අධික හිරු එළියෙන් ඔබේ වාහනය ආරක්ෂා කරගන්නේ කොහොමද?

time
මිනිත්තු 4 කියවීම
feature image

අව්ව හොඳටම සැර වෙලාවක, වාහනේ AC on කරගෙන ගියත් පොඩ්ඩක් හරි අපිට අව්වෙ සැර දැනෙනවනෙ. ඉතිං වාහනේට ඒක දැනෙන්නැද්ද? Drive කරනකොට නම්, ඒකට කරන්න දෙයක් නෑ. හැබැයි හිතන්නකො පැය ගණං කට්ට අව්වෙ තියෙනකොට වාහනේ තත්වෙ මොකක්ද කියලා. මේකට පිළියමක් යෙදුවෙ නැත්නම්, ඔබ නොදන්නවා වුණාට මේ ඉර අව්ව, වාහනයට ගොඩාක් බලපෑම් ඇති කරනවා. ඒ නිසා අද MotorGuide තුළින් අපි ඔබට කියන්නෙ, අධික හිරු එළියෙන් ඔබේ වාහනය ආරක්ෂා කරන්නේ කොහොමද කියලා.

හිරු එළියෙන් වාහනය රකින simple tips

හිරු එළිය සහ අධික රස්නය, වාහනයට ඉතා හානිකරයි. වාහනයක් අධික හිරු එළියේ තියෙනකොට අභ්‍යන්තර වායු උෂ්ණත්වය 145 ℉ ඉක්මවනවා. ඒ වගේම කෙලින්ම හිරු එළියට නිරාවරණය වන අභ්‍යන්තර පෘෂ්ඨයන් 195 ℉ ඉක්මවන උෂ්ණත්වයක් වාර්තා කරනවා.

හිරුගේ භයානක කිරණ වලින් ආරක්ෂා වෙන්න ඕනෙ, dashboard, seat විතරක් නෙවෙයි. හිරු එළිය නිසා වාහනයේ නිමාව සහ එන්ජිමත් තියෙන්නෙ ලොකු risk එකක. ඒ නිසා ඔබ වාහනය තුළ වගේම පිටත සහ hood එක යටත් හිරු එළියෙන් ආරක්ෂා කරගන්න ඕනෙ.

වාහනය ඇතුළ ආරක්ෂා කරන්නෙ කොහොමද?

වාහනය සෙවණ ඇති තැනක park කරන්න

තියෙන කලබලේට ඕක අමතක වෙන්න පුළුවන්. හැබැයි ඒක තමයි පහසුම ආරක්ෂාව. ඒ නිසා පොඩි වෙලාවක් අරගෙන වාහනේ park කරන්න හොඳම තැන බලන්න. ඒ වගේම මෙහිදී වාහනය තුළ උෂ්ණත්වය අඩු කරන්න, වායු පීඩනය සමාන කිරීමට උදව් වෙන විදියට shutters පහත් කරන්න.

Windshield sun protector භාවිතා කරන්න

ඒ මඟින් අහිතකර පාරජම්බූල කිරණ පරාවර්තනය කරන අතර ඒක ඔබේ වාහනය cool එකේ තියා ගැනීමට සහ හිරු රශ්මියෙන් සිදුවන damage එක වළක්වා ගැනීමට මාර්ගයක් වෙනවා.

Microfiber towel එකකින් dash එක පිසදමන්න

දූවිලි හා අපිරිසිදුකම නිසා කුඩා සීරීම් ඇති විය හැකි අතර ඒක කාලයත් එක්ක නරක අතට හැරෙන්න පුළුවන්. ඒ නිසා නිතරම ඒක කරන්න. Low-gloss detailing product එකත් dash ආරක්ෂා කරන අතර දීප්තිය අඩු කරනවා.

Seat cover දාන්න

මේක Leather සහ fabric seat ආරක්ෂා කරන්න වගේම cool ව තියාගන්නත් උදව් වෙනවා.

