AC පද්ධතියේ කොටස්

time
මිනිත්තු 4 කියවීම
feature image

AC එක දාගෙන වාහනේ සැප පහසුවට යන එක කාගෙත් හීනයක්. ඔබට ඕනෙ වෙලාවට මුළු වාහනේම cool කර ගන්න පුළුවන්. හිතන්නකො වාහනේම cool කරන්න, මේ AC පද්ධතිය ඇතුළෙ මොන මොනවා තියෙනවා ඇත්ද, ඒවා කොහොම වැඩ කරනවා ඇත්ද? ඔබට අද Motorguide.lk තුළින් දැන ගන්න පුළුවන්, AC එක පිටුපස වෙන, ඔබ නොදුටු ක්‍රියාවලිය ගැන.

"AC" vehicle එකට නැගපු ගමන් ඔබට මතක් වෙන්නෙ, මේක. හරියට family එකේ කෙනෙක් වගේ. හැබැයි ඔබ දන්නවද, AC එක කොහොමද ඔබට අවශ්‍ය cool එක දෙන්නෙ කියලා? උත්තරේ "නෑ" මොකද ඒ දේවල් තමන්ට වැදගත් නෑ කියලා තමයි ඔබ හිතන් ඉන්නෙ. හැබැයි ඉතින් නිතර දෙවේලෙ පාවිච්චි කරන AC එක ගැනත් ටිකක් දැනගත්තොත් හොඳයි නේද? ඒ නිසා අපි හිතුවා, අද MotorGuide තුළින් AC පද්ධතියේ කොටස් ගැන ඔබට කියන්න.

AC පද්ධතියේ ප්‍රධාන අරමුණු මොනවද?

වාහනය තුළට ඇතුළු වන වාතයේ තෙතමනය ඉවත් කර, වාතය cool කරන එක තමයි, AC පද්ධතියක ප්‍රධාන අරමුණ. AC පද්ධතියේ ප්‍රධාන කොටස් තුනක් තිබෙනවා. ඒ තමයි, ශීතකරණ පද්ධතිය, වායු සංසරණ පද්ධතිය සහ බෙදාහැරීමේ පද්ධතිය. ශීතකරණ පද්ධතිය මඟින් වාතය cool කරන අතර වායු සංසරණ පද්ධතිය මඟින් මෙම cool වුණු වාතය වාහනය තුළ සංසරණය කරනවා. සංසරණ පද්ධතියට blower, air duct ආදිය ඇතුළත් වෙනවා.

AC පද්ධතියේ පොදු කොටස්

  • Compressor (සම්පීඩකය)
  • Condenser
  • Thermal Expansion Valve (තාප විස්තාරණ කපාටය) සහ Orifice Tube
  • Evaporator (වාෂ්පකාරකය)
  • Receiver / Dryer (ග්‍රාහකය / වියලනය) සහ Accumulator (සමුච්චකය)
  • Refrigerant (ශීතකාරක)
  • Pressure Regulating Devices (පීඩන නියාමක උපාංග)

Compressor (සම්පීඩකය)

AC පද්ධතියේ හදවත තමයි, compressor එක. මේ Compressor එක මත තමයි cool එක රඳා පවතින්නෙ.

compressor එකේ ප්‍රධාන කාර්යයන්:

  • වාතය cool කිරීමට ශීතකරණයට පීඩනය යෙදීම.
  • Vehicle එක තුළ සහ පිටත උෂ්ණත්ව වෙනස්වීම් දැනීම.
  • උෂ්ණත්ව නිමැවුම් අධීක්ෂණය සහ control කිරීම.
  • Condenser වෙත වාතය ගමන් කරවීම.

Condenser

වාහනයේ AC Condenser එක, සාමාන්‍යයෙන් radiator එකේ ඉදිරිපස පිහිටා තිබෙන අතර කුඩා radiator එක ලෙසත් මෙය හඳුන්වනවා. ඝනීභවනය සපයන බැවින් compressor එකට පසුව භාවිතා කරනවා. Refrigerant මත පීඩනය යෙදෙන විට සිසිලනකාරකය මඟින් එයින් එන උණුසුම් වායුවල උෂ්ණත්වය සහ පීඩනය අඩු කිරීමට ක්‍රියා කරන්නෙ condenser එක. මීට අමතරව සිසිලන දියර ශීතකාරක receiver / dryer හෝ accumulator වෙත ගෙන යන්නත් condenser එක වග කියන්න ඕනෙ.

