ඩීසල් එන්ජින් වල Engine Runaway වලක්වා ගමු.

time
මිනිත්තු 4 කියවීම
feature image

ඩීසල් එන්ජිමක සිදුවිය හැකි ඉතාම භයානක තත්ත්වයක් තමයි "Engine Runaway" නැතිනම් "Diesel Engine Runaway" කියන්නේ. ඒ නිසා Motor Guide අපි හිතුව අද ඩීසල් එන්ජින් වල Diesel Engine Runaway ගැන කතා කරන්න. මේක හරියට එන්ජිම පාලනයකින් තොරව පිස්සුවෙන් වගේ වේගයෙන් ක්‍රියාත්මක වීමක්. මේ තත්ත්වය වළක්වා ගන්නේ කොහොමද කියන එක ගැන කතා කරමු.

ඩීසල් එන්ජින් Runaway කියන්නේ මොකක්ද?

සාමාන්‍යයෙන් ඩීසල් එන්ජිමක් ක්‍රියා විරහිත කරන්නේ ඉන්ධන (Fuel) සැපයුම නැවැත්වීමෙන්. නමුත් Diesel Engine Runaway එකක් ඇති වුණාම, එන්ජිම තමන්ගේම ඉන්ධන පද්ධතියෙන් තොරව, වෙනත් දැවෙනසුළු ද්‍රව්‍යයක් (Combustible Material) වාතය ඇතුළු කරන මාර්ගයෙන් (Air Intake System) ඇදගෙන එය ඉන්ධනයක් ලෙස භාවිතා කරමින් පාලනයකින් තොරව වේගයෙන් කැරකෙන්න පටන් ගන්නවා.

ඩීසල් එන්ජිමක් මෙහෙම Diesel Engine Runaway වෙන්න ප්‍රධානම දායකයා වෙන්නෙ එන්ජිමේම තෙල් (Engine Oil) ටර්බෝචාජරයේ සීල් (Turbocharger Seals) හෝ පිස්ටන් රින්ග්ස් (Piston Rings) වැනි තැන්වලින් කාන්දු වී දහන කුටියට (Combustion Chamber) ඇතුළු වීමෙන් මෙය සිදුවෙනවා.

වාහනයේ යතුර (Ignition Key) ඕෆ් කළත් එන්ජිම නොනැවතී අධික වේගයකින් ක්‍රියාත්මක වී අවසානයේදී එන්ජින් එක සම්පූර්ණයෙන්ම විනාශ වීම (Catastrophic Failure) තමයි සිදුවෙන්නෙ.

Diesel Engine Runaway ඇතිවීමට ප්‍රධාන හේතු

ඔබ වැළැක්වීම ගැන අවධානය යොමු කිරීමට නම් මේ හේතු දැනගත යුතුයි.

  • ටර්බෝචාජර් දෝෂ:

    ටර්බෝවේ සීල් (Oil Seals) කැඩී යාමෙන් එන්ජින් ඔයිල් විශාල වශයෙන් වාතය ඇතුළු කරන මාර්ගයෙන් ඇදී යාම ප්‍රධානම හේතුව විදිහට සලකන්න පුලුවන්.

  • අධික ලෙස එන්ජිම දිරාපත් වීම:

    දිරා ගිය පිස්ටන් රින්ග්ස් හෝ සිලින්ඩර් ලයිනර් (Cylinder Liners) හරහා ඔයිල් දහන කුටියට කාන්දු වීමත් එක හේතුවක්.

  • වාතයේ ඇති රසායනික ද්‍රව්‍ය:

    වාහනය ෆ්ලැමබල් වායු (Flammable Vapors) සහිත පරිසරයක (උදා: තෙල් පිරිපහදුවක්, රසායනික කර්මාන්ත ශාලාවක්) ක්‍රියාත්මක වන විට එම වායු එන්ජිම තුළට ඇදී යාම නිසා මෙම Diesel Engine Runaway තත්වය ඇතිවෙන්න පුළුවන්.

  • ඉන්ධන පද්ධතියේ දෝෂ:

    ඉතා කලාතුරකින් වුවත්, ඉන්ධන එන්නත් කරන පද්ධතිය (Injection System) දෝෂ වීමෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන පාලනයකින් තොරව සැපයීම නිසා මේ Diesel Engine Runaway තත්වය ඇතිවෙනවා.

Diesel Engine Runaway වලක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග

Diesel Engine Runaway වලක්වා ගැනීමට ඇති එකම ආරක්ෂිතම ක්‍රමය වන්නේ එය ඇතිවීමට පෙර එන්ජිම නිසි පරිදි නඩත්තු කිරීම සහ හදිසි ආරක්ෂක පද්ධති සවි කිරීමයි.

