Brake නඩත්තුවක අත්‍යවශ්‍යතා

time
මිනිත්තු 3 කියවීම
feature image

වැසි කාල සිමා වලදී ලිස්සිමේ අවදානම වැඩි වන විට, ඔබේ තිරිංග නිසි ලෙස නඩත්තු කර ඇති බව සහතික කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වෙනවා. දුර්වල තිරිංග ඔබේ වාහනයේ කල්පැවැත්ම සහ ක්‍රියාකාරීත්වය අඩු කරනවා පමණක් නොව අනතුරු සහ තුවාල වලටද හේතු වෙනවා.

ඔබේ වාහනයේ තිරිංග පද්ධතිය සංකීර්ණ නමුත් නඩත්තු කිරීම ඉතා සරලයි. ඒ වගේම තමයි සෑම සැතපුම් 12,000 කට වරක් ඔබේ තිරිංග පෑඩ් පරීක්ෂා කිරීම සහ සෑම සැතපුම් 25,000 කට වරක් ඔබේ තරලය ප්‍රතිස්ථාපනය කිරීම සිදු කරන්න ඕනේ. ඉතින් MotorGuide තුළින් අපි ඔබට කියන්නේ වාහනයට අත්‍යවශ්‍ය Brake නඩත්තුව ගැනයි.

Brake Pads සහ Rotors පරීක්ෂා කරන්න

Brake Pads සහ Rotors කියන්නේ තිරිංග පද්ධතිය සහ ටයර් අතර සම්බන්ධතා ස්ථානයයි. මේ දේවල් ඉතා ඉක්මනින්ම ගෙවී යන නිසා නිතර නිතර නඩත්තු කිරීම අවශ්‍ය වෙනවා. ටයර් සහ Brake Pads අතර ඝර්ෂණය නිසා තාපය ඇති වන අතර මෙම තාපය Brake Pads යටපත් කරනවා. ඉතින් ඒ නිසා ප්‍රමාණවත් ප්‍රතිරෝධයක් තියෙනවද කියලා බලාගන්න නිතරම පෑඩ් වල ගුණාත්මකභාවය සහ ගැඹුර පරීක්ෂා කිරීම ඉතාම වැදගත්.

ඒ වගේම වාහනය නැවැත්වීමට ගතවන දුර සහ කාලය ප්‍රබල ලෙස වැඩි වන්නේ නම් අනිවාර්යයෙන්ම Brake Pads සහ Rotors පරික්ෂා කරබැලීම කරන්න ඕනේ.

Brake Fluid, Flush කරන්න.

Brake Pads පාගන විට , පීඩනය වැඩි වී ප්‍රධාන සිලින්ඩරයේ සිට තිරිංග තරලය , තිරිංග රේඛා හරහා caliper එක තුළට මාරු කරනු ලබනවා. මෙම පීඩනය Brake Pads සහ Rotors වෙත මාරු වීම සිදු වෙනවා. ඒ නිසා තිරිංග තරලය අතිශයින්ම වැදගත් වන්නේ එය ඔබ සහ ඔබේ මෝටර් රථයේ තිරිංග පද්ධතිය අතර පණිවිඩකරු වන නිසායි.ඒ නිසා සෑම සැතපුම් 25,000 කට වරක් තිරිංග තරලය පරීක්ෂා කර වෙනස් කරන්න අමතක කරන්න එපා.

Brake Lines, Bleed කරන්න

තිරිංග තරලය වෙනස් කිරීම සඳහා තිරිංග රේඛාවන් සේදීමට අමතරව, අතිරික්ත වාතය ඉවත් කිරීම සඳහා Brake Lines, Bleed කරන්න පුලුවන්. කුඩා ප්‍රමාණයේ වාතය Brake Lines තුළ සිර වූ විට, එය තිරිංග පද්ධතියේ කාර්යක්ෂමතාව අඩු වීමට හේතු වෙනවා. Brake Lines, Bleed කිරීම සෑම වසර 2-3 කට වරක් සිදු කරන්න ඕනේ.

Brake Parts Replace හෝ Upgrade කරන්න

සමහර විට ඔබේ තිරිංග පද්ධතියේ සමහර කොටස් ප්‍Replace කිරීමට අවශ්‍ය විය හැකි අතර, තවත් සමහර කොටස් Upgrade කිරීම අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය අවස්ථා වලදී වාහනයේ තිරිංග කොටස් Upgrade සහ Replace කිරීම වාහනයේ තිරිංග පද්ධතියේ ආයු කාලය සහ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.

තිරිංග පද්ධති රැකවරණය

ඔබේ තිරිංගවල කාර්ය සාධනය සහතික කිරීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය තමයි ඒවා හොඳින් රැකබලා ගැනීම.අධික බරක් දරා සිටීම, අනවශ්‍ය, ප්‍රමාද හෝ අධික තිරිංග, තෙත් කාලගුණය වැනි දේවල් නිසා තිරිංග පද්ධතියට හානි සිදු වෙන්න පුලුවන්.ඒ නිසා හැකි සෑම විටම ඔබේ තිරිංග කාර්ය සාධනයට බලපෑ හැකි මේවා වළක්වා ගැනීමෙන් ඔබේ තිරිංග වඩාත් හොඳින් ක්‍රියාත්මක කරගන්න පුලුවන්.

මේ විදියට තමයි ඔබේ වාහනයේ තිරිංග පද්ධතිය හරියාකාරව නඩත්තු කරන්නෙ. ඔබත් නිවැරදි කාල සීමාවන් වලදී නිසියාකාරව තිරිංග පද්ධතිය නඩත්තු කරලා ආරක්ෂාකාරී ලෙස රිය පැදවීමට දායක වෙන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!