Radiator එකේ coolant level එක බැලුවද?

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔයා වාහනයක් ගන්නවා වගේම ඒ වාහනේ කොටස් ගැනත් හොඳ අවධානයක් දෙන්න ඕනේ. නැත්නම් ඔයාට වාහනය ගොඩක් කල් පාවිච්චි කරන්න බැරි වෙනවා. ඉතින් වාහනයක් තියෙන ඔයා අනිවාර්යයෙන්ම සැළකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමයි වාහනයේ radiator එක. ගොඩක් අය මේ ගැන සැළකිලිමත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාම අද Motorguide අපි හිතුවා radiator එක ගැන ඔයාලට කියන්න.

Radiator එකෙන් වෙන්නේ මොකක්ද ?

radiator එකෙන් වෙන්නේ engine එක ක්‍රියාත්මක කරද්දී ඇති වෙන තාපය ඉවත් කරලා engine එක අධික ලෙස රත් වෙන එක නතර කරනවා.

Radiator එකක ප්‍රධාන කොටස් 2ක් තියෙනවා. ඒ තමයි,

  1. Toop tank
  2. Bottom tank

ඒ වගේම radiator core කියලා ඇලුමිනියම් කොටසක් ඇතුළත් වෙනවා.

Radiator එකේ කොටස් මොනවද ?

  • Inlet
  • Filter neck
  • Transmission oil cooler
  • Outlet
  • Drain plug
  • Fan

හැමදාම උදේට Coolant level එක check කරන්න

ගොඩක් අය මේ දේ කරන්නේ නැහැ. ඒත් උදේට හැමදාම coolant level එක බලන්න මතක තියාගන්න. මොකද වයර් වලට damage වෙලා තියෙන්න පුළුවන් වගේම hose එකක් පුපුරලා තියෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා මතක ඇතුව හැමදාම ඔයාගේ වාහනේ drive කරන්න කලින් coolant level එක check කරන්න මතක තියාගන්න.

Radiator එක කොච්චර කාලෙකට සැරයක් check කරන්න ඕනෙද?

වාහනය service එකට දැම්මට පස්සේ ගොඩක් අය radiator එක ගැන බලන්නේ නැහැ. ඒත් ඔයාට හැමදාම වගේ radiator එක check කරන්න පුළුවන් නම් ඒ දේ වාහනයට ගොඩක් හොඳයි.

Engine එක හරියට cool කරගන්නේ කොහොමද ?

Engine එක හරියට cool වෙන්න නම් coolant engine එක වටේට යන්න ඕනේ. ඉතින් ඒ විදිහට coolant engine එකට අරන් යන බට line එකට කියන්නේ engine horse කියලා.

Coolant දාන්න ඕනේ කොහොමද ?

සාමාන්‍යයෙන් 40,000km සැරයක් coolant මාරු කරන්න ඕනේ. ඒ වගේම coolant එකක් දාන්න ඕනේ බාල coolant වර්ග දාන්න එපා. ඔයා ලාභය ගැන හිතලා බාල coolant දානවා නම් ඒ දේ වාහනයට ලොකු ගැටළුවක් වෙන්න පුළුවන්.

වාහනයක Coolant බලන්නේ කොහොමද ?

මුලින්ම ඔයා බලන්න ඕනේ engine එක නිවිලද කියලා. රත් වෙච්ච හරි ධාවනය වෙන engine එකක Coolant එකක බලන එක ගොඩක් භායානක වැඩක්.

Max level එකට වඩා coolant දාන්න එපා

ඔයා කවදාවත් max level එකට වඩා නම් coolant දාන්න යන්න එපා. මොකද engine එක රත් වෙනකොට coolant ප්‍රසාරණය වෙලා බෝතල් වලින් එළියට විසි වෙලා යන්න පුළුවන්.

Radiator එකක වතුර උණු වෙන්නේ ඇයි ?

Radiator එකක වතුර උණු වෙනවා නම් එකට හේතු ටිකක් තියෙනවා. ඉතින් ඔයා මුලින්ම බලන්න fan එක බුරුල් වෙලාද කියලා. Fan belt එක කැඩිලා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් radiator එක දිරලා වෙන්නත් පුළුවන්, ඒ බට වල ලීක් එකක් වෙන්න පුළුවන්. එතකොට වාහනයේ engine එක cool වෙන්නේ නැහැ.

වාහනය heat වෙන්නේ ඇයි?

ඔයා කරන්න ඕනේ engine එක නිවේනකම් bonnet එක ඇරලා තියන එක. Coolant level එක අඩුයි නම් Max level එකට වෙනකම් coolant දාන්න. ඒ වගේම ඔයාගේ වාහනේ Heat එක දවස් දෙක, තුනකට සැරයක් වෙනවනම් ඒ ගැන අවධානය යොමු කරන්න අමතක කරන්න එපා. Engine oil මදි වුණාමත් වාහනය heat වෙන්න බලනවා. Radiator එකේ ගැටළුවක් වෙන්නත් පුළුවන්. වාහනයේ tuning මදි එකත් ඒ විදිහට වාහනය heat වෙන්න බලපානවා.

වතුර ද ? coolant ද ? වාහනයට හොඳ

ඔයා කවදාවත් වාහනයට වතුර දන්න එපා. වතුර දාන එකෙන් වාහනයේ cooling system එක block වෙන්න පුළුවන්. ඒ වගේම මලකඩ ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා හැමවෙලාවකම coolant දාන්න මතක තියාගන්න.

මෙන්න මේ විදිහට තමයි වාහනයේ coolant level එක check කරගන්නේ. ඉතින් අද Motorguide අපි කියපු විදිහට ඔයාගේ වාහනයේ radiator එක ගැන වගේම coolant level එක සැළකිලිමත් වුණොත් වාහනයේ ගැටළු ඇති වෙන්නේ නැහැ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!