔබට smooth purr ශබ්දයක් හෝ aggressive roar ශබ්දයක්ද අවශ්‍ය යන්න මෙහිදී customize කරන්න පුළුවන්.

අලුත් muffler එකක් ගන්න

උපරිම ශබ්දයක් සඳහා straight-through muffler එකක් තෝරන්න. මෙම වර්ගයේ muffler මඟින් exhaust gasses සහ ශබ්ද තරංග පහසුවෙන් පිටවීමට ඉඩ සලසනවා. ඒ විතරක් නෙවෙයි එමඟින් ඔබේ වාහනයේ පරිමාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත් සිදු වෙනවා. ඔබට අවශ්‍ය ශබ්දය ලබා ගැනීම සඳහා, muffler placement එකකට ගිහින් බලන්න. බොහෝ muffler වාහනයේ පසුපස කෙළවර අසල තමයි පිහිටා තිබෙන්නේ. නමුත් ඊටත් වඩා විශාල ශබ්දයක් සඳහා එය engine එකට සමීපව (tailpipe එක දිගේ) ගෙන යන්න.

Exhaust pipes විශාල කරන්න

Major roar සඳහා ඔබේ වාහනයේ exhaust pipes අඟල් 0.5කින් (සෙ.මී. 1.27) වැඩි කරන්න. Exhaust system එකේ ඔබේ වාහනයේ ශබ්දය සඳහා උදව් වෙන exhaust pipes, muffler සහ resonator ඇතුළත් වෙනවා. ඔබේ වාහනයේ gas flow එක වැඩි කිරීමට සහ වැඩි ශබ්දයක් ඔබේ වාහනයෙන් පහසුවෙන් පිටවීමට තරමක් විශාල exhaust pipes වලට මාරු වෙන්න.

Straight-pipe exhaust system එකකට convert කරන්න

Loud straight-pipe එකකින්, noise-suppressing exhaust එක replace කරන්න. මෙම වෙනස් කිරීම මගින් catalytic convertor, resonator සහ muffler එක ඉවත් වී එය straight, single tube එකක් සමඟ replace වෙනවා. Tube එකේ සැලසුම මඟින් ශබ්දය වඩාත් පහසුවෙන් ගමන් කිරීමට ඉඩ සලසන අතර, සමහර පද්ධති ඩෙසිබල් 120කට වඩා ළඟා වෙනවා.

Cat-back exhaust එකකට මාරු වෙන්න

Torque එක සහ volume එක වැඩි කිරීමට dual exhaust cat-back system එකකට පුළුවන්. මෙම වෙනස් කිරීම ඔබේ වාහනයේ engine එක මත ඇති වෙන පීඩනය අඩු කර, වාතය සහ ශබ්දය වැඩි කරනවා . Dual exhausts වඩාත් aggressive noise එකක් ඇති කරනවා.

Engine එක upgrade කරන්න

ඔබට Robust, resonant sound එකක් සඳහා V6 හෝ V8 engine එකකට මාරු වෙන්න. ඔබේ වාහනයේ engine එකේ cylinders ගණන වැඩි වන තරමට බලය සහ ශබ්දයද වැඩි වෙනවා. නමුත් inline engines නොව, V engine කුඩා අවකාශයකට වැඩි cylinders ප්‍රමාණයක් අසුරන බැවින් ඒවා බොහෝ විට high-performance sports cars වල දක්නට ලැබෙනවා.

ඉතින් මේ තමයි වාහනයක ශබ්දය වැඩි කරන්න පුළුවන් ලේසිම ක්‍රම. ඔබත් ඔබේ වාහනයේ ශබ්දය වැඩි කරන්න හිතාගෙන ඉන්නවා නම් MotorGuide අද අපි කිව්වා දේවල් ගැන හිතලා බලන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!