නිසි නඩත්තුව (Prevention through Maintenance)

  • සෑම විටම නිවැරදි වර්ගයේ, හොඳ තත්ත්වයේ එන්ජින් ඔයිල් සහ ෆිල්ටර් භාවිතා කරන්න.
  • ටර්බෝචාජරයේ කිසියම් තෙල් කාන්දුවක් හෝ අසාමාන්‍ය ශබ්දයක් ඇත්නම් වහාම පරීක්ෂා කර අලුත්වැඩියා කරන්න. (නිල් දුමාරය හෝ අධික තෙල් පරිභෝජනය මේ සඳහා ඉඟියක් විය හැකිය).
  • PCV/Crankcase Ventilation පද්ධතිය නඩත්තු කිරීම ඒ කියන්නෙ ක්‍රෑන්ක්කේස් එක තුළ ඇති අධි පීඩනය නිසි ලෙස මුදා හරින බවට වග බලා ගන්න.
  • පරිසරය ගැන සැලකිලිමත් වීම. ඒ කියන්නෙ දැවෙනසුළු වායු ඇති ප්‍රදේශවල ඩීසල් එන්ජිමක් භාවිතා කරන්නේ නම්, එයට විශේෂ ආරක්‍ෂක පියවර අනුගමනය කළ යුතුය.

ආරක්ෂක පද්ධති සවි කිරීම (Safety Systems)

Diesel Engine Runaway වලක්වා ගැනීමට හෝ හදිසියේ නතර කිරීමට ඇති ඵලදායීම ක්‍රමයයි.

  • Positive Air Shut-off Valve (ASV/PAMS):

    මෙය එන්ජිමට වාතය ඇතුළු වන මාර්ගය (Air Intake Manifold) තුළ සවි කරන හදිසි වසා දැමීමේ කපාටයකි. Diesel Engine Runaway තත්ත්වයක් ඇති වුවහොත්, මෙම කපාටය වහාම වසා දැමීමෙන් එන්ජිමට යන වාතය (Oxygen) සැපයුම සම්පූර්ණයෙන්ම කපාහරිනවා. ඩීසල් එන්ජිමක් ක්‍රියාත්මක වීමට ඉන්ධන සහ වාතය (ඔක්සිජන්) අවශ්‍යයි. ඉන්ධන පාලනය කරගත නොහැකි වූ විට, වාතය කපා හැරීමෙන් එන්ජිම ක්ෂණිකව නතර කරගන්න පුළුවන්. මේවා ස්වයංක්‍රීයව (Automatic - RPM අධික වූ විට) හෝ අතින් (Manual) ක්‍රියාත්මක කරන්න පුළුවන්.

Diesel Engine Runaway එකක් සිදුවන අවස්ථාවේ කළ යුත්තේ කුමක්ද?

Runaway එකක් ඇති වුවහොත්, මතක තබා ගන්න යතුර ඕෆ් කිරීමෙන් ඵලක් වෙන්නෙ නෑ. පළමුව සන්සුන් වෙන්න කලබල නොවී ක්ෂණිකව ක්‍රියා කරන්න ඕනේ.

  • Manual වාහන සඳහා:

    ක්ලච් එක අල්ලාගෙන සිටීම නවතා, ඉතාම ඉහළ ගියරයකට (4 වන හෝ 5 වන ගියරයට) දමා, තිරිංග (Brake) දැඩිව අල්ලාගෙන සිටින්න. ඉන්පසු ක්ලච් එක වේගයෙන් මුදා හරින්න. මෙය එන්ජිම බර පැටවීම මගින් එය නතර කිරීමට උත්සාහ කරනවා. නමුත් මෙය ගියර් පෙට්ටියට හානි කළ හැකි අවසාන උත්සාහයකි.

  • වාතය සැපයුම කපා හැරීම:

    ඔබ Air Shut-off Valve එකක් සවි කර ඇත්නම්, වහාම එය ක්‍රියාත්මක කරන්න. එවැනි පද්ධතියක් නැතිනම්, එන්ජිමේ වාතය ඇතුළු කරන නළය (Air Intake Hose) සොයාගෙන දැඩිව සහ සම්පූර්ණයෙන්ම අවහිර කරන්න. (උදා: ශක්තිමත් රෙදි කැබැල්ලක් හෝ පොරෝනයක් ගෙන එයට තදින් තබා එන්ජිමට වාතය යාම වළක්වන්න). මෙය ඉතා භයානක විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

  • ඉක්මනින් ඉවත් වීම:

    ඉහත දැක්වූ කිසිදු ක්‍රමයක් සාර්ථක වෙන්නෙ නැත්තන් වාහනය ලගින් ඉවත් වෙන එක තමයි කරන්න වෙන්නෙ. මොකද කියනවනන් එන්ජින් එක මෙහෙම Diesel Engine Runaway වෙලා අවසානයේ පුපුරා යන්න වුනත් පුලුවන්. එවැනි අවස්ථාවකදී අප එය ලග සිරීම ජිවිතය පවා අහිමි වීමට හේතුවක් වෙන්න පුලුවන්.

වැදගත්ම දේ තමයි Diesel Engine Runaway එකක් ඇතිවූ පසු එන්ජිම නතර වුවත්, එයට විශාල හානියක් සිදුවී තිබීමට ඉඩ ඇත. එබැවින් වෘත්තීය කාර්මිකයෙකු ලවා සම්පූර්ණ පරීක්ෂාවක් කරවා ගැනීම අත්‍යවශ්‍යයි.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!