ගංවතුරට අහුවුන වාහනයක යාන්ත්‍රික හා විද්‍යුත් පද්ධති අලුත්වැඩියා කරන්නෙ කොහොමද?

time
මිනිත්තු 3 කියවීම
feature image

ගංවතුරෙන් හානි වූ වාහනයක් යථා තත්ත්වයට පත් කිරීමේදී වඩාත්ම සංකීර්ණ සහ වියදම් අධික කොටස වනුයේ යාන්ත්‍රික සහ විද්‍යුත් පද්ධති පරීක්ෂා කිරීමයි. මෙම අදියරේදී වෘත්තීය පළපුරුද්ද අත්‍යවශ්‍ය වන අතර, ඔබ විසින්ම මෙවැනි අලුත්වැඩියා කිරීමට උත්සාහ නොකළ යුතුයි.

ගංවතුර ජලය මෝටර් රථයේ සංවේදී කොටස්වලට ඇතුළු වීමෙන් විඛාදනය (Corrosion) හා පද්ධති අක්‍රිය වීම සිදුවිය හැකියි. එමනිසා මෙම පියවර දෙකම සැලකිල්ලට ගත යුතුයි:

  • ද්‍රව/යාන්ත්‍රික පද්ධති පරීක්ෂා කිරීම
  • විද්‍යුත් පද්ධති පරීක්ෂා කිරීම

ද්‍රව සහ යාන්ත්‍රික පද්ධති පරීක්ෂා කිරීම

ජලය ඇතුළු වී ඇත්දැයි සොයා බලන අතර, දූෂිත ද්‍රව ඉවත් කර සියලුම වාහන ද්‍රව මාරු කිරීම (Flushing All Fluids) අනිවාර්යයි.

එන්ජින් ඔයිල් සහ පෙරහන (Engine Oil & Filter)

Engine Oil Check

එන්ජිමට ජලය ඇතුළු වී ඇත්නම් ඔයිල් සමග මිශ්‍ර වී “කිරි වගේ” මිශ්‍රණයක් (Milky Substance) සෑදෙනවා. මෙය ලිහිසිතාවය නැතිකර එන්ජිමට හානි කරයි. එනිසා ඔයිල් සහ ඔයිල් පෙරහන වහාම මාරු කළ යුතුයි.

ගියර් ඔයිල් (Transmission Fluid)

Transmission Fluid Check

Automatic හෝ Manual ගියර් පෙට්ටිවලට ජලය ඇතුළු වීමෙන් ක්ලච් ප්ලේට්ස් හා සංවේදී කොටස් හානි වේ. එනිසා ගියර් ඔයිල් මාරු කර, අවශ්‍ය නම් Transmission System එක Flushing කළ යුතුයි.

තිරිංග තෙල්, Power Steering Fluid සහ Differential Oil

මෙම ද්‍රව දූෂිත වී ඇත්නම්, ඒවාද මාරු කළ යුතුය. තෙත් වූ පද්ධතිවල ද්‍රවවලින් ආරක්ෂාව නැතිවීම නිසා දීර්ඝකාලීන හානි සිදු වේ.

එන්ජින් පද්ධතියේ ගැඹුරු පරීක්ෂාව

එන්ජිමේ පිස්ටන් Connecting Rods සහ Crankshaft ජල අගුලකින් හානි වී ඇත්දැයි වෘත්තීය මෝටර් මැකැනික්වරයෙකු විසින් පරීක්ෂා කළ යුතුයි.

වායු පෙරහන (Air Filter)

Air Filter Change

වායු ඇද ගැනීමේ පද්ධතියට ජලය ඇතුළු වී ඇත්නම්, Air Filter එක වහාම මාරු කළ යුතුයි.

ඉන්ධන පද්ධතිය පිරිසිදු කිරීම

ඉන්ධන ටැංකියට ජලය ඇතුළු වී ඇත්නම්, එය සම්පූර්ණයෙන්ම ඉවත් කර Fuel Tank, Fuel Pump සහ Fuel Lines පිරිසිදු කළ යුතුයි. ජල ඉතිරි වීම Injector අවහිර කිරීමට හේතු වේ.

විද්‍යුත් පද්ධති පරීක්ෂා කිරීම

නවීන වාහනවල විද්‍යුත් පද්ධති අතිශයින් සංවේදී වන අතර, ජලයෙන් හානි වුවහොත් අලුත්වැඩියාව සඳහා විශාල වියදමක් අවශ්‍ය වේ.

පාලන ඒකක (ECU, ABS, Airbag, BCM)

ECU Inspection

ඇතුළත ජලය ඇතුළු වී ඇත්දැයි පරීක්ෂා කර විශේෂඥයෙකු විසින් පිරිසිදු කිරීම හෝ මාරු කිරීම සිදු කළ යුතුයි.

ෆියුස් පෙට්ටි (Fuse Boxes) සහ Relays

ෆියුස් සහ රිලේවල මලකඩ හෝ ලවණ තැන්පත් වී ඇත්දැයි පරීක්ෂා කරන්න. අවශ්‍ය නම් පිරිසිදු කර හෝ Contact Cleaner භාවිතා කරන්න.

වයරින් හා සංවේදක (Wiring & Sensors)

Sensors

Oxygen Sensor, Crank Sensor සහ අනෙකුත් සංවේදක පිරිසිදු හෝ මාරු කළ යුතුය. Wiring Harness වල සම්බන්ධක කොපුවලට ජලය ගියොත් විඛාදනය හා Short Circuit ඇතිවිය හැක. එම නිසා සියලු සම්බන්ධක පරීක්ෂා කර WD-40 වැනි ද්‍රව්‍ය භාවිතා කර පිරිසිදු කරන්න.

අනෙකුත් පද්ධති පරීක්ෂා කිරීම

තිරිංග පද්ධතිය

Brake System Check

තිරිංග පද්ධතියට ජලය ඇතුළු වී ඇත්නම්, රෝද ගලවා Drum හෝ Caliper පිරිසිදු කර ග්‍රීස් කළ යුතුයි. Brake Fluid මාරු කිරීම අනිවාර්යයි.

ආලෝක පද්ධතිය (Lighting System)

Headlights සහ Tail Lights තුළට ජලය ඇතුළු වී ඇත්නම්, ඒවා විවෘත කර හොඳින් වියළා නැවත සවි කළ යුතුයි.

නිගමනය

මෙම පියවර මගින් ඔබේ වාහනයේ අභ්‍යන්තර හානියන් නිවැරදිව හඳුනාගෙන අලුත්වැඩියා කළ හැකියි. වෘත්තීය කාර්මිකයාගේ නිවැරදි Diagnosis සහ Repair Process අනුගමනය කිරීමෙන්, වාහනය ආරක්ෂිතව සහ විශ්වාසදායකව යථා තත්ත්වයට පත් කළ හැකියි.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!