Thermal Expansion Valve සහ Orifice Tube

Orifice tube එක condenser සහ evaporator අතර පිහිටා තිබෙනවා. ඔවුන් එක්ව AC පද්ධතියේ පීඩනය සහ උෂ්ණත්වය නිරීක්ෂණය කරන අතර ආරක්ෂිතව evaporator තුළට යා හැකි ශීතකාරක නියම ප්‍රමාණය ගණනය කරනවා. Orifice tube කියන්නෙ, වැඩිදුර ක්‍රියාවලිය සඳහා වාෂ්පීකරණයට යැවීමට පෙර සිසිලනකාරකයේ පීඩනය මුදා හැරීම සඳහා condenser විසින් යවන ලද අධි පීඩන හා අඩු උෂ්ණත්ව ද්‍රව ශීතකාරකය පුළුල් කරන්න වාහන වල AC පද්ධතියේ භාවිතා කරන උපකරණයක්.

ඔබේ අවශ්‍යතාව අනුව dashboard එකේ තිබෙන knob එක සකස් කිරීමෙන් උෂ්ණත්වය වෙනස් කිරීමට හැකිවන පරිදි වාහන වල thermal expansion valve භාවිතා වෙනවා. එය වාහනයේ dashboard එක මත AC vent එක පිටුපස පිහිටා තිබෙනවා.

Evaporator

Evaporator එකේ මූලිකම duty එක වෙන්නෙ vehicle එක තුළ ඇති තාපය ඉවත් කිරීම. ඒ වගේම තෙතමනය ඉවත් කරන්නෙත් evaporator එකම තමයි. උණුසුම් වාතය cool evaporator දඟරයේ Aluminum fins හරහා ගමන් කරන විට, වාතයේ අඩංගු තෙතමනය එහි මතුපිට ඝනීභවනය වෙනවා. ඉතින් cool refresh වාතය ලබාගන්න නම් ඉතා වැදගත් වන තවත් කොටසක් විදියට evaporator එක හඳුන්වන්න පුළුවන්. මේක තියෙන්නෙ වාහනයේ dashboard එක පිටුපස.

Receiver / Dryer සහ Accumulator

Accumulator සහ Receiver / Dryer සමාන නමුත් තරමක් වෙනස් කාර්යයන් ඉටු කරනවා. Accumulator යනු, ලෝහ සිලින්ඩරයක්. මේක receiver / dryer එකකට වඩා සැළකිය යුතු තරම් විශාලයි.

Dryer හෝ Accumulator තිබේද නැද්ද යන්න රඳා පවතින්නෙ, ඔබේ වාහනයේ model එක මත. තාප ප්‍රසාරණ කපාටයක් ඇති වාහන වල receiver / dryer පවතිනවා. අනෙක් අතට orific tube එකක් ඇති වාහන වල accumulator දක්නට ලැබෙනවා.

Receiver / Dryer යන Machines වල desiccant නම් ද්‍රව්‍ය අඩංගු වෙනවා. නිෂ්පාදනයේදී, එකලස් කිරීමේදී හෝ සේවය කිරීමේදී AC පද්ධතිය තුළට ඇතුළු වී තිබිය හැකි තෙතමනය (ජලය) අවශෝෂණය කිරීමට desiccant භාවිතා කරනවා. ද්‍රවයෙන් වායුව වෙන් කරන්න receiver / dryer ක්‍රියා කරනවා. කිසියම් ද්‍රවයක් ඇතුළු වුණොත්, compressor එක විනාශ වෙන්න පුළුවන්. මොකද compressor එකක් හදලා තියෙන්නෙ ද්‍රව සඳහා නොව වායූන් සම්පීඩනය කරන්න විතරයි.

Evaporator ට ඇතුළු වන ශීතකාරක ප්‍රමාණය නිරීක්ෂණය කිරීම සහ එය control කිරීම සඳහා වග කියන්නෙ, accumulator එක. එය අතිරික්ත ශීතකාරක ගබඩා කරන අතර සුන්බුන් පෙරීම සහ තෙතමනය ඉවත් කරනවා. මේ විදියට Accumulator එකේ මූලික කාර්යය වෙන්නෙ, වාෂ්පකාරකයෙන් පිටවන දියර ශීතකාරක ගබඩා කිරීම, එය compressor වෙත ළඟා වීම වැළක්වීමයි.

Refrigerant

මේක තාපය හුවමාරු වෙන මාධ්‍යයක් ලෙස AC පද්ධතියේ භාවිතා වන ඉතා අඩු තාපාංකයක් සහිත තාප සංවේදී තරලයක් වෙනවා.

Pressure Regulating Devices

වාෂ්පීකරණ උෂ්ණත්වය control කිරීම, ශීතකාරක පීඩනය control කිරීම සහ වාෂ්පකාරකය තුළට ගලා යාම සිදු කරන්න, Pressure Regulating Devices වලට හැකියාව තිබෙනවා.

ඉතින් මේ තමයි AC පද්ධතියේ තියෙන කොටස්. මේ කොටස් වල කාර්යයන් සියල්ලම එකතු වෙලා තමයි AC එකෙන් අපේ රස්නෙ, cool කරන්නෙ. නිතර දෙවේලෙ පාවිච්චි කරන වාහනේ AC එක ගැන, අපි අද කියපු දේවල් ගැනත් ඔබ දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!