Conditioner එකක් මඟින් leather seat ආරක්ෂා කරන්න

මොකද හිරු එළියට සහ අධික රස්නයට පුළුවන් මේ මත බලපෑම් ඇති කරන්න. ඒ නිසා seat ආරක්ෂා කිරීමට වගේම පිරිසිදුව තබා ගැනීමට leather conditioner නිතර යොදන්න.

වාහනයේ පිටත ආරක්ෂා කරන්නෙ කොහොමද?

  • හිරු එළිය නිසා වාහනයේ paint එක මැකී ඉරිතැලීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වාහනය නිතිපතා හෝදලා, dry කරන්න. ඒ මඟින් වාහනයේ ඇති දූවිලි හා අනෙකුත් අංශු ඉවත් කර පිරිසිදුව තියාගන්නවා. ඒ වගේම වාහනයේ සෞඛ්‍ය තත්වය ඉහළ නංවන අතර අකලට වයසට යාමත් ප්‍රමාද කරනවා.
  • වාහනය wax කරන්න. වාහනයේ නිමාව සහ සූර්යයාගේ පාරජම්බූල කිරණ අතර wax layer එකක් තිබීම, එය ආරක්ෂා කිරීමට උදව් වෙනවා. මොකද ඒ wax layer එක පාරජම්බූල කිරණ අවශෝෂණය කරනවා වෙනුවට පරාවර්තනය කරනවා. වාහනය කොපමණ වාරයක් wax කිරීම අවශ්‍ය වෙනවද? ඒකට උත්තරේ ඔබට තිබෙන වාහනය මත පදනම්ව වෙනස් වෙනවා. කොහොම නමුත් අධික උණුසුම් වීම වළක්වන නිසා සාමාන්‍යයෙන් වාහනය නිතිපතා wax කිරීම සුදුසුයි.
  • Tyre pressure එක check කරන්න. මොකද උණුසුම් පාර සහ අඩු හුළං සහිත ටයර් භයානක සංයෝජනයක් විය හැකි අතර පිපිරීමක් ඇති වෙන්න පුළුවන්. හොඳ ටයර් වල පවා මසකට air pressure එක රාත්තල් එකක් පමණ අඩු විය හැකි නිසා රත් වූ විට, නිතරම tyre pressure එක check කිරීම ගොඩාක් වැදගත් වෙනවා.

Hood එක යට ආරක්ෂා කරන්නෙ කොහොමද?

Cooling system

වාහනයේ එන්ජිම අධික ලෙස උණුසුම් වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා cooling system එක හොඳට වැඩ කරනවද කියලා බලන්න.

Fluids

Fluid level එක recommend කරලා තියෙන මට්ටමට වඩා අඩු වූ විට, අධික උණුසුම් වීමේ හැකියාව බෙහෙවින් වැඩි වෙනවා. ඒ නිසා motor oil, transmission fluid, power steering fluid සහ brake fluid හැමදාම check කරන්න.

Battery

අධික උෂ්ණත්වයන් සහ වාහනයේ AC භාවිතය, වාහනයේ බැටරිය දිරාපත් වීමට වගේම ඉක්මනින් ආසමත් වීමටත් හේතු වෙන්න පුළුවන්. වාහනයේ බැටරිය හා සම්පූර්ණ charging system එක නිසියාකාරව ක්‍රියාත්මක වන බව sure කර ගන්න professional mechanic කෙනෙකු විසින් නිතිපතා බැටරිය check කරගන්න.

AC

වාහනය තුළ උෂ්ණත්වය ප්‍රමාණවත් තරම් cool නැත්නම්, AC පද්ධතියේ refrigerant charge level එක අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වඩාත් බරපතල ගැටළුවක් තිබෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන් ඒක check කරගන්න.

දැක්කා නේද? ඔබ කිසිම දවසක නොහිතපු දෙයක් තමයි, වාහනේ අව්වෙන් ආරක්ෂා කර ගන්න ඕනෙ කියන එක. ඉතින් අපි අද කියපු විදියට ඔබට පුළුවන් මීට පස්සෙ වාහනේ අව්වෙන් ආරක්ෂා කර ගන්න. එතකොට කොච්චර රස්නයක් තිබුණත් ඔබත් cool එකේ, වාහනෙත් cool එකේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!