Engine oil මාරු කරන්න කලින් මේ දේවල් ගැන දැනගන්න

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයකට නැතුවම බැරි දෙයක් තමයි engine oil කියලා කියන්නේ. ඉතින් මේ engine oil නියමිත කාල සීමාවකට අනුව මාරු කරන්න ඕනේ. හැබැයි මේක අපිට කරන්නන් වාලේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද engine oil මාරු කිරීමේදී සිදු වන පොඩි අත්වැරදීමකින් වුණත් වාහනයට ලොකු හානියක් සිදු වෙන්න පුළුවන්.

ඉතින් ඒ නිසාම අද MotorGuide තුළින් අපි ඔබට කියන්නේ Engine oil මාරු කරන්න කලින් හිතන්නම ඕනේ දේවල් කිහිපයක් ගැන.

Engine oil වලින් වලින් ඉටුවන ප්‍රධාන කාර්යය

  • Lubrication හෙවත් engine එකේ එකිනෙක ගැටෙන අභ්‍යන්තර කොටස් අතර ඝර්ෂණය සහ ගෙවීම අවම කිරීම
  • Engine එක ඇතුලත පිරිසිදුකාරකයක් ලෙස ක්‍රියා කිරීම
  • සිසිල්කාරකයක් ලෙස ක්‍රියා කිරීම
  • අභ්‍යන්තර ලෝහ කොටස් විඛාදනය අවම කිරීම
  • අභ්‍යන්තර engine කොටස් අතර මුද්‍රාවක් ලෙස ක්‍රියා කිරීම
  • Engine එකේ අභ්‍යන්තර කම්පන අවශෝෂණය කරගැනීම
  • ශක්තිය සංක්‍රාමණය කරන තරලයක් ලෙස ක්‍රියා කිරීම

කවදදා මාරු කරන්න ඕනේ?

Engine oil expire වෙනවා. හැබැයි bottle label එකේ තියෙන expire date එක බලලා නම් අපිට කියන්න බැහැ engine oil එක expire වෙලාද නැද්ද කියලා. මොකද කල් ඉකුත් වීමේ දිනයට අමතරව තෙල් වර්ගය, අධික උෂ්ණත්වය, ඔක්සිකරණය සහ ගබඩා කරන ආකාරය නිසා කල් ඉකුත් වීමේ දිනයේ වෙනස් වීම් වෙන්න පුලුවන්.

විශේෂයෙන්ම විවෘත නොකළ engine oil බෝතලයක් වසර 2-5 වගේ දිගු කාලයක් තියාගන්න පුලුවන්. හැබැයි engine oil බෝතලය විවෘත කළ පසු, එහි කාර්යක්ෂමතාව නැති වීමට පටන් ගන්නවා.ඒ නිසා engine oil බෝතල් විවෘත කිරීමෙන් වසරක් ඇතුළත භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

නිවැරදි ප්‍රමාණයට engine oil පුරවන්න

ඔබේ මෝටර් රථයේ oil අඩුවෙන් පිරවීම engine seal එක හෝ gasket කාන්දු වීමට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම අධික ලෙස oil පිරවීම නිසා engine එක වටා සැලකිය යුතු ඝර්ෂණයක් ඇති වීමෙන් engine එකට ආතතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා නිවැරදි ප්‍රමාණයට engine oil පුරවන්න මතක තබා ගන්න.

වාහනයට ගැළපෙන oil වර්ගය තෝරාගන්න

සෑම මෝටර් රථයකටම specific oil වර්ගයක් තියෙනවා. Engine oil gauge කරන්නේ එහි දුස්ස්රාවීතාවයෙන්. ඔබේ මෝටර් රථයට අවශ්‍ය ප්‍රමාණයට වඩා තුනී oil දැමීමෙන් සිදු වෙන්නේ engine එකේ චලනය වන කොටස් නිසි පරිදි lubricate නොවී metal components එකිනෙක මත grind වීමයි. ඒ වගේම අනෙක් අතට, අධික ඝනකමකින් යුතු oil භාවිතා කිරීම නිසා fuel economy එක අඩු වීම සිදු වෙනවා. ඒ වගේම වාහනයට හරියටම ගැළපෙන engine oil භාවිතා නොකිරීමෙන් engine එකේ ආයු කාලය පවා කෙටි වෙනවා. ඒ නිසා engine oil මාරු කරන්න කලින් ඔබේ වාහනයට හරියටම ගැළපෙන oil වර්ගය තෝරාගන්න.

Oil filter එක හරියට තද කරන්න

Engine oil වෙනස් කිරීමෙන් පසු oil filter එක නැවත ක්‍රියාත්මක කරන විට, filter එක මුලින්ම අතින් තද කළ යුතු අතර පසුව tool එකක් හරහා තද කළ යුතුයි. Filter එක ප්‍රමාණවත් ලෙස තද නොකිරීමෙන් හෝ අධික ලෙස තද කිරීමෙන් ගැලවී ගිය gaskets (engine එක තුළ අපවිත්‍ර වීමට ඉඩ සලසන) හෝ ඉරි තැළුණු thread/O-ring (කාන්දුවීම් ඇති කරයි) ඇති වෙන්න පුළුවන්.

Filter seal එක lubricate නොකිරීම

මෝටර් රථයේ filter එක තැබීමට පෙර gasket, oil භාවිතයෙන් lubricate කරන්න අවශ්‍ය වෙනවා. මෙමගින් gasket එක හොඳින් engine එකට තදින් අල්ලා ගැනීමට ඉඩ සලසනවා. ඔබට seal එක lubricate කිරීමට නොහැකි වීමෙන් filter එක කාන්දු වීම හෝ ගැලවී යාම නිසා ඔබේ මෝටර් රථයේ oil leak වීම සිදු වෙන්න පුළුවන්.

ඉතින් මේ දේවල් තමයි Engine oil මාරු කරන්න කලින් ඔබ දැනගෙන සිටිය යුතුම දේවල්. අදින් පස්සේ engine oil මාරු කරනකොට MotorGuide අපි කිව්වා දේවල් අනිවාර්යයෙන්ම සිදු කරන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!