ඔබේ මෝටර් රථයේ සීරීම් සහ පැල්ලම් වළක්වා ගන්නේ කෙසේද?

time
මිනිත්තු 4 කියවීම
feature image

ලක්ෂ ගාණක් දීලා අපි වාහනයක් ගන්නේ මාරම ආසාවකින් සහ කැමැත්තකින්. කෙටියෙන්ම කිව්වොත් මෝටර් රථ අපේ වටිනාම භාණ්ඩ අතරට අයත් වෙන වාහනයක්. මොන තරම් වාහනය වටිනවද කියලා කියනවා නම් සමහර අය වාහනය ඇතුළේ කෑම කන එක පවා තහනම් කරලා තියෙනවා. ඉතින් ටිකක් හිතන්නකෝ මේ තරම් පරිස්සම් කරන වාහනයේ සීරීම් සලකුණක් හරි පැල්ලමක් හරි තිබ්බොත් මොන වගේ දෙයක් හිතෙයිද?

ඒ නිසාම අද MotorGuide අපි ඔබට අරගෙන එන්නේ ඔබේ මෝටර් රථයේ සීරීම් සහ පැල්ලම් වළක්වා ගන්නේ කොහොමද කියලා.

වාහනය හරිම තැන park කරන්න

ඔබේ මෝටර් රථය පදිකයින් වැඩි ප්‍රදේශයක හෝ වෙනත් වාහන විශාල ලෙස ගැවසෙන ප්‍රදේශයක park කරන්න කලින් දෙපාරක් හිතන්න. මොකද වෙනත් වාහනයක දොරක් විවෘත කරනකොට, hand bag එකක් වැදිලා එහෙමත් නැත්නම් වෙනත් රියදුරෙකු නිසා ඔබේ වාහනය සීරෙන්න පුලුවන්.

ඒ නිසා ඔබේ මෝටර් රථය සීරීම් වලින් ආරක්ෂා කර ගැනීමට නම් පාර දෙපස වාහනය නවත්වනවා වෙනුවට වාහන නැවැත්වීම සඳහාම වෙන් කර ඇති ස්ථානවල නවත්වන්න උත්සහ කරන්න. ඒ වගේම ඔබ මතක තබා ගත යුතු තවත් දෙයක් තමයි තද සූර්යාලෝකයට සෘජුව නිරාවරණය වීම නිසාද මෝටර් රථයේ තීන්ත වලට හානි සිදු වෙන්න පුලුවන් කියන එක.

හරිම විදිහට drive කරන්න

Drive කරනවා කියන එක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. නිවැරදිව drive කරන්න driving techniques හොඳින් දැනගෙන ඉන්න ඕනේ. හැබැයි ගොඩක් දෙනා මේ driving techniques නොසලකා හරින්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි මාර්ග නීති පිළිබඳවත් ලොකු තැකීමක් සිදු කරන්නේ නැහැ. මේ දේවලුත් ඔබගේ වාහනේ සීරීම් ඇති වෙන්න හේතු වෙනවා. මාර්ග නීති වලට අනුව නිවැරදි driving techniques භාවිතා කරලා වාහනය drive කරනවා නම් ඔබට කිසිදු අනතුරක් නැතුව රිය පදවන්න පුලුවන්. එවිට ඔබගේ වාහනය සීරීම් වලින් ආරක්ෂා කරගන්නත් පුලුවන්.

වාහනය පිරිසිදු කිරීමේදී සැළකිලිමත් වෙන්න

ඔබේ මෝටර් රථය කොපමණ වාරයක් සෝදන්න ඕනෙද? ඇත්තටම මේ ප්‍රශ්නයට හරි උත්තරයක් නැහැ. මොකද වාහනයක් සේදීම, භාවිතය අනුව වෙනස් වෙනවා. හැබැයි ඔබේ වාහනය අනවශ්‍ය විදිහට, වැරදි විදිහට පිරිසිදු කළොත් නම් ලොකු හානියක් වෙන්න පුලුවන්.

