ඔබේ මෝටර් රථයේ සීරීම් සහ පැල්ලම් වළක්වා ගන්නේ කෙසේද?

time
මිනිත්තු 4 කියවීම
feature image

ලක්ෂ ගාණක් දීලා අපි වාහනයක් ගන්නේ මාරම ආසාවකින් සහ කැමැත්තකින්. කෙටියෙන්ම කිව්වොත් මෝටර් රථ අපේ වටිනාම භාණ්ඩ අතරට අයත් වෙන වාහනයක්. මොන තරම් වාහනය වටිනවද කියලා කියනවා නම් සමහර අය වාහනය ඇතුළේ කෑම කන එක පවා තහනම් කරලා තියෙනවා. ඉතින් ටිකක් හිතන්නකෝ මේ තරම් පරිස්සම් කරන වාහනයේ සීරීම් සලකුණක් හරි පැල්ලමක් හරි තිබ්බොත් මොන වගේ දෙයක් හිතෙයිද?

ඒ නිසාම අද MotorGuide අපි ඔබට අරගෙන එන්නේ ඔබේ මෝටර් රථයේ සීරීම් සහ පැල්ලම් වළක්වා ගන්නේ කොහොමද කියලා.

වාහනය හරිම තැන park කරන්න

ඔබේ මෝටර් රථය පදිකයින් වැඩි ප්‍රදේශයක හෝ වෙනත් වාහන විශාල ලෙස ගැවසෙන ප්‍රදේශයක park කරන්න කලින් දෙපාරක් හිතන්න. මොකද වෙනත් වාහනයක දොරක් විවෘත කරනකොට, hand bag එකක් වැදිලා එහෙමත් නැත්නම් වෙනත් රියදුරෙකු නිසා ඔබේ වාහනය සීරෙන්න පුලුවන්.

ඒ නිසා ඔබේ මෝටර් රථය සීරීම් වලින් ආරක්ෂා කර ගැනීමට නම් පාර දෙපස වාහනය නවත්වනවා වෙනුවට වාහන නැවැත්වීම සඳහාම වෙන් කර ඇති ස්ථානවල නවත්වන්න උත්සහ කරන්න. ඒ වගේම ඔබ මතක තබා ගත යුතු තවත් දෙයක් තමයි තද සූර්යාලෝකයට සෘජුව නිරාවරණය වීම නිසාද මෝටර් රථයේ තීන්ත වලට හානි සිදු වෙන්න පුලුවන් කියන එක.

හරිම විදිහට drive කරන්න

Drive කරනවා කියන එක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. නිවැරදිව drive කරන්න driving techniques හොඳින් දැනගෙන ඉන්න ඕනේ. හැබැයි ගොඩක් දෙනා මේ driving techniques නොසලකා හරින්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි මාර්ග නීති පිළිබඳවත් ලොකු තැකීමක් සිදු කරන්නේ නැහැ. මේ දේවලුත් ඔබගේ වාහනේ සීරීම් ඇති වෙන්න හේතු වෙනවා. මාර්ග නීති වලට අනුව නිවැරදි driving techniques භාවිතා කරලා වාහනය drive කරනවා නම් ඔබට කිසිදු අනතුරක් නැතුව රිය පදවන්න පුලුවන්. එවිට ඔබගේ වාහනය සීරීම් වලින් ආරක්ෂා කරගන්නත් පුලුවන්.

වාහනය පිරිසිදු කිරීමේදී සැළකිලිමත් වෙන්න

ඔබේ මෝටර් රථය කොපමණ වාරයක් සෝදන්න ඕනෙද? ඇත්තටම මේ ප්‍රශ්නයට හරි උත්තරයක් නැහැ. මොකද වාහනයක් සේදීම, භාවිතය අනුව වෙනස් වෙනවා. හැබැයි ඔබේ වාහනය අනවශ්‍ය විදිහට, වැරදි විදිහට පිරිසිදු කළොත් නම් ලොකු හානියක් වෙන්න පුලුවන්.

හිතන්නවත් බැරි විදිහේ සීරීම් සහ පැල්ලම් වාහනය පිරිසිදු කිරීම නිසා ඇති වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඔබ භාවිතා කරන washing liquids, රෙදි සහ brush මෙයට හේතු වෙන්න පුලුවන්. ඒ නිසා වාහන සේදීම ගැන ඔබට දැනුමක් නැත්නම් ඒ පිළිබඳ දැනුවත් වෙන්න උත්සහ කරන්න. වාහනයක් සේදීමේදී සිදු වන වඩාත් පොදු වැරදි තමයි වියළි රෙද්දකින් මතුපිට දූවිලි ඉවත් කිරීම, දූවිලි සේදීමට පෙර sponge එකකින් මෝටර් රථය ඇතිල්ලීම කියන්නේ.

