වාහනයක් හරියට රැක බලාගන්නේ කොහොමද?

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 8ක් විතර කියලා කිව්වට, බොහෝ වෙලාවට ඊට කළිං වාහනේ කාලය නිමා වෙන්න පුළුවන්. මේකට හේතුව තමයි, නිසි පරිදි වාහනය රැක බලා නොගැනීම. එහෙනම්, වාහනයක් හරියටම රැක ගන්නෙ කොහොමද? අන්න ඒ ගැන තමයි අද අපි MotorGuide තුළින් ඔබට කියන්නෙ.

වාහනයේ tyre ගැන හොයලා බලන්න

වාහනයක වැදගත්ම සහ ආරක්ෂිතම අංගය තමයි ටයර්. වාහනයේ tyre සතියකට වරක් හෝ පරීක්ෂා කිරීම, ඔබේ safety එක තහවුරු කරගැනීමක්. අනිත් එක තමයි මුදල් ඉතිරි කරගන්න නම්, ටයර් වල පීඩනය, වාහනයේ අත්පොතේ ලැයිස්තුගත කර ඇති නිර්දේශිත පීඩන වලට ඉහළින් තබාගන්න ඕනෙ. තව දෙයක් තමයි, ඉදිරිපස සහ පසුපස ටයර් සඳහා ටයර් පීඩනය වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබේ වගේම වාහනයේත් safety එක සඳහා අපි recommend කරන්නෙ, පසුපස ඇක්සලයේ අවම වශයෙන් පැළඳ සිටින ටයර් භාවිතා කිරීමයි.

ආවරණය කරන්න

විශේෂයෙන්, වාහනය දිගු කාලයක් නවතා තිබෙනවා නම්, ඒක ආවරණය කරන්න ඕනෙ. වාහනය garage එකක park කර තැබීමෙන්, වාහනය වියළිව, පිරිසිදුව සහ ආරක්‍ෂිතව තියාගන්න පුළුවන්. ඊට අමතරව අහම්බෙන් සිදුවන හානි සහ සොරකම් කිරීමේ අවධානමත් අඩු කරනවා. ඔබ garage එකක් භාවිතා කරන්නැත්නම්, ඒ වෙනුවට උසස් තත්වයේ ආවරණයක් මිලදී ගැනීම ගැන සළකා බලන්න.

බර අඩු කරන්න

වාහනයේ බර අවම මට්ටමක තියාගන්න ඔබ වග බලාගන්න ඕනෙ. මේකට කරන්න තියෙන්නෙ, වාහනයේ තියෙන අනවශ්‍ය දේවල් ඉවත් කරන එක. Trip යනකොට එහෙම අනවශ්‍ය බර පටවන්නැතුව ඉන්න එක තමයි වඩාත් හොඳ. නමුත් හදිසි අවස්ථාවකදි අවශ්‍ය කරන දේවල් වාහනයේ තියන්න ඔබ අනිවාර්යයෙන් මතක තියාගන්න.

වාහනේ පිරිසිදුකම ගැන හිතන්න

වාහනයක පිරිසිදුකම වාහනයේ සෞඛ්‍යට වැදගත් දෙයක්. ඒ නිසා වාහනය පිරිසිදුව තබා ගැනීම නිෂ්ඵල දෙයක් නෙවෙයි. ඒක වාහනයේ ආයු කාලය සැලකිය යුතු ලෙස දීර්ඝ කරනවා. නමුත් ස්වයංක්‍රීය car wash වලදි තද බුරුසු තියෙන නිසා ඒ මඟින් සිහින් සීරීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වාහනය car wash එකට දාන්න කළිං හෝදන්න ඕන බව අමතක කරන්න එපා. වාහනයේ ඇතුළත microfibre රෙද්දකින් පිරිසිදුව තබා ගැනීම සහ floor mats වල වැටී තිබෙන අපිරිසිදු හා කුඩා දේවල් ඉවත් කිරීමත් වැදගත් වෙනවා.

වාහනේ පිරිසිදු කරනවා වගේම මලකඩ වලින් තොරව තියාගන්නත් ඕනෙ. නවීන මෝටර් රථ ගොඩාක් මලකඩ - ප්‍රතිරෝධී වෙනවා. නමුත් 1990 ගණන්වල හෝ ඊට පෙර හදපු වාහනවල අංක එකේ ඝාතකයා තමයි, මලකඩ. ඒ නිසා වාහනයේ මලකඩ ලපයක් හරි දැක්කොත් ඒවා වර්ධනය වන තෙක් බලාගෙන ඉන්න එපා.

වේගය අඩු කිරීමට, ගියර් පහළට මාරු කරන්න එපා

වැඩි වේගයකින් ගමන් කරන විට, තිරිංග දාන්න ගියර් භාවිතා කළොත්, ඒක ඔබේ එන්ජිමේ ආයු කාලය කෙටි කරනවා. ඔබ ගියර් කිහිපයක් පහළට මාරු කළොත් හානිය වඩාත් නරක අතට හැරෙන්න පුළුවන්. අනිත් එක තමයි ඔබේ පාදය clutch එක මත සහ ඔබේ අත gearstick මත තැබීමෙන් වළකින්න.

සමහර අය clutch පැඩලය මත තම පාදය තබාගෙන drive කරන්න පෙළඹෙනවා. මේ clutch කවරය සමඟ ස්පර්ශ වන clutch මුදා හැරීම, අනවශ්‍ය ඝර්ෂණයකට හේතු වෙනවා. ඒ නිසා කාලයත් සමඟම, clutch අකලට ගෙවෙන්න පුළුවන්.

මේ විදියට වාහනේට එන ගැටළු ගැන සෝදිසියෙන් හිටියෙ නැති වුණොත්, ඔබේ වාහනයේත් අකල් අවසානයක් දකින්න සිද්ධ වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි කියපු විදියට ඔබේ වාහනෙත් හරියටම රැකගන්න try කරන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!