වාහනයට valuation දාන්න බැරි වෙන හේතුව

time
මිනිත්තු 3 කියවීම
feature image

ලීසිං එකක්, එහෙමත් නැත්නම් finance එකක් දාලා වාහනයක් ගන්නකොට ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද valuation report එකක් ගන්නේ කියන එක. ඔබ වාහනයක් ලීසිං එකක් එහෙමත් නැත්නම් finance එකක් දාලා ගන්නකොට valuation report එකක්, එහෙමත් නැත්නම් තක්සේරු වාර්තාවක් ගන්න ඕනේ. ඒ නිසාම අද MotorGuide අපි ඔබට අරගෙන ආවේ reject වෙන්නේ නැතුව හරියටම valuation report එකක් ගන්නේ කොහොමද කියලා.

Valuation report එකක් කියන්නේ මොකක්ද?

Valuation report එකක් ගන්න කලින් finance පහසුකම ලබා ගැනීමට බලාපොරොත්තු වෙන ආයතනයේ නියෝජිතයෙක් හමුවෙලා ඔහු ලබාදෙන උපදෙස් මත valuation report එක ලබා ගන්න එක තමයි ගොඩක් හොඳ. කාලෙන් කාලෙට මහ බැංකුව විසින් මූල්‍ය සමාගම් වලට ණය සීමා සහ පොලී අනුපාත පනවනු ලබනවා. වර්තමානය වෙනකොට ඔබ ලබා ගන්නා valuation report එකේ සඳහන් කරන වාහනයේ වටිනාකමින් 80%ක් ඉක්මවා නොයන පරිදි ලීසිං පහසුකම ලබා ගන්න පුලුවන්.

රජයේ තක්සේරුකරුවෙක් වශයෙන් ලියාපදිංචි පුද්ගලයන්ට විතරයි valuation centers පවත්වාගෙන යන්න පුලුවන්. හැම විටම ඔවුන් රටේ දැනට පවතින වාහන මිල හෝ ඊට ආසන්න valuation එකක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම ඊට නීති විරෝධී වශයෙන් වාහන ඌණ තක්සේරු හෝ අධි තක්සේරු කළොත් ඔවුන්ගේ බලපත්‍රය පවා අත්හිටුවන්න පුලුවන්.

වාහනයට ණය මුදලක් ලබා ගැනීමේදී වැදගත් වෙන වාර්තාවක් තමයි valuation report එක කියන්නේ. ඒ වගේම තමන්ගේ වත්කම් පෙන්විමේදී සහ insurance එකක් දැමිමේදී valuation report එක වැදගත් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් valuation report එකක් කියන්නේ වාහනයේ වටිනාකම තක්සේරු කරන ලියවිල්ලක්.

Valuation එකක් කරන්නේ කොහොමද?

ළඟම තියෙන valuation center එක හරහා ඔබට මෙය සිදු කරගන්න පුලුවන්. එහිදී ඔබ valuation report එක ගන්න බලාපොරොත්තු වෙන වාහනය සහ ලියාපදිංචි සහතිකයේ පිටපතක් අරගෙන ගියාම ලේසියෙන්ම valuation report එකක් ගන්න පුලුවන්.

එහෙමත් නැත්නම් valuation center එකකට දුරකථන ඇමතුමක් ලබා දීලා නියෝජිතයෙක් වාහනය තිබෙන තැනටම ගෙන්වා ගන්න පුලුවන්.

Valuation එකක් කරද්දී බලන දේවල්

Valuation එකක් දැමීමට පෙර එම ආයතනයේ නියෝජිතයා විසින් ඔබගේ වාහනය සම්පූර්ණයෙන්ම දිස් වෙන පරිදි photos ගැනීම සිදු වෙනවා. ඒ වගේම වාහනය ඇතුළත, meter readings, චැසි අංකය, එන්ජින් අංකයේද photos ගැනීම සිදු වෙනවා. අනිත් දේ තමයි ආයතනයේ නියෝජිතයා විසින් වාහනය start කරලා පෙන්නන්න කිව්වොත් ඔබට ඒ දේ කර පෙන්වන්න වෙනවා.

ඒ වගේම වාහනයේ චැසි අංකය, එන්ජින් අංකය සහ ලියාපදිංචි අංකය, වාහනයේ ලියාපදිංචි සහතිකයේ ඇති තොරතුරු වලට සමානද යන්නත් පරික්ෂා කර බලනවා. ඒ විතරක් නෙමෙයි, වාහනයේ ටයර් වල, එන්ජින් එකේ, suspension වල තත්වයත් පරික්ෂා කර බලන්න valuation center එකේ නියෝජිතයා අමතක කරන්නේ නැහැ. මේ සියලුදේම නිවැරදිව තිබෙනවා නම් ඔබේ ලීසිං සමාගමේ නමට valuation report එක නිකුත් කිරීම සිදු කරනවා.

Valuation එකක් reject වෙන්නේ ඇයි?

  • වාහනයේ ලියාපදිංචි සහතිකය නිත්‍යානුකූල නොවීම
  • ලියාපදිංචි සහතිකය සහ වාහනය එකිනෙකට නොගැලපීම
  • ලියාපදිංචි සහතිකයේ සහ වාහනයේ සඳහන් චැසි අංකය නොගැලපීම
  • ලියාපදිංචි සහතිකයේ සහ වාහනයේ සඳහන් එන්ජින් අංකය නොගැලපීම
  • Modification හේතුවෙන් වාහනයේ චැසිය කැපීමට හෝ දිග වැඩි කිරීමකට ලක් කිරීම
  • වාහනයේ සැකැස්ම වෙනස් කර තිබීම

ඉතින් මේ විදියට තමයි valuation report එකක් ගන්නේ ගන්නේ. දැන් ඔබට තේරෙනවා ඇතිනේ valuation report එකක් ගැනීමට නොහැකි වෙන හේතු මොනවද කියලා. ඉතින් ඔබත් use කරපු වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!