Car wax apply කරන්න

වාහනයේ paint එක ආරක්ෂා කරගන්න පුලුවන් තවත් විදිහක් තමයි wax apply කරන එක. Wax මඟින් ඔබේ මෝටර් රථයට protective layer එකක් සපයනවා. එම නිසා හිරු කිරණ, සීරීම් සහ පැල්ලම් වගේ දේවලින් ඔබේ වාහනය ආරක්ෂා වීම සිදු වෙනවා.

ඒ විතරක් නෙමෙයි wax මඟින් මැරුණු කෘමින්ගෙන්, කුරුලු වසුරු වලින් සහ දුහුවිලි නිසා ඇති වෙන පැල්ලම් වලින්ද වාහනය ආරක්ෂා කරනවා. විශේෂයෙන්ම වාහනයේ ඇති වී තිබෙන කුඩා සීරීම් නිසා ඇතිවෙන side effects නැති කරන්නත් wax වලට පුලුවන්. Wax නිසා මෝටර් රථයේ මලකඩ සෑදීමට හේතු වන ඔක්සිකරණය වළකිනවා.

ඔබේ පුරුදු වෙනස් කරන්න

අපි වාහනයක් ගන්නේ අපේ එදිනෙදා වැඩ කටයුතු ලේසි කරගන්න. Shopping ගිහින් බඩු අරගෙන එන එක ඒ වැඩකටයුතු අතර ප්‍රධාන තැනක් ගන්නවා. හැබැයි කලබලේට අරගත්ත බඩු අසුරනකොට වගේම බඩු බානකොටත් ඔබේ වාහනයට damage වෙන්න පුලුවන්. මොකද අපි ගොඩක් වෙලාවට වාහනයේ bonnet එක උඩින් එහෙමත් නැත්නම් dicky එක උඩින් අපේ ගමන් මලු තියන්න පුරුදු වෙලා ඉන්නවා. මේ වැරැද්ද අපේ වාහනයේ සීරීම් සහ පැල්ලම් ඇති වෙන්න ලොකු හේතුවක්.

මෝටර් රථ සීරීම් වළක්වා ගැනීම සඳහා ඔබ වෙනස් කිරීමට අවශ්‍ය විය හැකි තවත් පුරුද්දක් තමයි car covers භාවිතය. Car covers නිසාත් ඔබේ වාහනයේ සීරීම් සහ පැල්ලම් ඇති වෙන්න පුලුවන්. මෝටර් රථයක තියෙන ඕනෑම රෙදි වර්ගයක් දූවිලි අංශුවල ඝර්ෂණය හේතුවෙන් සීරීම් අවදානම වැඩි කරනවා. ඒ නිසා car cover එකක් භාවිතා කරන්න කලින් ටිකක් හිතන්න.

ඉතින් මේ විදිහට තමයි ඔබ පණ වගේ ආදරේ කරන මෝටර් රථය සීරීම් සහ පැල්ලම් වලින් ආරක්ෂා කරගන්නේ. වාහනයක් කියන්නෙත් ඔබගේ ජීවිතයට තවත් වගකීමක්. ඒ නිසා MotorGuide අපි අද කිව්ව කරුණු මතකයේ රඳවාගෙන වාහනය භාවිතා කළොත් ඔබට පුලුවන් ඔබේ මෝටර් රථය සීරීම් සහ පැල්ලම් වලින් ආරක්ෂා කරගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine mounts worn වුණාම වාහනයේ vibration වැඩි වෙන හැටි.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Starter motor problem තියෙනවාද කියලා හඳුනාගන්න ලක්ෂණ.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    2026 අලුතෙන් ආපු මොකද්ද මේ කොළපාට අංක තහඩු කතාව.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Tyre Retreading කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Ceramic Coating ඇත්තටම වටිනවද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil flush කරන්න ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia EV5 Long Range 2026

    SUV

    රු 34.5M - 42M

  • Mazda CX-60 2.5 AWD 2025

    SUV

    රු 38M - 44.5M

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!