හරියට engine tune up එකක් කරමු

time
මිනිත්තු 4 කියවීම
feature image

මොකක්ද මේ engine tune up කරනවා කියන්නේ? ගොඩක් අය හිතන්නේ වාහනයේ performance වැඩි කරන magic එකක් කියලා. හැබැයි engine tuning වෙනයි, tune up වෙනයි. Engine tuning වලින් කරන්නේ වාහනයේ performance වැඩි කරන එක. ඒ කියන්නේ engine එකේ කොටස් වෙනස් කරලා, එකතු කරලා කලින්ට වඩා engine එකේ performance වැඩි කරන එක.

එතකොට engine tune up කියන්නේ කාලයත් එක්ක විවිධ හේතු නිසා නැති වෙලා ගිය engine performance ආපහු ලබා ගන්න එකට. ඉතින් අද MotorGuide තුළින් අපි ඔබට කියන්නේ engine tune up එකක් කරන්නේ කොහොමද කියලා.

Engine එක්ක ක්‍රියාකාරිත්වය

Petrol Engine එකක ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය වෙන මූලික සාධක 3ක් තියෙනවා. ඒ තමයි ඉන්ධන, වාතය සහ ignition.

4 stroke engine එකක නම් පළවෙනි stroke එකේදී inlet valve එක ඇරිලා පෙට්‍රල් සදහා වාත මිශ්‍රණය සිලින්ඩරය තුළට ඇඳලා ගන්නවා. මේකට කියන්නේ intake stroke කියලා.

දෙවනි එකේදී පෙට්‍රල් මිශ්‍ර වාතය සම්පීඩනය කරනවා. මේක compression stroke විදිහට තමයි හඳුන්වන්නේ.

තුන්වෙනි එකේදී petrol මිශ්‍ර වාතය spark plug එකක් මඟින් පුළිගුවක් නිකුත් කරලා දහනය කරනවා. එක හඳුන්වන්නේ power stroke කියලා.

හතරවෙනි එකේදී දහනය වුණු වාතය exhaust valve එක ඇරලා එළියට යවනවා. මේකට කියන්නේ exhaust stroke කියලා. මේක තමයි engine එකක් ඇතුළේ සිද්ධ වෙන්නේ.

වාහන නඩත්තුව

සාමාන්‍යයෙන් වාහනයක නඩත්තුව ගත්තාම කොටස් තුනකට අපිට වෙන් කරන්න පුළුවන්.

  1. General maintenance
  2. Periodical maintenance
  3. Preventive maintenance

අද අපි කතා කරන engine tune up එක අයිති වෙන්නේ preventive maintenance ගණයට.

Engine tune up එකක් කියන්නේ?

අපි මුලින්ම බලමු engine tune up කියන්නේ මොකක්ද කියලා. Engine tune up කියන වචනේ ගත්තාම එතනින්ම අපිට තේරෙනවා engine එකේ tune එක යම් ඉහළ මට්ටමකට පවත්වා ගැනීමට, එහෙමත් නැත්නම් engine එකේ tune එක වාහනය නිෂ්පාදනය කළ කාල සීමාවේ තිබුණා හා සමානව නැවතත් ඉහළ තත්වයට ලබා ගැනීම මෙතදී සිදු වෙනවා.

කාල සීමාව

Hybrid නොවන වාහනයක් නම් සාමාන්‍යයෙන් engine tune up එකක් කරන්නේ කිලෝමීටර් 25,000ක් හෝ අවුරුදු 2 ගියාට පස්සෙයි. ඔබට තියෙන්නේ hybrid වාහනයක් නම් කිලෝමීටර් 40,000ක් හෝ අවුරුදු 2 1/2ක ධාවනයකින් පස්සේ පුළුවන් engine tune up එකකට යන්න.

හැබැයි මෙතනදී ඔබ මතක තියාගන්න ඕනේ දෙයක් තමයි වාහනය කිලෝමීටර් 25,000ක් ධාවනය කරලා නැති වුණත්, අවුරුදු දෙකක් ගිහින් නම් ඔබ engine tune up එකක් කරන්න ඕනේ. ඒ වගේම වාහනය කිලෝමීටර් 25,000ක් ධාවනය කරලා, අවුරුදු දෙක ගෙවිලා නැති වුණත් ඔබ අනිවාර්යෙන්ම engine tune up එකක් කරන්න ඕනේ.

Engine tune up එකේදී මොනවද කරන්නේ?

Engine tune up එකකදී වෙන්නේ වාහනයේ engine පාලන පද්ධතිය හා ආශ්‍රිතව සහ engine එකේ ක්‍රියාකාරීත්වය ආශ්‍රිතවය තිබෙන fuel system එක, air induction system එක සහ electronic control system එකේ තියෙන සියලු කොටස් නිරීක්ෂණය කිරීම සහ ඒවා නැවත ප්‍රකෘති තත්වයට පත් කිරීමයි.

මෙතනදී අපි විශේෂයෙන්ම කරනවා engine පාලන පද්ධතියේදී emission management system එක, EGR, PCV, catalytic වගේ system ගැනත් වැඩි අවධානයක් යොමු කරනවා.

ඒ වගේම intake system එකේ තියෙන air cleaner එකේ සිට manifold එක දක්වා සිලින්ඩර් එකට ගමන් ගන්නා air induction මාර්ගයේ තියෙන සියලු කොටස් ගලවා, ඒවා තුළ තිබෙන carbon deposit පිරිසිදු කිරීම මෙහිදී සිදු වෙනවා.

ඊට අමතරව EGR control system එක පිරිසිදු වෙන්නත් ඕනේ. විශේෂයෙන්ම ignition system එකට අදාළව spark plug යන ආදියේ කොටස් නිරීක්ෂණය කිරීම සිදු වෙන්න ඕනේ. ඊට පස්සේ fuel system එකට අදාළව fuel filter වල සහ injector වල ක්‍රියාකාරීත්වය කෙසේද යන්න පරීක්ෂාවට ලක් කරනවා.

ඉතින් මේ සියලු කොටස් හොඳින් නිරීක්ෂණය කරමින්, යථාතත්වයට පත් කිරීම engine tune up එකකදී සිදු වෙනවා.

කොච්චර වෙලාවක් යනවද?

නිවැරදිව engine tune up කරන්න ලොකු වෙලාවක් ගත වෙනවා. නමුත් සමහර ආයතන තියෙනවා පැයකින් වගේ engine tune up එකක් සිදු කරන. නමුත් engine tune up එකක් එවැනි සුළු කාලයකින් සිදු කරන්න බැහැ. මොකද නිවැරදිව tune up එකක් කරන්න යම් කාලසීමාවක් ගත වෙනවා. ඉතින් ඒ නිසා ඔබ කාලය ගැනත් අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

ඉතින් මේ විදිහට තමයි නිවැරදිව engine tune up එකක් සිදු කරන්නේ. වාහනයකට engine tune up එකක් කියන්නේ අත්‍යාවශ්‍ය කාරණයක්. ඉතින් ඒ නිසා ඔබත් නිවැරදි කාල සීමාව තුළදී engine tune up එකක් සිදු කරන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!