වාහනයක යන ඔබ දැනගත යුතුම tips

Nipuna Marasinghe
time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක් පාරේ drive කරද්දී ඔයා ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒකෙන් ඔයාටත් අනිත් අයටත් අනතුරක් වෙන්න පුළුවන් හැකියාව වැඩියි. ඔයා drive කරනකොට යොදාගන්න පුළුවන් tips දන්නවා නම් ගොඩක් අනතුරු වළක්වා ගන්න පුළුවන් වගේම ආරක්ෂිතව drive කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසාම අද MotorGuide අපි හිතුවා වාහනයක යන ඔයා දැනගත යුතුම tips මොනවද කියලා කියන්න.

වාහනයේ key battery එක

දැන් ගොඩක් වාහන වල තියෙන්නේ smart start key facility එක. ඒ කියන්නේ ගොඩක් වාහන smart key එකකින් තමයි start කරගන්න තියෙන්නේ. මේකට battery එකක් තියෙනවා. ඉතින් මේ smart key එකේ battery එක බහින්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට ඔයා කොහොමද වාහනය start කරගන්නේ? අන්න ඒ වෙලාවට ඔයා යතුරින් battery එක ඇරගන්න ඕනේ. මේක Honda, Toyota ඕනෙම මේ වගේ vehicle key fob එකක් තියෙන එකකට අදාලයි. Battery එක අයින් කරගෙන ඒක ලං කරලා බැලුවට indicate වෙන්නේ නැහැ කියන එක ඔයාට බලාගන්න පුළුවන්. ඒ කියන්නේ press කරන්න හැදුවට display එකේ පෙන්නනවා key එක නැහැ කියලා. හැබැයි ඔයාට පුළුවන් ඒකේ logo එක ලං කරන්න. ඊට පස්සේ brake එක පාගන්න. දැන් ඔයාට පුළුවන් වාහනය start කරගන්න. ඉතින් හදිසියෙවත් smart key එකේ battery එක dead වුණොත් ඔයත් මේ tip එක use කරන්න.

Steering wheel

වාහනයක steering wheel එක අල්ලන්න ඕනේ නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඔයා steering wheel එක අල්ලන්න ඕනේ නවයයි තුනට. සාමාන්‍යයෙන් අපි ආරක්ෂිතව පාරේ යන්න නම් steering wheel එක අල්ලන්න ඕනේ නවයයි තුන ක්‍රමයට. ඒත් ගොඩක් අය use කරන්නේ දහයයි දෙක. හැබැයි ඒක පරණ ක්‍රමය. ඉතින් ඔයා ආරක්ෂිතව drive කරන්න නම් steering wheel එක නිවැරදි ක්‍රමයට අල්ලන්න මතක තියාගන්න.

Front mirror

අපිට පාරේ යද්දී වාහන බලාගන්න front mirror එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් front mirror එක හරි විදිහට ඔයාට පාරේ යන අනිත් වාහන හරියට පේන විදිහට හදා ගන්න මතක තියාගන්න. ඔයාගේ front mirror වල මීදුම බැඳුනොත් dashboard එකේ ඒ සඳහා තියෙනවා icon එකක්. ඔයාට පුළුවන් ඒ icon එකෙන් ඒවා අයින් කරගන්න.

වාහනයේ driver seat එක

ඔයා වාහනයට නැග්ගාම drive කරන්න කලින් ඔයාගේ seats හරියට හදා ගන්න ඕනේ. වාහනයේ වාඩි වුණාම පළවෙනියට බලන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට pads ටික පාගන්න පුලුවන්ද කියලා. ඔයාට pads ඇතුලටම පාගන්න පුළුවන් වෙන්න ඕනේ. Seat එක ඉදිරියට සහ පසුපසට කරගෙන සුළු කෝණයක් ඇති වෙන විදිහට වාඩි වෙන්න මතක තියාගන්න. ඒ වගේම කොන්ද තියාගන්න කොටසත් හදාගන්න. ඒකෙදිත් ඔයා ගොඩක් පිටුපසට වෙන්නේ නැතුව සාමාන්‍ය ගාණට ඉන්න. මොකද ඔයාට ඉදිරිය පැහැදිලිව පෙන්න ඕනේ.

