ටයර් වලට හුළං ගහනකොට සිදු වෙන වැරදි

time
මිනිත්තු 3 කියවීම
feature image

සම්පූර්ණයෙන්ම වාහනයක් රැඳිලා තියෙන්නේ ටයර් උඩ. හැබැයි ගොඩක් දෙනා මේ ටයර් වලට ලොකු අවධානයක් දෙන්නේ නැහැ. ඒ නිසාම මාර්ග අනතුරු රැසකට, වාහනය ඉදිරියට අරගෙන යන ටයර් හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ටයර් වල හුළං ප්‍රමාණය, ටයර් වල පීඩනය නිවැරදිව පවත්වා ගන්න ඕනේ. ඒ නිසාම MotorGuide අපි අද ඔබට කියන්නේ ටයර් වලට හුළං ගහනකොට සිදු වෙන වැරදි කිහිපයක් ගැන.

වැරදි Pressure එකක් භාවිතා කිරීම

ටයර් වලට හුළං ගැසීමේදී නිතරම සිදු වන වැරද්දක් තමයි වැරදි Pressure එකක් භාවිතා කිරීම. ඔබේ නිශ්චිත මෝටර් රථය සඳහා නිවැරදි tire pressure එක රියදුරුගේ දොරේ ඇති ස්ටිකරයක හෝ owner's manual එකෙන් බලා ගන්න පුළුවන්. දැනටමත් ටයරයේ ඇති පීඩනය හෝ එය විය යුතු යැයි ඔබ සිතන දේ මත රඳා නොසිටින්න.

අඩුවෙන් හුළං ගැසීම

ඔබේ ටයර්වල ප්‍රමාණවත් තරම් වාතය නොමැති වීම බොහෝ ගැටළු වලට domino effect එකක් ඇති කරනවා. ඉන් කිහිපයක් විදිහට uneven wear, poor handling සහ lower gas mileage හඳුන්වන්න පුළුවන්. අඩුවෙන් හුළං පුරවන ලද ටයර් ද වැඩිපුර නම්‍යශීලී වන අතර එමඟින් ඒවා අධික ලෙස රත් වීමට සහ පිපිරීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උණුසුම් දිනවලදී මෙම අවධානම අධිකයි.

වැඩියෙන් හුළං ගැසීම

ටයර් වලට ප්‍රමාණවත් තරම් හුළං නොගැසීම අනතුරදායකයි වගේම ටයර් වලට අධික ලෙස හුළං ගැසීමත් අනතුරුදායකයි. මොකද අධික ලෙස ටයර් වලට හුළං පිරවීම නිසා ගමන දැඩි කිරීමටත්, traction එක අඩු කිරීමටත්, වළවල් හෝ මාර්ගයේ ඇති නොයෙකුත් දේවල් වලින් ටයර් සිදුරු වීමටත් ඉඩ තියෙනවා. විශේෂයෙන්ම අධික ලෙස හුළං පිරවූ ටයරයක් මාර්ගය සමඟ අඩු සම්බන්ධතා ඇති කරන අතර ග්‍රහණය කිරීමත් අඩු කරනවා.

පීඩන වෙනස් වීම් නොසලකා හැරීම

ටයර් වල පීඩනය නියතයක් නෙවෙයි. උෂ්ණත්වයේ වෙනස්වීම් හේතුවෙන් එය ස්වභාවිකව වෙනස් වෙන්න පුළුවන්. කාලගුණය සිසිල් වන විට, ඔබේ ටයර් තුළ පීඩනය අඩු වෙනවා. ඒ වගේම පරිසරයේ උෂ්ණත්වය වැඩි වන විට ටයර් තුළ පීඩනයත් වැඩි වෙනවා. මේ නිසා ඔබේ ටයර් පීඩනය නිතිපතා පරීක්ෂා කිරීම ගොඩක් වැදගත්. මසකට වරක් සහ ඕනෑම දිගු ගමනකට පෙර ටයර් වල පීඩනය පරීක්ෂා කරන්න පුළුවන් නම් සිදු වෙන අනතුරු රැසක් ඔබට වළක්වා ගන්න පුළුවන්.

Gas Station මිනුම් මත රඳා සිටීම

සියලුම වායු පීඩන මිනුම් සමාන වෙන්නේ නැහැ. විශේෂයෙන් ඉන්ධන පිරවුම්හල්වල ඇති ඒවා ඉතා නිවැරදි නොවෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව තමයි එහි ඇති machine සෑම විටම හොඳින් නඩත්තු නොකිරීම. ඉතින් ඒ නිසා නිවැරදිම මිනුම් ලබා ගන්න ඔබට පුළුවන් quality tire pressure gauge එකක් ගන්න. ඒ වගේම ඩිජිටල් මිනුම් බොහෝ විට ඇනලොග් ඒවාට වඩා කියවීමත් ගොඩක් පහසුයි.

ඉතින් මේ දේවල් තමයි ටයර් එකකට හුළං ගැසීමේදී සිදුවන වැරදි. ඔබ අතිනුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ වැරදි සිදු වෙනවා නම් ඒ දේවල් වළක්වා ගන්න. ඒක ඔබට වගේම පාරේ ගමන් කරන අනෙක් පුද්ගලයින්ගේ ආරක්ෂාවටත් ගොඩක් වැදගත් දෙයක්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!