වාහනයේ Paint එක ආරක්ෂා කරගන්නේ කොහොමද?

time
මිනිත්තු 3 කියවීම
feature image

මතකද අලුතෙන්ම වාහනේ ගත්තු දවස? කිරි කොකා වගේ බැබළි බැබළි හිටියෙ. ඒ දවස් වල නම් සීරීමක්වත් වෙන්න දුන්නෑ. ඇයි ඉතින් හැමෝම බලන්නෙ අලුත් වාහනේ දිහානෙ. හැබැයි කාලයක් ගත වෙද්දි, වාහනේ අලුත්ද පරණද කියලා දැක්ක ගමන් කියන්න පුළුවන්. මොකද පොඩි පොඩි සීරීම් වගේ දේවල් ඇති වෙලා, paint එකේ shine ගතියත් අඩු වෙන නිසා. ඒත් වාහනේ ගත්තු දවසෙ වගේම, අලුත් පෙනුමට තියාගන්න ඔබට පුළුවන්. ඒකට වාහනේ paint එක ආරක්ෂා කරගන්නෙ කොහොමද කියලා අද අපි MotorGuide තුළින් ඔබට කියනවා.

Paint protection films භාවිතා කරන්න

වාහනේ paint එක ආරක්ෂා කරගන්න, ගුණාත්මක කල් තබාගන්නා film එකක් යෙදීම ලාභදායී විකල්පයක් නොවුණත්, වාහනයේ paint එක සීරීම්, ගල් කැබලි වලින් හානි වීමෙන් හෝ UV කිරණ වලින් අඳුරු වීමෙන් ආරක්ෂා කරගැනීමට ඵලදායී වෙනවා. වෘත්තිකයෙක් අවශ්‍ය වන මේ ක්‍රමය මඟින් වාහනයේ ඉදිරිපස හෝ මුළු වාහනේම හෝ ඔබ කැමති ප්‍රමාණයට පැහැදිලි plastic film එකක් යොදන්න පුළුවන්. හැබැයි මේක සම්පූර්ණ විසඳුමකුත් නෙවෙයි, අසම්පූර්ණ විසඳුමකුත් නෙවෙයි. කාලයත් එක්ක මේ plastic film එක මත දෘශ්‍ය සීරීම් ගොඩනැගෙනවා. ඒ නිසා මේ paint protection එක නැවත යෙදීමට අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් ඒක ඕනෑම DIY හෝ professional spray product වලට වඩා දිගු කාලයක් පවතිනවා.

Wax කරන්න

වාහනය සේදීමෙන් පසු එය wax කිරීමෙන් වාහනයේ topcoat එක seal කර කුඩා paint protection එකක් ලබාදෙනවා. මෙයින් සැලකිය යුතු තරම් ආරක්ෂාවක් නොලැබුණත්, යම් ආරක්ෂාවක් ලැබෙන අතර අඩු ගාණකට නිවසේදීම පහසුවෙන් කළ හැකි විකල්පයක් වෙනවා. වාහනය polish කිරීමෙන් නැති වුණු දිලිසෙන බව නැවත ලබාගන්න පුළුවන්. මේ දෙකම එකට භාවිතා කළ විට, සුන්දර ප්‍රතිඵල ඔබට ලබාදෙනවා.

Paint sealant යෙදීම තවත් විකල්පයක්. නමුත් සමහර treatment, dry වෙන්න ටික වෙලාවක් ගත වෙනවා. භාවිතා කරන brand එක අනුව ටික වෙලාවක් යන්න පුළුවන්. ඒ නිසා එය dry වන අතරතුර වාහනය store කිරීමට හොඳ weather එකක්, garage එකක් හොයාගන්න ඔබට පුළුවන්.

Dry කරන්න අමතක කරන්න එපා

වාහනේ ස්වභාවිකව dry වෙන්නෑ. ඒ නිසා වාහනේ සේදීමෙන් පසු dry කරන්න අමතක කරන්න එපා. මොකද ඒක තමයි වාහනයේ paint එකට වැඩිපුරම හානි කරන්නෙ. ඉතින් වාහනය dry නොකිරීමෙන් වෙන්නෙ, ඔබේ මහන්සිය ගඟට කපපු ඉනි වගේ අපතේ යන එක. ඒ නිසා වාහනය සේදීමෙන් පසු එහි තිබෙන වතුර අවශෝෂණය කර වාහනය හොඳින් dry කිරීමට microfiber towel එකක් හෝ weave drying towel එකක් භාවිතා කරන්න.

Cover කරන්න

වාහනයේ paint එක හානි වෙන්න හේතුව, සීරීම් විතරක්ම නෙවෙයි. අහිතකර හිරු කිරණ, කුරුලු මළ සහ ගස් යුෂ දක්වා සෑම දෙයක්මත්, නොසැලකිලිමත් ලෙස ගමන් කරන්නන් විසින් සිදු කරන හානියත් මේ සඳහා හේතු වෙනවා. මේ දේවල් වලින් වාහනයට ආරක්ෂාව ලබා ගැනීමට සහ paint එකේ ආයු කාලය දීර්ඝ කරගන්න එක ක්‍රමයක් තමයි වාහනය ආවරණය කිරීම. මේක ඔබේ වාහනයේ second layer එකක් ලෙස ක්‍රියා කරනවා. ඒ මඟින් කුරුලු මළ වල සහ ගස් යුෂ වල ඇති අම්ලයෙන් වාහනය ආරක්ෂාකාරීව තබාගැනීමට සහ වාහනයේ body එක ආරක්ෂා කිරීමට අවශ්‍ය අනෙකුත් පියවර ගණන අඩු කරනවා.

වාහනේ park කරන්නෙ කොහෙද?

පිට තැනක වාහනය park කරනකොට එය ආවරණය කරන්න බැහැ. ඉතින් ඒ වගේ අවස්ථා වලදි දෙපාරක් හිතලා තමයි වාහනය park කරන්න ඕනෙ. ඒ නිසා හොඳින් ආලෝකය ඇති ජනාකීර්ණ ප්‍රදේශයක් තෝරා ගැනීමෙන් වාහනයේ paint එකට වන හානිය අවම කරගන්න පුළුවන්.

අද අපි කියපු විදියට, වාහනේ paint එක ආරක්ෂා කරගන්න අමතක කරන්න එපා. එතකොට, හැම දවසක්ම වාහනේ ගත්තු පළවෙනි දවස කරගන්න ඔබට පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!