Side mirrors

දකුණු පැත්තේ side mirror එක හදද්දී ඔයා කෙලින්ම ඉන්නේ නැතුව පැත්තකට ඇල වෙලා හදා ගන්න. ඒ වගේම වම් පැත්තත් එහෙමයි. ඔයා side mirrors හදාගද්දී ඔයාට ඔයාගේ වාහනයේ පිටුපස ගොඩක් අඩුවෙන් පෙන්න හදා ගන්න. ඒ කියන්නේ මේක හදාගන්න ඕනේ අපේ වාහනය පේන්න නෙමෙයි ඔයාට පිටුපසින් එන වාහන හරියට පේන විදිහට.

Rear view mirror

ඔයා රාත්‍රියේ drive කරද්දී මේ rear view mirror එකට පිටුපස ගමන් කරන වාහන වල head lights වැදිලා ඒ light ආයේ ඔයාට පරාවර්තනය වෙනවා. ඉතින් අන්න ඒ වෙලාවට real view mirror එක යට තියෙන කුඩා කොටස උඩට දාන්න. එතකොට ඔයාට පුළුවන් පහසුවෙන් drive කරන්න.

Parking

ඔයා වාහනය park කරද්දී වාහනය මුලින්ම d එකට දාගන්න. ඊට පස්සේ neutral එකට දාලා hand brake එක ඇදගන්න. ඊළගට foot brake එක පොඩ්ඩක් කකුලෙන් release කරගන්න. එතකොට වාහනය ඉස්සරහට ගිහින් නවතිනවා. ඊට පස්සේ parking එකට දාන්න. ඉතින් මේකෙන් ඔයාලගේ gear box එක ආරක්ෂා කරගන්න පුළුවන්.

Child safety lock

ඔයා ගමනක් යද්දී පොඩි අය එක්කන් යනවා නම් ඔයාට පුළුවන් මේ tip එක use කරන්න. එයාලා වාහනේ දොර එහෙම එක පාරට open කළොත් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වෙලාවට ඔයාලට දීලා තියෙනවා වාහනයේ manufacture feature එකක් ඒක තමයි child lock කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ වෙලාවට child lock එක on කරන යන්න. ඒකෙන් වාහනයේ දොර ඇතුල් පැත්තෙන් අරින්න බැරි වෙනවා. මේක තියෙන්නේ වාහන වල දොරේ. මේ lock එක දැම්මට පස්සේ වාහනයේ දොර ඇතුල් පැත්තෙන් අරින්න බැහැ පිටතින් විතරයි අරින්න පුළුවන් වෙන්නේ.

මෙන්න මේ දේවල් තමයි වාහනයක් තියෙන ඔයා දැනගන්න ඕනේ tips. ඉතින් මේ tips ඔයාගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා වගේම පාරේ ආරක්ෂිතව යන්න නම් මේ tips ගැන ඔයා සැළකිලිමත් වෙන්න.

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    මංසන්ධි මත ඇති සළකුණු සහ ඒවායේ නීති මොනවද

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    දුම්රිය හරස් මාර්ග වල එන්ජිම නවතින්නන් ඇයි

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    ජීවිතය බේරන child lock ගැන දැනගමු

    time
    මිනිත්තු 2 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    සෑම වගකිවයුතු රියදුරෙකුම දැන සිටිය යුතු Driving safety tips

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Car එකේ වේගය වැඩි කරන්න පුළුවන් ලේසිම ක්‍රම

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනය drive කරනකොට නිදිමත එනවා නම් මේ දේවල් try කරන්න

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අවුරුද්දට දුර ගමන් යන්න වාහනය සූදානම් කර ගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback

    රු 4.6M - 5.3M

  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 සමාලෝචනය

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4

    රු 5M - 7.5M

  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback

    රු 25M - 40M

  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback
  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4
  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan

    රු 12M - 13.5M

  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan

    රු 15M - 18M

  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

    රු 17.5M - 19.8M

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!