හිතන්නවත් බැරි විදිහේ සීරීම් සහ පැල්ලම් වාහනය පිරිසිදු කිරීම නිසා ඇති වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඔබ භාවිතා කරන washing liquids, රෙදි සහ brush මෙයට හේතු වෙන්න පුලුවන්. ඒ නිසා වාහන සේදීම ගැන ඔබට දැනුමක් නැත්නම් ඒ පිළිබඳ දැනුවත් වෙන්න උත්සහ කරන්න. වාහනයක් සේදීමේදී සිදු වන වඩාත් පොදු වැරදි තමයි වියළි රෙද්දකින් මතුපිට දූවිලි ඉවත් කිරීම, දූවිලි සේදීමට පෙර sponge එකකින් මෝටර් රථය ඇතිල්ලීම කියන්නේ.

Car wax apply කරන්න

වාහනයේ paint එක ආරක්ෂා කරගන්න පුලුවන් තවත් විදිහක් තමයි wax apply කරන එක. Wax මඟින් ඔබේ මෝටර් රථයට protective layer එකක් සපයනවා. එම නිසා හිරු කිරණ, සීරීම් සහ පැල්ලම් වගේ දේවලින් ඔබේ වාහනය ආරක්ෂා වීම සිදු වෙනවා.

ඒ විතරක් නෙමෙයි wax මඟින් මැරුණු කෘමින්ගෙන්, කුරුලු වසුරු වලින් සහ දුහුවිලි නිසා ඇති වෙන පැල්ලම් වලින්ද වාහනය ආරක්ෂා කරනවා. විශේෂයෙන්ම වාහනයේ ඇති වී තිබෙන කුඩා සීරීම් නිසා ඇතිවෙන side effects නැති කරන්නත් wax වලට පුලුවන්. Wax නිසා මෝටර් රථයේ මලකඩ සෑදීමට හේතු වන ඔක්සිකරණය වළකිනවා.

ඔබේ පුරුදු වෙනස් කරන්න

අපි වාහනයක් ගන්නේ අපේ එදිනෙදා වැඩ කටයුතු ලේසි කරගන්න. Shopping ගිහින් බඩු අරගෙන එන එක ඒ වැඩකටයුතු අතර ප්‍රධාන තැනක් ගන්නවා. හැබැයි කලබලේට අරගත්ත බඩු අසුරනකොට වගේම බඩු බානකොටත් ඔබේ වාහනයට damage වෙන්න පුලුවන්. මොකද අපි ගොඩක් වෙලාවට වාහනයේ bonnet එක උඩින් එහෙමත් නැත්නම් dicky එක උඩින් අපේ ගමන් මලු තියන්න පුරුදු වෙලා ඉන්නවා. මේ වැරැද්ද අපේ වාහනයේ සීරීම් සහ පැල්ලම් ඇති වෙන්න ලොකු හේතුවක්.

මෝටර් රථ සීරීම් වළක්වා ගැනීම සඳහා ඔබ වෙනස් කිරීමට අවශ්‍ය විය හැකි තවත් පුරුද්දක් තමයි car covers භාවිතය. Car covers නිසාත් ඔබේ වාහනයේ සීරීම් සහ පැල්ලම් ඇති වෙන්න පුලුවන්. මෝටර් රථයක තියෙන ඕනෑම රෙදි වර්ගයක් දූවිලි අංශුවල ඝර්ෂණය හේතුවෙන් සීරීම් අවදානම වැඩි කරනවා. ඒ නිසා car cover එකක් භාවිතා කරන්න කලින් ටිකක් හිතන්න.

ඉතින් මේ විදිහට තමයි ඔබ පණ වගේ ආදරේ කරන මෝටර් රථය සීරීම් සහ පැල්ලම් වලින් ආරක්ෂා කරගන්නේ. වාහනයක් කියන්නෙත් ඔබගේ ජීවිතයට තවත් වගකීමක්. ඒ නිසා MotorGuide අපි අද කිව්ව කරුණු මතකයේ රඳවාගෙන වාහනය භාවිතා කළොත් ඔබට පුලුවන් ඔබේ මෝටර් රථය සීරීම් සහ පැල්ලම් වලින් ආරක්ෂා කරගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!